Beyond_words

Beyond_words

අවාරෙක මෙහි ඇවිත්...
මගේ හද කියවන්න...
ලියාලමි ගැඹුරු තැන්...
ආදරෙයි උතුරන්න....
💛

25/10/2023

Fav 🥺❤

Yash and Hass 🌻

22/10/2023

💚

Gayashan Bandara

ගමනාන්තයක් ගැන නොදනිමි! 🖤🕊️

08/10/2023

ජීවිතයේ කටුක අත්දැකීම්,
වේදනාවල් පිරිච්ච සුසුම්,
නිදි නැතිව හඬපු රැයවල්,
තමන්ටත් වඩා අනුන් ගැන හිතමින් ගෙවා දැමූ හවස් වරුවල්,
හුස්ම ගන්න පවා අමතක වුන දවස්,
තවත් කෙනෙක්ගෙ හිනාවක් වෙනුවෙන් කරපු කැපකිරීම්,
ප්‍රතික්ෂේප වීම් නිසා නිහඬ වූ කතාවල්,
අකමැත්තෙන් වුවත් සමුදෙන්නට වූ මිනිසුන් සමඟ මෙතරම් දුර ආ ගමනේ මම තරම් මගේ කතාව දන්නා කෙනෙකුන් නොවන බැවින්,
මේ සා විශාල වූ හදවතක් ඇතිව නොදන්නා මිනිසුන්ගෙ කතාවන් ඉදිරියේ එදත්,අදත්,මතුවටත්,නිහඬ වන්නෙමි...

🥀❤

08.10.2023
~Mahee ♡~

03/10/2023

කාලයක් එනවා ඔයා වටේට ගොඩක් මිනිස්සු ඉන්න...
එයාලාත් එක්ක හිනාවෙන්න, අඬන්න, දුක බෙදාගන්න ඔයා ගොඩක් ආස වෙන...
කොටින්ම ඔයාගෙ හිතට ගොඩක් ළඟින්ම එයාලාව දැනෙන...
ඒ කාලෙදි ඔයාට හිතෙයි මං හරිම වාසනාවන්තයි මේ වගෙ මිනිස්සු ලබන්න කියලා..

ඒත් දන්නවද,
තවත් කාලයක් එනවා කවුරුත් නැතුව තනිවෙන...
වෙනදට නැතිවම බැරි මිනිස්සුන්ට ඔයා ඉන්නවද කියලාවත් අමතක වෙන...
හිනාවෙන් පිරුන සංවාද වල නිහඬ බව විතරක් ඉතුරුවෙන...

මේ හැම කාලයක්ම පහු කරගෙන ආව ඔයාට දවසක තේරුම් යයි මේ තාවකාලික ජීවිතේට හමුවෙන හැම කෙනාමත් තාවකාලික බව..

හැබැයි, කොහොම මොනවා උනත් ඔයාට ජීවිතේ ඉස්සරහට යන්නම වෙනවා...

ඉතින්,
තමන් ආස විදියට ජීවත් වෙන්න වෙන කාවවත් ඕන නැහැ නේද?

මොකද,
මිනිස්සුන්ට බැඳෙන එකෙන් ඔයාට අන්තිමට ඉතිරි වෙන්නෙ දුකක් විතරයි...

🥀❤

~Mahee ♡~
03.10.2023

23/09/2023

💙

Good Morning 💕

18/09/2023

100 likes 🥺✍🏻♥️
එච්චර ලොකු ගානක් නම් නෙමෙයි...
ඒත් ජීවිතේ සමහර දේවල් තියෙනවා ආසාව නිසාම ජීවිතේ කොටසක් වෙන...
ඒ වගේ දෙයක් තමා මේකත්...

Beyond_words 💕

~Mahee ♡~
18.09.2023

30/07/2023

බැඳීම් රැකගන්න ඔයා කොච්චර මහන්සි වෙනවද ළමයෝ...
ඒත් ඔයා වටිනාකමක් දෙන හැමෝටම ඔයාව ඒ තරම්ම වටිනවා කියලා ඔයා හිතනවද??
ඔයාට වගේම ලස්සන හිතක් ඒ අයටත් තිබ්බානම් බැඳීම් රැකගන්න ලොකු මහන්සියක් වෙන්න ඕන නෑ...

මං දන්නවා මේ හැමදේමත් එක්ක ඔයාට ගොඩක් මහන්සි කියලා...
ඉතින් හැමෝම ගැන හිතන අතරේ ඔයා වෙනුවෙන් කාලය වෙන් කරන්නත් අමතක කරන්න එපා..

ගොඩක් අමාරුයි නම්, ඔයා මහන්සියෙන් රැකගන්න හදන බැඳීම් වලින් පොඩ්ඩක් ඈත් වෙලා බලන්න..
ඔයා වගේම ඒ අයත් ඔයාට වටිනාකමක් දෙනවද කියලා ඔයාටම තේරෙයි...

ඔයාගේ වෙනස් වීම් තේරෙන, ඔයා ගැන ඔයා තරම්ම හිතන කිහිප දෙනෙක් විතරක් ඉතුරු වෙයි...

ඉතින් ළමයෝ,
අන්තිමට හැමදේම හොඳම විදියට වෙයි...
ඒක එහෙම නොවුනොත් ඒ අවසානය නෙමෙයි කියලා මතක තියාගන්න....

🩶

~Mahee ♡~
30.07.2023

13/07/2023

කෙසේ කියන්නද මං,
හිත මන්මත් කරන්නට සමත් වූයේ ඔබම පමණක් බව,
මේ සා විශාල ආදරයක් දැනුනේ ඔබට පමණක් බව ,
නෙත ගැටෙන වාරයක් පාසා ඔබ කෙරෙහි අලුත් වන ආදරේ උතුරන්න ඇති බව,

දන්නවද මට ඔයා ගොඩක් වටිනවා
ඉතින්,
සමාවෙන්න මේ වචන වලටයි
ආදරේ හංගන හැටි මං නොදන්නවාටයි

අහිමි වන බව දැන දැනත්
පෙම් බඳී හිත තව තවත්
ගන්නා හැම හුස්මකත්
ඔබම ඉන්නේ ඇයි තවත්...
හිත බරයි දැන් ගොඩක්
මරන්නට බෑ මතකයන්
ලස්සනයි හරි ඒ හැඟුම්
උහුලන්න මට බැරි තරම්...
ඉතින් සොඳුර,
දන්නවද
සඟවනා සැටි
ආදරයක්??...

🥀❤

~Mahee ♡~
30.06.2023

02/07/2023

මතක තියාගන්න මම නැතිවුනත්, ඔයාව තරම්ම ඔය ලස්සන හිනාවත් පරිස්සම් කරගන්න...

ඉතින්,
අපි අපේ වෙන්න පුළුවන් තැනකදි හමුවෙමු...

ආදරෙයි !!

🥀❤

~Mahee ♡~
02.07.2023

01/07/2023

ජීවිතේ හැටි එහෙමයි...
ඔයා හැමෝටම උදව් කළත්,
එයාලට ඕනෙම වෙලාවල් වල ළඟින් හිටියත්,

ඔයාට ඕනෙම වෙලාවට,
ඔයාට ගොඩක්ම පාළු දැනුනම,
ජීවිතේ හැමදෙයක්ම කඩාගෙන වැටුනම,
ඔයාගේ ළඟ කවුරුත්ම නැතිවෙයි...

ඔයාගේ පොඩිම වෙනසක් වුනත් දැනෙන කවුරුත්ම නැති වෙයි...

ඒත්,
ඔයා කරන හැමදේකදිම අනික් අයගෙන් කිසි දෙයක් පෙරලා බලාපොරොත්තු නොවී ඉන්නවා නම්,
කවුරුත් ඔයා ළඟ නැති වුනා කියලා ඔයාට දුකක් දැනෙන එකක් නෑ.

ඉතින්,
ලස්සන හිතක් තියෙන ලස්සන ළමයෝ
මං කැමති ඔයා හැමදාම හිනා වෙලා ඉන්නවාට
කාටවත්ම ඔය මූණේ හිනාව නැති කරන්න දෙන්න එපා...

මොකද, ඔච්චර ලස්සන හිතකට හිනාවක් නැති මූණක් ගැළපෙන්නේ නෑ

සතුටින්ම ඉන්න
ආදරෙයි !!

💞😌

~Mahee ♡~
01.07.2023

29/06/2023

+ඇයි මේ..
-හිතට හරි මහන්සියි. හරියට මාව දියවෙලා යනවා වගේ දැනෙනවා.

+මොකක්ද ප්‍රශ්නේ මට කියන්න.
-කියන්න තරම් ප්‍රශ්නයක් මට හිතාගන්න බෑ. ජීවිතේ එකතැන නැවතිලා වගේ

+මොකක්ද ඔයාට වෙන්න ඕනෙ
+මට ඕනෙ අතුරුදහන් වෙන්න. කවදාවත් ජීවත් වුනේ නැහැ වගේ...

+මොනදේ උනත් මං ඔයාට ඉන්නවා
-හ්ම් මං දන්නවා

සමහර වෙලාවට මනුස්සයෙක්ගේ එක වචනයක් ඇති ජීවිතේට අලුත් බලාපොරොත්තුවක් ගේන්න.
ඒත්,
තවත් සමහර වෙලාවට කවුරු තමන් එක්ක හිටියත් කිසිම හැඟීමක් නොදැනෙන්න පුළුවන්. කරන්න ඕන මොනාද? හිතන්න ඕනෙ මොනවද? ප්‍රශ්නයක් තියෙනවාද කියලාවත් හිතාගන්න බැරි වෙන අවස්ථාත් තියෙන්න පුළුවන්

ඉතින් හැමදාම වගේ මේ වචනත් ඔයාලාට බාරයි..

♥️💫

~Mahee ♡~
29.06.2023

26/06/2023

දන්නවා දැනෙනා බව මගේ හැඟුමන්
හද පතුලටම නුඹේ රහසින්
එලෙසින්ම දැනෙනා බව මටත්
දන්නවා නුඹේ හිත කොහොමත්...
ආදරෙයි නොකිව්වාට මුවින්
පෙනෙනවා දිලිසෙනා දෑසින්
ඉතින් මැණික,
ඒ බැල්මම ඇති මට
හදාගන්න හිත රහසින්
අපි අපේ නොවුනට කෙදිනකවත්
සතුටින්ම ඉන්න හැමදාමත්...

🌻❤

~Mahee♡~
09.02.2023

30/05/2023

💛

24/05/2023

ඔයා නොදන්නවා උනාට මේ වචන ඔයාට... 🥺❤

12/05/2023

07/05/2023

Fav 🥺💛

05/05/2023

සැම සිත් සුවපත් වන,
නිරෝගී හා සරල ජීවිතයක වටිනාකම අවබෝධ වන,

පිංබර වෙසක් මංගල්‍යයක් වේවා!!

~Mahee ♡~

22/04/2023

🥺💛

දේදුණු රණසිංහ

12/04/2023

+ ඔයාගේ ජීවිතේ ඇහුන, හිතට තදින්ම දැනුන වචන පේලිය මොකක්ද?

- "වෙනස් වෙන්නවත්, වෙනස් කරන්නවත්, බැරි තරම් අපි දුරයි..."

🥺💛🥀

~Mahee ♡~
12.04.2023

05/04/2023

හිත පතුලෙ රැඳුන
ඒ මිහිරි වචන
ගිලගෙනම තදින
යලි නොඑන වස්සානයකට
දෑස් නොදල්වන්නට
පෙරුමන් පුරමි
හිත ගලක් කරගෙනම...
කියන්නට නොහැකි මුත්
දරන්නට අපහසුම
කඳුළු කතාවක්
සිතින් දරාගෙනම
දුක තුනී කරන්නට
ලියන්නෙමි මෙලෙසින...
ඔබගෙයි මගෙයි
ප්‍රේමණීය කතාවන්
මුදාහරිමු සුසුමන් ලෙසින්
ඉතින්,
අපි අපේ නොවුනත්
ඒ සුසුම් යා වෙලා
එක් වේවි සුසුමන් වත්
නවතින්නම් එහෙනම්
හද ගැඹුරින්ම තබාගෙන
ඒ මිහිරිම තැන් පමණක්...
ආදරෙයි ❤

~Mahee ♡~
09.02.2023

05/04/2023

💙

05/04/2023

💛

ඉතින් අත් අතහැරුණු පසුවත්
තිබිය නොහැකිද ප්‍රේමයක්? 🖤🕊️

01/04/2023

ඉඩෝරය දුෂ්කරයි තමයි...

ඒත්,
ඉඩෝරයේ දුක දරාගෙන
ඔයාව තනි නොකළ එයා එක්ක
වස්සානයේ සුන්දර බව විඳින්න
බලාපොරොත්තු පොදි බැඳගන්න

ඔව් එහෙම දවසක් එනවා...
ඔයා හරි නම්,
කොච්චර ජීවිතේ වරදිනවා වගේ දැනුනත් කවදාහරි අවසානයේ ඔයා අනිවාර්යයෙන්ම දිනන්නම ඕනෙ...
ඉතින් එතකන් අල්ලගෙන දරාගෙන ඉන්න...

මොකද,
හෙන ගගහා වැස්සට පස්සේ පායන දේදුන්න හරි ලස්සනයි පැහැදිලියි...

ඉතින් මැණික,
මං හරි ආදරෙයි මේ ඉඩෝරයත් ඔයා එක්ක හරි සුන්දරයි...

✍🏻🌸❤

~ Mahee ♡~
01.04.2023

30/03/2023

💙

💗

30/03/2023

Ganesh krishantha 🥀💛

කවුරු මොන මොනවා
දැං
කියෙව්වත් කොහොම

මැරෙන්නම හිතුන තැනත්
මං
පහුකලේ මෙහෙම...

Videos (show all)

Beyond_words 💚#sinhalasong #feel #SinhalaSongs #words #feelbetter
Beyond_words 🌻#feel #words #sinhalasongs
Beyond_words 🥀#SinhalaSongs #feel #words
මතක තියාගන්න මම නැතිවුනත්, ඔයාව තරම්ම ඔය ලස්සන හිනාවත් පරිස්සම් කරගන්න...ඉතින්,අපි අපේ වෙන්න පුළුවන් තැනකදි හමුවෙමු...ආද...
දන්නවා දැනෙනා බව මගේ හැඟුමන් හද පතුලටම නුඹේ රහසින් එලෙසින්ම දැනෙනා බව මටත් දන්නවා නුඹේ හිත කොහොමත්...ආදරෙයි නොකිව්වාට මු...
+ ඔයාගේ ජීවිතේ ඇහුන, හිතට තදින්ම දැනුන වචන පේලිය මොකක්ද? - "වෙනස් වෙන්නවත්, වෙනස් කරන්නවත්, බැරි තරම් අපි දුරයි..." 🥺💛🥀 ...
හිත පතුලෙ රැඳුන ඒ මිහිරි වචන ගිලගෙනම තදින යලි නොඑන වස්සානයකට දෑස් නොදල්වන්නට පෙරුමන් පුරමි හිත ගලක් කරගෙනම... කියන්නට නො...
💙#feel #words
❤#words #feel
රැක ගත්තු අපේ මතකේ මම සුරකිමී... ❤🥀#feel #words
💛🥀#feel #words

Website