Randu official
අපේ වත්කම ඔබයි හිතට දැනෙන හැමදේම
බොරුවක් නැතුව අපිට කියන්න
මිනිස්සු බයයි ජීවිතේ විඳින්න...
අනිත් උන් මොනව හරි හිතයි කියලා...
හිතේ නිදහසක් නැතුව
මළ මිනී වගේ ජීවත් වෙන්නෙ මොකටද...
උඹ අඳින්නෙ උඹේ සල්ලි වලින් නම්,
උඹ ගමන් යන්නෙ උඹේ සල්ලි වලින් නම්,
උඹ ආතල් දාන්නෙ උඹේ සල්ලි වලින් නම්,
උඹට මොකටද
අනිත් උන් හිතන විදිහ වැදගත් වෙන්නෙ...
අනිත් උන්ගෙ රාමු වලට
උඹ මොකටද කොටු වෙන්නේ...
මතක තියාගනින්,
හැමදාම මිනිස්සු කතා හැදුවෙ
ජීවිතේ විඳින මිනිස්සුන්ට මිසක්
විඳවන මිනිස්සුන්ට නෙවෙයි කියලා...
උඹ උඹේ ආතල් එක ගනින්
උන්ට බම්බු ගහගන්න කියලා...
උඹ ජීවත් වෙයන් උඹට ඕන විදිහට...
ගත කරන හැම තත්පරේම
උඹට ඕන උඹේ විදිහට ඉඳපන්...
එහෙම ඉන්න බැරිනම්
අඩුම තරමෙ එහෙම එකෙක්ට
උගෙ ආතල් එකවත් ගන්න දීපං...!
Credits goes - unknown 🌸🖤
කදුරුවෙල සිට අක්කරෙයිපත්තුව බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් මනම්පිටිය කොතලිය පාලමේ ගැටී පෙරලීයාමෙන් පුද්ගලයන් 09 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පිරිසක් තුවාල ලබා තිබෙනවා.
මගීන්ගේ ජීවිත පිළිබඳව මගී ප්‍රවාහනය කරන සියලුම රියදුරු මහත්වරුන් තමන්ගේ වගකීම මේ විදිහට පැහැර හැරීම ඉතාමත් කණගාටුදායක තත්ත්වයක්. මෙම අනතුරු දිනෙන් දින ඉහළ යාමට තවද හේතුවක් ලෙස බස් රථ එකිනෙක අතර පවතින අනවශ්‍ය තරඟකාරීවය වැළැක්වීමට කුමන හෝ පියවරක් ගත නොගතහොත් මෙවැනි අනතුරු තවත් ඉදිරියට සිදු වීම නොවැළැක්විය හැකි දෙයක් වනු ඇත.
මගින්ගේ ජීවිත පළිබඳව සහ තමන්ගේ රාජකාරිය නිසි පරිදි ඉටු නොකරන රියදුරන්ගේ රියදුරු බලපත්‍ර සම්බන්ධයෙන් නීතිය ද තදින්ම ක්‍රියාත්මක වීම සිදු විය යුතුය.
අනතුරුනින් තුවාල ලැබූ සියලුම මගීන්ට ඉක්මන් සුව ලැබේවා 🙏🙏🙏
ඡායාරූප අයිතිය Accident 1st 👍
වීසිරිලා ඉන්න හැමොම දවසක මෙහෙම සෙට් වෙන්න ඕනි 💯❤
#හුම් ....😉😉🙃
තාත්තා 💗🌎
ලෝකයක් 🌎💗
අපි හොයන රැකවරනෙ සෙනෙහස
ආදරේ දුන්නෙ තාත්තා 🌎💗
ජිවිතේ අපෙ හය්ය තාත්තා 🌎💗
තාත්තගෙ ආදරේ හැමොටම
ලැබෙන්න ඔනී 🌎💗
අහිමි වෙච්ච දරුවො ඇති
ඔබට පුලුවන් ඔවුන් සිහිපත් කරගෙන
තවත් තාත්තෙක්ට දෙයක් දෙන්න 🌎💗
Birthday anniversary එකට නිශ්පල
දේවල් වලට වියදම් කරන ඔයාට
මේ දේ ලොකු වියදමක් නෙමෙ
තවත් දරුවොන්ගෙ තාත්තව
තවත් ගැහැනියක් විසින් ඩැහැගන්න ඇති
තාත්තා කියන නම මතක් කරන්නවත්
අකමැති දරුවො ඉන්නවා
මේ ලෝකේ
ඉතින් වයිර කරන්න එපා
දන්නවා ඔබට දරාගන්න අපහසු බව
ආදරනීය දරුවනෙ
අප්පච්චි කියන්නෙ ලෝකයක්
ඉතින් හැමදම රැකගන්න 🌎💗
ආදරනීය තාත්තේ
ඔබ ඔබගේ දරුවොන්ට ආදරේ කරන්න
ඔබගෙ දරුවන් රිදවා
පිටත ලෝකයක්තුල
සතුටින් හිදිමින්
දරුවන් රිද්දනවානම් එය නොකරන්න
තාත්තා කියන නාමෙ
තම දරුවොන්ට එපා කරවලා
හැසිරෙන තාත්තෙක් වෙන්න එපා
ආදරනිය පියවරුනි
තාත්තා කියන නාමය රැකීම ද
ඔබ සතුයි 🌎💗🙏
මන් දන්නවා හැමොගෙම තාත්තා
එකවගෙ නෑ කියලා
තාත්තා ගැන මතක් කරද්දි
ඇඩෙන දරුවො අතරෙ
එයා ජීවතුන් අතර නෑ කියන්න
ලේසි නෑ වගේම එයා වෙන කෙනෙක් ගාව
අපි එක්ක නෙමෙ ඉන්නෙ
කියන වචන එක්ක
දරුවො අසරන වෙනතරම්
ජිවිතේ තාත්තා විදියට දරුවො අසරන
කරන්න එපා 🙏😥
කාරුනික ව ඉල්ලනවා 🙏
ආදරනීය පියවරුන්ගෙ දිනයක් වේවා 🌎💗🙏💕💕💕💕💕💕💕
#කො_රත්නපුර_නංගිලා_සෙට්එක
ලංකාවම හෙල්ලෙන්න රත්නපුරේ තියන සුපිරිම EDM event එක...
ලෝකයේ කාලයෙන් කාලයට වෙනස්වන Music Genres එක්ක මෑත කාලයේදී බටහිර රටවල ඉතාම ජනප්‍රියත්වයට පත්වුණ Electronic Music Genres කිහිපයක් එකතුවෙලා සෑදුනු Music Category එකක් තමයි EDM කියන්නෙ... ඒකෙ තේරුම Electronic Dance Music.
මේ Category එකේ ජනප්‍රියත්වය කොච්චරද කියනවා නම් තරුණ තරුණියන් ලක්ෂ ගණනින් සහභාගිවන music festivals ලෝකය පුරාම සාර්ථකව පැවැත්වෙනවා.
මේ festivals වල විශේෂත්වය තමයි එකකට එකක් දෙවෙනි නොවෙන සංගීත රසාස්වාදයන් හා මුසුවන දැවැන්තව ඉදිවන වේදිකාව සමග උසස්ම තත්ත්වයේ විදුලි ආලෝක රටාවන් සහ සියුම්ව සුසර කරන ලද ශබ්ද පරිපාලනය. මේ හැම දෙයක්ම එකට එකතු වෙලා හැදෙන Festival එකක perform කරන්න එන්නෙත් talent එකෙන් උපරිමයටම ගිය artistලා පිරිසක්.
ශ්‍රී ලංකාවෙත් කොළඹ සහ විවිධ beaches ආශ්‍රිතව පසුගිය කාලයේ සාර්ථකත්වයට පත්වුන විවිධ ප්‍රමාණයේ EDM Events කිහිපයක්ම පැවැත්වුනා.
ඉතිං... ඒ festivals ඒ විදිහට පැවැත්වෙද්දී ශ්‍රී ලංකාවේ ඉන්න ජාත්‍යන්තරය ජයගත් දක්ෂතම Artistලා පිරිසක් එකතු කරගෙන ලංකාවෙ ඉන්න හොඳම Event managers, Event Planners, Designers, Editors සහ Producerලා රැසකගේ සහභාගිත්වයෙන් අති දැවැන්ත EDM Event එකක් කරන්න අපි තීරණය කළා. ඒ Event එකේ මූලික කටයුතු දැනටමත් සංවිධානය කර අවසන්.
මේ event එක තියන්න plan කරලා තියෙන්නෙ රත්නපුරේ. Event එකේ නම තමයි Secretland Music Festival. Event එක තියෙන්න අගෝස්තු 05 වෙනිදා.
EDM Event එකක තියන ප්‍රධානම දේ Stage එක නිසා ලංකාවෙ පලවෙනි වතාවට මීටර් 30ක් පළලින් සහ මීටර් 20ක් උසින් යුතු Solid 3D stage එකක් මේ event එක වෙනුවෙන්ම සැකසෙනවා. Stage එක සැකසෙන්නේ Midland Kingdom Theme එකට.
ශ්‍රී ලංකාව තුළ භාවිත වත නවීනතම Sound systems සහ lighting systems මේ event එකේදි ඔයාලට දැකබලාගන්න, රසවිඳින්න පුළුවන්.
මේ වගේ event එකකට ගැලපෙන වටපිටාවක් තියෙන්න ඕනි නිසා අපි ඒකට සුදුසුම තැන තෝරගෙන තියෙන්නෙ... ඔයාලටත් ඉඩ ඇතුව නටන්න විනෝද වෙන්න පුළුවන්.
ඒ වගේම event එකට සහභාගිවන අයගේ ප්‍රවාහන අවශ්‍යතා සැලකිල්ලට ගෙන ප්‍රදේශ ගණනාවකට බස් රථ මගින් ප්‍රවාහන පහසුකම් සැලසීමටත් සංවිධායක මණ්ඩලය සූදානමින් සිටිනවා...
එහෙම නම් අගෝස්තු 05 රත්නපුරේදි හමුවෙමු... ❤️
ඊයේ රෑ 7.00 ට පටන් ගත්ත වැස්ස අද උදේ නැවතුනේ... රත්නපුරට ගංවතුර
පැය 10 ක් පමණ වැස්සෙන් පසු කලු ගඟ මැද තොරණේ තත්ත්වය.. 🙏🙏
මේ අකුණු ගහන මහා වැස්සෙ රත්නපුර අපේ එකම පැතුම.. "ගඟේ තොරණට නම් කිසිම හානියක් වෙන්න එපා."🙏🙏🙏🙏🙏🙏🙏
තමන්ගෙ හැකියාව තමන්ට ආශිර්වාදයක් කර ගන්න ❤️🌼හැමෝගෙම ආශිර්වාදය මැද ජීවිතය දිනන්න ❤💞
ආදරෙයී♥️
ා_fashion
රත්නපුර පළමු වතාවට කලු ගගේ ඉදිවෙන මනරම් තොරණ...
Friends Life Society නිර්මාණයක්
සියලු කටයුතු සාර්ථක වේවා රත්නපුර සැමගේ ආශිර්වාදයයි !!!
🙏🙏🙏👍👍👍❤️❤️❤️
උපුටා ගැනිම අන්තර්ජාලය තුලින්
ඊලග ආත්මෙ යුරෝපෙ රටක ඉපදෙන්න කරන්න ඕනෙ පිං මොනවද 🙏
#සදහම්_පූජා
#පොසොන්_කලාපය
ජුනි 03 සිට 09 දක්වා
🟠කලුගඟ මැද තොරණ ඇතුලු තොරණ් තුනක්
🟠රූකඩ සංදර්ශන
🟠බෞද්ධ නාට්‍ය සංදර්ශන
🟠බක්ති ගීත සංදර්ශන
🟠දර්ශනීය පහන් කුඩු
🟠නාලාගිරි දමනය
🟠යාන්ත්‍රික අපාය
🟠ධර්ම දේශනා
🟠දිනපතා දන්සැල්
ැමට_ආරාධනා
එයත් එක්ක ඔයත් එන්න පොසොන් එකට
#පොසොන්_තොරණ_සහ_පොසොන්_කලාපය
රූකඩ සංදර්ශන
බක්ති ගීත
වෙනත් සංස්කෘතික අංග
දිනපතා දන්සල්
රත්නපුර, රත්ගඟ පුංචි දඹදිව විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් ගරු විහාරාධිපති, රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති පූජ්‍යපාද දෙවිපහල දේවමිත්ත නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන්, පුංචි දඹදිව එක්සත් තරුණ කැළ විසින් සංවිධානය කරන පුංචි දඹදිව බුද්ධගයා පොසොන් කළාපය 2023 ජූනි 03,04,05,06 සහ 07 යන දිනයන්හි දී
▪️ශ්‍රී සර්වඥ ධාතු ප්‍රදර්ශනය
▪️දර්ශනීය තොරන් රාජයා,
▪️කූඩු ප්‍රදර්ශනය,
▪️හොල්මන් මන්දිරය,
▪️බැති ගී ප්‍රසංග
▪️දන්සල්,
▪️බෞද්ධ නාට්‍ය ඇතුළු විවිධ සංස්කෘතිකාංග රැසක් සමඟින් අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වේ.
ඔබ සැමට බැති සිතින් ආරාධනා!
නැවත ඔය දෑත් අල්ලාගෙන මං මාවත් දිගේ ඔහේ ඇවිද යන්නට ඇත්නම්...
ඉක්මනින්ම එන්න ළමයො. මට හරි පාළුයි... 🌹 🇯🇵❤🇱🇰
| ඔබව දරාගැනීම වේදනාත්මකය. එහෙත් තෝරාගැනීම ස්ථිරය |
ඔබවද, මාවද කෙතරම් දරා සිටින්නට හැකියැයි වාචාලකම් දෙඩෙව්වා වුවද, යම් අපහසුම දිනෙක, ඒ දරාගැනීම් ඉක්මා යමින් මා අවලාද කියවන්නියක වීමට ඉඩ ඇත. ඔබ මුණ ගැසෙන්නට උන් දවසක, ඔබට ඒ වෙනුවෙන් ඉඩ නොලැබීමේ වේදනාවෙන් හෝ ඔබ සමඟ දොඬවන්නට උන් රැයක ඔබ මඟැර යාමේ වේදනාවෙන් ඒ අපහසු දවස් උදා විය හැක.
එවිට, ඔබ සමඟ ජීවිතය අපහසු වේදානවන්ගෙන් පිරුණු දවස්ම යැයි මට සිතීම අරුමයක් නොවේ. එවිට, මා සමඟ ජීවිතය තිත්ත කසාය වැනි, දිව උරුක් කරවන, කට කාරවා දමන යමක්යැයි ඔබට සිතීමශ අරුමයක් නොවේය.
එහෙම වේදනාත්මක දවස් පරයමින් ඔබ තෝරා ගැනීමේ ප්‍රේමය මා සතුය. ඔබ සමඟ හිඳීමම , බලාපොරොත්තු බිඳීමම කෙතරම් වේදනාවක් වුවද, ඒ වේදනාව තෝරාගැනීමේ ප්‍රේමය මා සතුය. එනිසාම, ඒ වේදනව උත්පාදනය වෙනුවෙන් ඔබට චෝදනා නැහෙන්නේ නැත. ඔබ වරදකරුවී සිරගත වන්නේ නැත. වේදනාව ඉතා රුචියෙන් ගෙන විඳීමේ තෝරාගැනීම මගේය. ඔබ සමඟ සිටිමින් නිවෙන තත්පර වලට අර වේදනාත්මක දවස් කපා දැමීම මගේ ප්‍රේමයය.
පෙම්වත,
තිත්ත කසාය ඔසුවකැයි ඔබ දන්නා බව සිතමි. ඇස් පියාගෙන, තොල් පිට පෙරලාගෙන, දිව එලියට දාගෙන බී අවසන් කිරීමෙන් පසු සුවය දැනේ.
"ඔයාට මගේ ආදරේ දැනෙන්නේ නෑ.."
"මට ආදරේ දැනෙන්නේ නෑ කියලද කියන්නේ ? අපේ ආදරේ එච්චරට ඍණාත්මකව දැනෙනවා නම් අපි තවත් එක්ව ලගින කුරුල්ලන් වීම පලක් නෑ.."
ඔබට එලෙස පවසන්නට නොසිතෙනු ඇත.
අපහසු , පාලු, රිදෙන දවස් වල හුදෙකලාව පිපිරෙන ඔබේ පෙම්වතිය වෙනුවෙන් ඔබට මහ දේ කරන්නට නැත. ඒවා එවරස්ට් තරණය හෝ ඇමසන් ගඟහරහා එගොඩ වීම තරමට අමාරු නැත. එහෙත්, ඒවා අතිශය ප්රහර්ශයෙන් ඔබේ පෙම්වතිය පුරවාලන නිසා වටිනාකම උක්ත කී සියළු දේට වඩා වැඩිය.
පතොක් පෝච්චිය පෙන්වා "දැක්කද අපේ ආදරේ. තාම අංකුර දදා වැඩෙන හැඩ"කියන්න.නිවෙන හැටි බලන්න. වේදනා අතුරුදන් වෙන හැටි දැකගන්න. වත්තේ ඉස්සරහ පිපුණු මල් පොකුරක් අමුණා " මේ මල් ඔයාට " කියන්න. පාරේ යන ගමන් තැනක තියෙන මල් අහුරක් අඩා වියලා තියාහෙන " ඔයා මතක් වෙන වෙලාවට, කඩපු මල් " කියන්න. අපි දෙන්නාටම එකට මතක් වෙන වෙලාවක් අල්ලාගෙන " ඇත්තටම නෝනා තවුසේට දිවැස් තියෙනවා ද " අහන්න. කොළඹ කාක්කා සහ ගමේ කාක්කා අතර වෙනසත්, කංසා කූරක් නිවැරදිව ඔතන විදියත්, පොල් ගෙඩියක් සහ රයිස් කුකර් එක භාව්තයෙන් තෙල් හිඳගන්නා විදියත්, මැගි නූඩ්ල්ස් එකෙන් පීසා හදන විදියත්, පරමාදර්ශී රචනයක ලක්ශණ පෙළ ගස්වන විදියත් දක්වා ඕනෑම දෙයක් කියන්න.
ඔබ් බිව් තිත්ත කසාය වලින් අප දෙදෙනාම සුවපත් වෙන හැටි බලන්න.
ඔබේ උන්මාදනීය බස් අසමින් සිනා ගිලින මා වෙත වීඩියෝ ඇමතුමකින් හාදු පා කර එවන්නට ඔබට හැකිනම්, එතනින් සියල්ල නිමවෙන්නේය; ඇරඹෙන්නේය.
ඇත්තටම, ඔබව දරාගන්න එක කොච්චරක් වේදනාකාරී වුනත් මම ඒ වේදනාව තෝරගන්න එක ආයේ ආයෙම කරන බව කියන්න ට ලියමි.
ආදරෙයි ...ආදරෙයි ... ආදරෙයි ...කෑ ගසා කියනවා වෙනුවට , දැන් හොරට නිදා සිටින ඔබේ සවනට කොඳුරා කියමි...!!
ලෝක අම්මාවරුන්ගේ දිනය අදයි..❤️
අම්මේ, වයසට නොයා
දැන් ඔහොම නවතින්න..
හිච්චි කාලේ ඇගිලි
ගැන්නේම ලොකු වෙන්න..
ලොක්කෙක් වගේ සල්ලි
මට හම්බකරගන්න..
ආසා ආසා සෑම
සියලු දේ ලැබගන්න..
අම්මලාගෙන් මිදී
නිදහසේ ඉගිලෙන්න..
මට දැන් හිතෙන්නේම
බාල කාලෙට යන්න..
අම්මාගෙ උකුල උඩ
මොහොතකට නිදියන්න..
ලෝකයම නැති වුණත්
හැකියි උහුලන් ඉන්න..
අම්මෙ වයසට නොයා
දැන් ඔහොම නවතින්න..
-මල්-
දිනෙන් දින වියපත් වුණත් ඇගේ ගත,
කෙතරම් විඩාබර වුණත් ජීවිතය
දරුවන්ගේ සතුට දකින්නට තප්පරයක් පාසා
පාරමිතා පුරන ලොව එකම ආදරේ "අම්මා" ❤️
ලොව සියලු මව්වරුන්ට මෙන්ම තම දරුවාට පියෙක් වනවා මෙන්ම මවගේද සෙනහසේ අඩුව පුරවන සියලු පියවරුන් හටද දීර්ඝායු වේවා! ❤️
කොස්ලන්ද ඛේදවාචකයෙන් මිය ගියේ මාතර කැකණදුර තරුණියක්...
කොස්ලන්ද උඩ දියළුම දියඇල්ල අසල කඳවුරු බැඳගෙන සිටි යුවළකට අද( 12) අලුයම එල්ල වූ වන අලි ප්‍රහාරයකින් තරුණිය එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වී තරුණයා බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇතැයිද කොස්ලන්ද පොලීසිය කියයි.
මෙසේ ජීවිතක්ෂයට පත්වී ඇත්තේ මාතර කැකනදුර සිල්වර්ක්රස්ට් පදිංචි වී සිටි ජී තරූෂි ඉයුජින් (23) හැවිරිදි තරුණියකි. තුවාල ලබා ඇත්තේ වාරියපොල පදිංචි කේ ඒ ධනුෂ්ක (22) තරුණයෙකි.
මොවුහු කොස්ලන්ද උඩ දියලුම සංචාරයක පැමිණ රාත්‍රී කාලයේ කදවුරු බැඳගෙන සිටී බව පොලීසිය කියයි.
තරුණියට පහර දුන් වන අලියා එම ස්ථානයේම ගැවසෙමින් සිට ඇති අතර ඒ පිරිස සමඟ පැමිණි සියලු දෙනා පලවා හැර ඇති බවද පොලිසිය කියයි.
පසුව මහත් පරිශ්‍රමයක් දරා පොලිසිය ප්‍රදේශවාසීන් සමඟ එක්ව අලියා පලවා හැර තිබේ.
මේ වන පවුලේ ඥාතීන් දැරියගේ මරණ පරීක්ෂණ කටයුතු සදහා එම ප්‍රදේශය වෙත පිටත්ව ගොස් ඇත.
උපුටා ගැනීමකී 👏
කෑම්පින් කරන අය පරිස්සමට 🥺
කොස්ලන්ද උඩ දියලුම ප්‍රදේශයේදී වන අලියකු යුවලකට පහරදීමකින් තරුණිය ජීවිතක්ෂයට 😢😢
වෙසක් සඳ දැකීමට
කලක සිට මා පෙරැත්තක්
බෝ සමිඳු යට සිසිල් සුළඟේ
සඳ එළිය මට නිවීමක්
නිවන් යන්නට පාර දුර ඇති,
තව තවත් කල්ප ගානක්
ජීවිතේ හැමදාම මට, මගේ
බුදු සමිඳු මහත් සැනසීමක්!
🙏🙏🙏🙏🙏☸☸☸
|පින්බර වෙසක් පොහොය දිනයක් වේවා! |
සැර වැඩිද මංදා 😍😍😍🤪😘
මෙතන්ට අත ගියොත් ගියාම තමයි❤️
නිවාඩු දවසට wife😍❤
𝙃𝘼𝙋𝙋𝙔 𝙉𝙀𝙒 YEAR 💫
🏆🎊ලැබූවා වූ 🥰😍 අලුත් අවුරුද්ද ......ඔබටත්,ඔබේ පවුලේ සැමටත්..💫.සියලු යහපත් සිතුම් ,පැතුම් ඉටුවන..සතුට,සාමය පිරී කිරි ඉතිරෙන..ඔබ සැමගේ දිවිමග එකලු කෙරෙන...නැවුම් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා..!!!🙏❤️🌹😘🖤💜️💕💞💗💞 ꧁༺ ☸️❥ 😍
ඒ ආත්ම ගරුත්වය !
ඔයාට ආරාධනා නොකල පාටියකට , යන්න එපා ! අඩුම තරමේ එහෙම පාටියක් තිනවද මචන් කියල ඒ අදාල කෙනාගෙන් අහන්නවත් යන්න එපා... මිනිස්සු කියයි "තියෙන උද්දච්චකම" කියල.. නෑ ඒක ආත්ම ගරැත්වය !
ඔයාට නොකියා කට්ටියක් සෙට් වෙලා trip එකක් යන්න plan කරලනම් " අනේ මමත් එන්නද " කියල අහන්න යන්න එපා ! අන්තිම මොහොතේ කට්ටිය අඩු නිසා ඔයාට කතා කලාම පැනගෙන යන්න හදන්නත් එපා... මිනිස්සු කියයි "අපෝ ඒක ගනන්ගන්න දෙයක්ද , පොඩි දෙයක්නෙ" කියල.. නෑ ඒක ආත්ම ගරැත්වය !
කට්ටිය ඉස්සරහ ඔයාව පහත් කරල කතා කරන , ඔයාව විහිළුවකට ගන්න මිනිස්සු එක්ක ඔයාගේ ජීවතේ වැදගත් දේවල් කතාකරන්න එපා ! අඩුම තරමේ ඔයාගේ next move එක නිකන්වත් අගවන්න එපා... මිනිස්සු කියයි " කිසි දෙයක් නොකියන්නෙ තියෙන ආඩම්බරකම " කියල.. නෑ ඒක ආත්ම ගරැත්වය !
බදින්නැත්ද , ලමයි නැත්ද කියල ඔයාගේ personal දේවල් වලින් ඔයාව මානසිකව පහලට ඇදලා දාන මිනිස්සු එක්ක කතාවටවත් යන්න එපා ! අඩුම තරමේ ඒ වගේ මිනිස්සු ඉන්න තැනකින් පේන්නවත් යන්න එපා... මිනිස්සු කියයි "පුදුම අහංකාරකමක්නෙ" කියල.. නෑ ඒක ආත්ම ගරැත්වය !
එයාලගේ වැරදි ඔයාගේ පැත්තට දාන , එයාලගේ වැඩේ කෙරෙනකල් විතරක් ඔයාව වටින මිනිස්සුන්ට මෝඩයෙක් වගේ පන දීගෙන කියන කියන හැම දේම කරල දෙන්න යන්න එපා...මිනිස්සු කියයි "ආහ් දැන් හරි ගිහින් නෙ" කියල.. නෑ ඒක ආත්ම ගරැත්වය !
මිනිස්සු ආඩම්බරයි , අහංකාරයි , උද්දච්චයි , හරි ගිහින්නෙ , කියල හිතුවට.....
ඔයා ඔයාගේ ආත්ම ගරැත්වය එක එකා ඉස්සරහ දියවෙන්න දෙන්න එපා !
මුලින්ම ඔයා ඔයාට ගරැ කරන්න ♥️
Cuz This all about self respect !
ලියන්නේ පියුමි කෞශල්‍යා
කාරුණික ආයාචනයයි, රත්නපුර ගොඩකවෙල පදිංචි සචිනි කාංචනා වර්ණකුලසූරිය වන මා දැනට වසර ගණනාවක සිට උදරයේ ඇති වූ අසනීප තත්වයක් හේතුවෙන් කරාපිටිය රෝහලෙන් ප්‍රතිකාර ලබයි. මේ වන විට ශල්‍යකර්ම පහලවකට (15) වැඩි ප්‍රමාණයක් සිදු කර ඇති අතර මේ වන විට සොයාගන ඇති රෝග අතරින් "CROHNS DISCASE" නම් රෝගය සදහා " ADALIMUMAB" නම් ඖෂධය වසර දෙකක කාලයක් සති දෙකක් දෙක ලබා දියයුතු බව වෛද්‍යවරු නියමකර ඇත. ඒ සදහා රුපියල් 4 370 000.00 ක විශාල මුදල් ප්‍රමාණයක් වැය වේ. මේ වනවිට පවතින තත්වය හේතුවෙන් එම මිල ගණන් ද වෙනස් වියහැකි බව දන්වා ඇත. මේ වන විට මා හට මළපහ පිට කිරීම සදහා උදරයට බෑගයක් සවිකර ඇත. අසනීප තත්වය හේතුවෙන් මා හට රැකියාවක් කිරීමට නොහැකි අතර මාගේ පියා ද ජීවතුන් අතර නැත. මාගේ මවද දීර්ඝ කාලයක සිට අසනීප තත්වයේ පසුවෙයි . මාගේ සහෝදරයා හා සහෝදරිය විවහා වී ඇති අතර ඔවුන්ටද ස්ථීර රැකියාවක් නැත. මේ හේතූන් නිසා මාහට අවශ්‍ය වී ඇති ඖෂධය ලබා ගැනීම සඳහා හැකි අයුරින් උදව් උපකාර කරන මෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි. එය තහවුරු කිරීමට අවශ්‍ය ලියකියවිලි මේ සමග ඉදිරිපත් කරමි. උදව් උපකාර කරන සියලු දෙනාට බෙහෝ පිං අත්වේවා 🙏🙏🙏
විමසීම්: 071 3612512 / 072 6481124 (සචිනි)
ගිණුම් අංකය:
මහජන බැංකුව
245-2-001-9-0069189
නම: W. සචිනි කාංචනා වර්ණකුලසූරිය
ගොඩකවෙල ශාඛාව
ගිණුම් අංකය
කොමර්ෂල් බැංකුව
8300033325
නම: W. සචිනි කාංචනා වර්ණකුලසූරිය
ඇඹිලිපිටිය ශාඛාව
මෙය SHARE කර දෙන ලෙස ඉල්ලා සිටිමි 🙏🙏
Click here to claim your Sponsored Listing.
Videos (show all)
Category
Contact the business
Telephone
Website
Address
Ratnapura