Maheshi Rambukwella
Aim to change attitude right path and right ways. SMART way to think of life
ස්කෑනරයට කරන්න පුළුවන් පිළිකාවක් හඳුනාගන්න විතරයි.. 🔎
ඒත් අද වෛද්‍ය විද්‍යාව හුඟක් දියුණුයි..
පිළිකාව නසන්න හුඟක් දියුණු උපකරණ
ලෝකෙ නිර්මාණය වෙලා තියෙනවා.. 😇
Tomo-Therapy & Linear Accelerators කියන්නෙ
ඒ වගේ විශ්වකර්ම වෛද්‍ය උපකරණ දෙකක්.
ඒත් ඒවා ඉතාම මිල අධිකයි..
මේ උත්සාහය ඒ වගේ යන්ත්‍ර දෙකක්
මහරගම අපේක්ෂා රෝහලට ලබා දෙන්නයි..
• ඒ වෙනුවෙන් යන වියදම කෝටි 100ක්!
• අද දවල් වෙද්දි ඒ පින්කම වෙනුවෙන්
ලක්ෂ 123ක් එකතු වෙලා තිබුනා..
• තව ලක්ෂ 9877ක් ඕනෙ.. 💰
ලොකු ගානක් නේද?? 😐
නෑ ..... බොහොම පොඩි ගානක්.. ලංකාව වගේ අනුන්ගෙ දුක දැනෙන හදවත් තියෙන මිනිස්සු ඉන්න රටකට මේක බොහොම පුංචි මුදලක්. එක මනුස්සයෙක් රුපියල් 50 ගානෙ දැම්මත් මේ ගාන හොයන්න පුළුවන්.. මේ උත්සාහය ඒ පින්කම ටිකක් වේගවත් කරන්නයි ⏳
මොකද අපි පරක්කු වෙන දවසක් ගානෙ අම්මලට පුංචි පැටව් අහිමි වෙනවා.. දරුවන්ගෙ මුළු ලෝකෙම වෙච්ච දෙමව්පියෝ එයාලගෙන් ඈත් වෙනවා.. අපි දුකින් පිරිච්ච ඒ ජීවිත වලට හිනාවක් අරන් එමු. ඒ වෙනුවෙන් ඔබ වෙන් කරන රුපියල් 50ත් සෑහෙන්න වටිනවා.. ඔබේ උදව්වෙන් දුප්පත් මනුස්සයෙක් තමන්ට අවශ්‍ය ප්‍රතිකාර ටික නොමිලේම ලබාගනියි. 🙂
• මේක ජීවිත 40,000ක් විනාස කරපු සුනාමියෙන්
කෙටි කාලයක් ඇතුළත ගොඩ ආපු රටක්,
• ගංවතුරක්, නාය යෑමක් උනු තැනකට
පහුවදා වෙද්දී ලොරි ගණන් ආධාර පටවන් යන පින්වන්ත මිනිස්සු ඉන්න රටක්. 💪💪
එහෙව් අපිට,
පිළිකා මාරයාව පරද්දන්න බැරි නෑ !
අපි එකතු වෙමු,
ශ්‍රී ලංකා ඉතිහාසෙ එදා මෙදාතුර සිදුවුනු
ලොකුම Donation Campaign එකට! ❤
Account Name : APEKSHA CANCER HOSPITAL
Bank of Ceylon, Maharagama
Account Number : 71275069
(පුළුවන්නම් මේ පෝස්ට් එක ශෙයාර් කරන්න .)
හෙදියකගේ හඬ පිටුවෙන් උපුටා ගැනීමකි.
ස්මාර්ට් මයින්ඩ්ස් සමාජ සත්කාර ඒකකය විසින් මෙහෙයවනා අපගේ නිළ සමාජ මාධ්‍ය පිටු Like & Follow කර සහයෝගයක් ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.❤️
ස්තුතියි🙏
https://web.facebook.com/childwithsmartmind
Bright Horizons Embrace diversity & joy on our Special Needs Children's FB page. Uniqueness & Fostering support 4all
ස්මාර්ට් මයින්ඩ්ස් සමාජ සත්කාර ඒකකය විසින් මෙහෙයවනා අපගේ නිළ සමාජ මාධ්‍ය පිටු Like & Follow කර සහයෝගයක් ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.❤️
ස්තුතියි🙏
https://web.facebook.com/space4humanity/
SPACE for Humanity Helping people in Sri Lanka and around the world with psycho-social and emotional skills, leadership
❤️🙏👧👶❤️💎
❤️🙏💗👶
❤️💐💎🙏
වෙනසක් වෙනුවෙන් එකතු වෙමු..🙏💐❤️
Celebrating my 3rd year on Facebook. Thank you for your continuing support. I could never have made it without you. 🙏🤗🎉
11/11 විශේෂ දවසේ සුවිශේසී ප්‍රාර්ථනා ඉටු වේවා..!!
අදත් ලස්සන දවසක්..!💐❤️
❤️💐
🙏🙏❤️💐
පිංබර වප් පොහෝ දිනයක් වේවා..!💐🙏
කලාකරුවානනි.. ඔබට නිවන් සුව...!! 💐🙏
අතීතය යනු ඉතිහාසයයි
හෙට යනු අභිරහසකි
නමුත්.. අද ?? අද දවස යනු විශ්වයේ තෑග්ගකි..🎁
පිළිගන්න අද දවස ආදරයෙන්...❤️
ඔබට සුභ උදෑසනක් වේවා..!🙏💐
Yesterday is a Histry
Tomorow is a Mistry
But Today is a Gift🎁 from universe
Good Morning all of you 😊💐❤️🎁
Achievment💪🎓
යමෙකුගේ හොඳ මතකයන් සඳහා ඔබ හේතුවක්ද?
අපගේ මතකයන් බොහෝ විට යමෙකු සමඟ කාලයක් පැවැති අපගේ සම්බන්ධතාවය අපට මතක් කර දෙයි. අපි ඔවුන් සමඟ හොඳ කාලයක් ගත කළ විට, අපි ඔවුන්ව ආදරයෙන් සිහිපත් කරමු.❤️
සමහර විට අපට යමෙකු සමඟ එතරම් ප්‍රසන්න අත්දැකීමක් නොමැත. ඔවුන් අපව යම් ආකාරයකින් පාවා දෙන්නට, බොරු කියන්නට හෝ රිදවන්නට ඇත. අපි අපේ මතකයන් වෙත ආපසු යන විට, එය අපගේ තුවාල නැවුම් කරන අතර එම අමිහිරි අත්දැකීම නැවත පණ ගන්වයි.
එම නිසා සෑම විටම සත්‍යවාදී වන්න. මිනිස් සම්බන්ධතාවයකදී ඔබේ උපරිමය දෙන්න. ඔබ ඔවුන් සමඟ ගත කරන මොහොත සුභවාදී ධනාත්මක බලපෑමක් ඇති කරන්න.
ඔබට සුභ උදෑසනක්..🌈🌈🌤️🌤️💐❤️
අදත් ලස්සන දවසක්..🌤️
අපගේ අරමුණු සාක්ෂාත් කර ගැනීමට අවශ්‍යය වන්නෙ කුමක්ද?
විශ්වාසය...
විශ්වාසයක් තිබීම යන්නෙන් අදහස් කරන්නේ අපට හැකියාවක් ඇති බවයි.
සමහර විට අපට යමක් සාක්ෂාත් කර ගැනීමට අවශ්‍ය වේ, නමුත් එසේ කිරීමට ප්‍රමාණවත් සම්පත් අප සතුව ඇතැයි අපට හැඟෙන්නේ නැත, අපට තවමත් හැකි බවට දැඩි විශ්වාසයක් ඇති අතර, මෙම නිරපේක්ෂ විශ්වාසය, අපගේ ප්‍රයත්නයන් සමඟ එක්ව බොහෝ විට දේවල් සාර්ථක කරවයි.
ඔබට ඕනෑම දෙයක් සාක්ෂාත් කර ගැනීමට අවශ්‍ය නම්, ඔබට එය කළ හැකි බවට දැඩි විශ්වාසයකින් ආරම්භ කරන්න. එය උත්සාහ කරන්න, එයින් ඉගෙන ගන්න සහ ඔබේ සිහින යථාර්ථයක් වීමට ඉඩ දෙන්න.
සියලු දෙනාගෙ යහපත් පැතුම් ඉටුවන අදත් ලස්සන දවසක්...! 🌥️⛅️🌤️🌈
ඔබට සුභ උදෑසනක්..!⛅️🌈
සෑම මොහොතක්ම ජීවිතේ ධනාත්මක වෙනසක් වන අවස්ථාවකි.
Smart Mind ෆේස්බුක් සමූහයක් ලෙස සංවිධානය වූ අපගේ පළවැනි සමාජ සත්කාරක වැඩසටහන "මනුශ්‍යත්වයට ඉඩක්" ස්වෙච්ඡා සංවිධානය හා එක්ව අද දින මෙසේ සාර්ථක ලෙස නිමා වූ වගයි.
අපගේ පළමු ව්‍යාපෘතිය වැලිගම පොල්වත්තේ ගල්ගණේ පුරාණ විහාරයේ දහම් අධ්‍යාපනය ලබන දරුවන් වෙනුවෙන් සිදු කෙරුණි.
යහපත් ආකල්පමය වෙනසක් ඇති කරමින් ඔවුන්ගේ ඉගැන්වීම් ක්‍රියාවලිය වඩාත් සුමටව කරගෙන යාමට අවශ්‍යය පාසල් පොත් කට්ටල සහ පෑන්/පැන්සල් දැඩි ආර්ථික අර්බුධයක් ඇති මෙවන් කාලයක දහම් පාසල් සිසු දරු දැරියන්ට ලබා දෙමින් අප සංවිධානය බලාපොරොත්තු වන්නේ ඔවුන්ගේ දෙමාපියන්ට මානසික හා ආර්ථිකව අස්වැසිල්ලක් වීමට හා දරුවන් සතු මානූෂීය ගුණාංග මතු කරමින් යහපත් ආකල්පමය වෙනසක් තුල ඇති කිරීමයි. ❤️
අද දින මෙම සද්කාර්‍ය් වෙනුවෙන් ප්‍රධාන අනුග්‍රාහක දායකත්වය දැක්වූයේ ස්මාර්ට් මයින්ඩ්ස් වර්චුවල් සොලූශන්ස් (පුද්) සමාගමේ -අධ්‍යාපනික ඒකකයයි. 🙏💐.
තවද මෙම සමූහයේ බොහෝ සාමාජිකයන් අපගේ සුළු දැනුවත් කිරීමෙන්ම ද්‍රවයමය හා මූල්‍යමය ලෙසද අද දින පැමිණ ශ්‍රමයෙන්ද හැකි ලෙස දායකත්වය ලබා දුන්නා. ඔබ සියළුම දෙනාට හෘදයාංගම ස්තුතිය පළ කරමු. 🙏💐
ගල්ගණේ පුරාණ විහාරස්ථානයේ නායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ ඇදුරු මඩුල්ලටද බෙහෙවින්ම ස්තුති වන්ත වෙමු.🙏💐
මෙම කාර්ය සාර්ථක කර ගැනීමට මා හට රුකුලක් වූ Rangana Rukmal Manjula Pradeep mds Sanjula , Nuwan Lakmal ඔබ සියලුම දෙනාටද බෙහෙවින්ම ස්තුතියි..🙏❤️💐👊
දරුවන් තුල ආකල්පමය වෙනසක් ඇති කිරීමට SPACE for Humanity සංවිධානය හරහා සිදු කරනා දෙවැනි සමාජ සත්කාරක වැඩසටහනට අප හා එක්ව දායකත්වය / අනුග්‍රහකත්වය ලබා දීමට කැමැති ඔබ සැමට ආරාධනා...✊🤝🤲🙌
ස්තුතියි..🙏
අධ්‍යාපනය තොර දියුණුවක් නැත....🎯
මෙම සමූහයේ බොහෝ පිරිසකගේ ඉල්ලීම පරිදි පාසල් ළමුන් සදහා සියලුම විෂයන් සහනදායී ඉතා අඩු මුදලකට ඔන්ලයින් ඉගෙන ගැනීමට අවශ්‍ය පහසුකම් අප smart mind ආයතනය විසින් smart school නමින් මෙම සමූහය තුල ඔන්ලයින් පාසලක් ආරම්භ කිරීම සදහා අවශ්‍ය කටයුතු කෙරෙමින් පවතී.
ප්‍රාතමික විෂයන් ද ඇතුලුව සාමාන්‍ය පෙල සියලු හර විෂයන් මේ හරහා ඉගැන්වීම් කිරීමට බලාපොරොත්තු වේ.
එක් විෂයක් සදහා රුපියල් 1000ක් පමණ අය කරනු ලබන කාලවකවානුවක රටේ පවතින ආර්තික දුෂ්කරතා හේතුවෙන් විෂයන් කිහිපයකට ලමුන් අමතර පන්ති සදහා යොමුකරවීම දෙමාපියන්ට අඩු ආදායම් හා මැදි ආදායම් ලබන දෙමාපියන්ට දුෂ්කර බව දනිමු.
එබැවින් අප රජයේ පාසල්වල ඉතා හොදින් ඉගැන්වීම් කරන ජනප්‍රිය ගුරුවරුන් සහභාගී කරගනිමින් මෙම smart school සංකල්පය ක්‍රියාවට නංවනු ලැබේ,
ඒසදහා දෙමාපියන්ට විශේෂ සහන පැකේජ් දෙකක් හදුන්වාදෙනු ලැබේ.
තාක්ෂණයට හා අප හා සම්බන්ධ වන ගුරුවන්ගෙ කාලයට වටිනාකමක් මුදලින් ගෙවිය යුතු හෙයින් දරා ගත හැකි මුදලක් ඔබගෙන් අය කරයි. එනම් සියලුම ප්‍රාතමික විෂයන් සදහා රුපියල් 1000ක් ද, සියලු සාමාන්‍ය පෙල හර විෂයන් සදහා රුපියල් 1500ක් ද වශයෙන් අය කර සතියේ සියලු දිනවල පාසල් කාලයෙන් බැහැරව (සවස 3 සිට) පන්ති පැවැත්වේ.
මේ සදහා වෙනත් යෝජනා තිබේනම් මා දැනුවත් කරන ලෙසත් මේ සමූහය තුල ඉගැන්වීමට කැමති පාසල් ගුරුවරුන් සිටීනම් 0777776993 අංකයට Teachers ලෙස ටයිප් කර වට්ස්ඇප් පණිවිඩක් යොමු කර අපව දැනුවත් කරන ලෙසද ඉල්ලා සිටිමි.
ස්තුතියි.
Smart Mind- Education Unit
ඇතැම් විට ඔබගේ වාසනාව සැගවී ඇත්තේ ඔබ සිහිනෙකුදුවත් නොසිතනා කලාපයක විය හැක.
අද දවසේ ඔබට ලැබෙන සෑම අවස්ථාවක් ගැනම සිහියෙන් සිටින්න.. කාරුණික හා ආදරණීය වෙන්නෙ..❤️
ඔව් අදත් ලස්සන දවසක්....😊☀️
ඔබට සුභ උදෑසනක්...!! 🌻🌥️⛅️🌤️☀️🌹
❤️🙏😊💐
අධ්‍යාපනයට අත්වැලක්..📚✍️✊💪📚🎁
සමාජයේ ආකල්පමය වෙනසක් ඇති කරමින් කණ්ඩායමක් ලෙස එකට අත්වැල් බැද ගනිමින් යන ගමනේ ශක්තිය..💪
මාතර ශක්ති💪❤️
වාසනාවන්ත 2023 සුභ සිංහල හා දමිළ නව වසරට සුභ පැතුම්...!!💐❤️😊
දැවෙනා සිත් සතන් සිසිල් වේවා..! ❤️🙏
තැවෙනා සිත් සුවපත් වේවා...! 🙏🙏❤️
අනෙකාගේ හැසිරීම ඔබගේ අභ්‍යන්‍තර මනසේ සංසුන්භාවය විනාශ කිරීමට ඉඩ නොතබන්න..😊❤️
හැල්මේ දුවනා ඔබ දරුවන්ගේ ජීවිතයට ලස්සන දැක්මක් එකතු කරන්න කැමැතිද?
ඔබ ප්‍රදේශයේ පාසලේ/දහම් පාසලේ/ළමා සමාජයේ දරුවන් වෙනුවෙන් 🙍🏻♀️🙎♂️
✅නායකත්ව වැඩසටහන්,
✅අනාගතයේ පැහැදිලි දැක්මක් වෙනුවෙන් මානසික ඒකාග්‍රතාවය වර්ධනය කරනා වැඩසටහන්,
✅මනෝ උපදේශණ ප්‍රතිකර්ම
(Mindfulness program
Mind Mapping ,Leadership Program &
psychological counseling First Aid)
භෞතිකව ලබා දෙන ද්‍රවයමය භාණ්ඩ වලට වඩා මොළයට, සිතට ඇතුළුව සමස්ථ මනසට ලබා දෙන පෝශණය දරුවන්ගේ පෞර්ෂයට පෞද්ගලික හා අනාගත වෘත්තීය ජීවිතයේ සාර්ථක වෙනසකට ඔවුන් තුලින්ම මග පෙන්වයි.
ඔබ වයස අවුරුදු 15 ත් 18ත් අතර ළමා ප්‍රජාව වෙනුවෙන් සමාජයේ යමක් කිරීමට කැමැති අයෙක් නම් ඔවුන්ගේ ආකල්පමය වෙනසක් ඇති කරමින් අනාගතය සුන්දර කිරීමට වෙහෙසෙන වැඩිහිටියෙක් නම් (පාසල්/ දහම් පාසල් ගුරුවරු/ විදුහල්පතිවරුන් හෝ දරුවන් වෙනුවෙන් නායකත්වය ගතහැකි ඕනෑම අයෙක්) ඉහත වැඩසටහන් ඔබ ගමේ/ පාසලේ/ දහම් පාසලේ/ ළමා සමාජයේ #නොමිලේ ක්‍රියාත්මක කිරීමට ස්මාර්ට් මයින්ඩ්ස් සමාජ සත්කාර අංශය සූදානම්.😊
වැඩිදුර විස්තර සදහා පහත දුරකථන අංකයට ඇමතුමක් හෝ වට්ස්ඇප් පණිවිඩක් Free Program Details ලෙස ටයිප් කර යොමු කරන්න.
0777776993
ස්තුතියි🙏💐
ස්මාර්ට් මයින්ඩ්ස්- සමාජ සත්කාර ඒකකය
SPACE for Humanityහරහා ස්මාර්ට් මයින්ඩ්ස් අධ්‍යාපනික ඒකකයේ අනුග්‍රහයෙන් මැයි මස 14 වෙනිදාට සංවිධානය වන සෑම සතියකම දහම් අධ්‍යාපනය ලබනා ආර්ථික දුශ්කරතා සහිත සිසුන් 100ක් වෙනුවෙන් සිදු කරනා පොත් හා පාසල් උපකරණ ලබා දීමේ වැඩසටහනට නන් අයුරින් ආධාර උපකාර කර Smart Mind සමූහයේ දෙස් විදෙස් සියලුම සාමාජිකයන්ට කෘතඥතාවය පළ කරමු💐❤️🙏.
පොතකින්, පෑනකින්,රු.50න් හෝ ඔබටත් දරුවෙකුගේ නැණස හා මනැස පෑදීමේ වැඩසටහනට සම්බන්ධ වීමට කැමත්තක් වේ නම් පහත පෝස්ට් එකේ ඇති දුරකථන අංකයට ඇඇමතුමක් හෝ වට්ස්ඇප් පණිවිඩයක් යොමු කරන්න.👇
මෙම වැඩසටහන වෙනුවෙන් රු.5000ට වඩා මූල්‍ය පරිත්‍යාගයන් සිදු කල සෑම සාමාජිකයෙක්ටම යතා කාලයේදී Space for Humanity ටී ෂර්ට් එක නිවසටම ලැබීමට සලස්වනවා ඇත.❤️😊.
ඔබ ගාල්ල/ මාතර අවට තරුණ,තරුණියක් නම් මැයි මස 14 දින Smart Mind -Education Unit අප සමග ඔබටද මෙම වැඩසටහනට පැමිණ ශ්‍රමයෙන් දායක වීමට අවස්ථාවක් ඇත.❤️💐
දවසේ පාඩම
සිත හා මොළය අතර සම්බන්ධතාවය.
තුන් මාසික පෞර්ෂය සංවර්ධන පාඨමාලාවෙ තෙවැනි දවස අදයි.
වෙනසක් වෙනුවෙන් පෙළ ගැසුන සියලුම දෙනාට සුභ පතමි.
විශේෂ ස්තුතිය මහාචාර්ය දයා රෝහණ අතුකෝරල මහතාට..🙏💐
ස්තුතියි 🙏 Thank You🙏
ස්මාර්ට් මයින්ඩ්ස් අධ්‍යාපන ඒකකයේ අනුග්‍රාහය ඇතුව Space for Humanity සංවිධානය හරහා මැයි මස සංවිධානය වන දකුණු පලාතේ ආර්ථික දුශ්කරතා ඇති ග්‍රාමීය දරුවන් වෙනුවෙන් පාසල් පොත් පත් උපකරණ ලබා දීමේ වැඩසටහනට Smart Mind ෆේස්බුක් සමූහයේ මා සමග අත් වැල් බැදගත් ඔබ සියලුම දෙනාට Smart Mind Admin කණ්ඩායම වෙනුවෙන් මා කෘතඥ වෙමි.🙏
මෙම මහගු කර්තව්‍යය වෙනුවෙන් ඔබගේ පොත් හා මූල්‍ය පරිත්‍යාගයන් මේ වන විට අප හට ලැබී ඇති අතර රු.100න් හෝ මෙම කාර්ය සාර්ථක කර ගැනීමට උදව් කරනා ඔබ සියළුම දෙනා අපට සුවිශේෂී පුද්ගලයන් වේ. ❤️
දරුවන් යනු රටේ අනාගතයයි. ආකල්පමය වෙනසක් තුලින් ඔවුන්ගේ අධ්‍යාපනයට රුකුලක් වීම වැඩිහිටි අප සැමගේ සමාජ වගකීමකි.
ඔබ එක පොතකින් / පෑනකින් හෝ ලබා දෙන පරිත්‍යාගය අප කණ්ඩායම කෘතඥපූර්වකව භාර ගනිමු. ඔබටත් මෙම පොත් පරිත්‍යාගය වෙනුවෙන් සම්බන්ධ වීමට අවැසි නම් පහත අපගේ අංකයට ඇමතුමක් /වට්ස්ඇප් පණිවිඩක් හෝ මැසේන්ජර් හරහා මා හට පණිවිඩක් යොමු කර වැඩි විස්තර ලබා ගත හැක.
0777776993
ස්තුතියි.
මහේෂි රඹුක්වැල්ල.✍️
දිනකට මා හට විවිධාකාර ගැටළු යොමු කරමින් සමූහයේ විශාල පිරිසක් පණිවිඩ හා ඇමතුම් යොමු කරයි. මාද හැකි පමණ එම පණිවිඩ සදහා මා හට කල හැකි දෙයක් වේ නම් ඔහු හෝ ඇය වෙනුවෙන් කාලය ලබා දෙමි.😊
මෙසේ යොමු කරනා ප්‍රශ්ණ තුලින් මා සිත වඩාත් රිදුම් දුන් කාරණාවක් වනුයේ කොරෝනා, අරගල හා ආර්ථික අර්බුධ හමුවේ දරුවන්ගෙ කඩා වැටුන අධ්‍යාපනය සම්බන්ධයෙනි.😓💔
දුගීම නැතත් මධ්‍යම පාංතිකයන්ට පවා දරුවන්ගෙ අධ්‍යාපනය සදහා වැය වන පොත්පත්, පෑන් පැන්සල් ඇතුළුව අනෙකුත් ලිපි ද්‍රව්‍ය සදහා යන වියදම දරා ගත නොහැකි වී ඇත.😣📚
දරුවෙකුට ලැබෙනා නිවැරැදි අධ්‍යාපනය යනු ඔවුන්ට ජීවිතේ ජයගත හැකි ප්‍රභල අවියකි.💪
ඔවුන්ගේ අධ්‍යාපනයට හැකි පමණින් යමක් කිරීම වගකිව යුතු පුරවැසියන් ලෙස අපගේද ජාතික වගකීමකි.
එබැවින් ස්මාර්ට් මයින්ඩ්ස් වර්චුවල් සොලූශනස් (පුද්) සමාගමේ අධ්‍යාපනික අංශය ප්‍රධාන අනුග්‍රහයෙන් SPACE for Humanity Foundation එක හරහා ප්‍රථම අදියර ලෙස ආර්ථික අපහසුතා ඇති දරුවන් 100 දෙනෙකු වෙනුවෙන් පොත්, පෑන් හා අනෙකුත් ලිපි ද්‍රව්‍ය ලබා දීමට කටයුතු කර ඇත.
මේ මහගු කර්තව්‍යය වෙනුවෙන් සාමාජික ඔබද එක පොතකින් / පෑනකින් හෝ දායක වීමට කැමැති නම් පහත අංකය අමතා හෝ වට්ස්ඇප් පණිවිඩක් යොමු කර ඔබගෙ පරිත්‍යාගය පිළිබදව සම්බන්ධීකරණය කර ගත හැක. 😊📚💐🙏
0777776993
https://wa.me/message/D4LKJCLDDPBXH1
ස්තුතියි
#අනුමාන කිරීමේ කලාව
The Art of Guessing🤔
මෙය අධිමානසික හෝ ගුප්ත ශක්තියක් මත ක්‍රියාත්මක වන්නක් නොවේ. අපට නොපෙනුනත් එය අපගෙ මොළය විසින් සිදු කරන්නා වූ සංකීර්ණ ක්‍රියාවලියක ප්‍රතිඵලයකි. අනුමාන කිරීම් මත පදනම්ව අප ජීවිතේ යම් යම් තීරණ ගන්නා විට මොළයෙහි මතක ගබඩාව අපට නොදැනීම හාර ඇවිස්සීමක් සිදු වේ. අනුමානය මත ගනු ලබන තීරණයන් වල නිරවද්‍යතාවය රදා පවතිනුයේ සැබැවින්ම මිනිස් මොළයේ මතක ගබඩාවේ අඩංගු දත්තයන් මතය.
අප යම්කිසි ප්‍රශ්ණයකට පිළිතුරක් අනුමාන කරනා විට, මීට පෙර අවස්ථාවල දී අප ලත් එවැනි අත්දැකීම් සසදා බැලීමක් නොදැනුවත්වම මොළය හරහා සිදු වේ. එබැවින් අනුමාන මත සාර්ථක තීරණ වලට එළඹීමට නම් වැඩි වැඩියෙන් දත්ත, තොරතුරු, මොළයේ ගබඩා කර ගත යුතුය. එවිට ඔබට ක්ෂණිකව නිවැරැදි තීරණ ගත හැක.
සාමාන්‍ය බුද්ධියෙන් හා සාමාන්‍ය ක්‍රියාකාරීත්වයෙන් යුතු මිනිසා සෑම විටම අනුමාන කරන්නෙකි. වෙළද සැලකට ගොස් භාණ්ඩයක් මිළදී ගැනීමේ සිට උසස් අධ්‍යාපනය , විවාහය, රැකියාව වැනි ජීවිතේ බැරෑරුම් අවස්ථාව දක්වාම අපට හුදු අනුමාන කිරීම් මත යැපීමට සිදු වේ.
මෙසේ ගන්නා තීරණයන් 99%ක්ම සාර්ථක නිවැරදි තීරණ වීමට නම් ඔබ කුමන මට්ටමක සිටියත් මිනිස් මොළය ගැන සරල මූලික දැනුමක් තිබිය යුතුය.
මොළය සමග බද්ධ වී ඇති නියුරෝන විද්‍යාව ඒ අනුව සිතුවිලි පෙළ ගැසෙමින් මොළය programing වෙන අයුරු අනාගතය වෙනුවෙන් අද ගන්නා තීරණ වඩා නිවැරැදිව හා තර්කානුකූලව ගන්නා අයුරු ඉතාමත් සරලව මාසයක් පුරා අපට ඔබෙන්...
🧠"Neuro Science & psychology for Brainwash" 🧠වැඩසටහන හරහා...
මෙම වැඩසටහන තුලින් පහත මාතෘකාවන් ආවරණය වේ.👇
✅ ශක්තිමත් මනසක් සදහා නවීන නියුරෝන විද්‍යාත්මක ක්‍රම
✅ තමාට ආවේණික පෞරුෂ වර්ගය සොයාගැනීම
✅ ඡීවිතයේ ගැටලු විසඳාගැනීමට මනෝවිද්‍යත්මක ක්‍රම
✅ චර්යා වෙනස් කර ගැනීමට ප්‍රායෝගික NLP ක්‍රමවේද
✅ ඡීවිතයේ අරමුණ සහ මාර්ගය සොයා ගැනීම
✅ කාල කලමණාකාරණ ක්‍රමවේද
✅ ගැඹුරු හුස්ම ගැනීමේ ක්‍රමවේද
✅ මතක වර්ධන උපක්‍රම
✅ ස්වයං මෝහන උපක්‍රම
✅ මනසේ ගැඹුරු මට්ට්ම් වලට යාමේ උපක්‍රම
✅ හැඟීම් පාලනය කීරීමේ ක්‍රමවේද
✅ මිනිස් මනසේ සහ ශරීරයේ විශ්මිත යාන්ත්‍රණ
✅ ප්‍රායෝගික භාවනා ක්‍රම
✅ සිත පාලනය කිරීමේ ක්‍රමවේද
✅ සිතන ආකාරය ශක්තිමත් කර ගැනීමට අවශ්‍ය Cognitive Reframing ක්‍රමවේද
✅ සති හතරක ප්‍රායෝගික මනස පුහුණුකිරීමේ වැඩ සැලැස්ම.
🔴කවුද කරන්නෙ...?🤔
මනෝ විද්‍යා උපදේශක, අධි මානසික විද්‍යාව ගැන නූතනයෙ ස්වයං පර්යේෂණයන් සිදු කරමින් මිනිස් මනස හා මොළය සම්බන්ධ හසල දැනුමක් ඇති, එමෙන්ම පුද්ගල පෞර්ෂය සංවර්ධන හා අභිප්‍රේරක දේශක කේසර දිසානායක මහතා.
🔴කා වෙනුවෙන්ද කරන්නෙ?🤔
ඉහත මාතෘකාවන් වලින් අනාගතයේ සාර්ථක තීරණ වලට එළබීමේ ආසාවක් ඇති අවුරුදු 19ට වැඩි ඕනෑම අයෙක්ට..
🔴කවද්ද කොහේදිද?
මෙම මාසික වැඩසටහන සෑම මසකම අවසාන සතියේ සදුදා ආරම්භ වේ. එතැන් පටන් පුරා මාසයක් සතියට දවස් 2ක් රාත්‍රී 8.30 සිට 10.30 දක්වා Zoom තාක්ෂණය ඔස්සේ පැවැත්වේ.
🔴මුදල් අය කිරීමක් කරනවද?💰💸
ඔව්. තාක්ෂණයට, සම්පත් දායකතුමාගේ කාලයට ආයතනය පිරිවැයක් දරන නිසා සම්බන්ධ වෙන එක් අයෙක්ගෙන් රු.5000/- මුදලක් අය කෙරේ.
වැඩසටහන අවසානයේ වටිනා සහභාගිත්ව සහතිකයක් ලබා දෙයි.
🔴කොහොමද සම්බන්ධ වෙන්නෙ?
පහත වට්ස්ඇප් අංකයට "NLP" ලෙස ටයිප් කොට ලියාපදිංචි වීමට මුදල් බැර කල යුතු විස්තර ඉල්ලුම් කර හැක. 👇
0777776993
https://wa.me/message/D4LKJCLDDPBXH1
ස්තුතියි
ස්මාර්ට් මයින්ඩ්ස් - අධ්‍යාපනික අංශය
(සියලුම තොරතුරු සරලව සවිස්තරාත්මකව පෝස්ට් එකේ ඇති බැවින් නැවත නැවතත් තොරතුරු ඉල්ලමින් ඉහත ලින්ක් එක ක්ලික් කර පණිවිඩ එවීමෙන් වළකින්න. ඉහත සදහන් කර නොමැති දෙයක් හෝ ලියාපදිංචි වීමට අදාල බැංකු තොරතුරු පමණක් දැන ගැනීමට කාරුණික වී ඔබගේත් අපගේත් කාලය සුරකිමු)
අධ්‍යාපනයේ නියම අරුත හා වටිනාකම ඔබට දැනෙනුයේ එය නිමා වූ පසුය.😊💐📚
Smart Cyber Security 📱📲🖥️
Click here to claim your Sponsored Listing.
Videos (show all)
Category
Contact the public figure
Website
Address
81700
Opening Hours
Monday | 09:00 - 21:00 |
Tuesday | 09:00 - 21:00 |
Wednesday | 09:00 - 21:00 |
Thursday | 09:00 - 21:00 |
Friday | 09:00 - 21:00 |
Matara, 81730
ඔබේ හද රැඳී ගීතය මම ලියමි. එය ඔබට අවැසි නම් ඔබේ කරගන්න. නමුත් මගෙන් අහලා ගන්න. මේ ලියන්නෙ ඔබට නිසා. ❤
Matara
Matara, 81000
ඔබේ අතින් ලියැවෙන නිර්මාණශීලී අදහසට...කවියට...ගීතයට...නිසදැසට... පන පොවන ඩිජිටල් අවකාශය...