Primary Medical Care Unit Dodampe
primary health care provider,
“ආරෝග්‍යා පරමා ලාභා”
♥️ඔබ සැමට නීරෝගිමත් සුභ නව වසරක් වේවා♥️
-Welcome 2024-
❤️
⭐️❤️ It's never too early for Christmas ❤️⭐️
🎅 Merry Christmas to you all🎅
⭐️ඔබ සැමට නීරෝගිමත් සුභ නත්තලක් වේවා...⭐️
තුති මල්...💐
පුංවි සිත් සතුටු කිරීමට, සුව කිරීමට හැකි සෑම විටෙකම දායක වන, දායක වූ ඔබ සැමට ස්තූතියි 😍.....
🔴🔴🔴🔴🔴
ADB visit on 2023/11/29
නොමිලේ රුධිර සීනි පරීක්ෂාවක් කරගන්න....
ඔබ මින් පෙර දියවැඩියාව, කොලෙස්ටරෝල්,අධි රුධිර පීඩනය වැනි රෝග වලට ඖෂධ නොගන්නා අයෙකු නම්....... අවම පැය 10 ක් නිරාහාරව සිට,
එන්න....
2023/09/22 සිකුරාදා
උදේ 8.30 සිට 10.30 දක්වා
ප්‍රාථමික වෛද්‍ය ප්‍රතිකාර ඒකකය - දොඩම්පේ
ජාතික විෂ නිවාරණ සතිය වෙනුවෙන් පවත්වන ලද අනපේක්ෂිත විෂ වීම් වැලැක්වීම පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන 2023/09/15.
🔴☠️අනපේක්ෂිත විෂවීම් වළකමු☠️🔴
-National poison prevention week 2023-. September 11-17
- ජාතික විෂ නිවාරණ සතිය 2023 -
සැප්තැම්බර් 11-17
Thank you for your support and contribution during your time with us.Best of luck for your next adventurous endeavors... Farewell .💐💐 Harshi HV
ඔබේ ඇඟෙත් මෙවැනි ලප තියෙනවද?
මෙවැනි ලප කැලැල් ඔබේ සිරුරේ දුටුවහොත් ඔබ බොහෝ වෙලාවට සිතනු ඇත්තේ එය සුළු දද කුෂ්ඨ රෝගී තත්ත්වයක් හෝ අළුහම් තත්ත්වයක් ලෙස නොවේ ද? එයට හේතුව ලංකාව තුළ ලාදුරු නිසා හටගන්නා ලප කැලැල් අප නො දකිනා තරමටම රෝගය සාර්ථකව පාලනය කර තිබීමයි. නමුත් මෑතක සිට ලංකාවේ ලාදුරු රෝගීන් වාර්තා වීම වැඩිවීමත් සමග, මෙවැනි ලප කැලැල් ලාදුරු රෝගය නිසා ද ඇතිවිය හැකි බව යලිත් මතක් කර ගැනීම අත්‍යාවශ්‍ය වනවා.
ඉතින් එවැනි ලපයක් හෝ කැලලක් ඔබගේ සිරුරෙහි තිබුණහොත් තව දුරටත් අනිසි බියක් ඇති කර ගත යුතු වන්නේ නෑ. එය ලාදුරු රෝගී තත්ත්වයක් ලෙස තහවරු වූවහොත් ඒ සඳහා අවශ්‍ය ප්‍රතිකාර ලංකාව තුළ කිසිදු ගැටළුවක් නොමැතිව ලබා ගැනීමට හැකියාව පවතිනවා. මෙහිදී වැදගත්ම කාරණය වන්නේ, රෝගය හඳුනාගත් වහාම නිසි ප්‍රතිකාර සඳහා හැකි ඉක්මනින් යොමු වීමයි.
ඔබට හෝ ඔබගේ සමීපතමයෙකුට සැක සහිත රෝග ලක්ෂණ ඇතිනම් ඉතා පහසුවෙන් ඒ පිළිබඳව සැක හැර දැනගැනීමටත් ලාදුරු මර්දන ව්‍යාපාරය හා සම්බන්ධ වෛද්‍යවරයෙකු මගින් වට්සැප් තාක්ෂණය හරහා ඔබට අවශ්‍ය උපදෙස් හා මගපෙන්වීම ලබා ගැනීමටත් දැන් ඔබට අවස්ථාව තිබෙනවා. ඒ සඳහා කල යුත්තේ, සැක සහිත ලප කැලලේ හෝ ගැටිත්තේ හොඳින් ආලෝකය පවතින ස්ථානයක දී ලබාගත් පැහැදිළි ඡායාරූපයක්, වයස, ස්ත්‍රී පුරුෂභාවය,ඔබ ජීවත්වන ප්‍රදේශය, ලපය හෝ කැලල පවත්නා කාලය සහ ඒ ආශ්‍රිත වෙනත් රෝග ලක්ෂණ (කැසීම, රිදීම, හිරිගතිය ) ඇතුලත් කෙටි විස්තරයක් සමග ජාතික රෝහලේ මධ්‍යම ලාදුරු සායනයේ 0754088604 අංකය වෙත වට්සැප් පණිවිඩයක් මගින් යොමු කිරීම පමණයි.
සමෙහි ඇතිවන ලා පැහති ලප එකක් හෝ කිහිපයක්, සමෙන් ඉදිරියට නෙරා ආ ලප කැලැල්, සමෙහි ගැටිති හෝ ඝන වීම්, අත්/පා වල කල් ගත වූ සුව නොවන තුවාල මෙලෙස බාහිරෙන් දැකිය හැකි ලාදුරු රෝග ලක්ෂණ අතරින් ප්‍රධානයි. විවිධ විකෘතිතා සහ ස්නායුක බලපැම් ඇතිකල හැකි ලාදුරු, මුල් අවස්ථාවේ ප්‍රතිකාර ගතහොත් සම්පූර්ණයෙන්ම සුවකරගත හැකි අතරම අන් අයට පැතිරීමත් ඉතා කෙටි කලකින්ම නවත්වාගන්නට හැකියාව තිබෙනවා. රෝගය බෝවිය හැකි අවධියේ සිටිනා, ප්‍රතිකාර නොගන්නා ආසාදිතයින්ගේ ශ්වසන බිඳිති මගින් රෝග කාරක බැක්ටීරියාව නිරෝගී කෙනෙකුට සම්ප්‍රේෂණය වීමේ හැකියාව තිබෙනවා. ශ්‍රී ලංකාවේ වසරකට ලාදුරු රෝගීන් 1500ක් පමණ හඳුනා ගනු ලැබෙන අතර අතර ඉන් 40% ක් පමණ හමුවන්නේ බස්නාහිර පලාතෙන්. එමෙන්ම 15% රෝගීන් කුඩා දරුවන් බවත් අප සිහි තබාගත යුතුයි.
ඔබත් ඔබෙගේ සමීපතමයිනුත් ලාදුරු වසංගතයෙන් සුරැකෙනා අතරේම , රෝගය පැතිරීම වලක්වමින් ලාදුරු වලින් තොර රටක් බිහි කිරීමේ ක්‍රියාන්විතයට මේ තොරතුර බෙදා හැරීමෙන් පුරවැසියෙකු ලෙස ඔබත් දායක වනු ඇතැයි අප විශ්වාස කරනවා.
ජාත්‍යන්තර හෙද දිනය 2023.05.12❤️
පින්බර වෙසක් මංගල්‍යක් වේවා ! 2023.05.03 වන දින පැවැත් වූ අපේ වෙසක් දන්සල, රෝගීන් ,මව්වරුන් සහ සහභාගී වූ සැම වෙනුවෙන් .....
නොමිලේ රුධිර සීනි පරීක්ෂාවක් කරගන්න එන්න.........
ස්ථානය - ප්‍රාථමික වෛද්‍ය ප්‍රතිකාර ඒකකය දොඩම්පේ( කෘෂිකර්මය අසල)
වේලාව- උදෑසන 7.00 සිට
දිනය- 2023.03.17 සිකුරාදා ( හෙට දින )
පැය 10 ක් නිරාහාරව සිට පැමිනෙන්න.
අවස්ථාව 100 දෙනෙකුට පමණයි..
( රිපෝර්ට් එකක් ලබාදේ )
There are several significant dates in October, one of which I believe is particularly important for women.
It is Breast Cancer Awareness month.
Another time to educate and drive consciousness about the risks and dangers of this killer disease.
As deadly as breast cancer is, it can be stopped in its track by early detection.
So stay alert, ladies, and prevent the devastating effects of breast cancer by watching and praying, as the Bible says.
Check your breasts for any abnormalities today and as often as you can.
I decree perfect health on every woman.
නැවුම් ඇරඹුමක් සමගින් 2022 වසරට..........2022/01/01💐
🎅🎁Have a happy and safe Christmas !!🎁🎅
නත්තල් සීයා අපේ තැනටත් ආවා...🎅🎅🎅🎁🎁🎁🪄🪄🎉🎉😍
අද දින පැවැත් වූ (02/12/2021)
*BMI සහ බර පාලනය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන , *මුඛ සෞඛ්‍ය සහ මුඛ පිළිකා වලක්වා ගැනීම පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන සහ
*පියයුරු පිළිකා පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන
Thank you for being such a wonderful doctor. We appreciate everything you do so much. May luck and success always be with you! - Farewell function of Dr. Dewagiri- 10/11/2021
"ඔමික්‍රෝන්" ගැන ඔබ දැනුවත් ද?
කොවිඩ් - 19 වසංගතය සමග වසර දෙකකට ආසන්න කාලයක් අප දැන් ගත කර තිබෙනවා. මුල් වෛරසය ක්‍රමයෙන් වෙනස් වෙමින් නොයෙකුත් විකෘති ප්‍රබේධ නිර්මාණය වෙන බවත්, රෝගය බෝවීමේ අවදානම වැඩි පරිසර තත්ත්ව තුළ දී මෙවන් විකෘති නිර්මාණය වීමේ හැකියාව ද ඉහළ මට්ටමක පවතින බවත් අප හොඳින්ම දන්නා කරුණක්. එක් ලෝකයක් ලෙස සමානාත්මතාවයට ගරු කරමින්, එන්නත් සහ අනෙකුත් රෝග නිවාරණ පහසුකම් බෙදා හදාගෙන මෙම වසංගතයට මුහුණ දීම වැදගත් බව ලෝක සෞඛ්‍ය සංවිධානය සහ අනිකුත් විශේෂඥ ආයතන වරින් වර මතක් කිරීම් සිදුකළේ මේ නිසා යි. සියලු දෙනා ආරක්ෂා වන තුරු කිසිදු කෙනෙකු සම්පූර්ණයෙන් ආරක්ෂිත නොවන බව කීවේ ඒ නිසා යි.
අවාසනාවකට අඩු ආදායම්ලාභී රටවලට එන්නත් ලැබීමේදී සැලකිය යුතු ප්‍රමාදයක් දක්නට ලැබුන අතර මහද්වීපයක් ලෙස අප්‍රිකාව ලොව අඩුම එන්නත් ආවරණය සහිතව ඉතා අවදානම් තත්ත්වයක දිගින් දිගටම පසුවුණා. වරින් වර භයානක මට්ටමේ කොරෝනා රැළි ඇති කළ ඇල්ෆා, බීටා, ගැමා සහ ඩෙල්ටා විකෘති වෛරස් ප්‍රභේද අයත් වුණු, දැඩි ලෙස අවධානය යොමු කළ යුතු ( V.O.C.) කාණ්ඩයට, දකුණු අප්‍රිකාවෙන් නවතම සාමාජිකයෙක් එක් වන්නේ මෙවන් පසුබිමක් තුළ යි. 'ඔමික්‍රොන්' (B.1.1.529) ලෙස නම් කර ඇති ප්‍රභේදය මේ වනවිටත් ලෝකය පුරා දැඩි කතාබහට ලක්වෙමින් තිබෙනවා.
දකුණු අප්‍රිකාවේ සෑම පළාතකම පාහේ කොවිඩ් රෝගීන් සංඛ්‍යාව මෙම නව ප්‍රභේද හමු වීමට සමගාමීව සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතිනවා. නොවැම්බර් 9 වැනි දින ලබාගත් සාම්පලයක මුල්වරට මෙම කෝවිඩ් වෛරස ප්‍රභේදය දක්නට ලැබී ඇති අතර මේ වන විට එය ආසාදිත පුද්ගලයින් බොට්ස්වානා, බෙල්ජියම, හොංකොං, ඊශ්‍රායෙල් සහ එක්සත් රාජධානිය වැනි රටවලින් හමුවී ඇති බව තහවුරු කර තිබෙනවා. ජර්මනිය සහ චෙක් ජනරජය ඕමික්‍රෝන් ප්‍රභේදය ආසාදිත බවට සැක කෙරෙන රෝගීන් පිරිසක් සම්බන්ධයෙන් තවදුරටත් ජාන විද්‍යාත්මක පරීක්ෂණ පවත්වන බවට වාර්ථාවෙනවා. දැනට දනගැනීමට ඇත්තේ ඔමික්‍රොන් ප්‍රබෙදය ඇතිවුයේ යැයි සැකකරන පලමු රොගියා එන්නත ලබා නොගත්, දීර්ඝකාලීන ප්‍රතිශක්තීය අඩපණ කරන රොගයක් ඇති, ඒ සදහා ප්‍රතිකාරද ලබා නොගත් පුද්ගලයෙකු බවයි.
ඉතාම සීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමේ හැකියාව සහ වරක් කොවිඩ් ආසාදනයට ලක්වු පුද්ගලයන්ට හිමි විය හැකියි ස්වභාවික ප්‍රතිශක්තියට අභියෝග කරමින් යළි ආසාදනය වීමේ හැකියාව මෙම නව විකෘති වෛරස් ප්‍රභේදයට පවතින බව වාර්තා වුවත් භාවිතයේ පවතින එන්නත්වලට එය කෙසේ ප්‍රතිචාර දක්වයි ද යන්න පිළිබඳව තවදුරටත් පර්යේෂණ පැවැත්වෙමින් තිබෙනවා. මෙහි ඇති ජාන විකෘතිතා සංඛ්‍යාව අනෙකුත් ප්‍රභේද සමග සංසන්දනය කරන විට ඉතා ඉහළ අගයක් ගැනීම සුළු කොට තැකිය නොහැකිය තත්ත්වයක් බව විශේෂඥයන්ගේ අදහසයි.
රටක් වශයෙන් කොරෝනා රැලි තුනකට මුහුණ දීමෙන් සහ සිග්‍ර ව්‍යාප්තියක් සහිත ඩෙල්ටා ප්‍රබේධය හමුවේ වුවත් සෞඛ්‍ය පද්ධතිය බිඳ නොවැටෙන පරිදි කළමනාකරණය කරගනිමින් අප ලබාගත් අත්දැකීම් මෙවන් අවස්ථාවක නැවත සිහිපත් කරගැනීම ඉතාම වැදගත්. කිනම් විකෘති ප්‍රබේධයක් වුවත් අප හොඳින්ම දන්නා පුද්ගල දුරස්ථභාවය, නිවසින් පිටතට යන හැම විටම නිවැරදිව මුහුණු ආවරණ භාවිතය, දෑත් නිතර පිරිසිදු කරගැනීම යන මූලික සෞඛ්‍ය පුරුදු මඟින් වළක්වාගත හැකි නිසා මේ අවස්ථාවේ ඒවා තදින්ම ක්‍රියාත්මක කිරීම අපේ යුතුකමක්.
ලෝකය පුරා පැතිරෙමින් පවතින බිහිසුණු ඩෙල්ටා ප්‍රභේදය ඇතුළු විවිධාකාර "අවධානය යොමු කළ යුතු ප්‍රභේද" වලට එරෙහිව එන්නත් වලින් ලැබෙන ආරක්ෂාව දිනෙන් දින තවදුරටත් පැහැදිළි වෙමින් පවතිනවා. එන්නත් ආවරණයෙන් ඉහළ සිටින රටවල වාර්තාවන රෝගයෙන් සංඛ්‍යාවට සාපේක්ෂව සිදුවන මරණ සංඛ්‍යාව එන්නත්කරණය ට පෙර කාල වලට වඩා පැහැදිලිවම අඩු අගයක් පෙන්වනවා.
පූර්ණ එන්නත්කරණයට ලක් වූවන් අතර කොවිඩ් නිසා රෝහල්ගතවීම් 84 % කින් අඩු බව වාර්තාවල දැක්වෙනවා.
එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන පූර්ණ එන්නත්කරණයේ ආරක්ෂාව ලබාගැනීමත්, අනතුරුව තුන්වන මාත්‍රාවක් සඳහා සුදුසුකම් ලබන්නේ නම් එය මඟින් තවත් වැඩි ආරක්ෂාවක් සළසා ගන්නටත් තවදුරටත් ඔබට හැකියාව තිබෙනවා.
සෙනඟ වැඩිපුර ගැවසෙන , වැසුනු / වාතාශ්‍රය අඩු, පුද්ගලයින් සමීපව ගැවසෙන ස්ථාන වල ගැවසීම කොවිඩ් ආසාදනය වීමේ ඉතා දැඩි අවධානමක් ඇති කරනවා. විශේෂයෙන්ම බොහෝ පිරිසක් එක අවස්ථාවක ආහාර ගන්නා වැසුණු අවකාශ තුළ සෙනග ගැවසෙන ආපන ශාලා හා විශේෂයෙන්ම විවාහ මංගල ආදී උත්සව අවස්ථාවල වෛරසය පැතිර යාමේ වේගය ඉතාමත්ම වැඩියි. මෙවැනි ස්ථාන හා අවස්ථාවන් හැකි උපරිමයෙන් මග හැරිය යුතු වෙනවා. නොඑසේ නම් ඒවායේ ගත කරන කාලය හැකිතාක් අඩු කළ යුතු වනවා. එළඹෙන උත්සව සමයේදී මෙය අප සියලු දෙනා සිහියේ තබාගතහොත් නැවතත් විශාල කොවිඩ් රැල්ලක් ඇති වීමේ ප්‍රවණතාවය අඩු කරගත හැකියි.
සෞඛ්‍ය උපදෙස්වලට එකාවන්ව අනුගත වෙමින් පෙර පරිදිම විද්‍යාත්මක ප්‍රවේශයක් අනුගමනය කිරීම හරහා රටක් ලෙස මෙම අභියෝගයත් ජයගැනීමට හැකිවනු ඇති බව අපේ විශ්වාසයයි.
ප්‍රාථමික වෛද්‍ය ප්‍රතිකාර ඒකකය දොඩම්පේ- අපගේ සේවාවන්-
සීනි සහ ලුණු භාවිතය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන -2021/04/23
Click here to claim your Sponsored Listing.
Videos (show all)
Category
Contact the practice
Telephone
Website
Address
Millakade, Dodampe, Rathnapura
Ratnapura
70017