Gaiya - ගයියා

Simple life

12/05/2023

එයා මාව රැවට්ටුවට මං එයාව රැවට්ටුවේ නෑ. රවට්ටපු එයා එච්චර හොදින් ඉන්නවා නම් හදවතින්ම ආදරේ කරපු මං කොච්චර හොදින් ඉන්න ඕනද?

Wait_____ Universe එක ඉක්මනට ඒ දවස ඔයාට දෙයි ❤️🌻

#ගයියා #ගයාෂාන්

12/02/2023

නිකමට හිතෙන්නෙ නැද්ද, අපි ජීවත් වෙන්නෙ "අඳුරන අය" සහ "යාලුවො" කියන වචන දෙක පටලවගෙන කියලා..?

යාලුවො කියලා කියන්නෙ,
අපිට මතක තියෙන කාලෙක ඉඳන් අපි දැන අඳුරගෙන හිටපු මිනිස්සුන්ටම නෙමෙයි,

මඟ තොටකදි හිනාවෙලා-කතා කරලා-බායි කියලා යන මිනිස්සුන්ට නෙමෙයි,

ෆේස්බුක් එකේ ලයික් කමෙන්ට් කරන, ඉන්බොක්ස් එක ඇතුළෙ විස්තර බෙදාගන්න අයට නෙමෙයි,

අපිට හම්බවෙලා තියෙන රස්සාවල් නිසා, සමාජ පිළිගැනීම් නිසා අපි එයාලගෙ යාලුවෙක් බව පෙන්වීමේ අදහසින් අපි ළඟ ඉන්න අයටත් නෙමෙයි,

යාලුවො කියන්නෙ...,

කවදා කොහොම අඳුරගත්තත්, අපි නිසා බැබළෙන්න උත්සාහ නොකරන මිනිස්සුන්ට.

වැරදි වැටහීම් වලදි, අනික් කෙනාව වැරදිකාරයෙක් කරන්න කලින්, කතා බහ කරලා ඒවා විසඳගන්න උත්සාහ කරන මිනිස්සුන්ට.

"මං ඔයා එක්ක මොන දේකදි උනත් ඉන්නවා" කියලා කියන වචන, වචන විතරක් නොකර ඇත්තටම ඔප්පු කරලා පෙන්නන මිනිස්සුන්ට.

අපේ ජීවිත ඇතුළට එකපාර කඩා වදින කුණාටු වලදි, අපිව හයියෙන් අල්ලගන්න මිනිස්සුන්ට.

ඒ නිසා,
අඳුරන මිනිස්සුන්වයි, යාලුවන්වයි මොනම වෙලාවකදිවත් පටලවගන්න එපා.

යාලුවො කියලා කියන්නෙ අපිව අවුරුදු දහයක් දැනගෙන හිටියත්, මාස දහයක් දැනගෙන හිටියත්, අපි වෙනුවෙන් කොන්දේසි විරහිතව ළඟින් ඉන්න මිනිස්සුන්ට..! 💜

✍️ Purple Vibes by Mekala - මේකලා දහනායක

11/30/2023

ගොඩක් වෙලාවට ඔයා ආකර්ශනීය පුද්ගලයෙක් වෙන්නෙ ඔයාගෙ බාහිර ස්වරූපය නිසා නෙවෙයි!

ඔයාගෙ ආත්මයේ ස්වරූපයේ නිසා......
සමහරු ඉන්නවා හේතුවක් නැතිවම හරිම ආකර්ශනීයයි.

බැලූ බැල්මට විශේෂයක් නැති වෙන්න පුලුවන් ඒත් එහෙම අය දැක්කම ගොඩක් අයට ඒ කෙනා එක්ක කතා කරන්න හිතෙනවා.....

එයාව යාලුවෙක් කරගන්න හිතෙනවා.....

සමහර වෙලාවට ඒ කෙනාට ආදරේ කරන්න හිතෙනවා...

මේ විදිහ මාර powerful attraction එකක් සමහර මිනිස්සු ලඟ තියෙනවා ඔයාල දැකලා ඇති....

ඒකට හේතුව ඒ අය යූස් කරන පර්ෆියුම් එකවත්....

ඒ අය අඳින පලඳින විදිහවත් ඒ අයගෙ බොඩි ෂේප් එකවත් මේ කිසිම දෙයක් නොවෙන්න පුලුවන්.......

ඒ තමයි ඒ අයගෙ ස්පිරිට් එකේ තියෙන අමුතුම වයිබ් එක......

නැත්නම් එහෙම අයගෙ ආත්මයේ කම්පන සංඛ්‍යාතය හරි විශාලයි.

ඕරාව ගොඩක් දීප්තිමත්.....

ඒ නිසයි සමහර මිනිස්සු අනෙක් අයට ගොඩක් ආකර්ශනීය වෙන්නෙ.....

සමහර වෙලාවට මිනිස්සුන්ට විතරක් නෙවෙයි සතුන්ටත්....

එහෙම මිනිස්සුන්ගෙ ඇස් දිහා අහම්බෙන් බැලුනත් ඇති....

ඔයා මොන විදිහ කෙනෙක් වුනත් ඔයා අභ්‍යන්තරයෙන් යහපත් වන තරමට.....

අන් අයට ඊරිසියා නොකරන වෛර නොකරන සහ ඔයාගෙ negative energies clenser කරගන්න තරමට ඔයා අන් අයට ප්‍රියතාවයක්,කැමැත්තක් ඇති කරවන කෙනෙක් බවට ඉබේටම පත් වෙනවා.....

ඒක "මම හොදයි "කියලා කාටවත් කියන්නවත් පෙන්නන්වත් ඕන නෑ......

ඒ දේවල් ඉබේටම දැනෙනවා.

ඔයා ඇතුලෙ කුණු පුරවන් මම හොදයි කිය කිය ලෝකෙට මවා පෑව කියලා මුකුත් ලැබෙන්නෙ නෑ.

ඒකට ආත්මය පිරිසිදු වෙන්න ඕන.

අපි හැමෝටම හැම වෙලාවකදිම හැම කෙනාටම හොඳ මනුස්සයෙක් වෙන්නත් බෑ.....

මොකද අපි ජීවත් වෙන්නෙ භෞතික ලෝකයක නිසා හැලහැප්පීම් වැඩියි.

නමුත් ඔයාට හැකි තරම් අන් අයට සිතුවිල්ලකින්වත් අයහපතක් නොකරන තරමට.....

ඔයා ගැන ඔයාට ලොකු විශ්වාසයක් ආදරයක් ඇති තරමට ඔයා ආකර්ශනීය කෙනෙක් වෙනවාමයි.....

ඉතින් එහෙම මිනිස්සු ඔයා දැකලා ඇති.....

සමහර විට ඔයත් ඒ විදිහ කෙනෙක් වෙන්න ඇති......

ඔයාගෙ ආත්මය පිරිසිදු වෙන විට හේතුවක් නැතිවම ඔයා ලෝකයට ආකර්ශනීය කෙනෙක් බවට පත් වේවි.!💜️🦋

Copied from Anushka Chamile

11/30/2023

🌿| හැරගිය යහළුවන්,‍යෙහෙළියන් සහ ආදරය කල අය වෙනුවෙන් ලියා තබමි!

ආපහු කතාකරන්න හේතු තිබුණොත් ඕනිම වෙලාවක කතාකරන්න....

〰️මට අත අරින්න හේතු තිබුණ් නෑ.
මම කාවවත් අත ඇරියෙත් නෑ..

〰️සමහර වෙලාවට මිනිස්සුන්ට අත හැරෙනවා, මට ඒක තේරුම් ගන්න පුලුවන්..

〰️සමහර වෙලාවට හිතලම අත් හරින්න වෙනවා, මට ඒක තේරුම් ගන්න පුලුවන්..

〰️සමහර වෙලාවට බොරුවක් හරි කියල යන්න වෙනවා, මට ඒක තේරුම් ගන්න පුලවන්..

〰️සමහර වෙලාවට මට වඩා ගොඩක් හොඳයි කියල පෙනිච්ච කෙනක්ව ලංකරගන්න හිතෙනවා, මට ඒක තේරුම් ගන්න පුලුවන්..

ඒත් අපි කාලයක් තිස්සෙ ගොඩනගාගත්තු මිත්‍රත්වය, ලෙංගතු කම සහ විශ්වාසය.. නන්නාදුනන දෙන්නෙක් වෙලා ඉඳලා දැඩි බෑඳීමක් දක්වා ආපු විශ්වාසය... ඒකට වටිනාකමක් තියෙන්නම ඕනි...

කතා කරන්න හිතුනොත් කතා කරන්න...
මට, තරහ වෙන්න හේතුවක් නෑ....|🍂

තො මී

11/29/2023

ප්‍රේමයේ වේශයෙන් කරුම පලිසන් දෙන අවස්ථාද ඇත.

හිතවත...

මිනිමල් වලට ආස උන් ලඟ අරලිය මල් කිසිසේත් පිපිය යුතු නැත 😊

#විරහව 😔💔🥀

11/29/2023

මගේ ජීවිතයට පුංචිම පුංචි හරි කරුණාවක්
දැක් වූ මිනිසුන් වෙනුවෙන් ලියා තබමි....
"ස්තුතියි 🖤🍃"

11/08/2023

විවෘත විශ්ව විද්‍යාලයේ Social Science Faculty එකේ Social science Course එක කරන කෙනෙක් ඉන්නවා නම් කියන්න.

Level 2 අදාල අච්චු පොත් ටික තියෙනවා මං ලඟ. සිංහල මාධ්‍ය. ඉංග්‍රීසි භාෂා අච්චු පොත් ටිකත් තියෙනවා.

මම 2020 Batch එකේ. විෂය නිර්දේෂය වෙනස් වෙලා නැත්තම් ඒ පොත් ටික අවශ්‍ය කෙනෙක් ඉන්නවා ගන්න. නොමිලේ දෙන්නම්. අච්චු පොත් වලට ආයේ වියදම් කරන්න අවශ්‍ය නෑ එතකොට.

Inbox පණිවිඩයක් යොමු කරන්න. නැත්තම් Comment එකක් දාන්න.

ස්තූතියි

10/26/2023

පිරිමි ළමයි වැඩියෙන් ආදරේ අම්මට කියන්නේ ඇත්තද 😉

#ගයියා

10/25/2023

ඉතින් ලස්සන ළමයෝ කොහොමද ඔයාට 🤔

වෙලාවකට හිතෙනවා නේද ඇයි මං ඉපඳුනේ ? මොන කරුමයක්ද මං මේ ගෙවන්නේ ? හැමදාම ප්‍රශ්ණ ප්‍රශ්ණ ඉවරයක් නෑ... එකක් ඉවර වෙද්දී එකක් 😐😐😐

ඉතින් ලස්සන ළමයෝ ඔයාට ජිවිතේ එපා වෙලාද?

මං කියන්නේ ඔයා දැන් තමයි ජිවත් වෙන්න ඕන.

අපි පුංචි කාලේ ජිවිතේ ගත කරපු විදියට නෙවේ මේ කාලය ගෙවෙන්නේ. මේක ඇත්තටම අසීරු කාල සීමාවක්.

අපේ ගෙදරට අද හාල් කිලෝ 10ක් ගෙනත් හෙට එළවළු ඉවරයි කියලා අම්මා කියද්දී එකත් ගෙනාවට පස්සේ ඉන් අනිද්දා දවසේ උදේට අම්මා පරිප්පු සිනී එහෙමත් ගෙදර නෑ කියද්දී ගෙදර ආර්ථිකයට ඍජුව දායක වෙන ඔයාට දැනෙන හැඟීම තමා මටත් දැනෙන්නේ 😐

ඒ වගේ වෙලාවට රතු කට්ට පනින්නේ කොහොමද මටත් ඒ විදියමයි. හැබැයි ටිකක් නැවතිලා හිතන්න මීට අවුරුදු ගානකට කලින් අම්මයි තාත්තයි මොන වගේ මැච් එකක් ගහන්න ඇද්ද අපේ බඩට අඩුපාඩුවක් නොතියා බඩ පුරවන්න.

අද ඒ මැච් එකේ Update වෙච්ච Version එක තමා අපි Play කරන්නේ. ඉතින් දුක් වෙන්න එපා. ගෙදර ආර්ථිකයට වයස අවුරුදු 30 වෙන්නත් කලින් ඍජුව දායක වෙනවා නම් සතුටු වෙන්න ඔයාට ඔයාව තනියම උනත් බලාගන්න පුලුවන් 😊 මොකද දැනටමත් ඔයා තවත් සාමාජිකයන් පිරිසක් රැකබලා ගන්නවා.

ඒක තමා Point එක....

තවමත් කසාඳයක් නොබැඳ , විවාහ වෙන්න අදහසක් නැතිව , කොටින්ම තවත් පාර්ශවයක් එක්ක බැඳීමක් ගොඩනඟා ගන්නේ නැතිව ඉද්දී අරයා මෙයා මොනවා ඇහුවත් ඔයා තවමත් ලස්සනට ඇඳලා කැමති කෑමක් කාලා පිළිවෙලකට ඉන්නවා නම් සතුටු වෙන්න ඔයා හොඳ ආදරවන්තයෙක් 😊

ඔයා ඔයාට ආදරය කරන කෙනෙක් 😊

ඒක තමා Point එක....

මේ වගේ ඔයා ගාව තියෙන Point මොනවද ?

10/16/2023

මේ ඉන්නේ අපි කවුරුත් දන්න Anoma's Kitchen Youtube channel එක කරන Anoma Aunty. නැත්තම් අපි කවුරුත් දන්න අනෝමා විජේතුංග Aunty. මං ශ්‍රී Fm එකේ වැඩ කරන කාලේ අපි කිහිපවතාවක්ම මුණගැහුනා වැඩසටහන් කිහිපයක් සදහාම. මේ Video එක 2020 කරපු එකක්.

මේක Upload කලේ මගේ පම්පෝරිය කියන්න නෙවේ. ඊයේ චැනල් එක කරන අවුරුදු 64 විශ්‍රාමික ගුරු අම්මා Upload කරපු Video එකක ප්‍රසිද්ධියේම චරිත්ට Wild Cookbook සහ Anoma auntyට චෝදනා කරනවා එයාගේ Youtube channel එකේ Reach අඩු වෙච්ච එකට.

මුල් විනාඩි 10 බැලුවම ඕනම කෙනෙක්ට තේරෙයි ඒ විඩියෝ එකේදී අපේ අම්මා කියන ආච්චිට තියෙන්නේ " 0 " social media knowledge එකක් කියලා. ඒ මනුස්සයාව දාගෙන පිට ඉදන් කුලප්පු කරන ගොන් ඇඩ්මින් කෙනෙක් ඉන්නවා කියලත් තේරෙයි. මොකද විඩියෝ එකේ බෝඩ් කෑලි එල්ලගෙනයි කියන්න හදන හැමදේම Break කර කර ඉස්සරහා ඉන්න Admin ගෙන් " මොකක්ද? නේද? අරකද? මේකද ? " කියලා අහා අහා තමා වයසක ආච්චි කතාව Continue කරන්නේ. සමහර විට එයාගේම පවුලේ කෙනෙක් වෙන්න ඇති. නොකියා කියන්නේ මුළු පවුලේම තියෙන කුහකකම සහ ඉරිසියාව 😂

චරිත්ට දැන් දවස් දෙක තුනකට කලින් හම්බුනු සම්මානය ගැනත් මේ ආච්චිට තියෙන්නේ පුදම කුහක ඉරිසියාවක් 😂

ඊට පස්සේ අනෝමා Aunty එක්ක චරිත් ගත්ත ෆොටෝ එකත් Ape amma කියන කුඩම්මට සෑහෙන්න වේදනාත්මක ෆොටෝ එකක්.

ප්‍රසිද්ධියේම ඒ ගැන කියනවා 😂

ඒ විඩියෝ එක බලන ඕනම කෙනෙක්ට තේරෙයි ape amma කියන කුඩම්මා කොයි තරම් ආවේගයකින්ද present කරන්නේ කියලා. හැම වචනයකම තියෙන්නේ පට්ටම ඉරිසියාවක් 😂

Cooking education සහ Cooking Entertainment අතර වෙනස දන්නේ නැති , Local Audience සහ International Audience එක ගැන අවබෝධයක් නැති තමන්ට ලැබුණු මිලියන 2.89ක Subscribersලා ප්‍රමාණයේ Value එකවත් දන්නේ නැති මෝඩ කුඩම්මට තවත් පැහැදිලි කරලා වැඩක් නෑ.

මීට කලින් මං විඩියෝ 2ක් Upload කලා. ඒ විඩියෝ දෙකම ලක්ෂ 2කට වැඩියෙන් බලලා තිබ්බා 😂 වාවගන්න බැරි තැන කුඩම්මා Report කරලා Block කරලා තිබ්බා. Fb එකෙන් විඩියෝ ටික Remove කලා. මට ඉතින් තවත් Moral එකක් ආවේ 😁 ඒකයි මේ Video එක Upload කරන්නේ.

Anoma aunty කියන්නේ වචනයෙන් වගේම ක්‍රියාවෙනුත් පිළිවෙලට පිරිසිඳුව ඉවුම්පිහුම් කටයුතු කරන ඒ වගේම දැක්කමත් ඕනම කෙනෙක් ආකර්ශනය වෙන නිරහංකාර කෙනෙක් ❤️ මගේ වෘත්තීය ජිවිතේදී වෛද්‍යවරුන් , වෘත්තියවේදීන් , රංගනශිලිපීන් ශිල්පිනියන් තවත් බොහෝ ඇසුපිරු තැන් ඇති පුද්ගලයන් හමුවෙලා තියෙනවා ඔවුන් එක්ක වැඩසටහන් කරලා තියෙනවා. Anoma aunty කියන්නේ ඒ අය අතරින් අපිත් එක්ක මිත්‍රශිලීව කටපුරා පුතේ කියලා ලෙංගතුව ගණුදෙනු කරපු චරිතයක්.

ඉතින් ඇය ගැන විවේචනය කරන්න මට වරදක් නැත.

උපතින් ලැබුණු හැකියාවට Universe එකේ ආශිර්වාදය අරන් ඇය වගේම චරිත් සහ අනෙක් Cooking චැනල් කරන අය සුබ ගමනක් යනවා 🤟

අර කුඩම්මා මිලියන 2.89ක සබකුරුවන් ප්‍රමාණයක් තියාගෙන යැයි යැයි යැයි ගඟා කුහකකමයි ඉරිසියාවයි බෙදනවා.

එක්කෝ පවුලම එකතු වෙලා මානසික ප්‍රතිකාර වලට යොමු වෙන්න 😁 අනික් මිනිස්සුන්ට සල්ලි හම්බකරනවා කියලා චෝදනා කරන අපේ අම්මේ ඔයත් Youtube එකේ විඩියෝ දාලා ආතල් එකක් බලාපොරොත්තු වෙනවා නෙවේනේ 🥲 ඔයාගේ Audience එකේ හැටියට ලැබෙන Revenue එක ගැන ඔයා දන්නවනේ. ඔයත් මේ දඟලන්නේ සල්ලි හම්බ කරන්නනේ 😁 මීයක් කඩලා අත පිහදාගෙන ඉන්නවා නම් ඔයා අනික් අයට බැන්නත් කමක් නෑ කුඩම්මේ 🥲

තමන් තමයි හරි තමන් තරම් කෙනෙක් නෑ කියලා පුස් හීනමානයේ ඉන්නවා එපා 😁

එච්චරයි එච්චරයි එච්චරයි 😂

පලි : මං මේ විඩියෝ එක සල්ලිවලට Upload කලේ නැත 🤟

#ගයියා #අපේ_අම්මා

10/15/2023

"එයානම් හොද කෙනෙක්" කියන්න තරම් තව කෙනෙක්ගෙ ජීවිතේකට මුණගැහෙන ආදරණීය කෙනෙක් වෙන්න ❤️

Cpy 1000 Talk "තව්සන් ටෝක්"

#ගයියා #ටෝක්ස්

Photos from Gaiya - ගයියා's post 10/06/2023

කිසිම අසභ්‍ය වචනයක් භාවිතා කරන්නේ නැතිව මේ නැන්දගේ නරි මෝඩ ගුරුමුෂ්ඨි කුහක ඉරිසියාකාර වැඩගැන එයාම කියන Video එකක් Upload කලා 😂 බලන් ඉද්දී ට බැනලා බැනලා Comment කරපු සෙට් එකයි Views ප්‍රමාණයයි වැඩි උනා. මං අන්තිමට දකිද්දී Views 158000 පැනලා 😂 ඉතින් නමින් ඉන්න මේ නැන්දට තමන්ගේ වැරැද්දක් පිලිගන්න තරම්මවත් නිහතමානිකමක් නෑ 😥 මෝඩයොත් වයසට යනවා කියන කතාව 100% ඇත්තක් 🤟 මේ නැන්දට Video එකට Report ගහලා අයින් කරන්න තරම් බයක් තියෙනවා 😂😂

හැබැයි කොහොම කලත් ඔයාගේ Video වල views නම් වැඩි වෙන්නේ නෑ නැන්දේ 😂

ඔයාට වඩා Creative , නිහතමානි , දක්ෂ Youtubersලා තව තව වැඩියෙන් බිහිවෙන්න ඕන ❤️

2.89M ඉන්න ඔයාගේ චැනල් එකේ Subscribers ලා දවසින් දවස අඩුවෙද්දී Youtube algorithm ගැන කියලා ඔයාව ගොනාට අන්දන , ඔයාගේ අදක්ෂකම වහලා අනික් චැනල් වල Talent එක හෑල්ලු කරන්න කියලා දෙන පුත්‍රයන්ට මඩුවලිඟෙන් ගහන්න නැන්දා කැමති තැනකට 😂😂

#අපේ_අම්මා

Photos from Gaiya - ගයියා's post 09/29/2023

Lake leisure Hotel ❤️

Photos from Gaiya - ගයියා's post 09/28/2023

ගෙදරින් එලෙව්වා 😥

09/25/2023

ඉතින් හිනා වෙලාම ඉන්න 😁

#ගයියා #විරහව

09/24/2023

ගෙදරින් ඉල්ලගන්නේ නැතිව බස් එකේ ගමනක් යන්න සල්ලි තියෙනවා නම් , ගෙදරින් ඉල්ලගන්නේ නැතිව ඔයාගේ වාහනයට පෙට්‍රල් ටික ගහගන්න සල්ලි තියෙනවා නම් , යාළුවෙක් එක්ක එලියට ගිය වෙලාවක එයාටත් එක්ක කෑම එකක් ගන්න සල්ලි ඔයා ගාව තියෙනවා නම් කඩේ තියෙන මිල අධිකම ඇඳුම නෙවේ හැබැයි ඔයාට ගැලපෙන ඇඳුම මිලට ගන්න සල්ලි තියෙනවා නම් සතුටු වෙන්න 😊

කාටවත් අතනොපා ජිවත් වෙන මට්ටමට එනවා කියන්නෙත් සාර්ථකත්වය කියන පඩිපෙලේ එක පඩියක් 🤟

ඔයා එක Step එකක් දැනටමත් සම්පුර්ණ කරලා ඉවරයි ළමයෝ ❤️

09/22/2023

හුඟක් දවසක් නැති වුනාට අපේ හමුවීමට
හුඟක් මතක තියෙනවා මං ලඟ අපි දෙන්නගෙම

මතකද මං ඒ දවස් වලත් කිව්වා මේ හමුවීම අවිනිශ්චිත වෙන්නත් පුලුවන් කියලා...

කවදාම හරි මැරෙනවා කියලා දැන දැනත් අපි ජිවත් වෙනවා වගේ, කවදා හරි වෙන් වෙන්න වෙනවා කියලා දැනගෙන ලං වෙලා ඉමු කිව්වේ ඔයා...

මතකද කිව්වා

කවදාහරි දවසක අපි තනි වුනත් අද බෙදාගන්න ආදරේ එදාට අපිව තනිනොකර ඉඳිවි..

ඉතින් අපි ඇති තරම් අද ආදරේ බෙදාගමුද....

කෝ ඔයාගෙන් උත්තරයක් නැහැනේ.......හුඟක් දවසක් නැති වුනාට අපේ හමුවීමට
හුඟක් මතක තියෙනවා මං ලඟ අපි දෙන්නගෙම

මතකද මං ඒ දවස් වලත් කිව්වා මේ හමුවීම අවිනිශ්චිත වෙන්නත් පුලුවන් කියලා...

කවදාම හරි මැරෙනවා කියලා දැන දැනත් අපි ජිවත් වෙනවා වගේ, කවදා හරි වෙන් වෙන්න වෙනවා කියලා දැනගෙන ලං වෙලා ඉමු කිව්වේ ඔයා...

මතකද කිව්වා

කවදාහරි දවසක අපි තනි වුනත් අද බෙදාගන්න ආදරේ එදාට අපිව තනිනොකර ඉඳිවි..

ඉතින් අපි ඇති තරම් අද ආදරේ බෙදාගමුද....

කෝ ඔයාගෙන් උත්තරයක් නැහැනේ.......

#විරහව

09/20/2023

මට වෙලාවකට හිතෙනවා තවත් කෙනෙක්ව පරිස්සම් කරන එක තවත් කෙනෙක්ව අසීමාන්තිකව care කරන එක ඒ කෙනාවත් නොහිතන විදියේ වටිනාකමක් දෙන එක පිස්සුවක් කියලා..

ඇත්තටම ඔව්...

අවසානයේ පිස්සු වැටෙන්නේ අපි...

හම්බවෙලා තියෙනවා නේද ඔයා ගැනවත් හිතන් නැතුව ඔයාම පරිස්සම් කරපු කෙනෙක්....

හරියටම කිව්වොත් ආදරයක්...

කෝ දැන්...

නෑනේ...

මතක තියාගන්න

ගහකට හම්බ වෙන්න ඕන තවත් ගහක් මිසක් ගහ මරන් කන පිළිලයක් නෙවේ ..

දවසක ඔයාවත් මරලා දාන ආදරයක් නැතුව ඔයාටත් හුස්ම දෙන ආදරයක් හොයාගන්න...

Good luck

#ගයියා #ගයාෂාන්

09/07/2023

කවදාවත් ඔයාගේ ජිවිතේ තවත් කෙනෙක් මත්තේ නැහෙන , යැපෙන ජිවිතයක් කරගන්න එපා.. මිනිස්සුන්ට ඇබ්බැහි වෙනවා කියන එකම මාරාන්තිකයි 😥

මෙයා නම් එහෙම කරන එකක් නෑ කියලත් අධිතක්සේරුවකට එන්නත් එපා එහෙම කල දවසට දැනෙන වේදනාවත් ඔයාගේ හදවතට උහුලන්න බැරි බරක් 😔

Good Morning ❤️

#ගයාෂාන්

09/05/2023

දුකින් ඉන්න අය සතුටින් තියන්න යන්න එපා 🤟

ඔබේ වටිනාකම බලෙන් තේරුම් කරන්නත් යන්න එපා 🤟🤟

#ගයියා #ගයාෂාන්

09/04/2023

ජිවිතේ මා විසින් ගත් වැරදි තීරණ , මං ඇසුරු කල වැරදි මිතුරන් , වැරදි සම්බන්දතා වලට මං කෘතඥ වෙමි ❤️

ඒ සියල්ල නොමැති නම් මා තවමත් එතනයි ❤️

#ගයියා

09/03/2023

Akila Gaveen ණයට එකක් දියන් මිනිහෝ අඟහරුවාදා ඇදන් එන්න 😂

Photos from Gaiya - ගයියා's post 08/30/2023

Unplanned trips create the best memories සුද්දෙක් මෙහෙම කතාවක් කිව්වලු 😂 බැලින්නම් වැඩේ ඇත්ත..

හැබැයි මේ කතාවත් ඇත්ත Take only memories, leave only footprints 😍

#ගයියා

08/22/2023

"' වෙනත් කෙනෙක් නොමැතිව ජීවත් විය නොහැකි බව විශ්වාස කරන ඔබේ කොටස ම රා දමන්න. ! " ♥️🌻💫

- Sade Andria Zabala

Want your business to be the top-listed Media Company in Florida City?
Click here to claim your Sponsored Listing.

Videos (show all)

මේ ඉන්නේ අපි කවුරුත් දන්න Anoma's Kitchen  Youtube channel එක කරන Anoma Aunty. නැත්තම් අපි කවුරුත් දන්න අනෝමා විජේතුංග A...
ඉතින් හිනා වෙලාම ඉන්න 😁#ගයියා #gaya #gaiya #love #විරහව
හුඟක් දවසක් නැති වුනාට අපේ හමුවීමටහුඟක් මතක තියෙනවා මං ලඟ අපි දෙන්නගෙමමතකද මං ඒ දවස් වලත් කිව්වා මේ හමුවීම අවිනිශ්චිත වෙ...
මට වෙලාවකට හිතෙනවා තවත් කෙනෙක්ව පරිස්සම් කරන එක තවත් කෙනෙක්ව අසීමාන්තිකව care කරන එක ඒ කෙනාවත් නොහිතන විදියේ වටිනාකමක් ද...
කෝපි වලින් ශරීරයේ බර අඩුකරගමු Subscribe 👉 https://youtube.com/@Gaiyasrilanka?si=Msu_41TjUKggNPhq#weightloss #coffee #gay...
දුකින් ඉන්න අය සතුටින් තියන්න යන්න එපා 🤟ඔබේ වටිනාකම බලෙන් තේරුම් කරන්නත් යන්න එපා 🤟🤟 #gayya #gaiya #ගයියා #ගයාෂාන් #Gaya...
ඒකට නම් පපුවත් නතර උනා 😥#ආත්තම්මා #grandmotherlove #grandmother #grannylove #motherlove #wedding #weddingday
ආස දේ කරන්න තමන්ට පුලුවන් විදියට ❤️
ඔයාගේ වටේ ඉන්නේ ලොකු මිනිස්සු වෙන්න පුලුවන් ඔයා වැඩියෙන්ම ආශ්‍රය කලේ ගේමක් ගහපු මිනිස්සු වෙන්න පුලුවන් ඔයාගේ නෑදෑයොත් නම...
නටලා නටලා මැරිච්ච ප්‍රංශයේ මිනිස්සු #ගයියා #gaya #love #dance #dead #you #sinhala #song #documentary #gayya
පාප මිත්‍රයෝ 😁

Category

Website

Address


Florida City, FL

Other Digital creator in Florida City (show all)
Outboard Motors For Sale Outboard Motors For Sale
Florida City

We have various types of outboard motor used and new #mercury #yamaha #suzuki #mariner #johnson 📤📤

FFGGFa FFGGFa
De Leon Boulevard
Florida City, 32130

Love USA

Baddest Caribbean Ai Stories and Dreams Baddest Caribbean Ai Stories and Dreams
Miami
Florida City, 34744

This page is adult-oriented (Ai pin-ups models and digital stories)� ✅We showcase Digitalized Art

Brayita Brayita
Florida City

Dando Nuevos Pasos En el internet🧠

Elpoop 102592494 Elpoop 102592494
Florida City

J0seecarrillo J0seecarrillo
2525 Cattlemen Road
Florida City, 34232

Bo Online.xyz Bo Online.xyz
Florida City, FL
Florida City, 33122

Harley Barrett Harley Barrett
3051 Kildeer Drive
Florida City, 33301

Vinicius Junior

Santa rosa nueva Jose Santa rosa nueva Jose
Boynton BEACH
Florida City, 33472

Assitentente

Ricklee Blake Ricklee Blake
10375 NW 56st
Florida City

Welcome to my Page!

Tilly Wright Tilly Wright
9 E Marion Street
Florida City, FLORIDA(FL)

Rosalynn Purdy Rosalynn Purdy
123 Yellow Brick Road
Florida City, 32111

I'm a entrepreneur and love entertaining friends and family. Also a Digital Creator. $RosalynnMallard