Old Palians Hockey Association

Gathering Old Palians Hockey Players to One Place

01/06/2024

Congratulations 👏👏👏❤️‍🔥

Congratulations 𝗡𝗶𝘀𝗶𝘁𝗵𝗮 𝗧𝗵𝗮𝗹𝗽𝗮𝘄𝗶𝗹𝗮 for your great achievement!!!

23/05/2024

නසමින් කෙලෙස් මල සසරෙ බැදී නේක
වනසා දමා සංතානයෙ දුක සෝක
පිංබර වෙසක් පුන්සද පැයූ දාක
අප බෝ සතුන් සම්බුදු භව ලැබු සේක

⚜️⚜️⚜️⚜️⚜️⚜️⚜️⚜️⚜️⚜️

පිංවන්ත ඔබටත් ඔබගෙ පවුලේ සැමටත් පින්බර වෙසක් මංගල්‍යයක් වේවා .....🙏🙏🙏
සෑමදෙනාටම යහපතක්ම වේවා....🌷🌷🌷
සියලු සත්වයෝ සුවපත් වේවා .....🌷🌷🌷

Photos from Old Palians Hockey Association's post 22/05/2024

සුබ උපන්දිනයක් වේවා පහන්දි දුවට. ඔයාගෙ ඉදිරි ගමන සාර්ථක වේවා කියලා අපි සුබපතනවා...❤️❤️💪✨️👍🎊️🎂🎂🎊️
2024. 05. 16

Photos from Old Palians Hockey Association's post 22/05/2024

16 පහල නායිකා හා උපනායිකා වන චේතසී ක්‍රීඩිකාව සහ යෙනුලි ක්‍රීඩිකාව විසින් ඔවුන්ගේ නායකත්වය ලැබීමේ සතුට නිමිත්තෙන් සියලු හොකී ක්‍රීඩක ක්‍රීඩිකාවන් සදහා සංග්‍රහයක් සූදානම් කර තිබිනි. ඔවුන්ගේ අනාගතය සුභ වේවායි අප පතමු.

2024. 05. 09

Photos from Old Palians Hockey Association's post 07/05/2024

වසර දෙකක ධර්මපාලයීය පාසල් හොකී ගමනේ සැමරුම විද්‍යාලයීය හොකී ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසින් ඉතා අලංකාරව සරලව සමරන ලදී.. ❤️🏑🎊️🎉️💪 මෙම සැමරුම හොකී නායකත්ව සංසදය මගින් සංවිධානය කරන ලදී..

ආදරනීය දුවේ පුතේ ඔබගේ ක්‍රීඩාවේ ඉදිරිය රනින් බබලවන්නට හැකිවේවායි අපගේ ප්‍රාර්ථනය හා ශක්තිය සමගින් ඔබ සියලු දෙනාට හදපිරි සුභපැතුම්.....🎉️🎉️🎊️🎊️💪💪❤️🏑

සුභ සංවත්සරයක් වේවා ධර්මපාලයීය හොකී ක්‍රීඩාවට...❤️‍🔥❤️‍🔥🏑🏑

Photos from Old Palians Hockey Association's post 27/04/2024

ධර්මපාලයීය හොකී ක්‍රීඩිකාවන් 2024 අප්‍රේල් මස 27වන දින පානදුර බාලිකා විදුහල් පිටියේදී පැවති පානදුර බාලිකා විද්‍යාලයීය හොකී සංසදයෙන් සංවිධානය කරනු ලැබූ 20න් පහල "බාලිකා හොකී සැනකෙලියට" සහභාගී විය. එහිදී සමස්ත ජයග්‍රහනයක් නොලැබුවද "සුබෝධිනී වැලිකල ක්‍රීඩිකාව" හා "යෙනුලි මින්හාරා ක්‍රීඩිකාව" තරගයේ වීරයා(Player of The Match) ලෙස කුසලාන ලබාගන්නා ලදී. එම ක්‍රීඩිකාවන්ට අපගේ උනුසුම් සුභපැතුම්.... 👏👏💪💪💪🏑🏑🏑🥇

Photos from Old Palians Hockey Association's post 24/04/2024

Palians Hockey Talent Show 2024 තරග ජයග්‍රාහකයින්..

⭕සංගීත අංශය

1 වන ස්ථානය - යෙතුලි (14 පහල කන්ඩායම )
2 වන ස්ථානය - කාවින්දි (16 පහල කන්ඩායම )

⭕නර්තන අංශය

1 වන ස්ථානය - චෙතුමි (16 පහල කන්ඩායම )
2 වන ස්ථානය - ලෙසාදි (16 පහල කන්ඩායම )

⭕ක්ශනික නිරූපණ

1 වන ස්ථානය - සෙනූල් (16 පහල කන්ඩායම )
2 වන ස්ථානය - සවිනු (16 පහල කන්ඩායම )

⭕3D හොකී නිරූපනය

1 වන ස්ථානය - චෙනුක (14 පහල කන්ඩායම )
2 වන ස්ථානය - සහිරු (16 පහල කන්ඩායම )

⭕තොප්පි මාරු කිරීම

1 වන ස්ථානය - චේතනී (14 පහල කන්ඩායම )
2 වන ස්ථානය - ඔසදි (14 පහල කන්ඩායම )

⭕බෝතලයට වතුර පිරවීම

1 වන ස්ථානය - චාරුක, නෙතුන් (16 පහල කන්ඩායම )

⭕ආවේනික දක්ශතා

1 වන ස්ථානය - තෙනුලි (14 පහල කන්ඩායම )
2 වන ස්ථානය - දනුද (14 පහල කන්ඩායම )

⭕තත්පර 30 ට Push ups

1 වන ස්ථානය - අනුජ (16 පහල කන්ඩායම )
2 වන ස්ථානය - මෙතුක (18 පහල කන්ඩායම )

⭕තනිකකුලෙන් කොට්ටපොර

පිරිමි ශූරතාවය - සවිනු (16 පහල කන්ඩායම)

කාන්තා ශූරතාවය - චේතසී (16 පහල කන්ඩායම)

Photos from Old Palians Hockey Association's post 23/04/2024

Palians Hockey Talent Show 2024 දරුවන්ගේ දක්ශතා එලි දැක්වීම..

ක්‍රීඩා පිටිය අද කාලා කෙතක් වෙලා.. නැටුම්, ගැයුම්, වැයුම්, නිවේදන. දක්ශයින් අතර අති දක්ශයින්ගේ ක්‍රීඩකත්වය අතරින් නොපෙනෙන කලා හැකියාව හා වෙනත් දක්ශතා තරග අංශ 10ක් යටතේ රැසක් හදුනාගැනීමට හැකි විය. සියලුම හොකී දරුවන්ට ජයෙන් ජයම වේවායි ප්‍රාර්ථනා කරනවා.

Photos from Old Palians Hockey Association's post 23/04/2024

"ක්‍රීඩාව හා කලාව මුසුවුනු දක්ශයින් අතර අති දක්ශයින් සොයන PALIANS TALENT SHOW 2024"💪👏👏🎉️🎊️❤️🏑🏑

බක්මහ වසන්තය සමරනු වස් හොකී නායකත්ව සංසදය විසින් ප්‍රථම වරට සංවිධානය කරනු ලැබූ කොකී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ප්‍රාසාංගිකත්වය වර්ධනය කිරීමේ වැඩසටහන PALIANS TALENT SHOW 2024 නමින් 2024 අප්‍ර්‍ර්ල් 22 දින හොකී නායකත්ව සංසදය, හොකී දෙමාපිය සංසදය හා ආදි ධර්මපාලයීය හොකී සංගමය හා සියලු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වයෙන් ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවතින. 👏👏👏

මෙහි විශේෂත්වය වනුයේ සියලු සංවිධාන කටයුතු හා අදහස් හොකී නායකත්ව සංසදයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසින් සිදු කිරීමයි. එහි සමාභක උත්සවයේ අවස්තා කිහිපයක් පහත දැක්වේ.❤️‍🔥

21/04/2024

"2 වන මහා සභා රැස්වීම සහ නිලවරණය - 2024"

- ආදි ධර්මපාල විද්‍යාලීය හොකී සංගමයේ අභීනව නව විධායක සභාව -

🔸 ගරු සභාපති - අයේෂ්මන්ත ලහිරු

🔸 ගරු ප්‍රධාන ලේකම් - රුචිර නාගොඩ

🔸 ගරු භාන්ඩාගාරික - ඉසුරු දේමින්ද

🔸 උප සභාපති වරුන් -

1. අසේල චාමර
2. තමාලි මායාදුන්න

🔸 උප ලේකම් වරුන්

1. මදුශි උපේක්ෂා
2. බිශාන් එරන්ද

🔸 උප භාන්ඩාගාරික - චමිදු නුවන්

🔸 ප්‍රධාන වයාපෘති සංවිධායක -

උදාර රණසිංහ

🔸 උප වයාපෘති සංවිධායක-

1. දිලීප තීක්ශන
2. ලක්නා හන්සනී

🔸 කාරක සභිකවරුන්

1. සම්පත් චතුරංග

2. චාමර ප්‍රසන්න

3. සුබෝධ ගබඩාගේ

4. කේශාන් කැකිරිදෙනිය

5. ඔමේශා අශාන්ති

6. රන්දිම විදූශ

7. ආදිත්‍ය ධනංජය

8. රිවිමාල් අමරසිංහ

තේරී පත්වූ නව විධායක සභා නිලධාරීන් සියලුම දෙනාට උනුසුම් සුභපැතුම්....💪💪👏👏👏👏👏👏🥇🥇🏑🏑🏑🏑

Photos from Old Palians Hockey Association's post 21/04/2024

"මහා සභා රැස්වීම සහ නිලවරණය - 2024"

ආදී ධර්මපාලිය හොකී සංගමයේ 2 වන මහ සභා රැස්වීම අති සාර්ථක ලෙස විද්‍යාලීය ආදී හොකී ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගේ සහභාගිත්වයෙන් දම්පල් ආදී ශිෂ්‍ය ශ්‍රවනාගාරයේදී අදි ධර්මපාලීය මවු සංගමයේ ගරු ප්‍රධාන ලේකම්තුමන් ආසිරි ද සොයිසා මහතාගේ ප්‍රධානත්වයෙන් 2024 අප්‍රේල් මස 21 වන ඉරුදින පැවතින.

එහිදී 2024/2026 පරිපාලන වර්ශයන් සදහා නව නිලධාරී මණ්ඩලයක් පත්විය.

පාසලට හා හොකී ක්‍රීඩාවට ඇති කැමැත්ත, ආදරය වෙනුවෙන් මේ සදහා පැමිණ වැඩකටයුතු සාර්ථක කරගැනීමට සහයෝගය දැක්වූ සියලුම සාමාජිකයින්ටත්, විදේශගතව සිට අපහා සම්බන්ධ වූ ආදි හොකී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ටත් සහ සහභාගීවීමට නොහැකිව අප හා ZOOM තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වූ සියලුම ආදි හොකී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ටත් අපගේ ගෞරවනීය ස්තූතිය පුදකර සිටිමු.

අප පාසලේ හොකී ක්‍රීඩාව රනින් බබලන්න ශක්තිය වාසනාව නොඅඩුව ලැබේවා පතමින් අප වෙනුවෙන් දායක වූ සියලු දෙනාටද මෙයින් අපගේ හදපිරි ස්තූතිය පුදකර සිටිමු.

15/04/2024

ආදි හොකී ක්‍රීඩක ක්‍රීඩිකාවන් සියලු දෙනාට ආරාධනා.....🙏❤️💪🥇🏑🏑

අප්‍රේල් 21 ඉරිදා සවස 1.30ට ආදි ශිෂ්‍ය සංගමයේ රැස්වීම් ශාලාවේදී හමුවෙමු..

13/04/2024

ඔබ සැමට කිරියෙන් පැනියෙන් සෞභාග්‍යය ඉතිරෙන සුබ අලුත් අවුරුද්දක් වේවා...

Photos from Old Palians Hockey Association's post 29/03/2024

2024 නිවාසාන්තර හොකී ශූරතාවය 2024/03/28 වන දින පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයීය ක්‍රීඩා පිටියේදී සාර්ථකව නිමාවිය. මෙහිදී වයස් කාන්ඩ 2ක් යටතේ බලක/ බාලිකා අංශ දෙකෙන්ම ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරග වැදුනු අතර මෙහි ශූරතා සටහන මෙසේය.

14 පහල (බාලක)

⭕ ශූරතාවය - නන්ද නිවාසය
⭕ අනු ශූරතාවය - ශාක්‍ය නිවාසය
⭕ 3 වන ස්ථානය - මෞර්ය නිවාසය

14 පහල (බාලිකා)

⭕ ශූරතාවය - සූර්ය නිවාසය
⭕ අනු ශූරතාවය - නන්ද නිවාසය
⭕ 3 වන ස්ථානය - ශාක්‍ය නිවාසය

18 පහල (බාලක)

⭕ ශූරතාවය - ශාක්‍ය නිවාසය
⭕ අනු ශූරතාවය - සූර්ය නිවාසය
⭕ 3 වන ස්ථානය - නන්ද නිවාසය

18 පහල (බාලිකා)

⭕ ශූරතාවය - මෞර්ය නිවාසය
⭕ අනු ශූරතාවය - නන්ද නිවාසය
⭕ 3 වන ස්ථානය - සූර්ය නිවාසය

මෙම තරගාවලිය සාර්ථක කරගැනීමට සහයෝගය ලබාදුන් සැමට අපගේ හදපිරි ස්තූතිය.

25/03/2024

💜️"ඔබේ දස්කමට අපෙන් දිරියක්"💜️🏑🏑💪

විද්‍යාලයීය හොකී දරුවන්ගේ දක්ශතාවන්ට දිරියක් වීම සදහා ආරම්භ කරන ලද ආදි ධර්මපාලයීය හොකී සංගමයේ සත්කාරක ව්‍යාපෘතියක් වන "ඕබේ දස්කමට අපෙන් දිරියක්" වැඩසටහනට යටතේ 2024/ 03/ 25 වන දින ආදි හොකී ක්‍රීඩක ඉසුරු දේමින්ද මහතා හා ආදි ධර්මපාලයීය හොකී ක්‍රීඩිකා මදුශි උපේක්ෂා මහත්මිය විසින් තම පුද්ගලික ධනයෙන් පරිත්‍යාග කරනු ලැබු උසස් මට්ටමේ හොකී පිති කිහිපයක් අද දින එම උපකරන මිලදීගැනීමට අපහසු ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත ක්‍රීඩා කිරීම සදහා ලබාදෙන ලදී..🎊️👍💪🏑👏👏

මෙම පරිත්‍යාගය ලබාදුන් ඔබ දෙදෙනාට අපගේ හදපිරි ප්‍රනාමය.... 🙏👍

Photos from Old Palians Hockey Association's post 23/03/2024

සුබ උපන්දිනයක් වේවා සෙහාන්සා දුවට. ඔයාගෙ ඉදිරි ගමන සාර්ථක වේවා කියලා අපි සුබපතනවා...❤️❤️💪✨️👍🎊️🎂🎂🎊️
2024. 03. 18

13/03/2024

Congratulations Madam 👏👏👏👏👏💪❤️

Join us in celebrating the remarkable achievement of our school Principal Madam Ms. Maheshika Rupasinghe, now elected as the esteemed President of the Sri Lanka Schools' Chess Association! Her dedication and leadership shine brightly, inspiring us all. Congratulations! 🏆

23/02/2024

Congratulations 🎊️🎊️🎉️🎉️🎉️❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️❤️💪💪💪💪

We're proud of our Palians!!!
Sumathi Award winners of 2024

Nadika Asanga Weligodapola Gevin Abhishek
Chinthaka Dilanga Gamlath

Photos from Old Palians Hockey Association's post 23/02/2024

සුබ උපන්දිනයක් වේවා තියුම් පුතාට. ඔයාගෙ ඉදිරි ගමන සාර්ථක වේවා කියලා අපි සුබපතනවා...❤️❤️💪✨️👍🎊️🎂🎂🎊️
2024. 02. 18

Photos from Old Palians Hockey Association's post 18/02/2024

අප විද්‍යාලයීය හොකී ක්‍රීඩිකාවක් තරගකාරී කොලඹ දිස්ත්‍රික් හොකී කන්ඩායමට තේරී පත්වේ.💪👏👏💪🏑🏑❤️❤️‍🔥👏💪

පසුගිය 14, 15,16,17 යන දිනයන්හීදී කොළඹ ශාලිකා ක්‍රීඩාංගණයේදී පැවති වයස අවුරුදු 21න් පහල 3 වන ජාතික කණිෂ්ඨ කාන්තා හොකී ශූරතා තරඟාවලියේ(Junior National Hockey Championship) ලෝකඩ පදක්කම් ලාභී කන්ඩායම වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට තරගකාරීම කන්ඩායම වන "කොලඹ දිස්ත්‍රික් කන්ඩායමට" තේරීම් තරග අතරින් තේරී පත්වීමට අප විද්‍යාලයීය 16පහල හොකී ක්‍රීඩිකා "සුබෝදනී කාවින්ද්‍යා වැලිකල" ක්‍රීඩිකාව සමත් විය. විද්‍යාලයීය වසර 20 ක පමන හොකී ඉතිහාසයේ කාන්තා ක්‍රීඩිකාවක් කොලඹ දිස්ත්‍රික් කන්ඩායම නියෝජනය කල ප්‍රථම අවස්ථාව මෙයයි.

අප විද්‍යාලයීය ක්‍රීර්ති නාමය ඉහලට ඔසවමින් දම්පල් මවුන්ගේ දරුවෙකු ලෙස "සුබෝදනී කාවින්ද්‍යා වැලිකල" ක්‍රීඩිකාව ඔබගේ මෙම ජයග්‍රහනයට ආදි ධර්මපාලයීය හොකී සංගමයේ හා සියලුම ආදි හොකී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ හදපිරි සුභපැතුම් හා ආදරය.. 👏👏👏👏👏 👏💪💪💪💪🏑🏑🏑🏑❤️‍🔥❤️❤️❤️❤️‍🔥

Photos from Old Palians Hockey Association's post 09/01/2024

සුබ උපන්දිනයක් වේවා චෙනුක පුතාට. ඔයාගෙ ඉදිරි ගමන සාර්ථක වේවා කියලා අපි සුබපතනවා...❤️❤️💪✨️👍🎊️🎂🎂🎊️
2024. 01. 08

Photos from Old Palians Hockey Association's post 06/01/2024

සුබ උපන්දිනයක් වේවා මහේශ පුතාට. ඔයාගෙ ඉදිරි ගමන සාර්ථක වේවා කියලා අපි සුබපතනවා...❤️❤️💪✨️👍🎊️🎂🎂🎊️
2024. 01. 04

Photos from Old Palians Hockey Association's post 01/01/2024

ලැබුවාවු 2024 නව වසර කිරියෙන් පැනියෙන් හොකියෙන් ඉතිරෙන්න කියලා, අධ්‍යාපන කටයුතු සාර්ථක වෙන්න කියලා ඔන්න අපේ හොකී පොඩිත්තො එකතුවෙලා ජනවාරි 01 වෙනිදා පලමුව පාසලේ මුල් අසුන අප ගරු විදුහල්පතිතුමිය මහේශිකා රූපසිංහ මැතිනියගේ දෑතින් කිරි උතුරවා, පොල්තෙල් පහනෙන් ආලෝකමත් කොට තම ජයග්‍රාහී මාවත මෙම වසරේදී රනින් බබලවන්නට හොද ශක්තිමත් ආරම්භයක් ලබා ගත්තා.

මෙම අවස්තාවට සපැමිනි අප ගරු විදුහල්පතිතුමියට හා පාසලේ ක්‍රීඩා භාර ආචාර්යතුමන්ට, ලලිත් දෙහිගහවත්ත ගුරු පියානන්ට, ආදි ශිෂ්‍ය සංගමයේ උප සභාපතිතුමන්ට, විතාන මහතාට අපගේ හදපිරි ප්‍රනාමය හා ස්තූතිය.. 🙏🙏🙏❤️

හැමදාම වගේ හොකී ක්‍රීඩාවේ දියුනුවට ශක්තියක් වෙන අප ශක්තිමත් දෙමාපිය සංගමයට අපගේ හදපිරි ප්‍රනාමය හා ස්තූතිය.

ලැබුවාවු මේ නව වසර ඔබ අප සැමට කිරියෙන් පැනියෙන් උතුරන, රනින් බබළන සුභ නව වසරක් වේවා...🙏❤️

31/12/2023

ලැබුවාවූ 2024 නව වසර සැමට සාමය සතුට සපිරි කිරියෙන් පැනියෙන් ඉතිරෙන සුභම සුභ නව වසරක් වේවා...🙏🙏❤️🏑

Photos from Old Palians Hockey Association's post 26/12/2023

ශ්‍රී ලංකාවෙම හොකී ගුරු.. ධර්මපාල විද්‍යාලයීය හොකී ක්‍රීඩාවේ ආරම්භක පුහුණුකරු, ආදි ධර්මපාලයීයන්ගේ මුල් ගුරු. අපගේ හොකී ගමන සැකසූ අපේ ගුරුන්ගෙත් ගුරු ජේ. ඒ. එන් පෙරේරා ගුරුපියානන්ගේ පහස ධර්මපාලයීය නව හොකී පරපුරටද මොහොතකට හෝ ලැබීම අප ලද භාග්‍යකි.. ජේ. ඒ. එන් පෙරේරා ගුරු පියානනි ඔබට සදා ජය..🙏🙏🙏🙏🙏❣️❤️

26/12/2023

𝐂𝐎𝐍𝐆𝐑𝐀𝐓𝐔𝐋𝐀𝐓𝚰𝐎𝐍𝐒!

"Cheers to Dharmapala Vidyalaya Pannipitiya U14 Boys Hockey Team for clinching the runner-up spot in the All Island School Hockey Tournament 2023 in Kandy! Congratulations on a remarkable achievement! "

26/12/2023

𝐂𝐎𝐍𝐆𝐑𝐀𝐓𝐔𝐋𝐀𝐓𝚰𝐎𝐍𝐒!

"A triumphant achievement by Palians U14 Girls Hockey Team, securing 2nd runner-up at the All Island School Hockey Tournament 2023 in Kandy! Congratulations on an outstanding performance!"

25/12/2023

ලෝකවාසීන් සියලුම දෙනාට සාමය සතුට සපිරුනු සුභ නත්තලක් වේවා.. 🎊️🎊️❤️🏑🍭

22/12/2023

CONGRATULATIONS GIRLS..🏑🏑❤️ 🥉🥉

සමස්ත ලංකා පාසල් වයස අවුරුදු 14 පහල හොකී තරගාවලිය දෙසැම්බර් මස 19, 20, 21 දිනයන්හීදී පෙරාදෙනිය විශ්වවිද්‍යාලයීය ක්‍රීඩාංගනයේදී හා මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලයීය ක්‍රීඩාංගනයේදී ඉතා සාර්ථක පැවතුනි. මෙහිදී පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයීය හොකී බාලිකා කණ්ඩායම ඉතා උද්‍යෝගකාරී ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කරමින් ලෝකඩ පදක්කම් ශූරයන් බවට පත්විය.

එම තරගාවලිය සාර්ථකව නිමාකල දරුවන්ට, දෙමාපියන්ට, ගුරුවරුන්ට හා ප්‍රධාන පුහුණුකාරතුමන්ට හා සහය පුහුණු කාරතුමන්ට අපගේ හදපිරි සුබපැතුම් හා ආදර ස්තූතිය .👏👏👏💪

එමෙන්ම මේ සදහා අපව දිරිගන්වන නිබදවම සහය වන අප ගරු විදුහල්පතිතුමියට හා ක්‍රීඩා අංශයට අපගේ ප්‍රනාමය....🙏🙏👏👏👏

22/12/2023

CONGRATULATIONS BOYS..🏑🏑❤️🥈🥈

සමස්ත ලංකා පාසල් වයස අවුරුදු 14 පහල හොකී තරගාවලිය දෙසැම්බර් මස 19, 20, 21 දිනයන්හීදී පෙරාදෙනිය විශ්වවිද්‍යාලයීය ක්‍රීඩාංගනයේදී හා මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලයීය ක්‍රීඩාංගනයේදී ඉතා සාර්ථක පැවතුනි. මෙහිදී පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයීය හොකී බාලක කණ්ඩායම ඉතා උද්‍යෝගකාරී ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කරමින් රිදී පදක්කම් ශූරයන් බවට පත්විය.

එම තරගාවලිය සාර්ථකව නිමාකල දරුවන්ට, දෙමාපියන්ට, ගුරුවරුන්ට හා ප්‍රධාන පුහුණුකාරතුමන්ට හා සහය පුහුණු කරතුමන්ට අපගේ හදපිරි සුබපැතුම් හා ආදර ස්තූතිය .👏👏👏💪

එමෙන්ම මේ සදහා අපව දිරිගන්වන නිබදවම සහය වන අප ගරු විදුහල්පතිතුමියට හා ක්‍රීඩා අංශයට අපගේ ප්‍රනාමය....🙏🙏👏👏👏

Want your public figure to be the top-listed Public Figure in Pannipitiya?
Click here to claim your Sponsored Listing.

Videos (show all)

No Pain.... No Gain...💪🏑✨️
😎1961 Goal Bully
එදා ක්‍රීඩාවේ ජවය අදටත් විදහා දක්වමින්..ආදි ශිෂ්‍ය ධාවන තරගය...❤️💚💛💙👏👏💪
Sports Meet 2023 sports perad👏👏👏👏🏑❤️💪
නව අත්දැකීම සමගින් එකතු වෙන්න...🏑🤩❤️💪💪💪💪🏑🏑🏑🏑🏑#OldPaliansHockeyAssociation #palianshockey #ourunity #proudpalian #Dharmap...
මැයි 1 වෙනිදා කට්ටියම Set වෙමු සමරන්න...❤️💪🏑👍🙏🏑#OldPaliansHockeyAssociation #DharmapalaVidyalayaPannipitiya #ourunity #a...
COMING SOON....💪👍🏑🏑🏑❤️✨️ලගදීම ඇතිවන ඒ පෙරලිය... 🏑🏑💪💪#OldPaliansHockeyAssociation #proudpalian #ourunity #palianshockey #...

Category

Telephone

Website

Address


Dharmapala Vidyalaya
Pannipitiya

Other Athletes in Pannipitiya (show all)
Shenuki Dishalya Shenuki Dishalya
Pannipitiya

Miss Teen Tourism Universe 👑 International/National champion🏋️ 🤍Powerlifter|Gymnast 𝑴𝒂𝒏𝒂𝒈𝒆

Kesara Godage Kesara Godage
Pannipitiya
Pannipitiya

Race Driver and Rider. SLH Honda 1618cc Mx 250cc. Flooring it is way of life 💨