Yoga for U & Me
Yoga is for Ur Mind , Body & Soul 🕉️
🔴ඔබ සැමට ශිව දෙවියන්ගේ ආශීර්වාදය ලැබෙන සෞභාග්‍යවන්ත මහාශිවරාත්‍රී දිනයක් වේවා...!!! ॐ🔱
🔱 ශිව දෙවිදු (ඉසුරු දෙවිඳු) යෝග දර්ශනයේ අධිපති දෙවියන්ය. “යෝග”ශිව දෙවියන් විසින් මනුෂ්‍යයාගේ කායික හා මානසික ශක්තිය ලබා ගැනීම සදහා සෘෂීන් වහන්සේලාට ප්රදානය කළ උතුම් දායාදයකි.සෘෂීන්වහන්සේලාගෙන්,ස්වාමිවරුන්ටද,ස්වාමිවරුන්ගෙන් සාමාන්‍ය මිනිසුන් හටද මේ උතුම් දායාදය ලැබිණි.
🔱ශිව දෙවියන් ශ්‍රේෂ්ඨතම යෝගී වරයා ලෙස සලකනු ලැබේ.එලෙසින්ම යෝග යනු අති උතුම් පූජනීය දර්ශනයකි.එය ඉගෙන ගැනීම ප්‍රවේශමෙන් කළ යුත්තකි.එමෙන්ම නිවැරදිව යෝග හැදෑරීමෙන් කායික, මානසික,අධ්‍යාත්මික සුවය මෙන්ම මනා සෞඛ්‍ය සම්පන්න නිරෝගිමත් සිරුරක් හිමි කර ගැනීමට හැකි වේ.
🔱 ශිව දෙවියන් පහසුවෙන් සතුටු කළ හැකි දෙවි කෙනෙකි. ශිව දෙවියන් වරින් වර තම බැතිමතුන්ට වරම් ලබා දෙන අතර ඔහුගේ හදවත පිවිතුරු මෙන්ම පහසුවෙන් තෘප්තිමත්වන ස්වාභාවයෙන් යුක්ත වේ. යම් යම් අඩු පාඩු දුර්වලතා ඇති කෙනෙකුට වුවද ශිව දෙවියන්ගේ පිහිට ආධාරය ලබා ගත හැකිය.
🔱ශිව දෙවියන් සම්ප්‍රදායන් ඉක්මවා යන කෙනෙකි. ශිව දෙවියන් තම නිදහස පවත්වාගෙන යාමට සමාජ සම්මතයන් බිඳ දමන කෙනෙක්. ඒ අනුව ඔබේ කුලය, සමාජ පන්තිය, ජීවන රටාව ආදිය ඉතා වැදගත් දේවල් ලෙස සැලකිය යුතු නැති බව ශිව දෙවියන්ගෙන් ලැබෙන ආදර්ශයක්.
🔱ශිව දෙවියන් ශරීරයට අධිපති දෙවියන් වේ. ශිව දෙවියන් තමස් ගුණය නිරූපණය කරනවා. එය ජීවී ශරීරයක ඇති ප්රමුඛ ගුණයයි.
🔱ශිව දෙවියන් වන්දනා කරන්න පහසුයි. ශිව දෙවියන් වන්දනා කරන්න පුජකයන්ගේ සහයක් ඕන වෙන්න නෑ. ඔබට කෙලින්ම ශිව දෙවියන්ට පුද පූජා කරමින් සෘජු සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න පුළුවන්.
🔱ශිව දෙවියන් නිසා ඔබේ කෝපයට පිළිගැනීමක් ලැබෙනවා. ඇතැම් අවස්ථාවලදී ශිව දෙවියන් දරුණු ලෙස කෝප වී ඔහුගේ විනාශකාරී ශක්තිය මුදා හරිනවා. දෙවියන් පවා ශිව දෙවියන් කෝපයෙන් ඉන්නවා දකින්න කැමැත්තක් නෑ. ඊට හේතුව තමා ඔහු කෝප වූ විට ඉතා භයානක දේවල් සිදුවෙන්න පුළුවන් නිසා. මේ නිසා ඔබේ කෝපය ඔබට ශිව දෙවියන්ගේද පැතිකඩක් විදිහට සලකල හිත හදා ගන්න පුළුවන් (කෝප ගැනීම අනුමත කිරීමක් මින් අදහස් නොවේ)
🔱ශිව දෙවියන් ඉතා හොඳ ස්වාමි පුරුෂයෙක්. තම බිරිඳ පාර්වතී දේවියට ඔහු ඉතා ආදරෙන් සලකනවා. සමාන ගෞරවයක් ලබා දීමට ඇයට තමන්ගේ පැත්තෙන් වාඩි වී සිටීමට අවස්ථාව පවා ලබා දී තියෙනවා.
🔱ශිව දෙවියන් තම පවුලට බෙහෙවින් ආදරය කරනවා.ගණ දෙවියන්ගෙන්, කතරගම දෙවියන්ගෙන් සහ පාර්වතී දේවියගෙන් සමන්විත ඔහුගේ පවුලට ඔහු ඉතාම ලැදියි.
🔱ශිව දෙවියන්ට අප්‍රමාණ බලයක් තියෙනවා. ඔහුට පුළුවන් අපගේ දුක විනාශ කර දමන්න. ඒ වගේම මෝහය, ඇලීම මග ඇරලා අපව අධ්‍යාත්මික වර්ධනයට යොමු කරන්න පුළුවන්. ඔබ ජීවිතයට වෙනසක් බලාපොරොත්තු වෙනවානම්, ඔහු ඔබට ඉතාම ගැළපෙන දෙවි කෙනෙක්.
🔱ශිව දෙවියන් තිරිසන් සතුන්ට අධිපතිකම දරනවා. ශිව දෙවියන් සියලු සතුනට දයානුකම්පාවෙන් යුක්තයි. ඔහු සතුන්ව රෝගවලින් මරණයෙන් හා අනතුරුවලින් ආරක්ෂා කරනවා. ඔබ සතුන්ට ආදරය කරන කෙනෙක්නම්, ඔවුන්ගේ ආරක්ෂාව සලසා දීමට ශිව දෙවියන්ට ආයාචනා කරන්න පුළුවන්.
🔱ශිව දෙවියන්ට පුළුවන් ඔබට දැනුම සහ නුවණ ලබා දෙන්න. ශිව දෙවියන් යනු මුළු ලෝකයටම ගුරුවරයෙක්. ඒ වගේම ඔහු හොඳ සංගීතඥයෙක්, නර්තන ශිල්පියෙක් වගේම ගායන ශිල්පියෙක්ද වෙනවා. ඔබට ඔබේ ගුරුවරයා ලෙස ශිව දෙවියන් හොඳින්ම ගැලපෙන දෙවි කෙනෙක්.
🔱ඉතා බලවත් මහා මන්ත්‍රයක් වන ශිව මන්ත්‍රය උදේ සවස ගායනා කිරීමෙන් ,ඇසීමෙන් ඔබට බොහෝ යහපත් ප්‍රතිඵල අත් පත් කර ගැනීමට හැකියාව ලැබෙනවා මෙන්ම හින්දු ජනයාගේ විශ්වාසයන්ට අනුව ශිව දෙවියන්ගේ මෙම මහා මෘත්යන්ජය මන්ත්‍රයට මරණය පවා ජය ගත හැකි හැකි බව කියැවේ.
🔱ඉතා පිරිසිදුව ශිව දෙවිදුන්ගේ වඩාත් ආකර්ශනීයම යෝගාසනය වන පද්මාසනයේ භාවනානුයෝගීව සිටිමින් මෙම මහා මෘත්යන්ජය මන්ත්‍රය 7වරක් 21 වරක්,හෝ 108 වරක් ගායනා කිරීමෙන් ඔබට සතුට,සෞභාග්‍යය උදාවනු නිසැකය.
ඕම් නමඃ ශිවාය... 🕉⚜️🔱🙏🏼
සතුටේ රහස කුමක්ද? දාර්ශනික බර්ට්‍රන්ඩ් රසල්ගේ පිළිතුර -
"සතුටේ රහස මෙයයි. ඔබේ රුචිකත්වයන් හැකිතාක් පුළුල් වීමට ඉඩ දෙන්න, ඔබ කැමති දේවල් කිරීම සහ පුද්ගලයින්ට ඔබේ ප්‍රතිචාරය හැකිතාක් දුරට සතුරු වීමට වඩා මිත්‍රශීලී වීමට ඉඩ දෙන්න. ලෝකය විශාල වන අතර අපගේම බලතල සීමිතය. අපගේ සියලු සතුට සම්පුර්ණයෙන්ම බැඳී ඇත්තේ අපගේ පෞද්ගලික තත්වයන් තුළ නොවේ. ජීවිතයට දීමට වඩා වැඩි යමක් ඉල්ලා සිටීම දුෂ්කර ය, තමාව අමතක කළ හැකි මිනිසා ගෙවතු වගාව ගැන හෝ අහසේ තරු වල ඉතිහාසය ගැන අව්‍යාජ උනන්දුවකින් සොයමින් කනස්සල්ලට පත්වන විට, ඔහු තම කනස්සල්ල සමඟ කටයුතු කිරීමට හැකි වන පරිදි සන්සුන් භාවයක් ලබා ඇති බව සොයා ගනු ඇත. හොඳම ආකාරයෙන්, ඔහු තාවකාලික සතුටක් වුවද ඒ අතරතුර සැබෑ සතුටක් අත්විඳිනු ඇත."
"මම සතුටින් ඉපදී නැත. නව යොවුන් වියේදී මම ජීවිතයට වෛර කළ අතර සියදිවි නසාගැනීමේ අද්දර සිටිමි, කෙසේ වෙතත්, තවත් ගණිතය පමණක් දැන ගැනීමට ඇති ආශාවෙන් මම සියදිවි නසා ගැනිම ගැන සීතිම සීමා වීය.දැන්, ඊට වෙනස්ව, මම ජීවිතය භුක්ති විඳින්නෙමි. ගෙවී යන සෑම වසරකම මම එය වඩාත් භුක්ති විඳින බව පැවසිය හැකිය.
මෙයට හේතු වී ඇත්තේ මා වඩාත්ම ආශා කළ දේවල් මොනවාදැයි සොයා ගැනීම සහ ක්‍රමයෙන් මේ දේවල් බොහොමයක් අත්පත් කර ගැනීමයි. යම් දෙයක් ගැන විවිධාකාරයට දැනුම ලබා ගැනීම වැනි දේ නිසා මට මා ගැන අමතක විය.මගේ ජිවිතයේ අමිහිරි බව අමතක විය. බොහෝ දුරට මගේ වර්තමාන සතුටට හේතු වී ඇත්තේ මේ ආකාරයෙන් මා ගැන ඇති උනන්දුව අඩු වීමයි.
ටිකෙන් ටික මම මා ගැනත් මගේ අඩුපාඩු ගැනත් උදාසීන වීමට ඉගෙන ගතිමි. මම මගේ අවධානය වැඩි වැඩියෙන් බාහිර වස්තූන් වෙත යොමු කළෙමි. ලෝකයේ තත්වය, විවිධ දැනුමේ ශාඛා, මට ආදරය කළ පුද්ගලයින් පිලිබද , බාහිර අවශ්‍යතා ගැන මා සොයා බැලිය.එය සත්‍යයකි, එක් එක් වේදනාවේ තමන්ගේම හැකියාව ගෙන එයි: ලෝකය යුද්ධයක ගිලී යා හැකිය, යම් දිශාවකට දැනුම ලබා ගැනීමට අපහසු විය හැකිය, මිතුරන් මිය යාම වැනි වේදනාවන් මාහට අමතක වූයේ මාගෙන් මා ඉවත් වි ලෝකයේ දේවල් සමග ගනුදෙනු කිරිම නිසා ය.ප්‍රධාන වශයෙන් තමාගෙන් පිටත අවශ්‍යතා වගා කිරීමේ වැදගත්කම පෙන්වයි.
― Bertrand Russell, The Conquest of Happiness (1930)
🕉️Hey Busy U
Tired of running behind wat u want
Relax ur mind
New month new beginning
new energy with new hope for healthy wealthy life
Individual focusing
Boost ur physical and mental energy
Grab a chance for individual classes with best discounts
Whatsapp 0777103215🕉️
Yoga 4u & Me with Isharra
Hare Om Jay ho♥️🕉️
Sick of feeling stressed and anxious all the time? Tired of letting those negative thoughts control your life? It's time to get on the mindfulness and meditation train, friends!
Practicing mindfulness and meditation can do wonders for reducing stress and anxiety 🧘♂️
It helps you to focus on the present moment, rather than dwelling on past regrets or worrying about the future.
It also helps you to develop a greater sense of self-awareness, which can enable you to recognize and challenge negative thoughts and patterns 😇
But here's the thing, it's not just about sitting cross-legged and humming.
Mindfulness and meditation can be incorporated into your daily routine in a variety of ways, whether it's through deep breathing exercises, yoga, or even taking a mindful walk 🚶
The key is to find something that works for YOU and make it a habit.
Don't let stress and anxiety control your life any longer. Take control of your thoughts and emotions with mindfulness and meditation.
Trust me, you won't regret it.
Come and join with Isharra
YOGA 4U & ME ♥️🕉️
Contact 0777 10 32 15
යෝග වැඩිහිටියන් සඳහා පමණක් නොවේ!
ඇත්ත වශයෙන්ම, එය දරුවන්ට ලෝකය තුළ සාර්ථක වීමට උපකාර කළ හැකි ඉතා වැදගත් ජීවන කුසලතා ලබා දිය හැකිය.
ළමයින්ට යෝග ඉගැන්වීම සහ පන්ති කාමරයේ යෝග භාවිතා කිරීම දරුවන්ගේ යහපැවැත්ම කෙරෙහි ධනාත්මක බලපෑමක් ඇති කරන්නේ කෙසේද යන්න පිළිබඳ මේ ලිපිය මගින් දැනුවත් කිරීමට කැමැත්තෙමි.
1.යෝග, දරුවන්ට ඔවුන්ගේ කනස්සල්ල පාලනය කිරීමට උපකාර කරයි
2.යෝග,දරුවන්ගේ චිත්තවේගීය නියාමනය වැඩි දියුණු කරයි.
3.යෝග,දරුවන්ගේ ආත්ම අභිමානය වැඩි කරයි
4.යෝග, දරුවන්ගේ ශරීරය පිළිබඳ දැනුවත්භාවය සහ සිහිය වැඩි කරයි
5.යෝග, දරුවන්ගේ අවධානය සහ මතකය වැඩි දියුණු කරයි
6.යෝග, දරුවන්ගේ ශක්තිය සහ නම්‍යශීලී බව වර්ධනය කරයි
7.යෝග, විනය උගන්වන අතර ආවේගශීලී බව අඩු කරයි
යෝග වැඩිහිටියන් සඳහා පමණක් නොවේ!
ඇත්ත වශයෙන්ම, එය දරුවන්ට ලෝකය තුළ සාර්ථක වීමට උපකාර කළ හැකි ඉතා වැදගත් ජීවන කුසලතා ලබා දිය හැකිය.
ළමයින්ට යෝග ඉගැන්වීම සහ පන්ති කාමරයේ යෝග භාවිතා කිරීම දරුවන්ගේ යහපැවැත්ම කෙරෙහි ධනාත්මක බලපෑමක් ඇති කරන්නේ කෙසේද යන්න පිළිබඳ මේ ලිපිය මගින් දැනුවත් කිරීමට කැමැත්තෙමි.
1.යෝග, දරුවන්ට ඔවුන්ගේ කනස්සල්ල පාලනය කිරීමට උපකාර කරයි : යෝග අභ්‍යාස කිරීමෙන් ඉගෙන ගන්නා හුස්ම ගැනීමේ ව්‍යායාම සහ ලිහිල් කිරීමේ ක්‍රම මානසික ආතතිය කළමනාකරණය කිරීමට දරුවන්ට උපකාරී වේ. සෞඛ්‍ය සම්පන්න ලෙස ආතතිය අවම කර ගන්නේ කෙසේද යන්න දරුවන්ට ඉගැන්වීම කුඩා දරුවන් ලෙස සහ වැඩිහිටියන් ලෙස ඔවුන්ට උපකාර වන වැදගත් ජීවන කුසලතාවකි.
2.යෝග,දරුවන්ගේ චිත්තවේගීය නියාමනය වැඩි දියුණු කරයි.: ළමුන් සඳහා යෝගයේ තවත් ප්‍රතිලාභයක් නම්, එය දරුවන්ට විවේකීව හා සාමකාමී මනසක් ලබා ගනිමින් වර්තමාන මොහොතේ සිටීමට ඉගෙන ගැනීමට උපකාරී වන අතර එමඟින් අවසානයේ ඔවුන්ගේ චිත්තවේගීය නියාමනය වැඩි දියුණු වේ.
3.යෝග,දරුවන්ගේ ආත්ම අභිමානය වැඩි කරයි : ළමුන් සඳහා යෝග ඔවුන්ගේ ආත්ම අභිමානය සඳහා අරුමපුදුම දේ කළ හැකිය. ඉරියව්වක් පරිපූර්ණ කිරීම හෝ ඔවුන්ගේ සමබරතාවය සහ නම්‍යශීලී බව වැඩිදියුණු කිරීම කුඩා දරුවන්ට පුද්ගලික සවිබල ගැන්වීමේ හැඟීමක් ලබා දිය හැකිය
4.යෝග, දරුවන්ගේ ශරීරය පිළිබඳ දැනුවත්භාවය සහ සිහිය වැඩි කරයි : විවිධ යෝග ඉරියව් හරහා යාම දරුවන්ට ඔවුන්ගේ ශරීර සහ ඔවුන් කළ හැකි චලනයන් ගැන ඉගෙන ගැනීමට උපකාරී වේ
5.යෝග, දරුවන්ගේ අවධානය සහ මතකය වැඩි දියුණු කරයි : ළමයින්ගේ යෝගයේ ඉහළම ප්‍රතිලාභයක් නම්, විවිධ ආකාරයේ චලනයන් සඳහා දරුවන්ට ඔවුන්ගේ කටපාඩම් කිරීමේ කුසලතා කෙරෙහි අවධානය යොමු කිරීම සහ වැඩ කිරීම අවශ්‍ය වීමයි - මේ දෙකම ඔවුන්ගේ අධ්‍යයන කාර්ය සාධනය බවට පරිවර්තනය කළ හැකිය.
6.යෝග, දරුවන්ගේ ශක්තිය සහ නම්‍යශීලී බව වර්ධනය කරයි : යෝග දරුවන්ගේ වැඩෙන ශරීර ශක්තිමත් කිරීමට සහ ඔවුන්ගේ නම්‍යශීලී බව වැඩි දියුණු කිරීමට උපකාරී වන අතර එමඟින් ඔවුන්ගේ තුවාල වීමේ අවස්ථාව අඩු කළ හැකිය.
7.යෝග, විනය උගන්වන අතර ආවේගශීලී බව අඩු කරයි : යෝග මගින් දරුවන්ට තම අදහස් ප්‍රකාශ කිරීමට භෞතික ප්‍රවේශයක් ලබා දීමෙන් පන්ති කාමරයේ අභියෝගාත්මක හැසිරීම් අඩු කළ හැකිය. එය දරුවන්ට ඔවුන්ගේ මනස නිරවුල් කිරීමට සහ ඔවුන්ගේ ඉරියව් පරිපූර්ණ කිරීමට වැඩ කරන විට විනය ගැන ද උගන්වයි.
💓
Try this posture if you want to reduse ur Tummy ,loose fat and have a nice shaped of figure 💓
Yoga For U & Me
With Isharra
මරණය හැර අනෙක් හැම රෝගයකටම ඖෂධයකි කළුදුරු.
ඉස්ලාමයේ එය හැඳින්වෙන්නේ එසේයි.
Nigella sativa යන නමින් විද්‍යාවේ හඳුන්වන කළුදුරු, බරකා, කලුංජි,බ්ලැක් සීඩ් මෙන්ම black cumin ලෙස විවිධ භාශාවලින් හඳුන්වයි.
මෙයමධ්යධරනි, අප්‍රිකාව, ඉන්දියාව මෙන්ම ආසියාවේ හොඳින් වැවෙන ඉමහත් ඖෂධීය ගුණයක් ඇති පැලෑටියකි.
එය අඟල් 12 නැත්නම් සෙන්ටිමීටර 30 පමණ වැඩේ.
ආයුර්වේදය වගේම සූප ශාස්ත්‍රයේදීත් නැතුව බැරි කළුඳුරු
තුන පහ සෑදීමේදී කුඩා ප්‍රමාණයක් එකතු කර ගත හැකි අතර බේකින්, රොටි, මෙන්ම සාම්බාර් නාන් වලටත් කුඩා ප්‍රමාණයක් එකතු කර ගත හැක.
වසර සිය ගනනක ඈත අතීතයේ සිට අත් බෙහෙතක් ලෙසත්, ආයුර්වේදයේත් කළුඳුරු බොහෝ රෝග වලට ප්‍රතිකාරයක් විය
📌️බ්රොන්කයිටිස්
📌️පාචනය
📌️දියවැඩියාව
📌️හෘද රෝග
📌️කෑම දිරවීමට
📌️අම්ල පිත
📌️කොලික්
📌️ඇලජික් කෝෆ්
📌️අධි රුධිර පීඩනය
📌️උදර ආබාධ
📌️ඇස් පෙනීම වර්ධනය
📌️ශරීරයේ බර පාලනය
📌️මලබද්ධය
📌️ස්නායු රෝග
මේවායින් සමහරක්.
කළුඳුරු
අමුවෙන් ඇට ලෙසත්
යම්තම් කබලෙන් බැද ඇට ලෙසත්
කබලේ බැද කුඩු කර පවුඩර් ලෙසත් මී පැණි හෝ වතුර සමඟ පාවිච්චි කළ හැක.
මෙය ශරීරයේ පිත ගතිය වැඩි කළ හැකි බැවින් දිනපතා ගන්නේ නම් ඇට 5 හෝ 7 පමණ ගන්න.
කළුඳුරු වල විටමින් මින්රල් වගේම ප්රොඉටීන්, ෆයිබර්, මේදය සහ කාබෝහයිඩ්රේට් අඩංගු වේ.
ෆයිබර් සහ ප්‍රෝටීන් නිසා බඩගිනි අඩුවෙන් දැනෙන නිසා ආහාර ගැනීම අවම වෙන අතරම ශරීර උෂ්ණත්වය වැඩි කරමින් මේදය දහනය කරයි.
ඉතින් අද පටන් කළුඳුරු වල ගුණය සලකා කුඩා මාත්‍රයක් ආහාරයට ගන්න.
සැ:යු: ඕනෑම දෙයක් අවශ්‍ය ප්‍රමාණයට වඩා ගැනීම ශරීර සෞඛ්‍යට අහිතකරයි බව නිතරම මතක තබා ගන්න.
නිරෝගී දිවියකට අත්වැලක්
Copied
ස්වාභාවික ගෑස්ටික් පානය (01)
-------------------------------------------------
අවශ්‍ය ද්‍රව්‍ය -:
* කෝමාරිකා මද මේසහැඳි 2 යි
* පොල් කිරි අවුන්සය යි
* පොල් හෝ කුරුම්බා වතුර කාලයි
සාදන ක්‍රමය -:
සියල්ලම එකට බ්ලෙන්ඩරයකට දමා මිශ්‍ර කරගන්න.
මධුමේහය නැති අය රතු සීනි තේ හැඳි එකක් පමණ දමාගන්න පුළුවන්.
සෙම් පීනස් නැති අයට මදක් කූල් කර ගන්න පුළුවන්.
දැන් මේක උදේම හිස්බඩ බොන්න.
මෙහි ගුණ -:
* අම්ලපිත්තය (ගෑස්ටික් ) නසයි.
* මුත්රාබාද සදහා සුදුසුයි.
* බඩේ තුවාල සුවකරයි.
* සිරුර සිසිල් කරයි.
* ඔසප් දෝෂ වලට ගුණදායකයි.
* ජීර්ණ ක්‍රියාවලිය ක්‍රමවත් කරයි.
* ආමාශ ගත විස හරණය කරයි.
මෙම ලිපියේ හිමි කරු වන්නේ
ආචාර්ය ජී එල් එන් සුබසිංහ මහතා
එතුමාට අපේ පූර්ණ ස්තුතිය🙏💓
*-දියවැඩියාව ඇතුළු රෝග රැසක් නසන බණ්ඩක්කා වල ගුණ දැනගෙන කමු *-
සිංහල බෙහෙත් වට්ටෝරු අතර ප්රමුඛ වන මෙයින් දියවැඩියාව, මානසික ආතතිය, හන්දි වේදනා වැනි රෝග තත්ව රැසක් පාලනය කරගන්නට පුළුවන්!
බණ්ඩක්කා යනු ලංකාවේ ගෙවතු වල පහසුවෙන්ම වගා කල හැකි අද්විතීය ගුණැති එළවළුවක්. අපි උයන කර්මයට බොහෝ පොඩිත්තන් බණ්ඩක්කා කෑමට ටිකක් ඇලි මැලි වුවත් මෙය පිසගන්නා විවිධ රසවත් අකාරද නැතුවා නොවේ.
අද කාලයේ සමාජයේ බහුල ලෙස පැවතිය රෝග තත්ව මෙන්ම ජිවන රටාවේ සෞඛ්‍ය අභියෝග රැසකටද ප්‍රතිකර්ම ලෙස ක්‍රියා කිරීමට බණ්ඩක්කා වලට හැකියාව තිබෙනවා. දියවැඩියාව සඳහා සිංහල බෙහෙත් වට්ටෝරු වලට අයත් වන ගුණ ඇති බණ්ඩක්කා මානසික ආතතිය, ස්ථුල බව, අධික කොලෙස්ටරෝල් මෙන්ම හන්දිපත් රුදා සමනය කිරීමටද සමත් වීම විශේෂයි.
සිංහල බෙහෙත් වට්ටෝරු: බණ්ඩක්කා වල ඖෂධීය ගුණ
ඉංග්‍රීසි භාෂාවෙන් Okra නැතහොත් Ladies Fingers ලෙස හැඳින්වෙන බදක්කා හින්දි භාෂාවෙන් ‘බින්දී’ ලෙස හඳුන්වන අතර එය දකුණු ඉන්දියාවේ විවිධ ක්‍රම වලට පිස ගැනෙන ප්‍රසිද්ධ එළවළුවක්.
බණ්ඩක්කා සෞඛ්‍යයට ඉතා ගුණදායක ආහාරයක් ලෙස දිගු කාලයක් තිස්සේ අනුමත කර ඇති අතර පොටෑසියම්, විටමින් බී, විටමින් සී, ෆෝලික් අම්ලය සහ කැල්සියම් වැනි ගුණදායක සංඝටක එහි අන්තර්ගත වනවා. බණ්ඩක්කා වල සෞඛ්‍යට ප්‍රමාණවත් කැලරි ප්‍රමාණයක් අඩංගු වනවා පමණක් නොව ඉහළ ආහාරමය තන්තු ප්‍රමාණයක්ද අන්තර්ගත වනවා. දිනපතා ආහාර වේලට ඇතුළත් කිරීම වඩාත් යෝග්‍ය වන බණ්ඩක්කා දියවැඩියාව (1 හා 2 වර්ග) පාලනය කිරීමේ විශේෂ ගුණ ඇති ආහාරයක් ලෙසද හැඳින්වෙනවා.
අධික තන්තුමය ගුණ දියවැඩියාව පාලනය කරයි
බණ්ඩක්කා තන්තුමය ආහාරයක් වන අතර සාමාන්‍ය ප්‍රමාණයේ බණ්ඩක්කා කරල් 8ක් තන්තු ග්‍රෑම් 3ක් පමණ ඇතැයි කියැවෙනවා. මෙම තන්තුමය ව්‍යුහය නිසා අහාර දිරවීම පහසු වන අතර සාගින්න මැඩ පවත්වනු ඇත. තවද වැඩිපුර බණ්ඩක්කා පරිභෝජනය කිරීම ග්ලයිසමික් පාලනය පවත්වාගනිමටත් ඉන්සියුලින් සංවේදීතාව නිසි ප්‍රමාණයට පවත්වාගනිමටත් හැකියාව ලැබෙනවා. මානසික ආතතිය පාලනය කරයි බණ්ඩක්කා වල බීජ නිස්සාරණය, රුධිරයේ ප්‍රතිඔක්සිකාරකයක් ලෙස ක්‍රියා කෙරෙන බව පෙන්වා දී තිබෙනවා. මෙයින් රුධිරයේ ආතතිය පාලනය කෙරෙන අතර එය දියවැඩියාව පාලනය කිරීමටද ඉවහල් වනවා. මානසික සෞඛ්‍ය රැකගැනීම දියවැඩියාවේ ප්‍රතිකාර සැලැස්මක කොටසක් සේ සැලකෙන්නේ නම් වඩාත් යෝග්‍යය. රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරයි
තන්තුමය ආහාර මගින් රුධිරයේ කොලෙස්ටරෝල් ප්‍රමාණය පාලනය කෙරෙනවා පමණක් නොව ඒවා ප්‍රතිඔක්සිකාරකයක් ලෙසද ක්‍රියා කරනවා. අධික කෙඳි අන්තර්ගත හා ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් යුත් ආහාර නිර්දේශ කෙරේ. ඇමරිකානු හෘද සංගමය පවසන පරිදි දියවැඩියාවෙන් පෙළෙන අයට අහිතකර කොලෙස්ටරෝල් මට්ටම් ඇතිවීමට ඉඩ තිබේ. ඉහළ කොලෙස්ටරෝල් මට්ටම් දියවැඩියාව සමඟ සංයෝජිතව ඇති විට, දෘෂ්ටිය හොඳ නැත. ඔබේ ආහාර වේලට සෞඛ්‍ය සම්පන්න කොලෙස්ටරෝල් මට්ටම් ඇති බවට වගබලා ගැනීම ඉතාමත් වැදගත් ය.
නිරෝගී ශ්වසන පද්ධතියක් ඇති කරයි
සුදුසු ව්‍යායාම මාලාවක් සමඟ ආහාර වේලට දිනවතා බණ්ඩක්කා ඇතුලත් කිරීමෙන් නිරෝගී ශ්වසන පද්ධතියක් පවත්වාගත හැකි වනවා. බණ්ඩක්කා අහාරයට ගැනීමෙන් සිරුර ශක්තිමත් මෙන්ම ප්‍රබෝධමත් කෙරෙනු ඇත. එනම් බණ්ඩක්කා අනුභව කිරීම තුලින් වඩාත් ක්‍රියාශීලි ජිවන රටාවකට අවතීර්ණ වන්නට පිළිවෙන.
දණහිස් සහ අනෙකුත් හන්දි ශක්තිමත් කර රිදීම් වලක්වයි.
බණ්ඩක්කා වලින් හන්දි වලට ඇති ගුණ ගැන ඔබ අසා ඇතිවාට සැකයක් නැහැ. බණ්ඩක්කා කරල් තුල ඇති සේවලාමය තරලය මගින් හන්දි වල - විශේෂයෙන්ම දණහිස් වල කාටිලේජ අතර ඇති ජෙලි වන් තරල පෝෂණය කර ශක්තිමත් කෙරෙන බව කියවෙනවා.
දියවැඩියාව මෙන්ම හන්දි කාටිලේජ ගැටළු නිරාකරණය කරගැනීමට කදිම බණ්ඩක්කා සිංහල බෙහෙත් වට්ටෝරු වලින් එකක් පහත දක්වමු.
සිංහල බෙහෙත් වට්ටෝරු: දියවැඩියාව සහ හන්දි කාටිලේජ ගැටළු සඳහා බණ්ඩක්කා වතුර සත්කාරය
1 බණ්ඩක්කා කරල් 3ක් හෝ 4ක් ගෙන කෙරවලවල් කපාගන්න
2 දැන් මේවා දිගු අතට කපාගන්න
3 මේවා වතුර ලීටර භාගයක දමා තම්බාගන්න.
4 රෑ එළි වන තුරු තබාගත් මෙය පසුදා උදැසන පාවිච්චියට ගන්න. එනම්, මෙහි ජලය පානය කොට තම්බුනු බණ්ඩක්කා අහාරයට ගන්න.
අන්තර්ජාලය ඇසුරිනි.
සතුටින් ඉන්න ආසයි ද .....
පලමු චක්‍රය එනම් හිස මුදුන තමයි විශ්වය හා අපව සම්බන්ධ කරවන චක්‍රය. මෙහි කම්පන වාර සමබරව පවත්වා ගැනිමෙන් අපට ලැබෙන වාසි බොහෝමයි. එනම් සතුට සැනසුම සුවය පැතුම් ඉටුකර ගන්නට පහසුවිම වැනි වාසි අනන්තයි. ඒ විතරක් නෙවි අපිට විශ්වය සමග හොදින් ගනුදෙනු කරන්නට පනිවිඩ හුවමාරු කරගන්නට මෙම හිස්මුදුන් චක්‍රය යහපත්ව තිබිය යුතුමයි. මා අත්දැකිමෙන්ම දන්නා දෙයක් තමයි මෙම චක්‍රය යහපත්ව පවතිනවිට විශ්ව ශක්තිය හොදින් ලැබි ගතට සිතට දැනෙන සැහැල්ලුව සුවය සහනය. ඇත්තටම ඔබටත් පුලුවනි ඒ නැවුම් සුමිහිරි ලබන්නට.එවිට ඔබ මවිතවේවි විශ්ව ශක්තිය මෙතරම් බලවත්ද කියා.ඉතින් මන් ආසයි ඔබද ඒ විශ්වශක්තියේ සුවය ලැබගන්නවාට.
හරි අපි දැන් බලමු මෙම හිසමුදුන චක්‍රය අසමතුලිත වි තිබෙදැයි දැනගන්නා ආකාරය. ඔබට නිතරම අලස කුසිත බවක් කම්මැලිගතියක් හිසෙහි බර ගතියක් නිදිමත ස්වභාවයක් දැනෙයිනම් නොසන්සුන් තාවයක් පවතිනම් චක්‍රය අසමතුලිතව තිබියහැක. මෙය දිගුකාලිනව හෝ කෙටිකාලින ලෙසද දැකිය හැකියි. මෙසේවිමෙන් විශ්වයෙන් ලැබෙන යහපත් ශක්තිය ඔවුනට නොලැබෙන අතර තම දියුනුවටද බදාකර ගන්නා අයද දැකියහැක. මෙවැනි අවස්තාවලදි සමහරුන් අපලලෙස දකිමින් මිත්‍යාමත පසුපසද යන අවස්තා බොහෝය. එනමුත් විසදුම ඉතා සරලය. එය ඉතා පහසු සරල අභ්‍යාසයකි.මුලින්ම සිත සැහැල්ලු කර ගැනිමේ අභ්‍යාසයක යෙදි චක්‍ර අවදිකරන අබ්යාස කලයුතුය.
ස්තුතියි
අවස්ථා පහකදී නිශ්ශබ්ද වන්න .
01. කෙනෙකුට ඔබේ වචන වලින් ඔබේ අදහස තේරුම් ගත නොහැකි යැයි ඔබට හැඟෙන විට, එම අවස්ථාවේදී ඔබ නිහඬ වන්න.
01. When you feel that someone cannot understand your point of view with your words, then you should be silent.
02. ඔබ කුමක් කිව යුතු දැයි නොදන්නා විට හෝ ඔබේ සිතුවිලි සහ එම විශේෂිත අංශ පිළිබඳ දැනුම ගැන ඔබ සැක කරන විට, ඔබ නිහඬ වන්න.
02. When you do not know what to say or when you have doubts about your thoughts and knowledge of those particular areas, keep quiet.
03. යමෙක් තවත් පුද්ගලයෙකු විවේචනය කරන විට, ඔබ එවැනි සෘණාත්මක කොටස්කරුවෙකු විය යුතු නැත , එබැවින් ඔබ එවැනි අවස්ථා වල නිහඬ වන්න.
03. When someone criticizes another person, you do not have to be such a negative partner, so you should be silent in such situations.
04. යමෙක් කෝපයෙන් හා පිළිකුලෙන් කෑගසන විට සහ දොඩමළු වන විට ඔබ නිශ්ශබ්දව සිටීමෙන් පුද්ගලයා ලිහිල් කරයි.
04. When someone yells and yells in anger and disgust, you relax the person by keeping quiet.
05. වෙනත් පුද්ගලයෙකු තම ජීවිතයේ සමහර සිදුවීම් හැඟීම්බරව බෙදා ගන්නා විට නිහඬව සවන් දීමට උත්සාහ කරන්න.
05. When another person emotionally shares certain events in their life, try to listen quietly.
-Dr.Abdul kalam- ❤️
💓👉මතක තබාගන්න
🕉 යහපත සිතන්න ඒ පසුපස යහපත පැමිණෙනු ඇත.
🕉 ඔබගේ යටි සිත ඔබ සමඟ තර්ක කරන්නේ නැත. යටි සිත මනස නියම කරන දේ එය ඒ හැටියටම කරයි.
🕉 තෝරා ගැනීමේ බලය ඔබ සතු වේ .සතුට සහ සුවය තෝරාගන්න මිත්‍රශීලී වන්න,ප්‍රේමණීය වන්න, විනෝද ශීලී වන්න, සහයෝගී වන්න විශ්මිත පෞරුෂයක් ගොඩනඟා ගැනීමේ මඟ එයයි.
🕉 ඔබගේ උඩු සිත දොරටුව අසල සිටින මුරකරුවා ය.
🕉 ඔහුගේ ප්‍රධාන කාර්යය වන්නේ ඔබගේ යටි සිත සාවද්‍ය ඇඟ විය වලින් රැක ගැනීමය. යහපත් දේ සිදුවන බවත් එය දැන් සිදුවෙමින් පවතින බවත් විශ්වාස කරන්න. ඔබගේ විශාලතම බලය වන්නේ තෝරා ගැනීමට ඇති හැකියාවයි. නිතරම සන්තුෂ්ටිය බහුලතාවය තෝරාගන්න .
🕉 අනෙක් අයගේ සැඟවී යාම සහ ප්‍රකාශන වලට ඔබට රිදවන්නට නොහැකිය එකම බලය වන්නේ ඔබ ඔබගේ සිතුවිලි පවත්වාගෙන යාමයි. ඔබට අනෙක් අයගේ සිතුවිලි සහ කියමන් ප්‍රතික්ෂේප කිරීම තෝරාගත හැකිය යහපත පමණක් පිළිගැනීම තෝරාගත හැක ගත හැකිය ඔබ ප්‍රතිචාර දැක්විය යුතු ආකාරයද ඔබට තෝරාගත හැකිය.
🕉. "මට බෑ යැයි"කිසි කිසිවිටෙකත් නොසිතන්න ඒ වෙනුවට පහත සඳහන් ප්‍රකාශය කීමෙන් ඒ බිය නැති කරගන්න " මගේ යටි සිතේ බලය මට ඕනෑම දෙයක් කරන්න පුළුවන්"
🕉.බය නොදැනුම සහ අනුමානය ඇසුරෙන් නොව ජීවිතයේ සනාතන මූලධර්ම ඇසුරෙන් සිතන්නට පටන් ගන්න. ඔබ වෙනුවෙන් සිතන්නට අන් අයට අවස්ථා ලබා නොදෙන්න.
🕉 ඔබගේ සිතුවිලි ඔබ ම තෝරා ගන්න ඔබගේ තීරණ ඔබම සිතනා දේ ඔබගේ යටි සිත එකහෙළා පිළිගෙන ක්‍රියාවට නංවයි වාසනාව ආශිර්වාදය ලාභ ගැන විශ්වාස කරන්න .
🕉 ඔබගේ මනස සත්‍ය ලෙස කුමක් විශ්වාස කළද ඔබගේ යටි සිත ඒක හෙලා පිළිගෙන ක්‍රියාවට නංවයි වාසනාව ආශිර්වාදය ලාභ ගැන විශ්වාස කරන්න .
-යටි සිත-
-ඔබේ විශ්මිත මෙහෙකරු -
මගේ ආදරණීය විශ්වයට ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤️❤️
💓Yoga Shows U The Way of Happiness
🎓ඉගෙන ගන්න.
🥇Skill එකක් develop කර ගන්න.
💰ආදායම් මාර්ගයක් හදා ගන්න.
🧚🏻♀️ප්‍රියමනාපව ඉන්න.
🧖🏻♀️ඉඳලා හිටලා හරි මූණට facial එකක් කර ගන්න.
🛀කෙස්ගහේ ඉඳන් කකුලේ නියපොත්ත වෙනකන් පිරිසිදුව ඉන්න.
👗තමන්ටම අවේණික fashion trend එකක් හොයා ගන්න.
📆අනාගතය ගැන plan එකක් හදා ගන්න.
🏡පවුලත් එක්ක රැඳෙන්න.
👊🏼ළඟම circle එකත් එක්ක open වෙලා ඉන්න.
🍱ආස කරන කෑම කන්න.
📖පොතක් කියවන්න, චිත්‍රයක් අඳින්න, හුරතල් සතා එක්ක කතා කරන්න විවේකයක් ලබන්න.
🎬Weekend එකට film එකක් බලන්න.
🏕යන්න ආස කොහේ වුනත් යන්න.
🔍අලුත් දේවල් අත් හදා බලන්න.
🎁තමන්ටම තෑගි ගන්න.
🏃🏻♀️නොගැලපෙන මිනිස්සුන්ගෙන් හිත හොඳින් අයින් වෙන්න.
👩❤️👨ආදරණීය බැඳීම් ලඟ ආදරෙන් ඉන්න.
👑ස්වාධීනත්වය තියා ගන්න.
⚖️තමන් වෙනුවෙන් පෙනී ඉන්න පෞරුෂයකින් යුත් වෙන්න.
වැරදි දේ වෙනුවෙන් තමන්ට අවාසියක් වුණත් නැගී සිටින්න.
💪🏼මොන වගකීම කරට ගන්න වුනත් "හනේ අනේ" නොකියා ඒක ඒ වෙලාවට කරන්න පුලුවන් smart කෙනෙක් වෙන්න.
The Most Most Most importantly....🙏
❌අතපය හතර හොඳට තිබ්බත් හැමදේටම කාගෙන් හරි අවසරයක් ගන්න ඕනා වෙන මනසින් අබ්බගාත කෙනෙක් වෙන්න එපා.
👉කොහේ හරි ඉන්න සරණාගතයෙකුට රැවටිලා ආස කරපු හීන උපන් ගෙයි මරා ගන්න එපා.
It's your life my darling.
Enjoy it.
ඔයාටම ඔයා ගැන ආදරය හිතෙන කෙනෙක් වෙන්න.
Date yourself.
ඒක හරිම ආස හිතෙන වැඩක්.
Copied ❤️
Celebrated The International Day Of YoGa 2022 at Independent square....
With my Guru ji Dr.Chamin Warnakula
I wish my Guru Ji... Live Long Life...🙏💓💓🕉
අද ජාත්‍යන්තර යෝග දිනයයි... මාගේ ඇදුරුතුමන්ට නමස්කාර කරමි....දීඝායු ඇදුරුතුමනි.......🙏💓🕉
Wishing U All a Happy International Yoga Day🙏💓🕉
Yoga Brings Ur Mind and Body To Another Level of standard Grade ...
Hare Om🕉
💓🙏
Attitude Is the Matter 💓
☯️ මානසික ආතතියෙන් මිදීමට ක්‍රම 30ක්
මානසික ආතතිය ( Stress )කියන්නෙ ඕනම කෙනෙක්ට ඇතිවෙන්න පුලුවන් තත්ත්වයක්. ඉතින් මේ ආත්ති තත්ත්වය වැඩි වුණාම සමහර දෙනා හිතනව මට depression කියලා. ඔව් දීර්ඝ කාලයක් පවතින ආතතිය නිසා එහෙම වෙන්න පුලුවන්. නමුත් අපට එදිනෙදා ඇතිවෙන සාමාන්‍ය ආතතිය අපිටම පාලනය කරගන්න පුලුවන්.ඒ වෙනුවෙන් කරන්න පුලුවන් දේවල් පහසු ක්‍රම ටිකක් මම කියන්නම්.
1.ධනාත්මක සිතුවිලි රටාවකට හුරු වීම.
2.ආතතිය ඇති වෙන්න හේතු වූ දේ සොයාගෙන එම ගැටලු විසඳා ගැනීම.
3. විශ්වාස වන්ත මිතුරන් කිහිප දෙනෙක් ලඟින් ඇසුරු කිරීම.
4.සෞඛ්‍ය සම්පන්න ආහාර හා ව්‍යායාම ලබා ගැනීම.
5.ස්වසන අභ්‍යාස/සිත සැහැල්ලු කිරීමේ අභ්‍යාස කිරීම
6. indoor හෝ outdoor ක්‍රීඩාවක නිරත වීම
7.ගීත ඇසීම හා ගීත ගායනා කිරීම
8.නිදහසේ නර්ථනයේ යෙදීම
9.කැමති තැන් වල සංචාරය කිරීම. (වෙනත් රටකට, වෙනත් ප්‍රදේශයක මෙන්ම නිවස ආසන්නයේ වුවත් සුන්දර තැන් සොයා යන්න
10. චිත්‍රපට නැරඹීම
11. ආගමික ස්ථානයකට ගොස් ආගමික වතාවත්හි නිරත වීම
12. භාවනා කිරීම
13. විනෝදාස්වාදය ගෙනදෙන දේවල් කිරීම
14. හොඳින් සිනාසීම
15. පීඩනය දෙන පුද්ගලයන්ගෙන් , පරිසරයෙන් ඈත් වීම
16. හොඳින් ශරීරය පිරිසිදුව තබා ගැනීම.
17. ඇළක/දොලක දිය නෑමට යාම. (ආරක්ෂාකාරීව)
18. ගස් වැල් මල් සුළඟ වැනි දේ සමග සොබාදහමට ලන්ව කාලය ගත කිරීම.
19. අවසන් නොවූ වැඩ ඇත්නම් අවසන් කිරීම.
20. වැඩ කල් දැමීමෙන් වැලකීම.
21. අවසන් නොකළ වැඩ කොටස් වලට බෙදාගෙන කොටසින් කොටස අවසන් කිරීම.
22. සුරතල් සතුන් සමග කාලය ගත කිරීම.
23. විනෝදාංශයක් ලෙස කවි , නිසඳැස් ලිවීම.
24. දවස සැලසුම් කරගෙන වැඩ අවසන් කිරීම. (to do list/ day planner )
25. ඔබට ලැබෙන හැම හොඳ දේකටම කෘතවේදී වීම.
26. නිව්ස් බැලීම හැකිතාක් අඩු කිරීම.
27. සෘණාත්මක අදහස් ඇති අයගෙන් ඈත් වීම. හැකිනම් ඔවුන් ධනාත්මක කිරීමට උත්සාක කරන්න.
28. දුරුවලතාවන්ට විසඳුම් සොයා ගැනීම. අලුත් දේවල් ඉගෙන ගන්න පුලුවන්.
29. පෙනුම ගැන ඔබට සතුටක් නැත්නම් ඒ වෙනුවෙන් කළ හැකි දේ කර වෙනස් වීම.
උදා: - දත්වල ගැටලු ඇත්නම් ප්ලේට්
භාවිතා කරන්න පුලුවන්.
30. සෑම ලෙසටම උත්සාහ ගෙන ආතතිය පාලනය කර ගත නොහැකියයි ඔබට හැඟේනම් මනෝ උපදේශන සහය ලබාගන්න.
මේ දේවල් ජීවිතයට එකතු කර ගැනීමෙන් ඔබට පුලුවන් ආතතිය පාලනය කරගෙන සතුටින් නිදහසේ කාලය ගත කරන්න.
කියවූ ඔබ සැමටත් ආදරණීය විශ්වයටත් ස්තූතියි
✍️රසාරා සමරසේකර ©
"ප්රාණයාම" යනු යෝගයේ හදවතයි. ඔබ දිනපතා ප්රාණයාම පුරුදු කරන්නේ නම් ඔබට එහි ප්රතිලාභ අත්විඳිය හැකිය.
💓කිසිම දෙයක් කිරීමෙන් ඔබට කිසිදා වෙහෙසක් දැනෙන්නේ නැත
💓ඔබ කිසි විටෙකත් මානසික අවපීඩනයට පත් නොවනු ඇත
💓ඔබ කිසි විටෙකත් ආතතියට පත් නොවනු ඇත
💓ඔබේ ජීවිතයට කුමක් සිදු වුවද, ඔබට එහි එකම යහපත් කොටස පෙනෙනු ඇත, එහි ධනාත්මක පැති ඔබට පෙනෙනු ඇත.
ඔබට පෙනෙන්නේ එයට පිළිතුරු පමණි..
💓දවස අවසානයේදී ඔබට ඔබ තුළ සාමයක් දැනෙනු ඇත.
ඊට වඩා ඔබට අවශ්‍ය කුමක්ද?
*Yoga For you & Me With Ishara*
💓Yoga shows the Happiness in your life
SO Live the Moment Love the Moment ..Love ur Self...
Very Good Morning .... Today is the Best Day💓
music
ඔබ ඔබේ පවුලට ආදරය කරන්නේ නම්, පළමුව ඔබ ඔබට ආදරය කළ යුතුය....
💓🕉 yoga For U and Me 🧚♂️With Isharra
🚫Don't Ever try these poses without Proper Guidence
💓Health Benefits of Chakrasana
1. It increases the flexibility of the spine and stretches the muscles of hands and legs.
2. It stretches the abdominal muscles as well.
3. The lungs are also stretched in this posture hence it increases vital lung capacity.
4. It enhances the capacity of your thigh muscles as well as your biceps and triceps.
5. It revitalises the navel chakra (Manipur chakra) hence gastric and digestive functions are enhanced.
6. Keeps your spine fit and formidable from day to day stress during routine work.
🚫 Precautions
1. Don’t practise this posture in case of any abdominal or spinal injury.
2. First, make your spine flexible enough by sun salutation or basic postures before attempting it.
3. Don’t practise sudden movements rather gradually move into and out of the posture.
4. If you feel jittery or discomfort in breathing come out of this posture at once.
5. If recovering from any surgery or injuries abstain from practising this posture.
Join With me For Group Sessions Or individual Session
Contact 0777 103215
Join With Yoga for U & Me
For more info contact 0777 103215
ඔබේ සිනහව තරම් දීප්තිමත් හා ඔබේ ආත්මය තරම් මිහිරි දවසක් ඔබට ලැබේවා!
* Yoga For U & Me *
With Isharra
💓🕉 Every New Day Is Another Chance To Change Ur Life ....
- Yoga For U & Me -
💓 With *Ishara*💓
💓Love Ur Own Companion 💓
- Yoga For U & Me -
💓 With *Ishara*💓
💓🕉
නිරතුරුව දියුණුව සහ යහපත ගැන සිතන්න. එවිට එය ඔබ වටා නිර්මාණය වනු ඇත. 💓🕉
- Yoga For U & Me -
💓 With *Ishara*💓
Click here to claim your Sponsored Listing.
Videos (show all)
Category
Telephone
Website
Address
Colombo
<<NOT-APPLICABLE>>
#57 WAD RAMANAYAKA MAWATHA
Colombo
New Classes by certified Kriya yoga instructor – Nirvana An outdoor rooftop studio We provide Hatha, Vinyasa (Slow flow & Power) , Yin and Kriya Yoga. Ring us 0743800445 Dm us for ...
Colombo
I have been undertaking yoga lessons for over a decade. The lessons are focused on flowing and meditative yoga class for healing and restoring balance within the body mind and sp...
No 30, Wijerama Lane , Gangodawilla
Colombo, 10250
Yoga is an ancient set of beliefs in the Hindu, Buddhist, and Jain traditions that strives towards spiritual discipline.[1] In the West, yoga is less understood for its spiritual c...
Colombo & Kandy
Colombo, 0000
YOGA SIROMANI - Teacher of Yoga awarded by the THE INTERNATIONAL SIVANANDA YOGA VEDANTA CENTRE. Member of the Global Yoga Allaince RYT 200
Colombo
Ta***ic Colombo offers experiential workshops in ta**ra yoga and authentic relating. Our work focuse
Colombo, 00700
Hi, I'm Shabna, a 500 Hour Yoga Alliance Certified Teacher. Join me on the mat! Meet me at @reviveholisticwellness
9 Greenlands Lane, Issipathana Mawatha
Colombo
Kundalini Yoga classes, meditation, workshops, retreats, Aquarian Teacher Training Level 1 and 2 as taught by Yogi Bhajan.
Royal Nelung Art Centre, 81 Hyde Park Corner, Colombo 02
Colombo, 00200
Yoga sessions for individuals of all fitness levels, in different age categories and with different
ONENESS CENTER, , 3A, Col TG Jayawardena Mawatha, Colombo 03
Colombo
Babaji’s Kriya Yoga Order of Acharyas Trust in Sri Lanka.