Stop Cyber Bullying Sri Lanka
Stop cyber bullying activities & help people who are involved as a victim of cyber bullying in Sri L
මැසෙන්ජර් හරහා බොහෝ විට තම පුද්ගලික ප්‍රේම සම්බන්ධතා ,හා විවාහ සම්බන්ධතාවන් සමාජ ජාලා මුහුණු පොත් හරහා විනාශ වු බව කියමින් නීති උපදෙස් හා මානසික උපදේශනය බලාපොරොත්තු වන සහෝදර සහෝදරියන්ට වෙන වෙනම පිළිතුරු ලබා දීම මට වෙහෙසකර බැවින් මෙසේ සටහනක් තැබීමට සිතමි.මූලිකව කිව යුත්තේ අප මනෝ උපදේශකවරුන් නොවන බැවින් ඔබගේ මානසික දුක් හා චිත්තවේදනා සමනය කිරීමට අප සුදුස්සන් නොවන බවයි.එහෙත් පොදුවේ ඔබ දක්වන කාරණයට අප සරලව පැහැදිළි කිරීමක් පමණක් සපයමු.
ඕනෑම සම්බන්ධයක පදනම වනුයේ අවංකත්වය හා එකී අවංකත්වය මත ඇති කරගන්නා විශ්වාසය හා ඒ දෙකම මත පදනම් වී ඇති අවබෝධය වේ. පිරිමියකු හෝ ගැහැනියක විසින් සම්බන්ධතාවයකදී ගැඹුරු ලෙස ආරක්ෂා කර ගත යුත්තේ එයයි.වරක් හෝ එය බිදී ගිය විටක බිම දැමූ විදුරුවක් සේ කැඩී බිදී යාම නැවත ආපසු යථාතත්වයට පත් කිරීම අපහසු දෙයක් වනු ඇත.ඔබ පිරිමියකු හෝ ගැහැනියක ලෙස ඔබ තොරා ගනු ලැබු කවර හෝ ආදර සම්බන්ධතාවයක් අවංක හා ශක්තිමත් මෙන්ම ආධ්‍යාත්මිකව බැදුනු සම්බන්ධයක් වේනම් ඒ සම්බන්ධය තුල නියම පිරිමියකුට හෝ ගැහැනියකුට වෙනත් සම්බන්ධතා සමග ගැටීමට තරම් මානසිකත්වයක් මතු වන්නේ විය නොහැක..බොහෝ ගැහැනුන් පිරිමින් විසින් මුහුණු පොත් හා සමාජ ජාලා හරහා විවිධ සම්බන්ධතා ගොඩ නගා ගැනීම තුල ඔහුන් පෞරුෂත්වයෙන් පහත් තත්වයකට පත් වන ප්‍රමාණය කොපමණද යන්න හා එමගින් ඔහුන් අහිමි කරගනු ලබන ඔහුන්ගේ වටිනාකම කොපමණද යන්න දන්නේ නම් ඔහුන් කිසි විටක එවැනි නිර්ලජ්ජිත ක්‍රියා සිදු නොකරනු ඇත..ඇතැම් විට තමාට පෙම්වතෙකු පෙම්වතියකු ,බිරිදක හෝ ස්වාමිපුරුෂයකු සිටියදී ඇතැම් පුද්ගලයින් මුහුණු පොත් හරහා කිසිදිනක ගැහැණියකු පිරිමියකු නොදුටු කාන්තාරයක ජිවත්වු පහත් මිනිසුන් ලෙස හැසිරේ.ඔහුන් යනු ගැහැනුන්ට හෝ පිරිමින්ට යන දෙකටම නොවැටෙන නපුංසකයින් පමණි.ගැහැනියක පිරිමියක දුටු විට ඉල්ලීම් හරහා ගොස් මිතුරු සම්බන්ධතා ගොඩ නගා ගැනීමේ වරදක් නැත.එය මුහුණු පොත් හරහා සාමාන්‍යයෙන් සිදුවන්නකි.එහෙත් තමාට වටිනා සම්බන්ධතාවක් තිබියදී තවත් අයෙකු සමග රාගික හා සිය කාලය ගත කිරීමට මුහුණු පොත් යොදා ගන්නා වදුරන් හා රිලවියන් සමාජ මුහුණු පොත් තුල බහුලය.ඔහුන් බොහෝ විට මේ නිර්ලජ්ජිත ක්‍රියාවන් සිදු කරනුයේ එක්කෝ රාගික හැගීම් ඉටු කරගැනීමටය.නැත්නම් මුල්‍යමය හා වෙනත් වාසියක් ලබා ගැනීමට විය හැක.නැත්නම් යහපත් සම්බන්ධතා පළුදු කිරීමේ කූට උපක්‍රමයන් නිසා විය හැක.කෙසේ නමුත් එවැනි දේ කරන පහත් ගැහැනුන් හා පිරිමින් පමණක් නොව ඒවාට හසුවී හෝ හසු නොවී එහෙත් ඒ ක්‍රියාවන් සදහා ඒ ආකාරයෙන්ම ප්‍රතිචාර දක්වමින් ක්‍රියා කරන ඕනෑම පුද්ගලයකු වුව මිනිස් කමට නිගා කරන පෞරුෂත්වයක් නැති සෙවල ගැහැනුන් හා පිරිමින් වේ.තම ගැහැනිය හා පිරිමියා සමග මුහුණට මුණගැසීමට හෝ යුතුකම් වගකීම් ඉටු කිරීමට අලස වන ඇතැම් පිරිමින් හා ගැහැනුන් මුහුණු පොත් වල සිටින ගැහැනුන් පිරිමින්ගේ ජායාරූප හා විඩියෝ පට ඉල්ලමින් ඔහුන්ගෙන් පනිවිඩ වලට ප්‍රතිචාර දැක්වීමට යුතුකම් හා වගකීම් ඉටු කිරීමට දක්වන වෙහෙස ,කාලය.හා බැගෑපත් වීම් හා හිගාකෑම් ඔහුන්ගේ ස්ථීර සම්බන්ධතා රැකගැනීමට හා ඒවායේ වගකීම් ඉටු කිරීමට යොද වන්නේ නම් වටිනා ප්‍රේමනීය සම්බන්ධතා ඔහුනට අහිමි වන්නේ නැත.එසේම බිදුණු පවුල් හා අනාථ වු දරුවන් මේ සමාජය තුල දකින්නට ලැබෙන්නේ නැත...තම ආදරය කරන ගැහැනියට හෝ පිරිමියාට අවංක වී එකී සම්බන්ධයට ගරු කළ හැකි මිනිසුන් වු කලී පින්වන්තය.එවැනි අවංක හිත් වල ප්‍රේමය යමෙකු ලබන්නේ නම් එය මෙලොව ඇති වටිනාම ත්‍යාගය වේ.එහෙත් එවැනි ප්‍රේමයක වටිනාකම්ක් නොමැති තිරිසනුන් නිසා ඇතැම් අවංක මිනිසුන් ප්‍රේමයට පවා වයිර කිරීමට පසු කාලීනව පත් වනු දැකිය හැක.එසේම සරලව එවැනි එක හිතක පහස ලැබිය නොහැකි පවිකාරයන්ට හෝ පව්කාරියන් අතහැර දැමීමට කිසි කලක දෙවරක් සිතීම අවශ්‍ය නොවේ.මන්ද ඔහුන් කිසිවිටක අවංක මිනිසුන් නොවනවා සේම එකී සෙවල ගති වෙනස් කිරීමට කටයුතු නොකරන බැවිනි...මන්ද ඔහුන් මතින් කිසි කලක යහපත් අනාගතයක් හෝ දරු පරම්පරාවක් ඇති කර ගැනීමට හැකි නොවනු ඇත.පිරිමියකු කපුටෙක් හෝ නිලමැස්සෙකු නොවිය යුතුය.එනම් දකින දකින කුණු කන හා එවාට වසන.ඔහුන් සිංහයකු විය යුතුය තම පුරුදු කෑම නොමැති නම් තණකොළ නුබුදින.ගැහැනියක නා දල්කක් නොවිය යුතුය.වෙසගනක් සේ දකින දකින පිරිමින් නොපිනවන.ඇය නිදිකුම්බාවක් විය යුතුය ආගන්තුක ස්පර්ශයක් ක්ෂණිකව ප්‍රතික්ෂේප කරන. පිරිමියකුට හෝ ගැහැනියකට වටිනාම දේ විය යුත්තේ තම චරිතය හා ආත්ම ගෞරවය වේ.එය කෙළසමින් නාන්නාතාරේ යන පෞරුෂත්වයක් නැති සිය සම්බන්ධතාවයන්ට අවංක නොවන ගැහැනු හා පිරිමි සුනඛයෙකුට ඔබ කොතරම් ප්‍රේමණිය වුවද එවැන්නන් තම ජීවිතයෙන් නොව ආත්මයෙන්ම පිටකර හැරීමට දෙවරක් නොසිතන්න.එය අද දින වේදනාවක් විය හැකි නමුත් එය දීර්ගකාලීන ආයෝජනයක් වනු ඇත. මන්ද එය ප්‍රේමය ඇති එක් හිතකට ප්‍රේම කරන එවැනි සම්බන්ධයකට හීනයකින් හෝ කැලැල් නොකරන අවංකව ජීවත් වන දෙවියන් දේවතාවුන් වැනි මේ සමාජයේ ජිවත් වන පිරිමින්ට හා ගැහැනුන්ට කරන විශාල ගෞරවයක් වනු ඇත.ප්‍රේමය ජීවිතයට සමාන වේ.ඔබ හුස්ම ගන්නා සේම පිට කිරීමද කළ යුතුය.මේ දෙකින් එකක් හෝ ඔබ නොකර සිටින්නේ නම් ඔබ මිය යනු ඇත.එය සමබර විය යුතුය.නොමැති නම් එය අසාධාරණයකි.ඔබ ප්‍රේමය ලබන්නා සේම ඔබ එය ලබා දෙන්නාට පෙරලා අවංකව ලබා දීමට සාදාරණ විය යුතුය...එසේම අවසානයට යමක් කිව යුතුය.අවංක මිනිසකුගේ ප්‍රේමයට හෝ යුතුකමේ බැදීමට හානියක් සිදු කරන දුකක් වේදනාවක් ලබා දෙන ඕනෑම පුද්ගලයකු ස්වභාවධර්මයේ නියමය අනුව තමාගේ අපාය තමා විසින්ම කපා ගනු ඇති බවයි.මන්ද ඩේටා ඉවර වුනු දිනක ඔබ වටා සිටින අම්බපාලියන් හෝ නපුංසකයින්ගේ ප්‍රේම ජවනිකාද අවසන් වන නමුත් ඔබ විසින් කරන ලද පාප කර්මයට පල විපාක විදීමේ දොරටුව අභියස ඔබට තනිවම එයට මුහුණදීමට සිදුවන බැවිණි .
"එබැවින් අවසන දිය යුතු උපදේශය නම් ඔබ විසින් ඔබගේ අත දිය යුත්තේ හිත පරිස්සම් කරන අවංක මිනිසකුට පමණක් බවයි."
වෛද්‍ය තුෂර වික්‍රමනායක මහත්මියට එරෙහිව සිදුවන සයිබර් මඩ ප්‍රහාරය සම්බන්ධයෙනි.
එංගලන්තයේ සිට මෙරටට පැමිණ රජයේ සෞඛ්‍ය නීති අනුව නිරෝධායනය වන අතර වාරයේ තමන්ට සිදුවු අසාදාරණයකට එරෙහිව සමාජ මාධ්‍යතුළ සිදුකළ ප්‍රකාශයක් කේන්ද්‍රකොට ගෙන වෛද්‍ය තුෂර වික්‍රමනායක මහත්මියටත් ඇගේ සැමියා සහ දරුවනුත් කේන්ද්‍රකොටගෙන එල්ලකරන සයිබර් මඩ ප්‍රහාර Stop Cyber Bullying Sri Lanka සංවිධානය තරයේ හෙළා දකිමු.
ඇය විසින් මේ සම්බන්ධයෙන් Stop Cyber Bullying Sri Lanka අප සංවිධානය වෙත් ලිඛිත පැමිණිල්ලක් 2020 නොවැම්බර් 06 වනදා යොමුකළාය.පසුව ඒ පැමිණිල්ල සම්බන්ධයෙන් අප කළ සොයා බැලීමේදී ඇයගේ ප්‍රකාශය කේන්ද්‍ර කරගෙන ඇයගේ දේශපාලන මතයත්,ඇගේ ස්ත්‍රීත්වයත්,ඇගේ පෞද්ගලික ජීවිතේ අතිශය සංවේදී කාරණාත් ස්මතුකරමින් යම් සංවිධානාත්මක ප්‍රහාරයක් face book සහ වෙබ් අඩවි වල ප්‍රචාරය වන බව තහවුරු විය.
ඒ අනුව මේ සම්බන්ධයෙන් වු පැමිණිල්ල අප නීති අංශයට සහ තාක්ෂණික අංශයට යොමුකළ අතර ඔවුන් විසින් ඒ සියල්ල පරීක්ෂා කොට Cyber Bullying යටතට වැටෙන සියලුම ප්‍රචාරනයන්ට ශ්‍රී ලංකාවේ සහ ජාත්‍යන්තරයේ සියලුම වගකිවයුතු ආයතන සමඟ එක්ව ඊට එරෙහිව කටයුතු කරන බව දන්වා සිටිමු.එසේම ඊට අදාල නීති උපදෙස්ද අපගේ නීති අංශය විසින් ලබා දීමට තීරණය කර ඇත.
~Team Stop Cyber Bullying Sri Lanka~
❌❌ කවුරු හරි අසහනකාරයෙක් ඔයාගෙ ෆොටෝ දාලා ෆේක් අකවුන්ට් එකක් හදලද?❌❌
විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සිංහලෙන් කිව්වොත් TRC එකට පැමිණිල්ලක් දැම්මම එයාලා අදාල ෆේක් අකවුන්ට් එක අයින් කරලා දානවා. කොහෙවත් යන්න දෙයක් නෑ. Email එකක් ලියන්න.
අධ්‍යක්ෂ ජෙනරාල්,
විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව
ඒකෙ පැහැදිලිව ඔයාට තියන ප්‍රශ්නය සටහන් කරන්න. ඊට පස්සෙ,
➰ඔයාගෙ නම
➰ original FB account link
➰ fake FB account link
➰ මොබයිල් නම්බර් එක දාලා ඊමේල් එකක් යවන්න. පහල තියෙන්නෙ එයාලගෙ email address එක.
[email protected]
එතකොට එයාලා ඒකට reply mail එකක් එවනවා පුරවන්න ඕන ෆෝම් එකක් එක්ක. ඒකෙ අහලා තියනවා ඔයාගෙ නම, ලිපිනය, දුරකථන අංකය, ජාතික හැඳුනුම්පතේ දෙපස ඡායාරූප දෙකක්, ඔයාගෙ original FB account link ,fake FB account link සහ ඒවයේ screenshot දෙකක්. ඒ ටික පුරවලා මේල් කරාම ඒගොල්ලො අදාල ෆේක් අකවුන්ට් එක අයින් කරලා දානවා. මේ ඔක්කොම සිද්ද වෙන්න යන්නේ පැය 24-48 වගේ කාලයක්. ඔයා වැඩි විස්තර ඉල්ලුවොත් ඒ නපුරු වැඩේ ඔයාට කරන්නෙ කවුද කියන එකත් එයාලා ඔයාට දැනගන්න සලස්වනවා. එතනින් එහාට ඔයාට කැමති නම් නීතිමය ක්‍රියාමාර්ග අරගන්නත් පුලුවන් ..!
(හැබැයි හැම කෙනාම එවන link click කරලා බලන්න යන්නත් එපා. එහෙම උනොත් ඔයා නොදැනුවත්ව ම ඔයාගෙ අකවුන්ට් එක හැක් වෙලා තියෙන්නත් පුලුවන්. කවුරු හරි ඔයාගෙ ෆේක් අකවුන්ට් එකක් තියනවා කියලා ලින්ක් එකක් එව්වොත් මුලින් එයාගෙන් screenshot එකක් ඉල්ලලා බලන්න)
එක එක අසහනකාරයො නිසා බය වෙලා ඉන්නවත් bully වෙන්නවත් එපා. ඔවුන්ට ඉඩ දීලා බලන් ඉන්නත් එපා. තමන් වෙනුවෙන් තමන්ට හඬක් නගන්න බැරි නම්, කවුරුත් එන්නෙ නෑ ඔයාව බේරගන්න. 🙂
උපුටා ගැනීමකි.
සටහන - අනූ පතිරණ
සයිබර් අපරාධ 01 - නීතීඥ තරංග වීරසිංහ සමග නීතිඥ අචලා සෙනෙවිරත්න
සයිබර් අපරාධ - නීතීඥ තරංග වීරසිංහ සමග නීතිඥ අචලා සෙනෙවිරත්න #StopCyberBullyingSriLanka Email – [email protected] Facebook-https://www.facebook.com/stopcyberbullyingsrilanka/ Instagram – StopCyberBullyingSL Twitter - StopCyberBullyingSL
චිනං සරනං ගච්ඡාමී වචන ලිව්වේ - සන්නා Upul shantha sannasgala වැඩේ හැදුවේ - චින්තා / රවී Chinthaka jayakody Ravi Royster වචන කිව්වේ - ශිරාz / ඩබ්ලිව් /නිපුනි / රවී / චමිල Rude ...
ළමා ආරක්ෂණ අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ Stop Cyber Bullying Sri Lanka සමග දැක්වූ අදහස්
ළමා ආරක්ෂණ අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ Stop Cyber Bullying Sri Lanka සමග
ළමා ආරක්ෂණ අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ Stop Cyber Bullying Sri Lanka සමග දැක්වූ අදහස් ඉදිරියේදී බලාපොරොත්තු වන්න...
පුද්ගලයෙකුට හිංසා හිරිහැර කිරීම සඳහා විද්‍යුත් සන්නිවේදනය භාවිතා කිරීම සයිබර් හිංසනය (cyber bullying) ලෙස හඳුන්වනවා. සාමාන්‍යයෙන් බිය ගැන්වීම හෝ තර්ජනාත්මක ස්වභාවයේ පණිවිඩ යැවීම ඇතුළුව සයිබර් අවකාශයේ සිදුවන අපහාසාත්මක සහ හිංසාකාරී පලකිරීම් උදාහරන ලෙස දක්වන්නට පුළුවන්.
සයිබර් අවකාශය භාවිතා කිරීම අපේ අයිතියක්. ඒ අයිතියට අවහිර කරන්න, ඒ අයිතිය අපෙන් උදුරාගන්න සහ ඒ අයිතියම අපිව විනාශ කරන්න පාවිච්චි කරන්න සයිබර් බුලින්වලට පුලුවන්.
එකතුවෙමු !
දැනුවත් වෙමු
සයිබර් හිංසනයට එරෙහි වෙමු !
නිදහස් අදහසක මදහස - Stop Cyber Bullying Sri Lanka Email – [email protected] Facebook-https://www.facebook.com/stopcyberbullyingsrilanka/ Instagram – StopCyberBullyingSL Twitter - StopCyberBullyingSL
දෙමළ පරිවර්තනය සඳහා පළමුවැනි කොමෙන්ටුව වෙතත් ඉංග්‍රීසි පරිවර්තනය සඳහා දෙවන කොමෙන්ටුව වෙතත් පිවිසෙන්න...
Click here to claim your Sponsored Listing.
Videos (show all)
Category
Contact the organization
Website
Address
Nugegoda
10250
Opening Hours
Monday | 09:00 - 17:00 |
Tuesday | 09:00 - 17:00 |
Wednesday | 09:00 - 17:00 |
Thursday | 09:00 - 17:00 |
Friday | 09:00 - 17:00 |
Saturday | 09:00 - 12:00 |
135, S De S Jayasinghe Mawatha
Nugegoda, 10250
Welcome to the Official page of the Rotaract Club of Saegis Campus.
Highleval , Road
Nugegoda
St. John’s College Lions Club has been added as a new upcoming member from year 2020. District 306 C2
Faculty Of Medical Sciences, University Of Sri Jayewardenepura
Nugegoda
Welcome to the official page of Nature & Photography Club of Faculty of Medical Sciences, USJ