Upulsamanweera
Nearby public figures
Milan
Malindi 20121
Milan
Milano, Milan
Milano, Milan
Milan
Milan 20121
Milano, Milan
Portsmouth
Milano, Milan
Milano, Milan
Milan
Milan
Milan 52100
Via Gallilei, Torrebelvicino
You may also like
තුන්වෙනි ලෝකයේ රටක චින්තනයෙන් බැහැර වෙමු.නීතීගරුක වෙමු.සාමකාමී වෙමු.
හොරු වියරු වැටි ඇත.
Suba dawasak
පිංබර දිනයක් වේවා !!
සියල්ලටම වඩා වටිනා ආත්ම විශ්වාසය..
මෙවර ආසියානු කාන්තා ක්‍රිකට් අනුශුරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා ජාතික ක්‍රිකට් කණ්ඩායම අද සමත් වුණා.
අවසන් මහා තරඟය ඉන්දියානු කන්ඩායමට ජයග්‍රහණය හිමි වුවද මෙම තරඟාවළියේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉහළ දක්ෂතා දැකිය හැකි විය.
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට අපේ සුභපැතුම් පිරිනමමු.....
- දෙවන පරපුර -
සුද්දන්ට නරියා කන්ද වූ දියතලාවේ කළුගල පතන.
--------------------------------------------------------------------
ලොවම ප්‍රසිද්ධියක් උසුලන නරියා කන්ද හෙවත් ෆොක්ස් හිල් තියෙන්නේ දියතලාව නගරය ආසන්නයේ කියලා කවුරුත් දන්නවා. දියතලාව ආසන්නයෙන් බස් පාරේ හරි, කෝච්චියේ හරි යනවා නම්, ‘‘අන්න නරියා කන්ද පේනවා’’ කියලා ළඟ ඉන්න කාට හරි පෙන්වන්න උත්සුක වෙනවා. ඒ තරමටම ලොකු කුඩා කා අතරත් නරියා කන්ද ප්‍රසිද්ධයි. නරියා කන්දේ තමයි සුප්‍රසිද්ධ මෝටර් කාර් සහ බයිසිකල් තරගාවලිය පවත්වන ධාවන පථය තියෙන්නේ. දියතලාව එහෙම නැත්නම් විදේශිකයන්ගේ සුබපැතුම් නිම්නය ආරම්භවන්නේ 1885 වර්ෂයේදී ගරු සැමුවෙල් ලන්ගොනන්ඩි කියන මෙතෝදිස්ත පියතුමා අතිනුයි. ඒවාගේම එතුමා තමයි දියතලාවට පැමිණි ප්‍රථම විදේශීය ජාතිකයා වශයෙන් ලේඛන ගත වෙලා තියෙන්නේ.
සැමුවෙල් ලන්ගොනන්ඩි පියතුමා දියතලාවට ඇවිල්ලා අලි අනාථාගාරයක් සහ පාඨශාලාවක් පටන් ගත්තා. ඒ අතර තවත් මෙතෝදිස්ත පියතුමෙක් දියතලාවට ඇවිල්ලා කාර්මික පාසලක් පටන් ගත්තා. ඒ අවදිය වන විට ලංකාව බ්‍රිතාන්‍ය ආධිපත්‍යයට යටත් රටක්. 1900 දී මේ සියල්ලම බ්‍රිතාන්‍යයන් විසින් රජයට පවරා ගෙන සියල්ලම දියතලාවෙන් ඉවත් කරනවා. ඒ බෝයර් සිරකරුවන් රැඳවීම සඳහායි.
කවුද මේ බෝයර් සිරකරුවන්. 1877, 1899-1902 කාලයේ මහා බ්‍රිතාන්‍යයන් හා දකුණු අප්‍රිකානු ලන්දේසි සම්භවයක් ඇති බෝයර්වරුන් සමග දරුණු යුද්ධයක් පටන් ගත්තා. මෙම බෝයර්වරු 1600 දී ලන්දේසි පෙරදිග ඉන්දියානු සමාගමේ සේවයට පැමිණි ලන්දේසි ජාතිකයන්ගෙන් පැවතගෙන එන පිරිසක්. බ්‍රිතාන්‍යයන් විසින් 1877, 1899-1902 සමයේදී බෝයර්වරු විශාල සංඛ්‍යාවක් සිරකරුවන් වශයෙන් බ්‍රිතාන්‍ය යටත්විජිත රටවලට පිටුවහල් කළා. ඒ අතර දකුණු අප්‍රිකානු ට්‍රාන්ස්වල් හා ඔරේන්ජ් ෆා යන ප්‍රාන්තවලින් අල්ලා ගනු ලැබූ සිරකරුවන් ලංකාවට රැගෙන ආවා. ඔවුන්ගේ තාවකාලික නවාතැන වශයෙන් අද දියතලාවේ මිනින්දෝරු දෙපාර්තමේන්තුව හා යුද හමුදා කඳවුර ඇති භූමියේ රඳවනු ලැබුවේ දැඩි ආරක්ෂාව යටතේය. ඔවුන් සිරකරුවන් බවට පත්වුනත් වෘතියෙන් වෛද්‍යවරු, ඉංජිනේරුවන් වැනි අයත් එහි සිටියා.
මේ අවදිය වන විට දියතලාවේ පිහිටා තියෙන නරියාකන්ද හඳුන්වනු ලැබුවේ කළුගල පතනකන්ද විදිහටයි. ඒ වුනාට 1913 දී ලංකාවේ ත්‍රිකුණාමලය වරායට බ්‍රිතාන්‍ය රාජකීයන්ට අයත් HMS-Fox නැමැති නෞකාව ළඟාවෙනවා. එම නෞකාව අලුත්වැඩියා කටයුත්තක් සඳහා මාස ගණනාවක් ත්‍රිකුණාමලය වරායේ නතරකර තැබීමට සිදුවෙනවා. ඒ අතරතුර HMS - Fox නෞකාවේ නාවිකයන් දියතලාව යුද් හමුදා කඳවුරට විවේක ගැනීම සඳහා පැමිණෙනවා. ඔවුන් දියතලාවට පැමිණීමෙන් අනතුරුව බෝයර් සිරකරුවන්ගේද සහය ඇතිව කළුගල කන්දේ තම නැවේ සුරතල් නරියාගේ අනුරුවක් සුදුපාට තිරුවාණ ගල්කැට උපයෝගී කරගෙන සාදනවා. ඒ එම නාවිකයන්ගේ දියතලාව ගමන සිහිවීම පිණිසත් HMS-Fox නම් තම නැව සිහිවීම පිණිසත්ය. නැවේ නාමයට අමතරව එහි 1913 වර්ෂයත් එහි තිරුවාණ ගලින් නිර්මාණය කරලා තියෙනවා.
නරියා කන්දට ඉදිරියෙන් ඇති කන්දේ ඓතිහාසික නුගරුකක් තියෙනවා. එම වෘක්ෂය වර්ෂ 100 කටත් වඩා පැරණි යැයි පැවසෙනවා. එම නුගරුක තියෙන කන්ද වන්-ට්‍රී-හිල් කියලයි හඳුන්වන්නේ. එසේම නරියා කන්දේ තියෙන ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් රේසින් ට්‍රැක් ජර්මනියේ හෑන්ස් රුල්ෆ නැමැත්තා විසින් 1993 වර්ෂයේදී නිර්මාණය කරන ලද්දක්. අද වන විට ලෝක ප්‍රසිද්ධ ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් තරගාවලිය සෑම වර්ෂයකම අප්‍රේල් මාසයේ පැවැත්වෙන්නේ මෙම ධාවන පථයේය.
ඡායාරූප අනුග්‍රහය
ශ්‍රී ලංකා යුද හමුදා ඇකඩමිය, දියතලාව
සටහන: බණ්ඩාරවෙල ඉන්දක කරුණාදාස
වැස්සට රාවනා ඇල්ල
හිනාව 😁🖤
රුවන්වැලි මහා සැරදුන් 1870 සිට පැමිණි ගමන් මග
මෑතකාලීනව ශ්‍රී ලංකාවෙන් බිහිවූ අතිදක්ෂ චරිතාංග රංගන ශිල්පියෙකු වූ දර්ශන් ධර්මරාජ් මහතාගේ හදිසි වියෝව ලාංකේය කලා ක්ෂේත්‍රයට දැරිය නොහැකි පාඩුවකි.
ඔබ පැතූ සැනසීම උදාවේවා..!
උපුල් සමන් වීර
අද 2022 සැප්තැම්බර් 19 වෙනි දිනයි.
1848 අගෝස්තු 26 වෙනි දින,ජාතියේ මළගම සනිටුහන් කළ එක් දිනක්.
සාක්ෂි විමසීමකින් තොරව සිවුර පිටින්ම බෝගම්බර වැව වැව ඉදිරිපිටට ගෙනවිත් කුඩාපොල හාමුදුරුවන්ව වෙඩිතබා ඝාතනය කරපු දිනය.තීන්දුව ප්‍රකාශයට පත් කළේ ටොරින්ටන් සාමි නැමැති පරයා.පළමු චෝදනාව වික්ටෝරියා රැජනට එරෙහිව කැරලි ගැසීම.මම අද දින ඒ ශ්‍රේෂ්ඨ අභීත ස්වාමීන් වහන්සේව සමරමි.
1848 අගෝස්තු මස පස් වැනි දින වෙඩි තබා ඝාතනය කර ගැට්ටුවාන විදුහල අසල නුග ගසේ තෙදිනක් ම එල්ලා තැබූ කැරලි නායක හඟුරන්කෙත ඩිංගිරාළ විරුවා ව සමරමි.
හිරගෙදරදී අපවත් වුණු වාරියපොල සුමංගල, මොහොට්ටිවත්තේ ගුණානන්ද, උඩකැන්දවල සිරි සරණංකර, හික්කඩුවේ සිරි සුමංගල , රත්මලාෙන ධර්මාලෝක යන හෙළයේ මහා යතිවරුන් සමරමි.
සරදියෙල්ට සහාය දැක්වූ මම්මලේ මරික්කාර් නැමති හෙළයා ව සමරමි.
1848 අගෝස්තු මස 8 වැනි දින පස්වරු දෙකයි තිහට වෙඩි තබා ඝාතනය කළ වීර පුරන් අප්පු රජතුමාව සමරමි.
එමෙන්ම 1915 දී වෙඩි තබා ඝාතනය කළ හෙන්රි පේදිරිස් තරුණයාව සමරමි
1818 නොවැම්බර් 26* වැනි දින හිස ගසා ඝාතනය කළ කැප්පිටිපොල දිසාවේ විරුවා ව සමරමි.
18 කැරැල්ලට නායකත්වය දුන් කිවුලේගෙදර මොහොට්ටාල, දොරේසාමි බූටෑවේ රටේ රාල යන විරුවන් සමරමි.
රූමත් කාන්තාවන් හැර සියලු දෙනා ඝාතනය කිරීමට අණ දුන් රටේ ස්වයංපෝෂිත ආර්ථිකය විනාශ කළ ඇළවේලි වැව් අමුණු වෙහෙර විහාර හරකබාන ගිනි තබා විනාශ කළ ලක්ෂ සංඛ්‍යාත හෙළයන්ව ඝාතනය කළ මිනීමරු බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට එරෙහිව අවි එසවූ සියලුම කැරලිකරුවන් ව මහත් අභිමානයෙන් හා ගෞරවයෙන් යුතුව අද දින මම සමරමි.
මෙය කියවීමෙන් අද දින කවුරුන්ගේ හෝ හිත රිදුනානම් මට එය සතුටට කරුණක් මිස සමාව ඇය දීමට හේතුවක් නොවේ.
-උපුටාගැනීම සමාජ මාද්‍ය ඇසුරෙන්, මෙහි අයිතිය මුල් රචකයන්ට හිමිවිය යුතුය.-
පසු සටහනක්
අවසන් වරට 1948 ටේ නිදහස ලබා වසර 23 කටත් පසු මහ රාජනීයට විරුද්ධව කැරලි ගැසිමේ චෝදනාවට ලක්වන්නේ විජේවීර ඇතුලු 71 අරගල කරුවන්ය
ඉනුත් දැන් වසර 50ක් ගෙවී ගොස් ඇත, තවමත් නිවට නියාලු පරාධීන ගති අතහැරී නැති හැටි
කොඩිය අඩ කුඹුය …………෴
නෙලුම් කුළුණ ජනතාවට අරියි ? 💔🇱🇰
================================
ඔව්, ඇත්තට ම නෙලුම් කුළුණ ජනතාවට ඇරලා ගොඩක් කල්. මේ වගේ ගොඩක් සංවර්ධිත රටක් යැයි හැඟෙන, අපිට උජාරුවෙන් පැවසිය හැකි මහින්දගේ අරුම පුදුම වැඩ මහජනතාවට ඇරියේ බොහෝ කාලයක සිට ය. නමුත් ඒ ඇරපු ඇරිල්ලේ වේදනාව දැනෙන්නේ දැන් ය. ඒ නිසාම මහින්ද, බැසිල් අද මාධ්‍යයේ හෝ වේදිකාවක පේන්නට නැත. උන් හැංඟිලා ය. ප්‍රශ්නය යට වෙන දවසක උන් ආයිත් අපේ හාමුදුරුවනේ කියමින් නිසැකවම කරළියට එනු ඇත.
එලෙස තැනූ අධිවේගී මාර්ගවල නම් සත්‍ය වශයෙන් සැබෑ වාසියක් රටටත් මහජනතාවටත් ඇත. කොරෝනා අවධියේදී මෙන්ම රට ව්‍යසනයට පත් වු සෑම වෙලාවක ම අධිවේගී මාර්ග අපට ඉතා ම ප්‍රයෝජනවත් විය. නමුත් වේදනාව වනුයේ මහින්දලා අධිවේගී මාර්ගවලින් ද පරම්පරා ගණනකට හම්බ කර අවසන් නිසා ය. ඒ උඹේ මගේ අප කාගේත් සල්ලි ය.
අද දැවැන්ත ඖෂධ හිඟයක් රටේ ඇත. ඒත් අපේ උන්ට ඒවා මතක නැත. නෙළුම් කුළුණ බලන්නට ගිය ඈයන් දෙන ටෝක් නිසා තවමත් මගේ වකුගඩු වමෙන් දකුණටත්, දකුණෙන් වමටත් මාරු වෙමින් පවතියි. උන් තාමත් සැනකෙළි මානසිකත්වයෙන් මේ ගැටළු දිහා බැලීම ම ඛේදනීය කරුණකි. එය අපේ අනාගතය ගැන තව තවත් අඳුරු හීන මට මැවී මැවී පේන්නට සලස්වා ඇත.
තවමත් ගැටළුව අවබෝධ කරගත් නැති ජනතාව ගැටළුවේ ම ඇලෙනු මිසක ඒ ගැටළුවට කෙලෙසෙක නම් විසඳුම් සොයන්න ද ? අතීතය දැනටමත් අපට පාඩම් උගන්වා අවසන් ය. නමුත් මේ විහිළු සපයන ජනතාව තමන් කබලෙන් ලිපට වැටී ඇති බවවත් නොදැන ලිප මත තව තවත් සෙල්ලන් කිරීම අපගේ අනාගතය මීට වඩා අයහපත්වන බවත් නව අර්බුදවලට අපි විතැන් වන බවත් මට ඉඟි කරයි. 💔🇱🇰
- හර්ෂ -
2022.09.16
අති විශේෂ කවි / Extra Special Poems ❤️✍️🔥
======================================
කාරයේ අයිනක ම
බෝතලේ ගහගත්ත,
යන ගමනේදි ම මම
ෂොට් දෙකක් දා ගත්ත
උන් හිටිය තැනුත් නෑ
අම්මපා මට මතක,
ගුණේ ගේ බෝතලේ
වැඩ කරා එතනදි ම.
- හර්ෂ -
2022.09.19
Uvindu Wijeweera
Click here to claim your Sponsored Listing.
Videos (show all)
Category
Contact the public figure
Telephone
Website
Address
Badulla
Badulla
Lunugala
Badulla, 90530
සියලුම සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. තෙරුවන් සරණයි ☸️❤️🙏🙏🙏
Badulla
සිතන්න ඔබට ඔබ පමණක්ම බව තේරුම් ගන්න තමාගේ දියුණුව තමන් කරන වැඩ ප්‍රමාණය මත තීරනය වන බව ••••🤍🦋
Badulla
Dilsha Sewwandi Vlog official page❤jewellery maker 🔥 Handmade with love 🌎 Traveler 😍
Badulla
Copy කරන් නැති රැල්ලට අහු නොවුනු වෙනස් දෙයක් කරන එක් මිනිසෙක් ❤️ - Follow_Page - මේක අලුත් එක 😒
Pinarawa
Badulla, 9000
My goal is to empower you with knowledge and insights to make informed decisions about your health.