Pahan-Sith Center for Psychological Skills Training
"Pahan Sith" Center for Psychological Skills Training
ඔබගේ පඩියෙනුත් බදු අඩු කරලද?
ඔබත් ආර්ථික අර්බුදයට මුහුණ දෙන්න සූදානම් වන්න.
උදාර දේවමුණී විසිනි
වර්තමාන ශ්‍රීලංකාවේ ආර්ථිකය අතිශය අර්බුදකාරී මෙන්ම තීරණාත්මක අවස්ථාවක පවතින බව අප කාටත් නොරහසක්. එමෙන්ම කවුරු විසින් කුමණාකාරයෙන් මෙම තත්වය නිර්මාණය කලද මෙම අර්බුදයේ කුණාටුවට අප කාහටත් කොයි මොහොතක හෝ මුහුණ දීමට සිදුවන බවත් අප කවුරුත් දන්නා සත්‍යයක්. එනම් ඔබගේ වර්ථමාන ආර්ථික ඇති හැකියාව අනුව මේ මොහොතේ මෙම ආර්ථික අර්බුදය ඔබට සංවේදනය වන ප්‍රමාණය විවිධාකර වුවද නුදුරු අනාගතයේ යම් අවස්ථාවකදී අප සෑම දෙනාම මෙහි පූර්ණ කොටස්කාරයන් වන බවද නොරහසක්.
මෙම අර්බුදය නිර්මාණය කරන ලද කණ් ඩායම් හෝ පුදගලයන්ට සාප කිරීමෙන් හෝ දඬුවම් කිරීමෙන් පමණක් අපට මෙම තත්වයෙන් ගොඩ ඒමට නොහැකි බැවින් අප ඒ සම් බන් ධයෙන් යම් පූර්ව සූදානමක් සහිතව සැලසුම් සහගතව සිටීම සුදුසු බව විද්වත් මතයයි.
එබැවින් ආර්ථික අර්බුදයකදී පුද්ගලික මට්ටමෙන් ක්‍රියාත්මක කල හැකි ප්‍රායෝගික සැලසුම් කිහිපයක් මෙසේ ඉදිරිපත් කරමි.
1. ඔබගේ සැබෑ ආර්ථික ඇති හැකියාව හඳුනාගන්න.
ඔබගේ සැබෑ ආර්ථික ඇති හැකියාව හඳුනාගැනීම තුලින් ඔබට ඔබගේ ඉපැයීම වඩාත් ඵලදායී ලෙස හසුරවා ගත හැකි වනු ඇත. මේ තුලින් ඔබට තම ඉපයීම් වලට වඩා වියදම් කිරීම මගින් ඇති විය හැකි ණය බරද සීමා කර ගත හැකි වනු ඇත.
තවද ඔබගේ සැබෑ ආර්ථික ඇති හැකියාව හඳුනාගැනීම තුලින් තම මාසික වියහියදම් සැලසුම් කර ගැනීමද පහසු වනු ඇත.
තම මාසික වියහියදම් සැලසුම් කර ගැනීමේදී විශේෂයෙන්ම ආර්ථික අර්බුදකාරී අවස්ථාවකදී භාවිතා කල හැකි සැලසුම් ක්‍රමවේදයක්ද ඉදිරිපත් කරමි.
මෙම ක්‍රමවේදය හඳුන්වනු ලබන්නේ 50/30/20 සැලසුම් ක්‍රමවේදය ලෙසින්. එනම් තම ඉපැයීම් 50%, 30% සහ 20% ලෙස වෙන් කිරීමයි.
50% - ගෙවිය යුතුම වියදම්
එනම් තම නිවාස/කාමර කුලිය/ඒ වෙනුවෙන් බැංකුවට ගෙවන මුදල්, ප්‍රධාන ආහාරපාන සඳහා බඩු භාණ් ඩ ගැනීම සඳහා අවශ්‍ය මුදල්, මාසික බිල් පත් ගෙවීම සඳහා අවශ්‍ය මුදල් සහ රක්‍ෂණ වාරික සඳහා ගෙවන මුදල් වැනි දෑ
30% - තම කැමත්ත අනුව කරන වියදම්
ප්‍රධාන ආහාර පාන නොවන ආහාර පාන සඳහා අවශ්‍ය මුදල් සහ ඇඳුම් පැලඳුම් සඳහා අවශ්‍ය මුදල් වැනි තම කැමත්ත අනුව කරන වියදම් සඳහා අවශ්‍ය මුදල්
20% - ඉතුරුම්
2. ඔබට කපා දැමිය හැකි වියදම් හඳුනා ගන්න.
පෙර සඳහන් කල 50/30/20 ක්‍රමවේදයේ 30% කොටසෙන් ඔබට මෙය පහසුවෙන් ඇරඹිය හැකිය. පසු කාලීනව 50% කොටසෙන් ද යම් යම් ප්‍රමාණ අඩු කර ගත හැකිය. පොදුවේ මෙම කපා දැමීම් සුලු ප්‍රමාණ වලින් වුවද එකතු කල විට සැලකිය යුතු ප්‍රමාණයන් ය.
3. ඉතුරුම් වර්ධනය කරන්න.
පෙර සඳහන් කරන ලද කපා දැමිය හැකි වියදම් වලින් ඉතිරි වන මුදල් ඉතුරුම් සඳහා භාවිතා කල හැකි නම් එය ඉතා කාලෝචිත වනු ඇත. ඒ ඇයිද යත් ආර්ථික අර්බුදයකදී සිදුවිය හැකි බඩු මිල විටින් විට ඉහල යාමකදී ඔබගේ ඉතුරුම් ඔබට යම් සහනයක් ගෙන දිය හැකි බැවිනි.
මෙම ඉතුරුම්ද ආරම් භයේදී කුඩා ප්‍රමාණවලින් සිදු කලද අවසානයේදී එකතුව විශාල ප්‍රමාණයක් විය හැකිය.
4. අනවශ්‍ය දෑ විකුණා දමන්න.
ඔබගේ නිවස පිරික්සූ විට භාවිතයට නොගන්නා ඒත් හොඳ තත්වයේ විකිණිය හැකි බඩු භාණ් ඩ රාශියක් සොයා ගැනීමට හැකි වනු ඇත. තවත් සමහර දෑ අමුද්‍රව්‍ය ලෙසද විකිණිය හැකිය. (යකඩ සහ වීදුරු වැනි)
මේවා මුදල් කර ගැනීමෙන් ඔබගේ ඉතුරුම් වැඩි කර ගැනීමට හෝ බඩු භාණ් ඩ වල මිල ගණන් වැඩි වීමේදී එම පරතරය පියවා ගැනීමට හෝ ඔබට උපකාරී වනු ඇත.
5. හැකිතාක් ණය පියවා දමන්න.
ඔබගේ වර්ථමාන ආර්ථික ඇති හැකියාව අනුව තම ණය තමාට හැකි ආකාරයකින් යම් පමණකට ගෙවා දැමිය හැකි නම් කාලෝචිත වනු ඇත.
විශේෂයෙන්ම මෙහිදී අධික පොලී අනුපාත ඇති ක්‍රෙඩිට් කාඩ් වැනි දෑ පලමුව ගෙවා දැමීම සඳහා තෝරා ගන්න. අඩු පොලී අනුපාත ඇති ණය අවසානයේ ගෙවා දැමීමට තෝරා ගන්න. මෙමගින් ඔබ විසින් අධික පොලී ගෙවීම් පාලනය වනු ඇත.
ඒ අතරම ආර්ථික අර්බුදයකදී සිදු විය හැකි තවත් සංසිද්ධීන් වන රැකියා අහිමි වීමක් හෝ වේතනය අඩු වීමක් සිදු වුවහොත් ණය බර අඩු වී තිබීම එම තත්වයට මුහුණ දීමට ඔබට පහසුවක් වනු ඇත.
6. සහන සලසන වැඩසටහන් පිළිබඳ දැනුවත් වන්න
ආර්ථික අර්බුදයත් සමග විවිධ මූල්‍යායතන සහ බැංකු තම සේවාදායකයන් ගේ ලෝන් වාරික, ලීසිං වාරික සහ ක්‍රෙඩිට් කාඩ් වාරික ගෙවීම සඳහා යම් යම් සහන කාල හඳුන්වා දිය හැකිය. නැත්නම් එම ආයතන සමග සුහදව සාකච්ඡා කල හැකිය. ඒ පිලිබඳව දැනුවත් වන්න. එම සහන ලබා ගන්න.
7. මූල්‍ය ක්‍ෂේත්‍රයේ සිදු විය හැකි හදිසි වෙනස්වීම් වලදී කලබල නොවන්න. දැනුවත් වන්න.
ආර්ථික අර්බුදය ඍජුවම බලපෑ හැකි ක්‍ෂේත්‍රය වන්නේ මූල්‍ය ක්‍ෂේත්‍රයයි. එබැවින් බැංකු පද්ධතියේ හෝ කොටස් වෙලඳ පොලේ යම් යම් හදිසි උච්චාවචනයන් මෙම ආර්ථික අර්බුදය සමග සිදුවිය හැකිය. එම අවස්ථාවන්වලදී එක් වරම බැංකු වලින් මුදල් ලබා ගැනීම තුලින් හෝ කොටස් වෙලඳපොලෙන් තම කොටස් එක් වරම විකිණීම මගින් ඔබට අධික අලාභ සිදු විය හැකි අතරම බැංකු පද්ධතියේ යම් යම් ගැටලුකාරී තත්වයන් ද මතු විය හැකිය. එබැවින් ඒ පිලිබඳව දැනුවත් වන්න. එම ක්‍ෂේත්‍රයේ දැනුවත් පුද්ගලයින් සමග සාක්ච්ඡා කරන්න. බුද්ධිමත්ව කටයුතු කරන්න.
8. ඔබගේ අධ්‍යාපන තත්වය සහ නිපුණතා වර්ධනය කර ගන්න.
යම් හෙයකින් ඔබගේ රැකියා අහිමි වීමක්, වේතනයේ අඩු වීමක් හෝ ව්‍යාපාර කටයුතු බිඳ වැටීමක් සිදු වුවහොත් තම ආදායම් තත්වය පවත්වා ගැනීම සඳහා ඔබ සතුව විකල්ප සැලසුම් තිබීම වැදගත් ය.
ඉතුරුම් වැඩි කර ගැනීම හෝ තම ණය පියවා දැමීම වැනි දෑ හැම දෙනාටම එක ලෙස කල නොහැකි වුවද තම අධ්‍යාපන තත්වය සහ නිපුණතා වර්ධනය කර ගැනීම ඕනෑම අයෙකුට කර ගත හැකිය.
ඒ සඳහා අන්තර්ජාලයේ නොමිලේ පවත්වන වැඩසටහන් රාශියක් තිබේ. ඒ පිලිබඳව දැනුවන් වන්න, යාවත්කාලීන වන්න, සොයා බලන්න.
අන්තර්ජාලය සහ පොත පත ඇසුරිනි.
ඔබත් සාර්ථක සවන්දෙන්නෙක්ද?
උදාර දේවමුණී විසිනි
පසුගිය දින කිහිපයේදී සමාජ මාධ්‍ය තුල දැඩි අවධානයට ලක් වූ සිද්ධියක් වූයේ යම් පුද්ගලික ආයතනයක ආන්දෝලනාත්මක ආයතනික හේතුවක් මුල් කොට ගෙන සිය දිවි නසා ගැනීමක් සිදුකරගත් තරණයෙකුගේ කතා පුවතයි. ඒත් සමගම කථිකාවට බදුන් වූයේ පෙර කී තරුණයාගේ සිය දිවි නසා ගැනීමට හේතු වූ ගැටළුවට සවන්දීමට කවුරුන් හෝ සිටියානම් මෙම තරුණ ජීවිතය බේරා ගැනීමට යම් ඉඩ කඩක් තිබූ බවයි. තවද යම් පුද්ගලයෙකුට හෝ ගැටළුවකට සවන්දීමේ වටිනාකම මෙන්ම ඉන් ලැබිය හැකි සුබදායී ප්‍රතිඵල පිලිබදවද මෙහිදී කතා බහට ලක් විය.
ඇත්තෙන්ම සවන්දීම යනු කුමක්ද?
මෙහිදී මුලින්ම අවධාරනය කලයුතු කාරනාව වන්නේ ඇසීම (Hearing) සහ සවන්දීම (Listening) යනු එකක් නොව දෙකක් බවයි. එනම් ඇසීම යනු යම් ශබ්ද හදුනා ගැනීමකට පමනක් සීමා වන අතර සවන්දීම යනු හදුනා ගන්නා ලද යම් ශබ්දයක් තුල වූ අරුතද අවබෝධ කර ගැනීමයි.
තවද මෙම සවන්දීමද ආකාර දෙකකින් සිදු කල හැකිය.
1. අක්‍රීය සවන්දීම (Passive Listening)
2. සක්‍රීය සවන්දීම (Active Listening)
මෙම අක්‍රීය සවන්දීම යනු පෙර කී ඇසීමට වඩා යම් සුළු පරිමාවකින් පමණක් වෙනස් වන අතර එය යම් උවමනාවකින් ඇසීම ලෙස නිර්වචනය කල හැකිය. උදාහරණ ලෙස සංගීතයකට සවන්දීමේදී, යම් කතන්දරයක් ඇසීමේදී, රූපවාහිනිය නැරඹීමේදී සහ යම් කෙනෙක් අපට ආචාරශීලීව කතා කරන අවස්ථාවකදී අප භාවිතා කරන්නේ මෙම අක්‍රීය සවන් දීමයි.
සාමාන්‍ය පුද්ගලයෙකුට මිනිත්තුවකට වචන 100 - 175 අතර ප්‍රමානයක් කථාකල හැකි අතර මිනිත්තුවකට වචන 600 - 800 අතර ප්‍රමාණයකට සවන්දිය හැකිය. නමුත් පූර්ණ අවධානයකින් තොරව වෙනත් කරුනක් ගැන සිතමින් සවන් දීමේදී සවන්දිය හැකි වචන ප්‍රමාණය ඉතා සුළු ප්‍රමාණයකට පමණක් සීමා වේ.
එහෙත් සක්‍රීය සවන්දීමක් යනු යම් අභිමතාර්ථයක් හෝ අවශ්‍යතාවයක් සහිතව අවධානයකින් සවන්දීමයි. උදාහරන ලෙස යම් තොරතුරක් දැනගැනීමේදී, පාරක් හෝ ස්ථානයකට යන මගක් අසා ගැනීමේදී, යම් පුද්ගලයෙකු හෝ යම් පුද්ගලයෙකුගේ හැගීම් තේරුම් ගැනීමට අවශ්‍ය වූ විටෙකදී, ගැටළුවක් නිරාකරනය කර ගැනීමට අවශ්‍ය විටෙකදී, තවත් අයෙකු හා තම රුචි අරුචි කම් හුවමාරු කර ගැනීමේදී සහ යම් අයෙකුට තම සහය පල කිරීමකදී මෙම සක්‍රීය සවන්දීම භාවිතා කරයි.
සාර්ථක සක්‍රීය සවන්දීමකදී අනෙක් පුද්ගලයා භාවිතා කරන වචන පමනක් නොව එම වචන හා සබැදි හැගීම්ද අවබෝධ කර ගත යුතු වේ. එබැවින් සක්‍රීය සවන්දීමක් සදහා කතා කිරීමකදී වැය කල යුතු ශක්තියට වඩා වැඩි ශක්ති ප්‍රමාණයක් වැය කල යුතු වේ. මෙහිදී අන් පුද්ගලයා විසින් කතා කරනු ලබන විවිධ කරුනු කාරනා වලට සවන් දිය යුතුය, ඒවා තේරුම් ගත යුතුය සහ තමා තේරුම් ගත් කරුනු සහ අපැහැදිලි කරුනු නිවැරදිදැයි අනෙක් පුද්ගලයාගෙන් නැවත අසා පැහැදිලි කර ගත යුතුය.
සාර්ථක සවන්දෙන්නෙකු සතු විය යුතු ප්‍රධාන ගුණාංග
1. කථා කිරීමට වඩා වැඩි කාලයක් සවන්දීම සදහා වැය කල යුතුය
2. අන් පුද්ගලයා විසින් කථා කිරීම සදහා ආරම්හ කරන වාක්‍ය සවන් දෙන්නා විසින් අවසන් නො කල යුතුය
3. අන් පුද්ගලයා විසින් සවන්දෙන්නාගෙන් ප්‍රශ්නයක් ඇසූ විට සවන්දෙන්නා තවත් ප්‍රශ්ණයකින් පිලිතුරු නොදිය යුතුය
4. විවිධ කරුනු කාරනා පිලිබද අප සෑම දෙනාටම විවිධ මත වාද පැවතුනද සාර්ථක සවන්දීමකදී තම පුද්ගලික මත වාද වෙනුවෙන් පෙනී සිටීම හැකි තාක් දුරට පාලනය කල යුතුය
5. අන් පුද්ගලයෙකුට සවන් දීමකදී තමා වෙනත් කරුනු කාරනා ගැන සිතමින් සවන් දීම නොකල යුතුය
6. හැම විටම අන් පුද්ගලයාට කැමති දේ කථා කිරීමය ඉඩ දිය යුතුය. එම කතා බහේ පාලනය සවන්දෙන්නා විසින් නොගත යුතුය
7. සවන්දෙන්නා විසින් අන් පුද්ගලයාගෙන් ඊලගට ඇසිය යුතු ප්‍රශ්ණ හෝ දැක්විය යුතු ප්‍රතිචාර අන් පුද්ගලයා කථා කොට අවසන් වූ පසු තීරණය කල යුතුය. අන් පුද්ගලයා කථා කරන අතර තුරදී සූදානම් නොකල යුතුය
8. කතා බහා අතර තුරදී අන් පුද්ගලයාගෙන් ප්‍රශ්න ඇසීමට අවශ්‍යනම් අන් පුද්ගලයාගේ කථාවට අවහිර නොවන අයුරින් ඉදිරිපත් කල යුතුය
සාර්ථක සවන් දෙන්නෙකු සුපිරි කථිකයෙකුට වඩා ආකර්ශනීය පෞර්ෂයක් පෙන්නුම් කරන බව අවබෝධ කර ගැනීම කාලෝචිතය.
පොත පත සහ අන්තර්ජාලය ඇසුරිනි
කළමනාකරණය යනු නිවැරදිව කටයුතු කිරීම වන අතර නායකත්වය යනු කටයුතු නිවැරදිව කිරීමයි.
- පීටර් ඩ්‍රකර් -
අර්බුදයක් කළමනාකරණය කිරීම යනු එයින් සිදුවිය හැකි හොද සහ නරක තත්ව සංසන්දනය කිරීම නොව, එහි නරක තත්වය තවත් නරක අතට හැරීම වැළැක්වීමයි.
- ඇන්ඩි ගිල්මන් -
මිනිසෙකු සැබවින්ම හදුනාගත හැක්කේ ඔහු සැප පහසුවෙන් සිටින අවස්ථාවන්හිදී නොව, අභියෝග හෝ මතභේදාත්මක අවස්ථාවන්හිදී ඔහු ක්‍රියාකරන ආකාරයෙනි.
- මාර්ටින් ලූතර් කිං -
අර්බුදකාරී අවස්ථාවකදී ඔබගේ බිය ඔබ තුළ පමණක් තබා ගන්න, නමුත් ඔබගේ ධෛර්යය අන් අය සමඟ බෙදා ගන්න.
- රොබට් ලුයිස් ස්ටීවන්සන් -
ඔබට තීරණාත්මක අවස්ථාවකදී කළ හැකි හොඳම දේ නිවැරදි දෙය කිරීමයි, ඊළඟ හොඳම දෙය වැරදි දෙය කිරීමයි සහ එවන් අවස්ථාවක ඔබට කළ හැකි නරකම දෙය කිසිවක් නොකර සිටීමයි.
- තියඩෝර් රූස්වෙල්ට් -
'අර්බුදය' යන වචනය චීන භාෂාවෙන් ලියන විට අක්ෂර දෙකකින් සමන්විත වේ. එක් අක්ෂරයක් අනතුර නියෝජනය කරන අතර අනෙක අවස්ථාව නියෝජනය කරයි.
- ජෝන් එෆ් කෙනඩි -
ඔබ ආර්ථික අර්බුදයට මුහුණ දෙන්න සූදානම්ද?
උදාර දේවමුණී විසිනි
වර්තමාන ශ්‍රීලංකාවේ ආර්ථිකය අතිශය අර්බුදකාරී මෙන්ම තීරණාත්මක අවස්ථාවක පවතින බව අප කාටත් නොරහසක්. එමෙන්ම කවුරු විසින් කුමණාකාරයෙන් මෙම තත්වය නිර්මාණය කලද මෙම අර්බුදයේ කුණාටුවට අප කාහටත් කොයි මොහොතක හෝ මුහුණ දීමට සිදුවන බවත් අප කවුරුත් දන්නා සත්‍යයක්. එනම් ඔබගේ වර්ථමාන ආර්ථික ඇති හැකියාව අනුව මේ මොහොතේ මෙම ආර්ථික අර්බුදය ඔබට සංවේදනය වන ප්‍රමාණය විවිධාකර වුවද නුදුරු අනාගතයේ යම් අවස්ථාවකදී අප සෑම දෙනාම මෙහි පූර්ණ කොටස්කාරයන් වන බවද නොරහසක්.
මෙම අර්බුදය නිර්මාණය කරන ලද කණ් ඩායම් හෝ පුදගලයන්ට සාප කිරීමෙන් හෝ දඬුවම් කිරීමෙන් පමණක් අපට මෙම තත්වයෙන් ගොඩ ඒමට නොහැකි බැවින් අප ඒ සම් බන් ධයෙන් යම් පූර්ව සූදානමක් සහිතව සැලසුම් සහගතව සිටීම සුදුසු බව විද්වත් මතයයි.
එබැවින් ආර්ථික අර්බුදයකදී පුද්ගලික මට්ටමෙන් ක්‍රියාත්මක කල හැකි ප්‍රායෝගික සැලසුම් කිහිපයක් මෙසේ ඉදිරිපත් කරමි.
1. ඔබගේ සැබෑ ආර්ථික ඇති හැකියාව හඳුනාගන්න.
ඔබගේ සැබෑ ආර්ථික ඇති හැකියාව හඳුනාගැනීම තුලින් ඔබට ඔබගේ ඉපැයීම වඩාත් ඵලදායී ලෙස හසුරවා ගත හැකි වනු ඇත. මේ තුලින් ඔබට තම ඉපයීම් වලට වඩා වියදම් කිරීම මගින් ඇති විය හැකි ණය බරද සීමා කර ගත හැකි වනු ඇත.
තවද ඔබගේ සැබෑ ආර්ථික ඇති හැකියාව හඳුනාගැනීම තුලින් තම මාසික වියහියදම් සැලසුම් කර ගැනීමද පහසු වනු ඇත.
තම මාසික වියහියදම් සැලසුම් කර ගැනීමේදී විශේෂයෙන්ම ආර්ථික අර්බුදකාරී අවස්ථාවකදී භාවිතා කල හැකි සැලසුම් ක්‍රමවේදයක්ද ඉදිරිපත් කරමි.
මෙම ක්‍රමවේදය හඳුන්වනු ලබන්නේ 50/30/20 සැලසුම් ක්‍රමවේදය ලෙසින්. එනම් තම ඉපැයීම් 50%, 30% සහ 20% ලෙස වෙන් කිරීමයි.
50% - ගෙවිය යුතුම වියදම්
එනම් තම නිවාස/කාමර කුලිය/ඒ වෙනුවෙන් බැංකුවට ගෙවන මුදල්, ප්‍රධාන ආහාරපාන සඳහා බඩු භාණ් ඩ ගැනීම සඳහා අවශ්‍ය මුදල්, මාසික බිල් පත් ගෙවීම සඳහා අවශ්‍ය මුදල් සහ රක්‍ෂණ වාරික සඳහා ගෙවන මුදල් වැනි දෑ
30% - තම කැමත්ත අනුව කරන වියදම්
ප්‍රධාන ආහාර පාන නොවන ආහාර පාන සඳහා අවශ්‍ය මුදල් සහ ඇඳුම් පැලඳුම් සඳහා අවශ්‍ය මුදල් වැනි තම කැමත්ත අනුව කරන වියදම් සඳහා අවශ්‍ය මුදල්
20% - ඉතුරුම්
2. ඔබට කපා දැමිය හැකි වියදම් හඳුනා ගන්න.
පෙර සඳහන් කල 50/30/20 ක්‍රමවේදයේ 30% කොටසෙන් ඔබට මෙය පහසුවෙන් ඇරඹිය හැකිය. පසු කාලීනව 50% කොටසෙන් ද යම් යම් ප්‍රමාණ අඩු කර ගත හැකිය. පොදුවේ මෙම කපා දැමීම් සුලු ප්‍රමාණ වලින් වුවද එකතු කල විට සැලකිය යුතු ප්‍රමාණයන් ය.
3. ඉතුරුම් වර්ධනය කරන්න.
පෙර සඳහන් කරන ලද කපා දැමිය හැකි වියදම් වලින් ඉතිරි වන මුදල් ඉතුරුම් සඳහා භාවිතා කල හැකි නම් එය ඉතා කාලෝචිත වනු ඇත. ඒ ඇයිද යත් ආර්ථික අර්බුදයකදී සිදුවිය හැකි බඩු මිල විටින් විට ඉහල යාමකදී ඔබගේ ඉතුරුම් ඔබට යම් සහනයක් ගෙන දිය හැකි බැවිනි.
මෙම ඉතුරුම්ද ආරම් භයේදී කුඩා ප්‍රමාණවලින් සිදු කලද අවසානයේදී එකතුව විශාල ප්‍රමාණයක් විය හැකිය.
4. අනවශ්‍ය දෑ විකුණා දමන්න.
ඔබගේ නිවස පිරික්සූ විට භාවිතයට නොගන්නා ඒත් හොඳ තත්වයේ විකිණිය හැකි බඩු භාණ් ඩ රාශියක් සොයා ගැනීමට හැකි වනු ඇත. තවත් සමහර දෑ අමුද්‍රව්‍ය ලෙසද විකිණිය හැකිය. (යකඩ සහ වීදුරු වැනි)
මේවා මුදල් කර ගැනීමෙන් ඔබගේ ඉතුරුම් වැඩි කර ගැනීමට හෝ බඩු භාණ් ඩ වල මිල ගණන් වැඩි වීමේදී එම පරතරය පියවා ගැනීමට හෝ ඔබට උපකාරී වනු ඇත.
5. හැකිතාක් ණය පියවා දමන්න.
ඔබගේ වර්ථමාන ආර්ථික ඇති හැකියාව අනුව තම ණය තමාට හැකි ආකාරයකින් යම් පමණකට ගෙවා දැමිය හැකි නම් කාලෝචිත වනු ඇත.
විශේෂයෙන්ම මෙහිදී අධික පොලී අනුපාත ඇති ක්‍රෙඩිට් කාඩ් වැනි දෑ පලමුව ගෙවා දැමීම සඳහා තෝරා ගන්න. අඩු පොලී අනුපාත ඇති ණය අවසානයේ ගෙවා දැමීමට තෝරා ගන්න. මෙමගින් ඔබ විසින් අධික පොලී ගෙවීම් පාලනය වනු ඇත.
ඒ අතරම ආර්ථික අර්බුදයකදී සිදු විය හැකි තවත් සංසිද්ධීන් වන රැකියා අහිමි වීමක් හෝ වේතනය අඩු වීමක් සිදු වුවහොත් ණය බර අඩු වී තිබීම එම තත්වයට මුහුණ දීමට ඔබට පහසුවක් වනු ඇත.
6. සහන සලසන වැඩසටහන් පිළිබඳ දැනුවත් වන්න
ආර්ථික අර්බුදයත් සමග විවිධ මූල්‍යායතන සහ බැංකු තම සේවාදායකයන් ගේ ලෝන් වාරික, ලීසිං වාරික සහ ක්‍රෙඩිට් කාඩ් වාරික ගෙවීම සඳහා යම් යම් සහන කාල හඳුන්වා දිය හැකිය. නැත්නම් එම ආයතන සමග සුහදව සාකච්ඡා කල හැකිය. ඒ පිලිබඳව දැනුවත් වන්න. එම සහන ලබා ගන්න.
7. මූල්‍ය ක්‍ෂේත්‍රයේ සිදු විය හැකි හදිසි වෙනස්වීම් වලදී කලබල නොවන්න. දැනුවත් වන්න.
ආර්ථික අර්බුදය ඍජුවම බලපෑ හැකි ක්‍ෂේත්‍රය වන්නේ මූල්‍ය ක්‍ෂේත්‍රයයි. එබැවින් බැංකු පද්ධතියේ හෝ කොටස් වෙලඳ පොලේ යම් යම් හදිසි උච්චාවචනයන් මෙම ආර්ථික අර්බුදය සමග සිදුවිය හැකිය. එම අවස්ථාවන්වලදී එක් වරම බැංකු වලින් මුදල් ලබා ගැනීම තුලින් හෝ කොටස් වෙලඳපොලෙන් තම කොටස් එක් වරම විකිණීම මගින් ඔබට අධික අලාභ සිදු විය හැකි අතරම බැංකු පද්ධතියේ යම් යම් ගැටලුකාරී තත්වයන් ද මතු විය හැකිය. එබැවින් ඒ පිලිබඳව දැනුවත් වන්න. එම ක්‍ෂේත්‍රයේ දැනුවත් පුද්ගලයින් සමග සාක්ච්ඡා කරන්න. බුද්ධිමත්ව කටයුතු කරන්න.
8. ඔබගේ අධ්‍යාපන තත්වය සහ නිපුණතා වර්ධනය කර ගන්න.
යම් හෙයකින් ඔබගේ රැකියා අහිමි වීමක්, වේතනයේ අඩු වීමක් හෝ ව්‍යාපාර කටයුතු බිඳ වැටීමක් සිදු වුවහොත් තම ආදායම් තත්වය පවත්වා ගැනීම සඳහා ඔබ සතුව විකල්ප සැලසුම් තිබීම වැදගත් ය.
ඉතුරුම් වැඩි කර ගැනීම හෝ තම ණය පියවා දැමීම වැනි දෑ හැම දෙනාටම එක ලෙස කල නොහැකි වුවද තම අධ්‍යාපන තත්වය සහ නිපුණතා වර්ධනය කර ගැනීම ඕනෑම අයෙකුට කර ගත හැකිය.
ඒ සඳහා අන්තර්ජාලයේ නොමිලේ පවත්වන වැඩසටහන් රාශියක් තිබේ. ඒ පිලිබඳව දැනුවන් වන්න, යාවත්කාලීන වන්න, සොයා බලන්න.
අන්තර්ජාලය සහ පොත පත ඇසුරිනි.
ඔබගේ සබඳතාවය ආදරයක්ද? උමතුවක්ද?
උමතු ආදර අක්‍රමිකතාව (Obsessive Love Disorder) හඳුනාගනිමු
උදාර දේවමුණී විසිනි
උමතු ආදර අක්‍රමිකතාව යනු ඔබ ආදර සබඳතාවයක් පවත්වාගෙන යන අයෙකු කෙරෙහි ඔබ උමතු වන තත්වයකි. එනම් ඔබ ආදර සබඳතාවය පවත්වාගෙන යන පුද්ගලයාව උමතුවෙන් මෙන් අනවශ්‍ය ලෙස ආරක්‍ෂා කිරීමට උත්සාහ කිරීම හෝ අධික ලෙස පාලනය කිරීමට උත්සාහ කිරීම වැනි තත්වයකි.
උමතු ආදර අක්‍රමිකතාව සඳහා වෙනම වෛද්‍ය හෝ මනෝවිද්‍යාත්මක වර්ගීකරණයක් නොපවතින අතර, එය බොහෝ විට වෙනත් ආකාරයේ මානසික රෝග සමඟ ඇති විය හැක. ඔබට හෝ ඔබ ආදරය කරන කෙනෙකුට මෙම අක්‍රමිකතාව ඇති විය හැකි යැයි ඔබ සිතන්නේ නම් මනෝ වෛද්‍ය/ මනෝ චිකිත්සක/ මනෝ උපදේශන ප්‍රතිකාර සඳහා යොමු වීම වැදගත් වේ. ප්‍රතිකාර මගින් රෝග ලක්‍ෂණ අඩු කර ගැනීමට උපකාර වන අතරම ආදර සබඳතාව මනාව පවත්වා ගැනීමටද හැකි වනු ඇත.
උමතු ආදර අක්‍රමිකතාවේ ප්‍රධාන ලක්‍ෂණ
1. තම ආදර සම්බන්දතාවය පවත්වන පුද්ගලයා කෙරෙහි අසාමාන්‍ය ආකර්ශනයක් ඇති වීම.
2. තම ආදර සම්බන්දතාවය පවත්වන පුද්ගලයා කෙරෙහි උමතු ආකාරයේ සිතිවිලි ඇති වීම.
3. තම ආදර සම්බන්දතාවය පවත්වන පුද්ගලයාව දැඩිව ආරක්‍ෂා කිරීමේ අවශ්‍යතාවයක් ඇති වීම හෝ දැනීම.
4. තම ආදර සම්බන්දතාවය පවත්වන පුද්ගලයාව දැඩිව පාලනය කිරීමේ සිතිවිලි ඇති වීම හෝ එවැනි ක්‍රියාකාරකම්වල යෙදීම.
5. තම ආදර සම්බන්දතාවය පවත්වන පුද්ගලයා අන් අය සමග එක්ව කටයුතු කිරීමේදී දැඩි ඊර්ෂ්‍යා සහගත සිතිවිලි ඇතිවීම.
6. තමා තුල නිතරම හීන වූ ආත්ම අභිමානයක් පැවතීම.
උමතු ආදර අක්‍රමිකතාව ඇති අය ප්‍රතික්‍ෂේප කිරීමද පහසුවෙන් කළ නොහැකිය. සමහර අවස්ථාවලදී, ආදර සම්බන්ධතාවයක් අවසානයේ හෝ අනෙක් පුද්ගලයා ඔබව ප්‍රතික්‍ෂේප කළහොත් හෝ පෙර කී ලක්‍ෂණ තව දුරටත් වර්ධනය විය හැක. මෙම අක්‍රමිකතාවයේ වෙනත් රෝග ලක්‍ෂණද ඇත, උදාහරණ ලෙස:
1. තමන් උනන්දුවක් දක්වන පුද්ගලයාට දිගින් දිගටම අනවශ්‍ය ලෙස කෙටි පණිවිඩ, ඊමේල් සහ දුරකථන ඇමතුම් එවීම.
2. තම සබඳතාවය තහවුරු කර ගැනීම සඳහා නිරන්තර අවශ්‍යතාවයක් ඇති වීම.
3. යම් පුද්ගලයෙකු කෙරෙහි ඇති වූ උමතුව නිසා තම මිතුරු මිතුරියන් සමග මිත්‍රත්වයන් ඇති කර ගැනීමට හෝ පවුලේ සාමාජිකයන් සමඟ සම්බන්ධතා පවත්වා ගැනීමට අපහසු වීම හෝ එම සම්බන්ධතා මග හැරී යාම.
4. අනෙක් පුද්ගලයාගේ ක්‍රියාවන් නිරන්තරයෙන් නිරීක්‍ෂණය කිරීම හෝ සුපරීක්‍ෂාකාරී වීම.
5. අනෙක් පුද්ගලයා යන එන ගමන් බිමන් සහ නිරත වන ක්‍රියාකාරකම් අනවශ්‍ය ලෙස පාලනය කිරීමට උත්සහ කිරීම.
උමතු ආදර අක්‍රමිකතා තත්වය වර්තමාන සමාජයේ වැඩි අවධානයක් දිනා ගත්තද, එය සාපේක්‍ෂව දුර්ලභ අක්‍රමිකතා තත්වයකි.
නමුත් ඔබට හෝ ඔබ ආදරය කරන අයෙකුට උමතු ආදර අක්‍රමිකතාවේ රෝග ලක්‍ෂණ ඇත්නම්, මනෝ වෛද්‍ය/ මනෝ චිකිත්සක/ මනෝ උපදේශකවරයෙකු හමුවීම වැදගත් ය. එවිට ඔබට සැබවින්ම ඇත්තේ උමතු ආදර අක්‍රමිකතා තත්වයද නැත්නම් වෙනත් මානසික රෝගයක්ද යන්න ඔවුන් විසින් තීරණය කරනු ඇත. හඳුනාගෙන ප්‍රතිකාර කළ විට, උමතු ආදර අක්‍රමිකතා තත්වයට ධනාත්මක ප්‍රතිඵල ලබා ගත හැකිය.
පොත පත සහ අන්තර්ජාලය ඇසුරිනි.
Click here to claim your Sponsored Listing.
Contact the school
Telephone
Website
Address
Ratmalana
0000
Faculty Of Management, Social Sciences And Humanities, KDU, Kandawala Estate
Ratmalana, 10390
Department of Languages of KDU (DoL) offers two degree programmes: BA in TESOL and BSc in ADSC.
Faculty Of Technology, General Sir John Kotelawala Defence University
Ratmalana
No 20, Maligawa Road
Ratmalana, 10369
Will see world changing concepts and modern knowledge to share with world under better simulation with attractive methods
General Sir John Kotelawala Defense University
Ratmalana
Official page of IEEE Engineering in Medicine and Biology Society Student Branch Chapter KDU
100 Kandawala Road, Dehiwala-Mount Lavinia
Ratmalana, 10390
The faculty offers undergraduate programmes in specialized areas of Agriculture and Food, Management, Quantity Surveying & Film & Television Industry.
No 100, Kandawala Road
Ratmalana
Education support Sub Committee, University Of Vocational Technology
Ratmalana
Armed with technological knowledge, we are heading towards a modern world, creating a new technological era.
Law Hub, No 150 A, Gamunu Mawatha
Ratmalana, 10390
100% Assurance for the LAW COLLEGE entrance.
Kandawala Road
Ratmalana, 10390
The Faculty of Defence & Strategic studies (FDSS) consists of two departments: the Department of Defence Studies and the Department of Strategic Studies.