Chooty Teacher • චූටි ටිචර්

ගුරු සේවයට ආසා කරන,ගුරු සේවයට එන්න ඉන්න,ගුරු සේවයේ ඉන්න,ගුරු සේවයේ හිටපු හැමෝටම මෙම සමුහය විවෘතයි.

28/02/2024

නවක ගුරුවරුන් බදවා ගැනීම
---------------------------------------
දකුණු පළාත් සභාව මගින් පාලනය වන පාසල් සඳහා ගුරුවරුන් 1028 දෙනෙකු කඩනමින් බඳවා ගැනීමේ කටයුතු මේ වන විට ආරම්භ කොට ඇති බැව් දකුණු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය විලි ගමගේ මහතා පවසනවා.

ගුරුවරුන් බඳවා ගැනීම සඳහා පැවති උපාධිධාරි ගුරු විභාගයේ වැඩිම ලකුණු ලබා ගත් උපාධිධාරීන් සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවීමට කටයුතු කරන බවත් ඒ අනුව ගුරු විභාගයේ වැඩිම ලකුණු ලබා ගත් උපාධිධාරින් 3080 දෙනෙකු සම්මුඛ පරික්ෂණ සඳහා කැඳවීමට කටයුතු කරන බවද දකුණු පළාත් ආණ්ඩුකාරවරයා සඳහන් කළා.

ගුරු පුරප්පාඩු වී ඇති විෂයයන් අනුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ මට්ටමින් මෙම ගුරුවරුන් ඉදිරියේ බඳවා ගැනීමට කටයුතු කරන බවද ආණ්ඩුකාරවරයා පවසනවා.

මේ පිළිබඳ අදහස් දක්වමින් දකුණු පළාත් ආණ්ඩුකාරවරයා මෙසේද සඳහන් කළා.

“රජයේ සේවයේ නියුතු උපාධිධාරි සංවර්ධන නිලධාරීන් පිරිසක් විභාගයක් නොපවත්වා ගුරුවරුන් බඳවා ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කරනු ලැබු ඉල්ලීමකට අනුව තහනම් නියෝගයක් පනවා තිබුනා. එම තහනම ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ඉවත් කළා. ඒ නිසා දකුණු පළාත් සභාවට මෙම ගුරුවරු බදවා ගැනීමට හැකි වෙලා තියෙනවා. ගුරුවරුන් බදවා ගැනීමේ කටයුතු මේ වන විට ආරම්භ කොට තියෙනවා. ගුරු විභාගය සඳහා අපේක්ෂකයින් 10500 දෙනෙකු ඉදිරිපත් වුනා. ගුරුවරුන් බදවා ගැනීම තුලින් දකුණු පළාතේ ගුරු හිඟයට විසඳුම් ලැබෙනවා. දැනට විශ්‍රාම ගොස් සිටින ගුරුවරුන්ගේ පුරප්පාඩුත් සමග ඉදිරියේ දී ගුරුවරු 1500ක් පමණ බදවා ගැනීමට හැකි වනවා.”
Chooty Teacher • චූටි ටිචර්

Photos from Chooty Teacher • චූටි ටිචර්'s post 23/02/2024

චූටී ටීචර් ලා හරි ලස්සනයි නේ.😊😍


Pasdunrata National College Of Education
Chooty Teacher • චූටි ටිචර්

20/02/2024

විද්‍යාපීඨ සිසුන්ට සුබ ආරංචියක්
-------------------------------------------

අධ්‍යාපන විද්‍යා පීඨවල ඉගෙනුම ලබන ශිෂ්‍යන්ගේ ආහාර දීමනාව ලබන මාසයේ සිට රුපියල් 8,000 දක්වා ඉහළ දමන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ප්‍රකාශ කළා.

ඔහු මේ බව සඳහන් කළේ අද (20) පාර්ලිමේන්තුවේ දී.

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම යොමු කළ පැනයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ ඊට අදාළ කැබිනට් පත්‍රිකාවට ද අනුමැතිය ලැබී ඇති බවයි.
Susil Premajayantha


Chooty Teacher • චූටි ටිචර් National Institute of Education - Sri Lanka Ministry of Education Srilanka

19/02/2024

ගුරුවරුන්ගේ සේවා උසස්වීම්වලට නියමිත කාර්යක්ෂමතා කඩඉම් සපුරා ගැනීම සඳහා ගිරාගම ගුරු විද්‍යාලයේ මොඩියුල මධ්‍යස්ථානයට පැමිණි ගුරුවරියක් ඊයෙ (18) එම ස්ථානයෙන් ආපසු හරවා යවා තිබෙනවා.

සාරියක් හැඳ නොපැමිණීම නිසා අදාළ මධ්‍යස්ථානයේ කළමණාකරු විසින් මෙම ගුරුවරියව ගුරු මධ්‍යස්ථානයෙන් එළවා දැමීමට කටයුතු කර තිබුණා.

අනතුරුව එම ගුරුවරිය විසින් කඩුගන්නාව පොලීසිය වෙත ගොස් මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක්ද සිදු කර තිබෙනවා.

මේ අතර, මෙම සිදුවීම පිළිබඳව අදහස් දැක්වූ ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කළේ සති අන්තයේ පැවැත්වෙන මෙවැනි වැඩසටහනක් සඳහා සාරියක් හැඳ පැමිණීම අනිවාර්ය කිරීමට කිසිදු සාධාරණ හේතුවක් නොවන බවයි.

එමෙන්ම, මෙම ක්‍රියාව සම්බන්ධයෙන් දැඩි නීතිමය පියවර ගැනීම සඳහා කටයුතු කරන බවද ජෝසප් ස්ටාලින් මහතා තවදුරටත් සඳහන් කළේය.


Chooty Teacher • චූටි ටිචර්

17/02/2024

ඉස්කෝලේ පුරුද්දට ගෙදර ඉන්න පූසාට කරදර කරන මං..😛😘
just looking like a.....ඤෑව්...🐱

Chooty Teacher • චූටි ටිචර්

17/02/2024

හූ.. හූ.. සර්ලාට හොඳ වැඩේ...😊😛
------------------------------------------

දිවයිනේ රජයේ පාසල් වල සේවය කරන ගුරුවරියන්ගේ සංඛ්‍යාව ගුරුවරුන්ගේ සංඛ්‍යාව මෙන් තුන් ගුණයක් වේ.

දිවයින පුරා ජාතික පාසල් 396 ක් හා පළාත් පාසල් 9730 ක් වශයෙන් මුළු පාසල් සංඛ්‍යාව 10,126 කි. ඒවායේ සේවය කරන මුළු ගුරුවරුන් සංඛ්‍යාව 236,738කි. එයින් 56,817 ගුරුවරු වන අතර ගුරුවරියන් ගණන 179,921 කි.එය මුළු ගුරු සංඛ්‍යාවෙන් සියයට 76 ක ප්‍රතිශතයකි.

අධ්‍යාපන අමාත්‍යාංශය මගින් 2022 වසරට අදාලව සකස් කළ පාසල් පද්ධතියේ නවතම සංඛ්‍යා දත්ත වාර්තාව මගින් මෙම තොරතුරු අනාවරණය කර ඇති අතර දිවයිනේ සිසුන් සංඛ්‍යාව 50 ට අඩු පාසල් 1473 ක් හා සිසුන් 4000 ට වැඩි පාසල් 34 ක් තිබෙන බව ද එම දත්ත වාර්තාවේ සඳහන් වේ.

14/02/2024

ඒ වුනාට මම එහෙම නැහැ.....😊☺️💗💗 ටීචර් කෙනෙක් වුනාම ලස්සනට ඉස්කෝලේ යන්න ඕනේ...ඔයලා මොකද කියන්නේ?
Chooty Teacher • චූටි ටිචර්

14/02/2024

විද්‍යාපීඨයට බඳවා ගැනීමේ ක්‍රමය වෙනස් වෙයි
-------------------------------------------

මින් ඉදිරියට ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට සිසුන් ඇතුළත් කිරීමේ දී මාර්ගගත ක්‍රමය පමණක් අනුගමනය කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් සඳහන් කළේ මෙම ක්‍රමය යටතේ අයැදුම් කරන්නන්ට තමන් විද්‍යා පීඨ පාඨමාලාවට ඇතුළත් වීමට සුදුසුකම් ලබා තිබේද හා කුමන විද්‍යාපීඨයට ඇතුළත් විය හැකි ද යන්න පිළිබඳව ක්ෂණිකව දැන ගැනීමට හැකිවන බවයි.

එම නිළධාරියා වැඩිදුරටත් සඳහන් කළේ ඒ සඳහා නව දත්ත පද්ධතියක්ද සකස් කෙරෙන බවයි.

ඒ අනුව අයැදුම් කරන්නන්ගේ සුදුසුකම් අනුව නුසුදුස්සන් ඉවත්වීමේ ස්වයංක්‍රීය ක්‍රමයක් පද්ධතියට ඇතුළත් කිරීමට නියමිතය.

එමෙන්ම මෙවර ශිෂ්‍ය කණ්ඩායම් දෙකක් එකවර බඳවා ගැනීමට නියමිතය.

ඉහත දත්ත පද්ධතිය සකස් කිරීමට පෞද්ගලික අංශයේ සහාය ලබා ගැනීමට කැබිනට් අනුමැතිය ලද වහාම අයැදුම්පත් කැඳවීමට අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.


Chooty Teacher • චූටි ටිචර්

National Institute of Education - Sri Lanka
Ministry of Education Srilanka

06/02/2024

විද්‍යාපීඨ ශිෂ්‍යයෙකු මාසයක් විද්‍යාපීඨයේ සහ සීමාවාසී කාලයේ ජීවිත් වීමට රුපියල් 4950 ක් හොදටම ඇති.
---------------------------------------------------------------
ජාතික අධ්‍යාපන ආයතනයේ විද්‍යාපීඨ සම්බන්ධයෙන් වගකීම් දරණ නිලධාරීන් සිහිමද ගතියකින් පෙලෙයි. ????

5000ක් ඇතිද ???
National Institute of Education - Sri Lanka Chooty Teacher • චූටි ටිචර්

06/02/2024

විද්‍යාපීඨ සිසුන්ට කොස් දෙල් කවන්න පීඨාධිපතිතුමා තීරණය කරයි.
----------------------------------------------------

ජාතික අධ්‍යාපන විද්‍යා පීඨවල සිසුන්ගේ ආහාර වේල් සඳහා ඒ ඒ පීඨ පරිශ්‍රවල පවතින කොස්, දෙල් ඇතුළු සියලු ආහාර ද්‍රව්‍ය ප්‍රයෝජනයට ගැනීමට පීඨාධිපතිවරු ප්‍රමුඛ කථිකාචාර්යවරු පියවර ගෙන තිබේ.
මෙම පියවර ගෙන ඇත්තේ එම සිසුන්ගේ ආහාරපාන වෙනුවෙන් දිනකට ලැබෙන රුපියල් එකසිය හැට හයක මුදල ප්‍රමාණවත් නොවන නිසාය. මේ නිසා සිසුන්ගේ ආහාර වේලේ පවතින පෝෂ්‍යදායී බව දිනෙන් දින පිරිහෙමින් පවතින බවත් පීඨ පරිශ්‍රවල පවතින ආහාර ද්‍රව්‍ය පාරිභෝජනයට පියවර ගත්තේ එම තත්ත්වයෙන් මිදීමට බවත් මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දුන් සමස්ත ලංකා ගුරු අධ්‍යාපනඥයන්ගේ සංගමයේ ලේකම් ධම්මික මිරිහාන පැවසීය.
සිසුන්ට දැනට ලබා දෙන රුපියල් පන්දහසක මාසික දීමනාව රුපියල් තුන්දහසකින් වැඩි කිරීමට අදාළව කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගනිමින් සිටින අතර එම යෝජනාව අනුමත වුවහොත් පිරිමසා ගත හැකි තත්ත්වයක් ඇති වන බව ද ලේකම්වරයා සඳහන් කළේය.
පවතින ආර්ථික තත්ත්වයන් මත රුපියල් පන්දහසක මාසික දීමනාවක් ණය මුදලක් ලෙස සිසුන්ට ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය මීට පෙර ගත් උත්සාහයක් අසාර්ථක විය.

National Institute of Education - Sri Lanka Chooty Teacher • චූටි ටිචර් Facebook

04/02/2024

රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තුන්වන වාරයේ දෙවන අදියර හෙට (05) සිට ආරම්භ කිරීමට නියමිතය.

උසස් පෙළ විභාගය හේතුවෙන් පසුගිය දෙසැම්බර් 23 වනදා පාසල් නිවාඩුව ආරම්භ වුණා.

උසස් පෙළ කෘෂි විද්‍යා ප්‍රශ්න පත්‍රය සමාජමාධ්‍ය වෙත පිටවීම හේතුවෙන් එම ප්‍රශ්න පත්‍රය අවලංගු කර යළි පෙබරවාරි 1 වනදා විභාගය පැවැත්වීමටයි විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබුණේ.

ඒ අනුව පෙබරවාරි 1 වනදා ආරම්භවීමට නියමිතව තිබූ මීළඟ පාසල් වාරය හෙට දක්වා කල් දැමුණා.


Chooty Teacher • චූටි ටිචර්

01/02/2024

උදෑසන කෑම විෂ වීමෙන් වයඹ විද්‍යාපීඨ සිසුවියෝ 400ක් සහ කථිකාචාර්යවරු 35ක් රොහල් ගත කර ඇත.
---------------------------------------------
බිංගිරිය වයඹ ජාතික අධ්‍යාපන විද්‍යාව පීඨයේ සිසු සිසුවියන් 400 දෙනෙක් සහ ගුරුවරු 35 ක් උදේ ආහාරය ගැනීමෙන් පසු හදිසියේ රෝගාතුර ව බිංගිරිය රෝහල ඊයේ (31) ඇතුලත් කරනු ලැබු අතර ප්‍රතිකාර ගැනීමෙන් පසු සිසුන් 375 දෙනෙකු රෝහලෙන් පිටව ගිය අතර 25 දෙනෙක් තවදුරටත් නේවාසිකව ප්‍රතිකාර ලබන රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
Wayamba National College of Education, Bingiriya

National Institute of Education - Sri Lanka


Chooty Teacher • චූටි ටිචර්

31/01/2024

ඉස්කෝලේ නිවාඩු දුන්නම ....😛✌
💝🌏
Chooty Teacher • චූටි ටිචර්

27/01/2024

චූටී ටීචර්ලා කියන්නේ හැමෝම ආදරේ කරන වෙනම ලෝකයක්..

Chooty Teacher • චූටි ටිචර්

27/01/2024

පාසල් දරුවන්ට සුබ ආරංචියක්...
---------------------------------------

පාසල් දරුවෙකුගේ ආහාර වේලක් සඳහා වෙන් කර ඇති මුදල රුපියල් 30කින් ඉහළ දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමු වී තිබෙනවා.

ඒ අනුව එම ගණන රුපියල් 115ක් දක්වා ඉහළ යනු ඇති.

මීට පෙර ආහාර වේලක් සඳහා වෙන් කර තිබුණ මුදල රුපියල් 85ක්.

එම මුදලට තවදුරටත් දිවා ආහාරය සැපයීමට නොහැකි බව සැපයුම්කරුවන් කළ දැනුම්දීමක් අනුවයි මෙම තීරණය ගෙන ඇත්තේ.

මෙම මුදල වැඩි කිරීම සඳහා මුදල් අමාත්‍යංශයේ නියෝජිතයන් සමඟ සාකච්ඡාවක් ද පවත්වා තිබෙනවා.

එහි දී ඒ ආහාර වේලක් සඳහා රුපියල් 115ක මුදලක් වෙන් කිරීමට එකඟ වී ඇති බව සඳහන්.

වෙළෙඳපොළේ සහල් සහ පරිප්පු ඇතුළු වියළි ආහාර ද්‍රව්‍යවල මිල ගණන් යළිත් සලකා බලා මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිත බවට ද වැඩිදුරටත් තොරතුරු වාර්තා වනවා.

Chooty Teacher • චූටි ටිචර්

26/01/2024

විදුහල්පති දීමනාව රුපියල් 9000 කින් ඉහළට
---------------------------------------------

විදුහල්පති දීමනාව රුපියල් 9000කින් ඉහළ දමන ලෙස නිර්දේශ කර තිබෙනවා.

ඒ විදුහල්පති සේවයේ නොවිසදුණු ගැටලු විසඳීම සඳහා අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත විසින් පත් කරන ලද කමිටුවේ වාර්තාව මගින්.

එම වාර්තාව කමිටුව විසින් ඊයේ අමාත්‍යවරයා වෙත භාර දෙනු ලැබුවා.

මහාචාර්ය ගුණපාල නානායක්කාරගේ සභාපතිත්වයෙන් ක්‍රියාත්මක වූ මෙම කමිටුවෙහි හිටපු ආයතන අධ්‍යක්ෂ ජනරාල්වරුන් වන එම් ඒ ධර්මදාස, පද්මා, සිරිවර්ධන හිටපු විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත, විශ්‍රාමික ගණකාධිකාරී එස්. ඩබ්ලිව්. ගමගේ එහි සාමාජිකයන් ලෙස කටයුතු කළා.

ප්‍රධාන කරුණු හයක් ඔස්සේ කමිටුව විසින් නිර්දේශ ඉදිරිපත් කර තිබෙනවා.

මෙම කමිටු නිර්දේශ අමාත්‍ය මණ්ඩල අනුමැතිය මගින්ද සේවා ව්‍යවස්ථා සංශෝධනය මගින්ද අමාත්‍යාංශ චක්‍රලේඛ හා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මගින් ද ක්‍රියාත්මක කරන බවයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සඳහන් කළේ.

Chooty Teacher • චූටි ටිචර්

Photos from Chooty Teacher • චූටි ටිචර්'s post 26/01/2024

💖💑චීටර් ලාගේ වෙඩින් තමා ලස්සනම ...💍💝
චූටී සර් සහ චූටී ටීචර්.
wedding shoot Chinthaka Ranmini sir
Chooty Teacher • චූටි ටිචර්

23/01/2024

අපේ කාලේ මෙහම ටීචර් ලා හිටියේ නැහැ නේ..දෙවියනේ...🥰😘😘

Chooty Teacher • චූටි ටිචර්

20/01/2024

Teacherලා ඉස්කෝලෙදි Vs. tution class එකේදි.. 📚
ඇත්ත ද මේ ?

18/01/2024

Cute Rabbit... 🥕🥕🐰🐇
❤❤❤
Chooty Teacher • චූටි ටිචර්

18/01/2024

මේ දවස් වල චූටී ටීචර් ලා ගෙදරට වෙලා...😴😜🍾🍻

(ප්‍රවෘත්තිය : පාසල් නිවාඩුව දීර්ඝ වේ.නැවත පාසල් ආරම්භය පෙබරවාරි 5 )

18/01/2024

Lectures ගිය ගමන් මුල් ටිකේ 🤓.... & Lectures එකේ ටික වේලාවකට පසු...😜🥴
ඊටපස්සේ නිදි 😴😴😴

18/01/2024

විද්‍යාපීඨ වල දරුවන්ට අවශ්‍ය ආහාර පාන විද්‍යාපීඨයේ ම සපයා ගැනීමට යෝජනා
---------------------------------------------
විද්‍යාපීඨ සියල්ලේම වගා කටයුතු කළයුතු බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජනයන්ත මහතා පවසනවා.

ඒ අනුව විද්‍යාපීඨ පරිශ්‍ර 19 තුළ ම ඉඩකඩ පවතින පරිදි එදිනෙදා ප්‍රයෝජනයට ගත හැකි වගාවන් සිදු කිරීමට කඩිනමින් පියවර ගත යුතු බවයි සුසිල් ප්‍රේමජනයන්ත අමාත්‍යවරයා සඳහන් කරනවා.

අධික සීතල දේශගුණයක් පවතින රටවල හිම පතනය නොවන මාස හයක කාලය තුළ තට්ටු නිවාස සංකීර්ණවල කොරිඩෝවල පවා බඳුන්ගත වගාවෙහි නිරත වෙමින් ජනතාව නිෂ්පාදන ආර්ථික වර්ධනයට උර දෙන බව පැවසූ අමාත්‍යවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ආධාර යටතේ මෙරට මූලික අවශ්‍යතා ඉටු කරගන්නා පසුබිමක මෙරට රාජ්‍ය හා වෙනත් ආයතන ඇතුළු සමස්ත ජනතාව ම දේශගුණ විපර්යාස වැනි ඉදිරි ආපදා තත්වයන් ජයගැනීම සඳහා විධිමත් පෙර සූදානමකින් සිටිය යුතු බව අවධාරණය කළා.

මීට වසර එකහමාරකට පෙර ඉන්ධන හා ගෑස් වැනි අත්‍යවශ්‍ය සේවා ලබා ගැනීමට පෝලිම්වල කාලය ගත කළ යුගය යළි සිහිපත් කරගත යුතුව තිබෙන බවයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජනයන්ත මහතා පවසයි.

15/01/2024

staff meeting එකට ඉන්නෙ නැතුව පැනලා යන මායි මගෙ යාලුවායි 😆


Chooty Teacher • චූටි ටිචර්

15/01/2024

අනුරාධා ටීචර් ♥️
Chooty Teacher • චූටි ටිචර් Praveena Dissanayake

15/01/2024

මේහෙ නම් එහෙම තමා ඔය පැත්තෙ කොහොමද අනෙ 🤭

Chooty Teacher • චූටි ටිචර්

Photos from Chooty Teacher • චූටි ටිචර්'s post 16/11/2023

꧁ ❤ℬℯ𝒶𝓊𝓉𝒾𝒻𝓊𝓁 𝓂ℴ𝓂ℯ𝓃𝓉𝓈 𝒾𝓃 𝓉𝒽ℯ 𝒸ℴ𝓃𝓋ℴ𝒸𝒶𝓉𝒾ℴ𝓃 ❤ ꧂

ගාලු පුරෙන් හමු වූ ලස්සන බැඳීම් 💙
හීන දකින්න ඕනේ යාලුවොත් එක්ක එතකොට ඒ හීන හැබෑ වෙනකොට හරි ලස්සනයි ♥️

Fernando
Ruhuna National College of Education




Chooty Teacher • චූටි ටිචර්

Want your school to be the top-listed School/college in Colombo?
Click here to claim your Sponsored Listing.

Videos (show all)

ඉස්කෝලේ පුරුද්දට ගෙදර ඉන්න පූසාට කරදර කරන මං..😛😘 just looking  like a.....ඤෑව්...🐱@followers Chooty Teacher • චූටි ටිචර්
Chooty Teacher • චූටි ටිචර්  Facebook page #chootyteacher #SriLanka #schools #children #teaching #education #teachinglif...
චූටී ටීචර්ලා කියන්නේ හැමෝම ආදරේ කරන වෙනම ලෝකයක්..#SriLanka #education #teaching #schools #teachers #teachinglife #childr...
අපේ කාලේ මෙහම ටීචර් ලා හිටියේ නැහැ නේ..දෙවියනේ...🥰😘😘Chooty Teacher • චූටි ටිචර් @followers #schools #srilanka #children ...
Teacherලා ඉස්කෝලෙදි Vs. tution class එකේදි.. 📚ඇත්ත ද මේ ?#chootyteacher #SriLanka #schools #children #teaching #tuitiont...
Cute Rabbit... 🥕🥕🐰🐇 ❤❤❤Chooty Teacher • චූටි ටිචර් #chootyteacher #SriLanka #schools #children #teaching #babyshower #ba...
මේ දවස් වල  චූටී ටීචර් ලා ගෙදරට වෙලා...😴😜🍾🍻(ප්‍රවෘත්තිය : පාසල් නිවාඩුව දීර්ඝ වේ.නැවත පාසල් ආරම්භය පෙබරවාරි 5 )#SriLanka...
Lectures ගිය ගමන් මුල් ටිකේ 🤓.... &  Lectures එකේ ටික වේලාවකට පසු...😜🥴ඊටපස්සේ නිදි 😴😴😴#chootyteacher #SriLanka #universi...
staff meeting එකට ඉන්නෙ නැතුව පැනලා යන මායි මගෙ යාලුවායි 😆#chootyteacher Chooty Teacher • චූටි ටිචර් @followers
꧁ ❤ℬℯ𝒶𝓊𝓉𝒾𝒻𝓊𝓁 𝓂ℴ𝓂ℯ𝓃𝓉𝓈 𝒾𝓃 𝓉𝒽ℯ 𝒸ℴ𝓃𝓋ℴ𝒸𝒶𝓉𝒾ℴ𝓃 ❤ ꧂ කොළ පාට සෘතු මෙන්ම වසත් කල ජීවිතේ..වැහි පොඳක්වත් නොවිඳ දින මාස සති ගෙවේ..ඒ ස...
꧁ ❤ℬℯ𝒶𝓊𝓉𝒾𝒻𝓊𝓁 𝓂ℴ𝓂ℯ𝓃𝓉𝓈 𝒾𝓃 𝓉𝒽ℯ 𝒸ℴ𝓃𝓋ℴ𝒸𝒶𝓉𝒾ℴ𝓃 ❤ ꧂සිහින ලුහුබදින්න...දිනෙක සැබෑ වෙනවා නියතයි 🥰♥️👩‍🎓Amil Hashan Deshappriya Ruwa...

Address


Maharagama
Colombo
10280

Other Education Websites in Colombo (show all)
Targheeb Targheeb
Colombo

Assalamu Alaikum wa Rahmatullahi wa Barakatuh For more information please visit www.teduresourcesglobal.com

Iskole - ඉස්කෝලේ Iskole - ඉස්කෝලේ
11/1, Nallawatta Road, Maharagama
Colombo

NVQ සෙට් එක NVQ සෙට් එක
Aramaya Place
Colombo, 00100

මම මෙම පෙජ් එක හැදුවේ NVQ කොස් එකක් කර?

Sipmansala Sipmansala
Colombo

Sisuwa virtual classroom Sisuwa virtual classroom
Colombo

SISUWA is an online Virtual Classroom facility for Entire Sri Lanka.

InTuitionX InTuitionX
Colombo

Powerful multi-functional online platform for live online classes

Mathsද මචං Mathsද මචං
Colombo

රොබෝ කෙනෙක් නොවී රොබෝල හදන කෙනෙක් වෙන?

DS The Creator DS The Creator
Colombo
Colombo

Lets make a better tomorrow. #createyourownidentity.

PRE-Medicine - Eshan Perera PRE-Medicine - Eshan Perera
Colombo

Group and Individual classes for, -After A/L Students -Foreign University Students -Private University Students -Non-Medical Students Subjects-Anatomy,Physiology,Biochemistry,Patho...

Cambridge Science Club Cambridge Science Club
Colombo

Cambridge Science Club provides English medium Science classes for Cambridge and Local syllabus.

Movie Details For Movie Fans /md4mf Movie Details For Movie Fans /md4mf
Colombo

100% Fresh Movie Details and Trivia for dying movie fans in Sri �

Government exam Government exam
Colombo, 930134147

Education