තුර්කි බෝඩරේ TurkeY BodarE

Turkey

14/09/2024

අපේ පංතියේ පලවෙනියා මංගලිකාය. ඒ කියන්නේ විබාගෙන් පලවෙනියාය. මංගලිකාගේ මකන කෑල්ල හරිම සුවඳය. ඒක කේක් සුවඳය. ඒ උනාට අපිට දෙන්නේ නෑ ය. අසේලයා නං කෙල ගාල ඇඟිල්ල පොතේ උලනවාය. ඒ හින්දා වෙලාවකට උගේ සමහර අකුරු ලියවෙන්නෙ ඊළඟ පිටුවේය. පොතේ හැම හිලකටම එක ගානේ අසේලයා ගුටි කා තියෙනවා ය. ඌට කොච්චර මකන අරං දුන්නත් වැඩක් නැත්තේ ඌ මකන කෑල්ල සාක්කුවේ දමාගන්න හින්දා ය. අසේලයාගේ හැම කලිසමකම සාක්කුවේ හිල් ය. අසේලයා කිව්වේ ඌ කවදාහරි මංගලිකා කසාද බඳිනවා කියලාය. ඒ මංගලිකා ගේ මකන කෑල්ල ගන්න ය. එතකොට ඒක මටත් දෙනවා කියලා ඌ කිව්වාය. ඒක ගන්න වෙන ක්‍රමයක් මටත් හිතාගන්න බෑ ය. හොරෙන් ගත්තොත් මංගලිකා ඉවකරගෙන ඇවිත් හොරා අල්ලා ගන්නවාය. ඒ හින්දා මමත් අසේලයාගේ යෝජනාවට කැමති උනෙමු.

හැබැයි මංගලිකා ගේ තාත්තා ඒකට කැමති වෙයිද දන්නේ නෑ ය. මංගලිකා ගේ තාත්තා උපනන්ද මාමාය. උපනන්ද කිව්වේ නමය. නැත්තං ඊට වඩා ජේස්ට නන්ද කෙනෙක් හිටියේ නෑ ය. උපනන්ද මාමාට අසේලයා පේන්න බෑ ය. ඒ අසේලයා හින්දා උපනන්ද මාමා ඇලට වැටුණා කියලා හිතාගෙන ඉන්න හින්දා ය. ඒක උනේ මෙහෙමය. අපේ ගමේ ඇල හරහා ඒ දණ්ඩක් තියෙනවා ය. ඒකෙ අත් වැලට දාලා තියෙන්නේ දෙබල් දෙකකට හයි කරපු උණ ගහක්ය. හවස් ජාමේ කසිප්පු බීපු ගමේ උදවිය කරුවලේ ඒ දණ්ඩෙ ආවේ ඔය උණ ගහේ එල්ලිලා ය. අසේලයායි මායි වෙලාවකට ඔය උණ ගහ ගලවාගෙන ගිහින් ඊට ටිකක් එහායින් තියෙන ගහේ උගුරැස්ස කඩනවා ය. ඒ උගුරැස්ස ගහ කටු ඉඹුල වගේ හින්දා නගින්න බැරි හින්දා ය. එදත් හැන්දෑවේ අපි ඕක ගලවාගෙන ගිහින් උගුරැස්ස කඩමින් සිටියෝය. උපනන්ද මාමා එදා කසිප්පු බීලා හිංදි සිංදුවක් කියාගෙන ඒදණ්ඩ පැත්තෙන් ආවාය. "දේකා...හේ.... පහේලී..... බාර්........ සා.....ජනකී..... ආ...කෝ....මේ...... ප්යාර්....
ඩිස්ටි.. ඩිඩිං... ඩිස්ටි ඩිඩිං...." මාමා මියුසික් එකත් කටිංම දෙනවා ය. මොනවා උනත් උන්දැට අත්වැල නැතුව ඒ දණ්ඩෙ එන්න බැරි වෙනවා ය. ඒ හින්දා උපනන්ද මාමා බේරා ගැනීමේ පරම චේතනාවෙන් අපි උණ ගහ උස්සාගෙන එතෙන්ට දිව්වෙමි. ඉස්සරහින් දිව්වේ අසේලයාය. අපි පමා උනා වැඩිය. උපනන්ද මාමා ඩිස්ටි ඩිඩිං මියුසික් එක දානකොටත් ඒ දණ්ඩට ගොඩවෙලා ඉවරය. "අබුජාකේ ආ.." කියාගෙන අත්වැල පැත්තට බර උන උපනන්ද මාමා "ආ...." කියාගෙනම ඇලට වැටුණාය. "යාමෙරේ...." කෑල්ල ඇහුනේ ඇලෙන් ය. හැබැයි වැටෙන්න කලින් උපනන්ද මාමා අසේලයා උණ ගහ අරගෙන ඉන්නවා දැකලා තිබුනා ය. අනිත් කොණ අල්ලාගෙන හිටපු මං දකින්න තරං උපනන්ද මාමා පිං කරලා තිබුණේ නෑ ය.

මංගලිකා ගේ අම්මා මල්කාන්ති නැන්දා ය. සමහරු නං එයාට නෝබොඩි කියනවාය. ඒක උනේ එදා අබේ මාමා එල්ලිලා මැරුණ දවසේදිය. පාන්දර එතන ගමේ හැමෝම වටවෙලා හිටියාය. සමහරු මූණ හෝදලා වත් හිටියේ නෑ ය. ගෑණු උදවිය නයිටිය පිටින් ම ඇවිල්ලා ය. පොලිස් ජීප් එක ඇවිත් නැවැත්තුවේ හරියටම මල්කාන්ති නැන්දා ඉස්සරහාමය. ඒකෙන් බැහැපු ඕ අයි සී මහත්තයා "කෝ බොඩිය?" කියලා මල්කාන්ති නැන්දාගෙන් ඇසුවාය. හීහ්... ගාපු මල්කාන්ති නැන්දා අත් දෙකෙන්ම පපුව වහගෙන ගෙදර දිව්වාය. ඕ අයි සී මහත්තයා ඒක දැනගත්තු හැටි ගැන අපි පුදුම උනාය. එතුමා හොරකම් අල්ලලාම දැක්ක ගමන් එහෙම දේවල් පේනවා ඇතැයි මම හිතාගත්තෙමු. අනිත් ගෑණු උදවියත් ඕ අයි සී මහත්තයා මගෑරලා ගියා ය. අපේ ගණන් සර් ඇවිත් "මේ පැත්තේ සර්" කියලා මළකද තිබ්බ පැත්තට ඕ අයි සී මහත්තයා එක්කරගෙන ගියා ය.

ගණන් සර් බීඩි දිසානායක ය. බීඩී කිව්වේ බන්දුල දහම් කියන එක මිසක් සර් බීඩි බිව්වේ නැති ය. සර්ගේ ජන්මාන්තර වෛරක්කාරයෝ අසේලයායි මායි ය. ඒ සර් කියන විදියට අපි සර්ව ගුරු මණ්ඩලේ ටීචර්ලා ඉස්සරහා නිරුවත් කලා කියලා ය. ඒක අපි හිතලා කෙරුවා නෙවෙයි ය. එක අතකින් සර්රුත් ඒකට වැරදි කාරයෙක් වෙමුය. ඒක සිද්ධ උනේ අවුරුදු නිවාඩුවට පස්සේ ය. අසේලයා තුන් හුලස් රතිඤ්ඤයක් ගෙනත් තිබුණා ය. අපි දෙන්නා ම ඊට කලින් එව්වා පත්තු කරලා නැති ය. අපි දෙන්නා ඒකත් අරගෙන ඉස්කෝලේ මිදුල කෙලවරට ගියෝය. එතන ඉඳන් පහලින් තිබුණ වැසිකිලිය උඩින් රතිඤ්ඤෙ පහලට විසිකරන්න පුළුවන් ය. එතකොට ඒක අපි දාපු එකක් නෙමෙයි වගේ වෙනවා ය. අසේලයා රතිඤ්ඤා කරල අරගෙන ගිනිපෙට්ටිය මට දුන්නා ය. මම නූල පත්තු කෙරුවෙමු. වැසිකිළි ගියත් එකට යන ටීචර්ලා කාණ්ඩෙම අපි දන්නේ නැතිවම එතෙන්ට ඇවිල්ලාය. පත්තුවෙන රතිඤ්ඤා කරල අතේ තියාගෙන ඉන්නත් බැරි ය. කලබලේට අසේලයා රතිඤ්ඤා කරල වීසිකලාම ඒක වැටුනේ වැසිකිලියේ වහලෙ උඩටය. තුන් හුලස් රතිඤ්ඤා අනිත් ඒවාට වඩා සද්දය. රතිඤ්ඤා කරල ඩෝං ගාලා වැසිකිළි වහලෙ උඩ පුපුරද්දී කලිසමක් අතිං ඇරගෙන ඒකෙං එළියට පැන්නේ ගණන් සර්ය. ටීචර්ලා කෑ ගහගෙන ආපහු දිව්වා ය. මමයි අසේලයයි කෑ ගහන් නැතුව දිව්වෙමි. ගණන් සර් නං කොහෙවත් දිව්වේ නැති උනාට එක දිගට කුණුහරුප කිව්වාය. කොහොම උනත් ලොකු ඉස්කෝලේ මහත්තයා ට පාර්ශව තුනම එක්කාසු කරගෙන නඩු අහන්ට බැරි උනා ය. ගණන් සර් එනකොට ඇසින් දුටු සාක්කිය උන ටීචර්ලා එන්නේ නෑ ය. ටීචර් ලා එනකොට සර් එන්නේ නෑ ය. අපි නං දිගටම හිටියේ විදුහල්පති කාර්යාලයේ දනගහගෙන හින්දා හැම වෙලාවෙම සිටියෝය. ලොකු ඉස්කෝලේ මහත්තයා නං අපිට ගැහුවේ නැති ය. ඒත් අපේ තාත්තා ඇවිත් අසේලයාටයි මටයි දෙන්නටම ගහලා ගියාය. අසේලයාගේ තාත්තාද ඇවිත් අපි දෙන්නාටම ගහලා ගියාය. ලොකු ඉස්කෝලේ මහත්තයා ටොයිලට් යනකං ඉදලා ගණන් සරුත් ඇවිත් අපි දෙන්නාටම ගහලා ගියෝය. ටීචර්ලා ටික ඇවිත් ගහන්න කලින් ඉස්කෝලේ ඇරියේ අපේ වාසනාවට වෙන්ට ඕනෑය.
සිනහ නොවී මෙය කියවිය හැකිනම් ඔබ දක්ෂයෙකි...

✍️ උපුටාගැනීමකි
සියළුම ගෞරවය මුල් හිමිකරැ සතුයි 🤝

05/09/2024

fans තුර්කි බෝඩරේ TurkeY BodarEEuropean Union in Sri Lanka and the Maldives Sri Lankans

04/09/2024

🇹🇷🍇

28/08/2024

❤️❤️❤️❤️

16/08/2024

අද උදෑසන පාසලට පැමිණෙන මොහොතේදී 6 ශ්‍රේණියේ ගැහැණු දරුවෙකු තම පාසල් වෑන් රථයෙන් බැස පාර මාරුවී පාසල දෙසට පැමිණීමේදී පිටුපසින් පැමිණි පුද්ගලයෙක් ඇයගේ බෑගයෙන් ඇද, ඇයගේ පියා රිය අනතුරකට භාජනය වී ඇති බව දන්වා, ඇයට ඔහු සමග යාමට පැමිණෙන ලෙස දන්වා ඇත. පියා නිවසේ සිටින බව දන්නා දරුවා තම ගුරුතුමිය මගින් ගෙදරට දුරකතන ඇමතුමක් ගෙන දැනගන්නා බව පවසා පාසල තුලට ඉක්මනින් පැමිණ ඇති අතර, එම පුද්ගලයා ඉක්මනින් ගොස් නවතා තිබූ වෑන් රථයට ගොඩවී ඇත. එහි තවත් පුද්ගලයින් පස්දෙනෙකු පමණ සිට ඇත. මෙය පාසලේ දරුවන්ට භයානක අනතුරක් බැවින් හැකි ඉක්මනින් සියලු ගුරුභවතුන් මේ පිළිබඳව සියළු දරුවන්ව දැනුවත් කරන්න.

හෙට ඔයාගෙ දරුවට මේ දේ වෙන්න කලින් එයාලව දැනුවත් කරල තියන්න 🥺🙏

තුර්කියේ සාම්ප්‍රදායික නර්තනයක්. A traditional dance of Turkey 13/08/2024

තුර්කියේ සාම්ප්‍රදායික නර්තනයක් dancing 🕺
A traditional dance of Turkey
තුර්කි බෝඩරේ TurkeY BodarE

තුර්කියේ සාම්ප්‍රදායික නර්තනයක්. A traditional dance of Turkey

02/08/2024

#තුර්කි 👍🍒🇹🇷

01/08/2024

මීටර් 10 වායු පිස්තෝල රිදී 🇹🇷
සන්සුන් භාවයේ සහ දක්ෂතාවයේ කැපී පෙනෙන සංදර්ශනයකින්, තුර්කි වෙඩික්කරු යූසුෆ් ඩිකෙක්, සෙව්වල් ඉලේඩා ටර්හාන් සමඟින්, බදාදා පැරිස් 2024 ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී මීටර් 10 වායු පිස්තෝල මිශ්‍ර කණ්ඩායම් ඉසව්වෙන් රිදී පදක්කමක් දිනා ගත්තේය. ඔවුන්ගේ සුවිශේෂී කාර්ය සාධනය වෙඩි තැබීමේ දී Türkiye ගේ පළමු ඔලිම්පික් පදක්කම සනිටුහන් කළා පමණක් නොව, ලොව පුරා රසිකයින්ගේ පුළුල් අවධානයට ලක් වූ ඩිකෙක්ගේ සැලකිය යුතු ලිහිල් හැසිරීම අවධාරණය කළේය.

සර්බියාවේ Damir Mikec සහ Zorana Arunovic ට එරෙහිව ඉහළ කොටස් අවසන් තරගයේදී Dikec ගේ සුවිශේෂී ප්‍රවේශය විශේෂයෙන් කැපී පෙනුණි. බොහෝ තරඟකරුවන් මෙන් නොව, ඩිකෙක් හෙඩ්ෆෝන් පැළඳ නොසිටීමට තීරණය කළ අතර, ප්‍රේක්ෂකයින් අතර ප්‍රතිරාවය කරන සන්සුන් විශ්වාසයක් පිටකරමින්, සැහැල්ලුවෙන් තම සාක්කුවේ එක් අතක් පවා තබා ගත්තේය. මෙම සාම්ප්‍රදායික නොවන විලාසය සමාජ මාධ්‍ය ඝෝෂාවට දායක වූ අතර, දැඩි පීඩනය යටතේ සැහැල්ලුවෙන් සිටීමට ඔහුට ඇති හැකියාව රසිකයන් අගය කළහ.

❤️🇹🇷

Photos from තුර්කි බෝඩරේ TurkeY BodarE's post 31/07/2024

පොල් සම්බෝලයි උණු සුදු බතුයි කියන්නෙ ඉතින් 🔥😋
තුර්කි බෝඩරේ TurkeY BodarE

31/07/2024

#තුර්කි fans තුර්කි බෝඩරේ TurkeY BodarE

Photos from තුර්කි බෝඩරේ TurkeY BodarE's post 29/07/2024

දැක්කම පපු කඩන් යන්න වේදනාව 👇

මේ කොල්ලා සුපිරිම කොල්ලෙක්.වහනයේ කෙබල් එක කඩලා ගියා හයරුත් නැහැ.කර කියා ගන්න දෙයක් නෑ.තල්ලු කරන් අවා.පලවන ගැරෙජ් එක සෙට් වුනා ඇහුවා ID එක දෙන්නම් හදලා දෙන්න සල්ලි ගෙනත් දිලා ගන්නම් කියලා බෑ කිවා.ඉස්සරහට ගියා තව එකක් තිබ්බා එතන මේ වෙලේ බෑ කිවා.තිත්තම වුනා අවුවේ ඇවිදලා.දලා යන්නත් බෑ එරියා එක දන්නෙත් නෑ.මොනවා කරන්නද කියලා තල්ලු කරන් තව ඉස්සරහට ගියා.

හිතා ගත්තා අයෙ ගැරෙජ් වලින් අහන්නෙ නෑ ගෙයක් බලලා දලා යනවා කියලා.වැඩි දුරක් යන්න ලැබුනේ නෑ පාරෙන් එහා පැත්තේ කොල්ලෙක් ඉදලා ලගට දුවන් ඇවිත් මොකද වෙලා තියෙන්නෙ කියලා ඇහුවා.මජන් කිට් එකකුත් තිබ්බා.බලද්දි කොල්ලා ගැරෙජ් එකක් කරනවා ටිකක් එහායින්.මිනිහා ත්‍රිවිල් එක ගත්තා ඔයා මහත්තයා රෙස්ට් එකේ එන්න මන් මේ ටික තල්ලු කරන් යන්නම් කිවා.

ගියා ගැරෙජ් එකකට.වට පිට බලද්දි අමරුවෙන් අටවගෙන කරගෙන යන ගැරෙජ් එකක් කියලා බැලු බැල්මට තෙරෙනවා.තව ටිකක් විපරම් කලා අයිති කෙනෙක් පෙන්නත් නෑ. කොල්ලා වාහනය ඇතුලට දලා හදන්න පටන් ගත්තා.මම කලබල වෙලා මන් ඉන්න තත්වය පැහැදිලි කලා.මිනිහා නෙවේ කනකටවත් ගත්තේ කතාව අහන ගමන් වැඩේ කරන් ගියා.පොඩි Phone එකක් අඩුමිටි පෙට්ටි අස්සෙම උඩ තියලා අතට අරන් ගත්තා Call එකක්. බොසා ඔයාගේ කෙබල් එක මන් ගන්නවා එද්දි තව එකක් අරන් එන්න මන් එකට සල්ලි දෙන්නම් කිවා තිබ්බා.

මන් මගින් මගට කිවා සල්ලි අවුලක් තියනවා මෙහෙමයි කියා කියා.කොහෙද ගානකටවත් ගත්තෙ නෑ වහනේ හදලා ඇතුලට ගියා මජන් අත් දෙකෙන් 500/= ගෙනල්ලා අතට දුන්නා යනගමන් තේ එකක් බිලා තෙල් ටිකකුත් පුලුවන් නම් ගහගන්න කියලා.පපුව හොස් ගලා ගියා දුප්පත්ම දුප්පත් කොල්ලෙක් ගැරෙජ් එකත් අට්ටාලේ වගේ.මේ වගේ කොල්ලෝන්ට කවදාක හරි උතුරන්න හරි යන්න ඔනේ.
දෙහිවල ගල්කිස්ස අහල පහල ඉන්න හැම කෙනෙක්ම මෙක දකින්න ඔනේ.සුපිරිම දක්ශයා ඒ වගෙම සුපිරිම හදවතක් කොල්ලට දෙවියන්ගෙම පිහිට ❤️🙏

මගේ හොදම යාලුවා දිලාට වුන සිදුවිමකි.යාලුවට කලා කියන්නෙ මට කලා වගේ.👇දැක්ක කෙනා සලකමු.🙏❤️

NS Motars
37/E Aththidiya Rod,kawudana,Dehiwala

Turkey Bodare - තුර්කි බෝඩරේ 27/07/2024

තුර්කි බෝඩරේ YOUTUBE CHANNEL එකට ඔබව සාදරයේන් පිලිගන්නවා🇹🇷🇱🇰

Turkey Bodare - තුර්කි බෝඩරේ Hi YouTube fam!!❤️ Welcome to Turkey bodare On my channel, you will find vlogs and my travel stories. Thank you following my YouTube channel. I'm Don

08/07/2024

ක්ලබ්‍ වසන්ත ඇතුළු දෙදෙනෙකුට මරු කැඳවූ වෙඩි තැබීම

07/07/2024

ලංකාවෙදි වගේම තුරුකියේදීත් හමුවෙන අපි කන්න කැමතිම කෑමක්🇹🇷🇱🇰😘 #තුර්කි #ස්තාන්බුල්

Photos from තුර්කි බෝඩරේ TurkeY BodarE's post 26/02/2024

25/02/2024

හැ😗

15/02/2024

සාමාන්‍යයෙන් අහලා තියෙනවා නේද degree එකක් කරලා ශිශ්‍යත්වයක් අරගෙන රට යන අය , ඒ කියන්නෙ හැමදෙයක්ම නොමිලේ , course fee, ticket fee, මාසෙකට ගානක්, කෑම ,ඉන්ඩ තැනක් ඔක්කොම නොමිලේ

එහෙම යන්නේ කොහොමද කියලා දන්නවා ද , ( ගිය උන් කියන්නේ නැ උන් කුහකයි 🤣

මේක මාත් මේ ලගදි හොයාගත්ත දෙයක් (china වල ඉන්නේ ලස්සන අක්කෙක් කියලා දුන්නේ 😁

සාමාන්‍යයෙන් දෙන්නේ රජය සම්බන්ද වෙලා එයාලට තමා කියන්නෙ scholarship දෙන්න ලමයි හොයලා දෙන්න කියලා . ඉතින් ලංකාවේ ministry වලින් ඕවා හරියට වෙන්නේ නෑ...... එයාලා ඒ ඔක්කොම publish කරන්නේ
https://www.erd.gov.lk/index.php?option=com_content&view=article&id=91:long-term&catid=27&lang=en

(long term)

කියන website එකේ.... ඔයාලට ගිය ගමන්ම පැහැදිලිව තියෙනවා මොන රටින්ද මේ දවස් වල scholarship තියෙන්නේ කියලා , ඉතින් කවදහරි bsc/ba අරගෙන් නොමිලේ රට යන්න ආසාවක් තියෙනවා නම් මේ post එක save කරගන්න ,

මේ දවස්වල korea,japan, swiz, usa, thai වගේ රටවල් walata scholarship තියෙනවා , February ඉවරවෙනවා

degree එකක් තියෙනවා නම් දාන්න ,බොහෝවිට හරියනවා මොකද ගොඩක් අය මෙව්වා දන්නේ නෑ.......... මන් නම් කාලෙකට සැරයක් මෙක බලනවා aniwaren,

උපුටාගැනීම - නාරා talk facbook පිටුවෙන්

10/02/2024

*අනතුරු ඇඟවීමක් !

*ඔබේ මෝටර් රථයේ ඩිකිය කිසිවිටෙක කිඩිවෙකුට ඇතුළතින් විවෘත නොකරන්න.*

මේ මිතුරාගේ අත්දැකීම කියවන්න .
"
"ඊයේ රාත්‍රියේ මා නිවසට යන විට විට පොලිස් නිලධාරියෙක් මට නවත්වන ලෙස සංඥා කළේය.
මම නැවැත්තුවාම එයා මට කිව්වා කාර් එකේ ඩිකිය අරින්න කියලා.
මම ඩිකිය ඇතුළතින් විවෘත කර බැසීමට සූදානම්ව සිටියද, පොලිස් නිලධාරියා පැවසුවේ “හරි හරි ඔයාට යන්න පුළුවන්” කියාය.

මම මගේ මෝටර් රථය පණ ගන්වා රිය පැදවීමට පටන් ගත්තෙමි, නමුත් යමක් මගේ මනසට වැදුණේ මගේ පසුපස දර්ශන කණ්ණාඩියෙන් එක් පොලිස් නිලධාරියෙකු ඔහුගේ දුරකථනයෙන් හදිසියේම කාටද කෝල් කරනු දුටු බැවිනි.

මම ටිකක් ඉස්සරහට ගිහින් හොඳ මාර්ග ආලෝකයක් හොයාගෙන මගේ කාර් එක නැවැත්තුවා. එන්ජිම ක්‍රියා විරහිත කර මම ගොස් මගේ ඩිකිය විවෘත කළෙමි.

දෙවියනේ...!
සුදු පළිඟු වගේ ඉතා කුඩා සිප් ලොක් බෑග් දෙකක් ඇතුළත දැකීමෙන් මම තිගැස්සී ගියෙමි. ((අයිස්,හෙරොයින් හෝ කොකේන්)

මම හිරිවැටුන නමුත් එය විසි කිරීමට තීරණය කළ අතර මත්ද්‍රව්‍ය සම්බන්ධ නඩුවකට මා පටලවන්න කල එවැනි දූෂිත නිලධාරීන්ගේ කැත වැඩ න් මා බේරා ගැනීම ගැන දෙවියන්ට ස්තූතිවන්ත විය.

පොලිසියේ නිලධාරීන් ඊළඟ මුරපොලේ සිටගෙන සිටින තම සගයන්ට මෝටර් රථයේ අංකය ලබා ගැනීමට දැනුම් දෙන්නට ඇත. මගේ අනුමානය නිවැරදි විය.
ආසන්න වශයෙන්, සැතපුම් භාගයකට පසු, තවත් පොලිස් නිලධාරියෙකු විසින් මා නතර කරන ලදී. මේ පාරත් මගේ ඩිකිය අරින්න කිව්වා. දැන් මම බැහැලා, පිටිපස්සෙන් ගිහින්, යතුරින් ඩිකිය ඇරියා. ඔවුන් කිසිවක් සොයා නොගැනීම ගැන ඔවුන්ට ප්‍රහේලිකාවක් සහ පුදුමයට පත්වන්නට ඇති බව මට විශ්වාසයි.

*ඔබේ මෝටර් රථ ඩිකිය ඇතුළතින්, කිසිවෙකු සඳහා, සාප්පු සංකීර්ණවල හෝ ගේට්ටු පිවිසුමේදී පවා විවෘත නොකරන්න. සෑම විටම බැස යතුරු සමඟ ඵය විවෘත කර ඔබේම අධීක්ෂණය යටතේ සෙවීමට අවසර දෙන්න. . ඔබ නමුත් සිර දඬුවමක් විඳීමෙන් ඔබ සදාකාලිකව වැඩ කළ සියල්ල නැති කර ගත හැකිය.

මේ දුෂ්ට හොරුන්ගෙන් තවත් අයව බේරගන්න Share කරන්න!

කොළඹදී වු සිදුවීමකි.
Copied

09/02/2024

ටර්කියේ අධ්‍යාපනික උරුමයේ මූලිකවන ඉස්තාන්බුල් විශ්ව විද්‍යාලය (IU), බ්‍රහස්පතින්දා එහි කීර්තිමත් Beyazit මණ්ඩපයේ දොරටු අමුත්තන්ට විවෘත කළේ එහි පොහොසත් ඉතිහාසය සහ ශාස්ත්‍රීය දස්කම් පිළිබඳ දර්ශනයක් ලබා දෙමිනි.


ඉස්තාන්බුල් යටත් කර ගැනීමෙන් පසු ෆාති සුල්තාන් මෙහ්මෙට් විසින් 1453 හි මෙඩාරිස්-අයි සේමානියේ (සාන්-ඊ සෙමන්) ලෙස පිහිටුවන ලද ඉස්තාන්බුල් විශ්ව විද්‍යාලය අධ්‍යාපනය සහ බුද්ධිමය වර්ධනය සඳහා නගරයේ කල්පවත්නා කැපවීම ලෙස පවතී. සිය වසර 571 ක ගමන තුළ, ආයතනය විද්‍යා ක්ෂේත්‍රයට නොමැකෙන දායකත්වයක් ලබා දුන් අසංඛ්‍යාත ප්‍රභූන් පෝෂණය කර ඇත.

නගරයේ ඓතිහාසික අර්ධද්වීපයේ පිහිටි එහි ඓතිහාසික බෙයාසාට් මණ්ඩපය සඳහා ප්‍රසිද්ධියක් උසුලන, එහි බලවත් ගේට්ටුවෙන් සරසා ඇති ඉස්තාන්බුල් විශ්ව විද්‍යාලය ඉගෙනීමේ උච්චස්ථානයක් වී ඇති අතර වසර ගණනාවක් තිස්සේ අසංඛ්‍යාත සිසුන් උපාධි ලබා ඇත. බොහෝ දෙනෙකුට, එහි පූජනීය ශාලා තුළට ඇතුළුවීම ආදරණීය අභිලාෂයක් ලෙස පවතී.

වැඩි විනිවිදභාවයක් සහ නියැලීමක් ඇති කිරීම අරමුණු කරගත් පියවරක් ලෙස, විශ්ව විද්‍යාල පරිපාලනය එහි ප්‍රධාන Beyazıt මණ්ඩපය පමණක් නොව, Laleli, Horhor, Avcılar, Çapa, Şişli, Kadıköy, Bahçekçyrky, Bahçekçyrky, visit to Laleli හි චන්ද්‍රිකා මණ්ඩප විවෘත කිරීමට තීරණය කර ඇත. සතියේ දිනවල පෙ.ව. 8:30 සිට සවස 5 දක්වා ප්‍රවේශයට අවසර දී ඇති අතර, ආයතනයේ විවිධ අධ්‍යයන භූ දර්ශනය ගවේෂණය කිරීමට අමුත්තන්ට සුවිශේෂී අවස්ථාවක් ලබා දේ.

මීට අමතරව, මධ්‍යම කැම්පස් හි පිහිටා ඇති බෙයාසාට් ගිනි කුළුණ සහ කෞතුකාගාර ලෙස නම් කර ඇති ගොඩනැගිලි හතරක් නරඹන්නන්ට පුදුම විය හැකිය. ආයතනික සන්නිවේදන සම්බන්ධීකාරක සමඟ ලියාපදිංචි වූවන්ට ලබා ගත හැකි මෙම වෙබ් අඩවි වල මාර්ගෝපදේශ සංචාර, විශ්ව විද්‍යාලයේ උරුමය සහ වැදගත්කම පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබා දෙයි.

Anadolu Agency (AA) වෙත අදහස් දක්වමින් IU Rector Osman Bülent Zülfikar, Türkiye හි විද්‍යාත්මක දියුණුව සඳහා විශ්ව විද්‍යාලයේ ප්‍රධාන භූමිකාව අවධාරනය කළ අතර, එහි උරුමය සමඟ සම්බන්ධ වන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටියේය. Zülfikar විවෘත භාවය සහ ඇතුළත් කිරීම සංකේතවත් කරමින් "තාප්ප නොමැති විශ්ව විද්‍යාලයක්" යන සංකල්පය අවධාරණය කළේය.

"අපට අවශ්‍ය වන්නේ විශ්ව විද්‍යාලය නිවැරදිව අයිති තැන ස්ථානගත කිරීමටයි," සුල්ෆිකාර් ටර්කියේගේ ඔරොත්තු දීමේ හැකියාව සහ එකමුතුකම ගැන සඳහන් කළේය. "අපගේ ජාතියේ එකමුතුකම ගැන අප විශ්වාස කරන බැවින්, සෑම කෙනෙකුටම දොරටු විවෘතව ඇත," සමාජය පුරා සහයෝගීතාවය සහ සංවාදය පෝෂණය කිරීමට විශ්ව විද්‍යාලයේ කැපවීම පිළිබිඹු කරමින් ඔහු වැඩිදුරටත් පැවසීය.

කැම්පස් ගේට්ටුව විශ්ව විද්‍යාලයේ අනන්‍යතාවය සංකේතවත් කරන බව Zülfikar අවධාරණය කළේය: "ඕනෑම අවස්ථාවක, දේශීය හෝ ගෝලීය වේවා, අපගේ ගේට්ටුව ආයතනය නියෝජනය කරයි. එය අපගේ නිල ලේඛනවල අපගේ ලාංඡනය ලෙස ප්‍රමුඛව දක්වා ඇත."

ඔහුගේ ධූරකාලයේ මුල් අවධියේ වැදගත් අවස්ථාවක් ගැන ආවර්ජනය කරමින්, සුල්ෆිකාර් මෙසේ විස්තර කළේය: "මගේ පළමු මාසයේ අවසානය හෝ දෙවන මාසයේ ආරම්භය වන විට, ශාලාවේ කථාවක් අතරතුර, අපගේ ගේට්ටුව තිරය මත ප්‍රක්ෂේපණය කර ඇති බව මම දුටුවෙමි, නමුත් එය තීරු වලින් පෙන්වනු ලැබීය. වැසී ගියේය.මෙය මගේ සිතට තදින්ම වැදුණි.මම මෙසේ ප්‍රකාශ කළෙමි, 'මෙම නිරූපනය අපගේ සාරධර්ම සමඟ නොගැලපේ. විශ්වවිද්‍යාල ප්‍රවේශය තහනම් නොකළ යුතුය. එය කලකිරවන සුළුය. එවැනි ප්‍රතිරූපයක් ඇති සිසුන් අප පිළිගන්නේ කෙසේද?'

ගැටලුව මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන් ක්‍රියාමාර්ග ගැනීම ගැන ඔහු විස්තර කළේය, එහි ප්‍රතිඵලයක් ලෙස බාර් ඉවත් කිරීමට සහ වඩාත් පිළිගැනීමේ පණිවිඩයක් ලබා දීමට තීරණය විය.

“අපට අවශ්‍ය වූයේ අපගේ සිසුන්ට ආරක්‍ෂාව සහ ගෞරවනීය බව සහතික කරමින්, පටු හැරීම්වලින් නොව මධ්‍යම ගේට්ටුවෙන් ඇතුළු වීමටයි,” Zülfikar තහවුරු කළේය.

කැම්පස්හි වැදගත්කම ඉස්මතු කරමින්, සුල්ෆිකාර් එහි නිතර සිදුවීම් පැවැත්වීම සටහන් කළ අතර, ඒවායේ ඓතිහාසික වැදගත්කම හේතුවෙන් ඇතැම් ප්‍රදේශ "විශ්වවිද්‍යාල කෞතුකාගාරයකට" පවා සමාන කළේය.

ඔහු කැම්පස්හි ඓතිහාසික වැදගත්කම සිහිපත් කරමින් මෙසේ පැවසීය: "මෙම කැම්පස් එක ඔටෝමාන් අධිරාජ්‍ය සමයේ යුධ අමාත්‍යාංශයක් වූ අතර පළමු ලෝක සංග්‍රාමයේදී ප්‍රධාන ස්ථානයක් විය. අපගේ දරුවන් මෙහි ඇති ගෞරවය සහ සන්සුන් භාවය තේරුම් ගත යුතුය, ගොඩනැගිලි පමණක් නොව, ඔවුන් සඳහා අවකාශයන් ඇත, නමුත් ඔවුන් තුළ ඇති වැදගත්කම දැනී එය ලබා දෙන්න."

Zülfikar පත් කිරීම මගින් Pharma ෂධ කෞතුකාගාරයේ සහ ගිනි කුළුණෙහි මාර්ගෝපදේශ සංචාර සඳහා අවස්ථා මෙන්ම, රෙක්ටෝරේට් ගොඩනැගිල්ලේ ඉදිරියේදී පැවැත්වීමට නියමිත චිත්‍ර ප්‍රදර්ශනයක් ද සඳහන් කළේය.

ඉස්තාන්බුල් විශ්ව විද්‍යාලයේ අනාගතය සඳහා අභිලාෂයන් ප්‍රකාශ කරමින්, ඉස්තාන්බුල්හි සාරය සංග්‍රහ කරමින්, Suleymaniye සංකීර්ණය සහ Beyazıt වැනි ඓතිහාසික බිම් සලකුණු සමඟින් Zülfikar එහි නියම ස්ථානය අපේක්ෂා කළේය

05/02/2024

New look🇹🇷🚦

Photos from තුර්කි බෝඩරේ TurkeY BodarE's post 04/02/2024

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 76 වැනි සංවත්සරය නිමිත්තෙන් ධජය එසවීමේ උත්සවය
තුර්කියේ ශ්‍රී ලංකා තානාපතිනී හසන්ති ඌරුගොඩවත්ත දිසානායක සහ ඔහුගේ බිරිඳ මහාචාර්ය ඔස්කා කිත්සිරි දිසානායක ශ්‍රී ලංකාවේ 76 වැනි නිදහස් සංවත්සරය වෙනුවෙන් තානාපති කාර්යාලයේදී උත්සවයක් පැවැත්වීය.
තානාපති කාර්යාල උද්‍යානයේ ධජය එසවීමේ උත්සවයෙන් ආරම්භ වූ මෙම උත්සවය පූජ්‍ය පක්‍ෂයේ දේව කන්නලව්වෙන් ද පැවැත්විණි.
තානාපති දිසානායකගේ සමාරම්භක කතාවෙන් පසු අමුත්තන්ට ශ්‍රී ලංකා ප්‍රණීත ආහාර පිරිනැමිණි.
Copied

TikTok · 🇱🇰💀DAMINDA💀🇹🇷 04/02/2024

TikTok · 🇱🇰💀DAMINDA💀🇹🇷 Check out 🇱🇰💀DAMINDA💀🇹🇷's video.

Photos from තුර්කි බෝඩරේ TurkeY BodarE's post 31/01/2024

සිමිට් යනු ඉස්තාන්බුල්හි සහ රටේ අනෙකුත් බොහෝ ප්‍රදේශවල වඩාත් ජනප්‍රිය සහ සර්වසම්පූර්ණ වීදි ආහාරය වේ. ඔබ කවදා හෝ තුර්කියට ගොස් ඇත්නම්, ඔබ නිසැකවම එය හමු වී ඇත.

25/01/2024

Ai තාස්සනයේ දියුනුව 🤯

25/01/2024

"මහණෙනි, මාගේ ශාසනයේ විනාශය ශාසනය තුළින්ම පැනනගිනු ඇත" - බුදුරජාණන්වහන්සේ.

විකෘති පුද්ගලයන් ශාසනයට ඇතුල් වීම නිසා එන්න එන්නම ශාසනය පිරිහෙනවා. ඒ නිසා ඔබත් අප්‍රමාදී වෙන්න. අවබෝධයෙන් තොරව සිවුරක් දැරූ පමණින් කිසිවෙකුට මිත්‍යාදෘෂ්ඨියෙන් ගැලවෙන්න බෑ.

මෙය ඉතාම බරපතල ගැටලුවක්. මෙහෙම ගිහිල්ලා පිරිසිදු ධර්මය අතුරුදහන් වෙන්න වැඩි කාලයක් ගතවන එකක් නෑ...

සැ.කි.යු : මෙම වීඩියෝව ලංකාවේ එකක් නොවන බව කරුණාවෙන් සලකන්න. නමුත් මෙමඟින් අප ඔබට ඉදිරිපත් කරන්න උත්සාහ කරන පණිවිඩය පමණක් හොඳින් තේරුම් ගන්න.

25/01/2024

#ස්තාන්බුල් #තුර්කි

25/01/2024
Want your business to be the top-listed Travel Agency in Istanbul?
Click here to claim your Sponsored Listing.

Videos (show all)

🇹🇷🍇 #turkey #aksaray #viewers #vlog #viralvideochallenge #istanbul
#turkey #istanbul #තුර්කි #cherry #viewers #viralvideoシ 👍🍒🇹🇷
#තුර්කි #istanbul #turkey #viral #foodlover
ක්ලබ්‍ වසන්ත ඇතුළු දෙදෙනෙකුට මරු කැඳවූ වෙඩි තැබීම #turkeybodarey #news #viral
ලංකාවෙදි වගේම තුරුකියේදීත් හමුවෙන අපි කන්න කැමතිම කෑමක්🇹🇷🇱🇰😘 #තුර්කි #ස්තාන්බුල් #short #turkeybodarey #turkey #viral
හැ😗
"මහණෙනි, මාගේ ශාසනයේ විනාශය ශාසනය තුළින්ම පැනනගිනු ඇත" - බුදුරජාණන්වහන්සේ.විකෘති පුද්ගලයන් ශාසනයට ඇතුල් වීම නිසා එන්න එන...
#Istanbul #turkey #short #video #ස්තාන්බුල් #තුර්කි #turkeybodarey
එක ගලෙන් කුරුල්ලෝ දෙන්නයි
#travel #turkey #istanbul #traveldiaries

Website

https://www.youtube.com/@TurkeyBodare

Address


Istanbul
Other Tourist Information Centers in Istanbul (show all)
All About Turkey All About Turkey
Istanbul, 34380

Informative page on Turkey. Everything you want to know about Turkey's history, culture, tourist sit

You in Türkiye You in Türkiye
Istanbul

All you need at one place!

Medi world tourism Medi world tourism
Aksaray. Horhor Caddesi 37A
Istanbul, 0090

نستمر منذ ١٤ عاما بتقديم افضل الخدمات اللتي تهم ضيوف تركيا، شعارنا الدقة والالتزام❤️

Hagia Sophia Grand Mosque Hagia Sophia Grand Mosque
Beyazıt, Istanbul
Istanbul

Hagia Sophia Grand Mosque

Batman Tanıtım Günleri Batman Tanıtım Günleri
Istanbul

Batman Valiliği tarafından düzenlenen, Petrolden Doğan Şehir Batman Tanıtım Günleri 5 - 8 Aralık'da İstanbul Yeniakapı Etkinlik Alanı'nda

Cengiz turizm vıp Cengiz turizm vıp
Zafer Mahallesi Ncadde Bızınıs No-99/kat5/d 32
Istanbul, İHL

Cengiz turizm Vıp Olarak sizleri arkadaşlarınız veya aileniz ile birlikte günü birlik konakla

Travelista Turkey Travelista Turkey
Istanbul

نعرض لكم اجمل واهم الاماكن السياحية في تركيا ونقدم لكم جميع النصائح اللازمة بطريقة مبسطة وجذابة

turkish_turist turkish_turist
Istanbul

First Direction Real Estate and general trade فيرست دايركشن للعقارات First Direction Real Estate and general trade فيرست دايركشن للعقارات
Istanbul

لكل ما يتعلق ببيع وشراء الشقق في تركيا لكل ما يتعلق بال?

كنوز اسطنبول للسياحة - kunuz Istanbul travel كنوز اسطنبول للسياحة - kunuz Istanbul travel
KOCATEPE MAH. ŞEHİT MUHTAR BEY Caddesi NO: 61 İÇ KAPI NO: 2 BEYOĞLU/
Istanbul

اكتشف أسرار اسطنبول 🧐 من خلال تجربة كنوز اسطنبول 💎.

JUST_ For _FUN JUST_ For _FUN
Istanbul

I’m trying to make videos from beautiful sights and places to share with you in this channel. All time lapses and enjoying music videos where shot personally and I’d be happy if yo...

Messt Tourism Messt Tourism
Kocatepe Mah Dolapdere Caddesi No 77 Kat 1 Polat Işhane Taksim
Istanbul, 34437

شركة ميست للسياحة في تركيا 🇹🇷