Negombo News

Negombo News face book is a digital publication that analyzes the history, culture, art, people's life, politics and daily information of Negombo.

A large number of readers living in Negombo and its suburbs were associated with the "Negombo News"

01/10/2024

උස මහත සුදු තලෙලු විතරද පොරොන්දන්
විස්සකුත් බැලුවා
ගලපලා ගලපලා අවසන හොඳම නැකතට
පොතේ ලිව්වා
පෝරුවෙත් පේවෙලා මංගල සභාවෙදි
නැති හොඳත් කිව්වා
දවස් ගානක් මඟුල් කාලා ලස්සනට
පිංතූරෙ ගැහුවා
දවස් දෙකතුනකට වරක් නොවරදවාම
වීදුරුව පිහුවා

කලු කූඹි කාවෝ කෑවොතින්
අනෙක්පස ඉඳ හිටල බැලුවා
කලක් යනකොට මාරු කර කර
මැද සාලෙ හැම තැනම තිවුවා

බිඳී කියලා අතට අරගෙන
බලන අයටත් හොරෙන් රැව්වා
ටික කලක් ගතවෙද්දි දරුවන්
දෙක තුනක් පිට පිටම ආවා

පිංතූරෙ තියෙනවද කියලාවත්
බලන්නට කලක් නැතුවා
ඒත් ළමයිනි ගේ ඇතුලෙ නම්
දඟලන්න හෙම එපා කිව්වා

එපා කියනා දෙයම කරනා
දෙවෙනි කොලු පිංතූරෙ කැඩුවා
රූපෙ අරගෙන ඇදුම් පෙට්ටියෙ
අඩියෙ හංගා කලක් තිවුවා

රෙදි වලින් යටවෙලා පොඩිවී
කොන්හතර උඩ අතට නැවුනා
ළමයි ඉඳහිට ගෙදර ආවම
මතක්වී එය කොහිද ඇහුවා

එදා වාගෙම ආදරෙන් ගෙන
පෙන්නලා යලි අරන් තිවුවා
මහගෙදර පාලුවට හැරුණ
අම්ම කලින්ම දෑස් පිවුවා

තාත්තා විතරයි ගෙදර
දුක් කඳුලු අතරින් දවස් ගෙවුවා
වැඩි කලක් ගියෙ නැතුව උන්දැත්
මලා හත්දොහෙ බණත් කිවුවා

ගෙදර ඉන්නට කෙනෙක් නැති තැන
ගෙයට විකුණුම් කරය ලිවුවා
තම තමාහට ඇවසි දේවල්
ළමයි අහුලලා අරන් තිවුවා

වැඩක් නැති හැමදේම අතුගා
පුලුස්සන්නට වීසි කෙරුවා
ඇති වීම නැති වීම පොදු දහමකි
ලොවේ හට ගොඩක් එව්වා

ලොවේ අනියත දහම වටහා
ගන්න හොඳ නිදසුන්ය මෙව්වා

උපුටා ගැනිමකි.

01/10/2024

ගහපං..අලී ගහපං .පේමන්ට්වල නිදා ඉන්න රස්සා නැති මිනිසුන් වෙනුවෙන් ගහපං.‘‘
ලෙඩ හැදිල පිළිකා හැදිල ඉන්න අසරණයො වෙනුවෙන් ගහපං.ඇප බදින්නවත් බැරැව සිරගෙවල් වල කොටුවෙලා ඉන්න දුප්පතුන් වෙනුවෙන් ගහපංස්වාමි පුරැෂයෙක් නැති ගැබ්බර තරැණියන් වෙනුවෙන් ගහපං.
පාර අතුගාන කාණු කපන අසරණයො වෙනුවෙන් ගහපං... එදා වේල කන්න නැතුව ඉන්න පැරණි ගණිකාවෝ වෙනුවෙන් ගහපං...

(සුදු හම කළු පැහැ වෙනතුරැ සලකන විට අලි ගේ මිතුරන් ඔල්වරසන් නැගුවේ එසේය...)
--------------------------------------------------------------
නොනිමි කතාව - සුනිල් මාධව ප්‍රේමතිලක

30/09/2024
Photos from Negombo News's post 29/09/2024
29/09/2024

A,B අරන් දෙන්න මහන්සි වූ ගුරුවරුන්ට වගේම
W එකෙන් ගොඩයන්න උදව් වූ ගුරුවරුන්ටත් අපගේ ප්‍රණාමය.

26/09/2024

“නූගත්කම කියන්නෙ අකුරු කියවන්න හෝ ලියන්න බැරිකම නෙවෙයි.
නූගත්කම කියන්නෙ මෙතෙක් උගන්වපු හා විශ්වාස කිරීමට බල කරපු දේ තුල ඇති බොරුව වටහා ගන්න බැරිවීම.”..

විසි එක්වෙනි සියවසේ තියන ලොකුම ගැටළුව තමයි උගන්වන දේ තුල ඇති ඇත්ත හා බොරුව වටහා ගැනීමට මිනිසුන්ට නොහැකිවීමත්, යම් අයුරකින් වැටහුනත් එය පිලිගැනීමට මිනිසුන් අකමැතිවීම හා නොසතුටු වීමත්ය...

ඇල්වින් ටොෆ්ලර් ඒ පිළිබදව මෙහෙම කතාවක් කියනවා...

"නූගත්කම කියන්නෙ කියවන්න ලියන්න බැරිකම නෙවේ.නමුත් ඉගෙන ගත් සමහර දේ අමතක කරල අලුතින්, නැවත ඉගෙනීමට ඇති නොහැකියාව නූගත්කමයි" කියලා...🌻

25/09/2024

පසුගිය දවසක උදේ කොටුව ප්‍රධාන දුම්රිය ස්ථානාධිපති(ගිණුම්) බාලසූරිය මහතා දුරකථන ඇමතුමක් දුන්නා...
"මල්ලි, කොළඹ කොටුව සිට මඩකලපුව බලායන 6011 දුම්රියට ටිකට් ගන්න ආපු වයසක සීය කෙනෙක් , රැපියල් 5000/ කොළයක් කවුන්ටරේ දාල ගිහින් හදිසියට. මොරගොල්ලාගමට ටිකට් අරගෙන තියෙන්නෙ.
ප්‍රවේශ පත්ර අංකයත් දුන්නා... එයාව හොයාගන්න. රැපිල් 5000/ ඊලග කෝච්චියේ එවන්නම් කියල...
ඉතින් ඒ දුම්රියේ ආපු මගීන් අතර ඒ සීය හිටිය. තරණගොල්ලාගම කෙනෙක්. බෙහෙත් ගන්න ගිහින් කෝච්චියට එන්න හදිසියට රැපියල් පන්දාහ එතනම දාල දුවගෙන ඇවිත්..
කෙනෙකුට රැපියල් පන්දාහ සුළු දෙයක් උනාට ඒ සීයට එක් ගොඩක් වටිනව කියල දැනුනෙ පහුවදා එන්න කියල ඒ සල්ලි අතට දුන්න වෙලාවෙ...
ස්තූතියි ⁣CSM / Account බාලසූරිය අය්යේ.. Sm දුමින්දටත්, SM 111 මල්ලිටත්......

© kumara මහතා
(උපුටා ගැනීමක් )

24/09/2024

මචං ගැමුණු, අරවින්ද අද ජනාධිපති වුණා …
මට මේ කතාව කියන්න අවුරුදු 37ක් බලාන ඉන්න වුණා. මම හොඳාකාරවම දන්නවා උඹ මේ ලෝකේ නැති බව. අපි හම්බවුණේ 1987 – 88 කාලවල. ඒ කාලේ ජනාධිපති නීතීඥ නිමල් සේනානායක මුල්වෙලා හදපු “මානව හිමිකම් සඳහා ශිෂ්‍යයෝ” ව්‍යාපාරය හරහා තමයි අපට එක්කහු වෙන්න පුළුවන් වුණේ.

අපි ඒ කාලේ අනුරට කිව්වේ අරවින්ද කියලා. එදා හිටපු බොහෝ අයගේ නම් අද වෙනකොට මට පවා අමතකයි. නිෂ්මි, කොල්ලුරේ, ත්‍රීමා ඒ නම් අතරින් කිහිපයක් විතරයි. ඒ හැමෝම ඒ කාලේ තමන් දැරූ මතය වෙනුවෙන් දිවි පිදූ උදවිය. නිමල් සේනානායකගෙන් පස්සේ අපට ගුරු හරුකම් දුන්නේ තවත් සුවිශේෂී චරිතයක් වුණු නීතීඥ විජේදාස ලියනාරච්චි. ඔහුත් 1988 දී කුරිරු ලෙස ඝාතනයට ලක්වුණා. ඒ කාලේ අරවින්ද දෙවැනි පෙළ නායකයෙක්. ඒ නායකයා අපේ පුංචි රටේ පළමු පුරවැසියා විදියට දිවුරුම් දෙනවා දකින්න අද මට වාසනාව ලැබුණා.

මං හිතන්නේ අපි කට්ටියගෙන්ම අද ජීවතුන් අතර ඉන්නේ අනුරයි, ඕස්ට්‍රේලියාවේ ජීවත්වෙන වෛද්‍ය ශිරෝයි, මායි විතරයි. ඒ කාලේ මං හිතුවේ ඒ ජීවිත හැම එකක්ම නිස්කාරණේ අපරාදේ නැතිවෙච්ච ජීවිත කියලා. නමුත් අරවින්ද අද වැඩේ කළා.

2014 දී අනුර ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ නායකත්වයට පත්වුණු වෙලාවේ මට හොඳට මතකයි “අපේ එකෙක් පක්ෂ නායකයකු වීම” කියන හෙඩිමෙන් මම ලියපු පුංචි සටහන. අද මම ලියන්න තියෙන්නේ “අපේ අරවින්ද ජනාධිපති වුණා ගැමුණු” කියලායි. එදා බැද්දගානේ අපේ ගෙදර ඉඳලා සියලු අංගෝපාංග පරීක්ෂාවට ලක් කරලා ගැමුණුගේ ට්‍රේල් මෝටර් සයිකලයෙන් අරවින්දව එක්කන් ගිය හැටි මට තාම මතකයි. ඒ තමයි අපි තුන්දෙනා හමුවුණු අන්තිම දවස. ( එදායින් පස්සේ මට අරවින්දව ආපහු මුණගැහුණේ 2005දී එංගලන්තයේ ලන්ඩනයේදී.) 1989 දෙසැම්බර් මාසයේදී ගාලු මුවදොර ගලධාරී හෝටලය ළඟදී ගැමුණුව පැහැර ගත්තා. ඉන්පස්සේ ඔහු ගැන අපට කිසිම තොරතුරක් අද වෙනතුරුත් හම්බවෙලා නෑ. ඒ කාලේ ගැමුණු කියන්නේ අන්තර් විශ්වවිද්‍යාලයීය ශි‍ෂ්‍ය සංගමයේ කැඳවුම්කරු. නිමල් බාලසූරිය කොළඹ වජිර පාරේදී ඝාතනය ලක්වීමෙන් පස්සේ අන්තරේ වැඩබලන කැඳවුම්කරු වුණේ ගැමුණු හෙවත් ගයාන්.

අවුරුදු 37ක් මේ අවනඩුව කියන්න මම බලාන හිටියා. මේ දවස්වල ලංකාවේ හිටියත් මම පදිංචි වෙලා ඉන්නේ එංගලන්තයේ. මචං අනුර, ශි‍ෂ්‍ය සටන් ව්‍යාපාරයකට නායකත්වය දෙනවාට වඩා භාරදූර කර්තව්‍යයක් අද උඹට පැවරිලා තියෙන්නේ. අපි එකෙක්ටවත් ඒක හිතාගන්න බෑ. වරදින්න තියෙන අවස්ථා බොහොමයි. උඹ, මම, ගැමා, අපි සේරම පැහැදිලිවම නිර්ප්‍රභූ පන්තියේ මිනිස්සු. හතර අතින්ම තියෙන්නේ උඹව ඩැහැගන්න බලන් ඉන්න උගුල්. ඒක නිසා මේ ගමන අතිශයින්ම අසීරුයි. නමුත් මෙච්චර ගමනක් ආපු උඹට ඉතිරි ටිකත් ඒ විදියටම කරන්න පුළුවන් වෙන්නය කියලා මම ඉත සිතින්ම ප්‍රාර්ථනා කරනවා.

කොල්ලුරේ, වෙනුර, නිෂ්මි, රංජිදම් අවසානයේ ගැමුණු, එදා පැතූ ලෝකය අනුර උඹ ගොඩනැඟුවා. ඒ ගොඩනඟපු ලෝකය විනාශ වෙන්න නොදී ඉතිරි හරියත් ඒ විදියටම කරපන් ….!

~ චවිත් (එංගලන්තය)

23/09/2024
Photos from Negombo News's post 23/09/2024

මේ මොහොතේ අත්විඳින ප්‍රබල සමාජ පරිවර්තනය වෙනුවෙන් මෑත කාලයේ නිර්මාණය වුණු බොහෝ කලා නිර්මාණ ප්‍රගතිශීලී සහ ප්‍රතිසංස්කෘතික මැදිහත්වීමක් සිදු කළා. කලාත්මක ප්‍රකාශන සෙමෙන් වුව ද සමාජය තුළ භෞතික ස්වරූප අත්පත් කර ගන්නා බව එයින් පසක් වන්නක්. එවන් පූර්වාදර්ශී සිනමා නිර්මාණ, ටෙලි නාට්‍ය, නවකතා, ගීත නිර්මාණ අතරින් පහතින් දක්වනුයේ කිහිපයක්.

ඔබගේ විඤ්ඤාණය පුළුල් කළ එවන් නිර්මාණත් සඳහන් කරන්න.

23/09/2024

මෙ ක්‍රමය දිගටම කරන් යමු.

23/09/2024

නිදහස් අධ්‍යාපනයට ජය. අඩ්‍යාපනය ලැබීම සැමගේම අයිතියකි. එයට ඉඩ සලසන්න.

Photos from Negombo News's post 22/09/2024

තාමත් ජනමාධ්‍යවලට නිකුත් නොවූ ඡායාරූප. 2024.09.22

2024 ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන ලද අනුර කුමාර දිසානායක මහතා සහභාගී වූ මැතිවරණ කාර්යාලයේ පැවති උත්සවය*

Photos from Negombo News's post 22/09/2024

පසුගිය ටිකේ දැකපු ලස්සන පෝස්ට් ටිකක්. කියවලම බලන්න. හිතට වැදුනු එක කොමෙන්ට් කරන්න

Photos from Negombo News's post 22/09/2024

සුබපැතුම්, හෙටින් උදාවන ලෝකය සැමටම සුවදායක කරමු.

22/09/2024

කටාන ඡන්ද ප්‍රතිඵලය

22/09/2024

අද ජනාධිපති දිව්රුම් දෙයිද? දෙවෙනි මනාපයේ වාසිය කාටද?

Photos from Negombo News's post 22/09/2024

මීගමුවේ ඡන්ද ප්‍රතිඵලය

22/09/2024

ඇයි ප්‍රතිඵල ප්‍රමාද? අවසන් ප්‍රතිඵලය දෙන හරිම වෙලාව මෙන්න. මාලිමාවට මොකද වෙන්නේ?

Want your establishment to be the top-listed Arts & Entertainment in Negombo?
Click here to claim your Sponsored Listing.

You can Join

If you have special Photograph which connect to Negombo we can post it on Negombo news

Videos (show all)

අද ජනාධිපති දිව්රුම් දෙයිද? දෙවෙනි මනාපයේ වාසිය කාටද?
ඇයි ප්‍රතිඵල ප්‍රමාද? අවසන් ප්‍රතිඵලය දෙන හරිම වෙලාව මෙන්න. මාලිමාවට මොකද වෙන්නේ?
සමන්ත විද්‍යාරත්න මීට සුලුමොහොත්කට පෙර නිකුත් කර ඇති නිවේදනය. (අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)
ඊයේ රාත්‍රිය පුරාවට හරිස්චන්ද්‍රපුර ගම්මානය වටා වර්ණවත් කරමින්  ඉදිරියට ඇදුණු අලංකාර  පෙරහැර.
ඊයේ  රාත්‍රිය පුරා හරිස්චන්ද්‍රපුර ගම්මානය ඔස්සේ  ඉදිරියට ඇදුණු අලංකාර  පෙරහැර.
ඊයේ හරිශ්චන්ද්‍රපුරය හරහා අදුරේම ඉදිරියට ඇදුණු පෙරහැර
දේව යාතිකා සමගින් විනෝදයකට එහා ගිය භක්තිය මුල්කරගත් අපූරු රංගනය . (කදිරාණ දේවාලයේ ඇසළ පෙරහැර 2024)
මීගමුවේ වීදි දිගේ අදුරත් සමගම ඉදිරියට ඇදුණු කදිරාණ ඇසළ පෙරහැර. පහන් කණුවක් යට ආලෝකය නැටුම්වලට නව පෙනුම එක්කරන අපූරුව.
කදිරාණ පෙරහැර
ඊයේ (31)කදිරානේ පෙරහැර නොබලපු කෙනෙක් නැති තරම්. ඉර බැහැගෙන යන වෙලාවේ පහන් කණුවක් යට ඉදගෙන කාවඩි බලන එක වෙනම කලාවක්. පෙරහ...

Website

Address


Negombo
94

Other Negombo arts & entertainment (show all)
ԍнosт PUBG ԍнosт PUBG
Negombo, 11500

GHOST PUBG Pubg Player ( ipad ) 5 finger + full gyro I am not a TDM player I am classic player

Lasiya Gaming Lasiya Gaming
Negombo Katana
Negombo, 11500

I am Playing apex legend Mobile and Free fire.

Crafts by MILI Crafts by MILI
Negombo

Can order any cards ,, Dreamcatchers ,,Gift boxes ,,scrapbooks .......

𝙎𝙚𝙣𝙖𝙖 𝙎𝙚𝙣𝙖𝙖
Negombo

𝙦𝙪𝙤𝙩𝙚𝙨 𝙛𝙤𝙧 𝙛𝙪𝙣𝙣𝙮 𝙢𝙞𝙣𝙙

Geming USHA Geming USHA
Negombo, 11158

Geming USHA

DRS Quilling would DRS Quilling would
Negombo

Hand works

C.P.N Gaming C.P.N Gaming
Negombo

😈GOD MADE THIS PAGE😈

Sayuu felt creation Sayuu felt creation
Negombo

Felt creations

Devila FF LIVE Devila FF LIVE
Negombo

Hey guy’s make sure to hit that follow button and have a nice day 🥺❤️

Egbert Carpenter Egbert Carpenter
Negombo

Aim to attack enemies, jump over obstacles, defeat all enemies and win the game.

බැක්ස්ටර් - Backster බැක්ස්ටර් - Backster
Negombo, 11270

entertainment

Tech Global Gaming Center Tech Global Gaming Center
293/C Iddagodalla Road Kimbulapitiya
Negombo, 11522

Trust marketplace for gamers.