Shanu Creations - ශානු

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Shanu Creations - ශානු, Writer, kirindiwela, Gampaha.

06/04/2023
Photos from Shanu Creations - ශානු's post 04/04/2023

❤🌻

Photos from Shanu Creations - ශානු's post 04/04/2023

පළවෙනි ඕඩර් එක... බුක්මාක්

16/08/2021

කතාවෙ නම - සිඳුණ තටු...

ඉඩෝරෙට ගිනියම් වෙච්ච පොළොවෙ දිය පිපාසාව සංසිඳවමින් වැටෙනා අනෝරා මහ වර්ෂාවේ නැවුම් බව විදගන්නට ආශාවෙන් මම කවුළුව විවර කරත්ම සුළඟත් එක්ක විසික්වෙච්ච හිරිකඩ ඇවිත් මගේ මුහුණ සිපගත්තේ හරි ආදරෙන්. වැහි දියට තෙත බරියං වෙච්ච පොළොවේ පස් වලින් හමන නැවුම් සුවඳට ඉව අල්ලමින් හිටපු මගේ නාස් පුඬු ආගන්තුක සැර ගඳකින් පිරී යද්දී, මම මගේ අවධානය යොමු කළේ අනෙක් පස කුලී නිවහන දෙසට. "පට පට" ගාලා සද්දෙට කට්ට කුමංජල් කුඩු, අබ සමඟ වේලිච්ච මිරිස් පිලිස්සී හමන සැර ගඳ මගේ නාස් පුඬු තුළින් ගොස් හුස්ම හිර කරද්දී නොනවතිල්ලේ ඇසෙන කුඩා සීනුවේ හඬ මගේ දැහැන බිඳ දමන්නට උනා. සියුම් කෝපයක් සිත පුරා උඩු දුවද්දි 'උඹලට ඔය එක එකාලගේ ඇස්වහක් වැදිලා නෙවෙයි බොල, උඹේ මිනිහා හරියට හදාගනින්...' මගේ සිතින් මම මටම මුමුණාගත්තා. සිතේ මතු උන කෝපය අකාමකා වෙලා යන්නටත් එක්ක ජනෙල් පියන වේගයෙන් සද්දෙ ඇසෙන්නට වසා දමා වටයක් කැරකිලා කල්පනා කරමින් බුදුපහන ළඟින් හඳුන්කූරු කිහිපයක් දැල්ලුවා. ඒ සුවඳ විදගනිමින්ම, අපූරු ලේස් මල් දමකින් හැඩ කරලා තිබුණ, සුදු පාට රැලි සාය සහිත දෙපතුල දක්වා දිග ගවුම අරගෙන ඇඳ ගත්තා.

පවුඩර් ස්වල්පයක් අතට ගෙන මුහුණ පුරා යන්තමින් තවරා ගත්තා. රෝස පාට තොල් සායමින් දෙතොල සරසා කැඩපතට එබුනේ "රං මැණිකා" සොයන්නටය. නොහැකිය දැන් සිටින්නේ නිකීය. අවුරුදු හතලිහක් කියලා කියන්නටවත් බැරි මේ පිංපාට ලස්සනට යටින් ගිනිගන්න හදවත කිසිවෙකුට නොපෙනේ. අඳුන් ගල්වා සැරසූ දෙනෙත්වල අඬන්නට පොරකන කඳුළු සඟවා හිනාවෙන දෙතොල කියාගත නොහැකි ලොකූ කතාවක් සඟවාගෙන නේදැයි මටම හිතුණා. කැඩපත දිහාවට හිනාවෙලා අත්බෑගය කරට දාගත්ත මං කාමරේ දොර ඇරලා එළියට පියවර තිබ්බා.

ඒ වෙද්දි අනෝරා වර්ෂාව ටිකෙන් ටික අඩු වෙලා, හීනියට වැහි පොද වැටෙමින් තිබුණා. පය ඉක්මන් කරලා රතුපාට ඇල්ටෝ රියට නැග ගත්ත මං ටිකෙන් ටික කලබලකාරී කොළඹ නගරය පසු කරලා ගිහින්, පාර අයිනේ විශාල ගසක් යට වාහනය නවතා නිදහසේ හුස්ම ටිකක් අරගත්තා. එතනම අයියනකට වෙන්න තිබ්බ පොඩි පෙට්ටි කඩේකට ගොඩ වෙලා රොටියක් කාලා තේ එකක් බිව්වෙ එවලෙ හිතේ උපන් ආසාවට. යන්න ඕන උනේ නාගරීකරණයෙන් මිදුන නිස්කලංක භූමියක් හොයාගෙන. පෝය දවස උනාට කඩියන් මෙන් එහා මෙහා දුවන වාහන දිහා හිස් බැල්මෙන් බලාගෙනම ඉදිරියේ ඇති කුඩා පන්සලකට වාහනේ හැරෙව්වා.

මිලදී ගත්ත රතු නෙළුම් පොකුර දෝතින්ම බුදුහාමුදරුවන්ට පූජා කරලා ආපහු හැරෙද්දි, මූණට මූණ ඉස්සරහට ආව පිරිමියා මා දිහා බලලා හරි අපූලකින් වගේ, තම දරු පැටවුන් දෙදෙනාත් බිරිඳත් මගෙන් සඟවාගත්තා. ඒ මූණ දිහා බලලා කට කොනින් බිමට හිනා උන මගේ දෑස් ඉබේටම වගේ නතර උනේ, ගවුමින් වැසී ගිය මගේ පියයුරුවල සටහන් උන සපාකෑම් ළඟ... තාමත් සියුම් ලෙස ඇදුම්කන තුවාල කියා පෑවේ පිරිසිදු ඇත්තන්ගේ නොසන්සිඳුන ආශාවන්‍ ගැන නොවේද? ගතට ලැබෙන එකම නිවාඩු දිනයේ හිත නිවාගන්න පන්සලට ආවත් සිදුවූයේ නොසිතූවකි. බෝ මළුවේ බිමට කඩා වැටුණ මගේ දෑත් ඉබේම නළලට ගියා. දොහොත් මුදුන් දීලා බුදුහාමුදරුවන් ළඟ දුක වේදනාව පශ්චාත්තාපය දිය කරන්න ඕන උනා. නන්නත්තාර උන හිතට සැනසීමක් ඕන උනා. අරමුණක් නැතුව ඔහේ පාවෙන ජීවිතේට අරමුණක් ඕන උනා. කියාගන්න බැරි අසරණකමක් දැනෙද්දි, නොදැනිම කඳුලක් රූටලා ඇවිත් ඔඩොක්කුවට වැටුණා. හිත දැඩි කරන්, ඇස් පියාගත්තා. ඇළුණු ඇස් පියන් යටින් කඳුළු වලට සීරුවට ගලන්න ඉඩ දුන්නා.

"කෙල්ලේ... කෙල්ලේ... මෙහෙ වරෙංකො බං මෙන්න මේ කොස් බෑව සුද්ද කරහං. අනේ මංදා මුන්ට කියලා වැඩක් කොරගන්න බැරි හැටි..."

"ඇබින්දක් ඉදහං අම්මණ්ඩි මං මේ එනවා..."

"අනේ බොල තම්බං ගිලින්න ගේන එකනෙ ඔය උඹේ මූණේ උලන්නේ? හපොයි දෙයියනේ තිට දෙයියන්ගෙ හාල් කැවිලද?"

"අම්මණ්ඩි දන්න ඉලව්වක් නැතුවා. මේ ටිකිරි නඟා කියෙව්වෙ එයයිලාගේ අලුතින් ගෙනාව බැටරියෙන් බලන ටෙලිවිසොන් එකේ ගියාලු..."

"අනේ බොල... උඹ හිටහන් ඕවා කර කරම. උපන් අජූව යයි මේං කියලා. උඹට ඕන රූප රාජිණී වෙන්නද? හහ්... හහ්...හා... අනේ කාලේ වනේ වාසේ කිව්වලූ... වරෙන් වරෙන් මෙහෙට. මට සුනංගු වෙනවා.."

"මොකද බං තවත් ඔතන තග්ගැහිලා සකබබරෙ වගේ කැරකෙන්නේ. වරෙන් මෙහෙන් ඇනබාගෙන මේං මේක සුද්ධ කොරහං..."

අම්මණ්ඩිගේ ඉවරයක් නැති කරච්චලෙන් මිදිලා, වැව් බැම්මට ගියේ, සුළඟට මසු වෙලා වැයෙන තාලයට ගී පදයක් මුමුණන්නට සිතමින්. වැවට ගිය මං දැක්කා කව්දෝ කට්ටියක් ඇවිත් මොනවදෝ කියවමින් හිනාවෙමින් ඉන්න හැටි. මං එතන තිබ්බ ලොකුම ලොකු කුබුක් ගහට මුවා වෙලා බලන් හිටියා.

"කව්ද මේ හැංඟි මුත්තං කරන සුරංගනාවි..."
මගේ කන ලඟින් එකපාරටම ආව හඬ නිසා තිගැස්සිලා ගියා. හොරකමක් කරලා අතට අහුවුණා වගේ මාව ගැහෙන්න ගත්තා.

"මේ මේ මහත්තයා කව්ද? කොළඹ රටෙන්ද?"

"ආයෙ ඉතින් කොළඹ රට කියලා මං දන්න වෙන රටක්නම් නෑ ඕං... මං ඉන්නෙත් මේ රටේ තමයි. ආවෙනම් කොළඹින්... මොකෑ උඹ ඔය දුවන්න හදන්නෙ... ඔහොම ඉදහං ටිකක් කතා කරන්න."

"මහත්තයා කෝලිත්තං කරනවා වගේ... මයෙ එක්ක ආයේ මහත්තයාට මොන පයුරුපාසානමක්ද?"

"උඹේ පැහිච්ච කතා තියා ගනින් කෙල්ලෙ. ඇත්තටම උඹ ලස්සනයිනෙ... හරියට පිණි ඉහිරුණ නෙළුම් මලක් වගේ..."

"අනේ මහත්තයා මං යන්න ඕන. මහත්තයා කෝලිත්තං කොරන්න වෙන කාව හරි හොයාගන්න.."

එහෙම කියපු මං පිම්මේම දුවගෙන ආවෙ ගෙයි පිළිකන්නට. ඇවිත් පපුවට අතක් තියාගෙන හති ඇරියා. මොන වින්නැහියක් වෙලාද මන්දා පපුව නිකන් ගැහෙන්නෙ උණුවතුර හැලියක් "ගොජ ගොජ" ගාලා පැහෙනකොට වගේ...

පසළොස් හැවිරිදි කෙල්ලක වෙලා සමනළියක් වගේ විනෝදෙන් සැහැල්ලුවෙන් කාලය ගත කරපු මගේ හිතට ලොකූ බරක් පැටවිලා වගේ.. ළය රිදුම් දෙනවා හිරිවැටිලා වගේ. ඒ මදිවට හිතෙන්නෙම වැව් කණ්ඩියට යන්න. ඇති වෙනකම් බලන් ඉන්න.

"ම්ම්ම් චූටි කෙල්ල මොකෝ හොරගල් අහුලන්නේ... මොනවද බැලුවෙ? කාවද හෙව්වෙ?"

"ම...මම... මහත්ත... නෑ නෑ මේ මක්කවත් නෑ..."

"මම මහත්ත නෙමේ. මගේ නම සුරංග මද්දුමගේ. මම තමා මේ චිත්‍රපටිය කරන්නෙ. මට පුළුවන් ඕනේනම් උඹටත් රඟපාන්න අරන් දෙන්න.."

"චිත්‍රපටි"

"ඔව් අර තියටර් එකේ පෙන්නන්නෙ"

"බයිස්කෝප්"

"අන්න හරි. උඹටත් දෙන්න පුළුවන් රඟපාන්න... ම්ම්ම් මේක උඹට... කෝ වරෙන් මේක උඹේ කොණ්ඩ ගෙඩියට ගැහුවම හරිම අගෙයි."

වැවෙන් කඩා ගත්ත සුදු නෙළුම් මලක් ඔහු මගේ හිස රැන්දුවා. දිනය දෙක ගෙවී ගියේ ඔහුත් මාත් තව තවත් ආදරෙන් ළං කරලා.

එදා මහ අඳුරු දවසක්. නිල් පාට අහස අළු පාටට හැරිලා එකම අව් රැල්ලක්වත් නෑ. වැව් කණ්ඩියෙන් කැළේ ඇතුළට වෙන්න තිබ්බ ගල් තලාවේ වැතිරිලා, නිදිකුම්බා මලක රේණු ගලවලා අල්ල උඩට කරලා පිම්බා. සුරංග ඇවිත් මා ළඟින්ම වැතිරුණා. ඔහුගේ අතක් මගේ හිසකේ අස්සෙන් එහෙ මෙහෙ යද්දි සනීපෙට දෑස් පියවුණා. ඔහුගේ හුස්ම වේගවත් වෙලා මගේ මුහුණට වැටෙද්දි, දෑස් තව තවත් තද උනා. ඔහුගේ ආදරය මගේ ලවන්පත් උරා බොද්දි, අතකින් ඇට්ටයේ කටු එකිනෙක ගැලවුණා. යටට ඇඳි චීත්තය කැඩිලා නිරුවත් වෙද්දි ඔහුගේ මහා සද්දන්ත ශරීරය මාව වහගත්තා. අඩ හෝරාවකට විතර පසු දෙපා මුලින් පටන්ගත් හිරියකින් මුළු සර්වාංගයම දැවී යද්දී තෘප්තිමත් හිනාවකින් ඔහු නැඟිට ගත්තා. ගල් පොත්ත මත මගේ පිවිතුරු බව සිත්තම් කරලා ගලා ගිය රුහිරය දිහා බලාගෙන ඉද්දි දෑසින් ගැලූ කඳුළු බිඳු කම්මුල දිගේ රූටලා ගිහින් ගල්පොත්ත මතටම වැටුණා. ඉක්මනටම චීත්ත පොට ගැටගහගෙන හැට්ටය තද කරලා ඇඳ ගත්තා. හැඩි දැඩි ලෝම පිරුණු අතක් මගේ කුස හරහා ගොස් පිටුපසින් මාව දැඩිව වැළඳ ගත්තා. මගේ ඉකි ගැසීමේ වේගයත් වැඩි වී ඒත් එක්කම මහා හැඬීමක් උනා.

"මොකද මැණිකෙ අඬන්නෙ? උඹ බය වෙන්න එපා මම උඹව සහේට ගන්නවා. උඹ මගේ ගෑනි..."

ඉතින් ඒ වචන ගෑනියෙක් අහන්න ආසම වචන. මගේ ළයේ ගින්න නිවාදැමූ වචන. මමත් විශ්වාස කරා ඒ ආත්මීය වචන තුන. "උඹ මගේ ගෑනි..." හැම මොහොතකම ඒ වචන ඇසී නොඇසී ගියා. මාව අමුතුම ලෝකෙක පා කරන්න ඒ වචන සමත් උනා. මුළු හදවතින්ම මම ඔහුව ඇදහුවා. මෙසේ කල් යද්දි ගල් පොත්ත මත හිඳ කාමයේ සොඳුරුතැන් ස්පර්ශ කරමින් ආදරේ අනන්තය කරා කිමිදුනේ වරක් දෙවරක් නොවේ. හැඟීම් වලට ඉඩ දී ගතකරපු ආදරණීය හෝරාවල ප්‍රථිඵලය ලැබෙන්න වැඩි කාලයක් ගියේ නෑ. ගමේ එකාල තැන තැන කයිකතන්දර කියද්දි, උදේ හවා කැරකිල්ල ඇවිත් ගත අඩපන කරද්දී, උදේ නැඟිට්ටම මගේ මුළු ඇඟම ගිනි අවුලුවමින් කාපු බීපු හැමදේම වමනේ ගියාම, අජීර්ණයක් කියලා අම්මණ්ඩි මාව වෙද මාමා ළඟට එක්ක ගිය වෙලාවෙ මගේ ජීවිතේම වෙනස් කරපු ඒ වචන...,

"කෙල්ලගේ බඩට පැටියෙක් ඇවිත්...,"

එදා අම්මණ්ඩිගේ මූණේ තිබ්බ පරාජිත පෙනුම අසරණකම අම්මණ්ඩිව වියරු වැට්ටුවා. මාව තල්ලු කරපු පාර විසිවෙලා ගිහින් වැටෙන්න යද්දි අප්පුච්චා පැනලා අල්ල ගත්තා..

"උඹ බැල්ලි අරුමෝසම් කරද්දි මම නිච්චියටම දැනගත්තා හොඳ නෙයියාඩගමක් නටන්න තනන්නෙ කියලා. නොදකින් අවලම් ගෑනි දහදුරාවෙ ලැගලා ඇවිත් එක එකාගෙන් බඩට පැටව් අරන් දැන් ඉතින් සනුහරේම නම්බුව කෑවා. රෙද්දක් ඇදන් ගම්තුලානෙ කරක් ගහලත් ඉවරයි.."

"මොකද්ද බොලා මේ කරන අවලාදෙ? යෝධියේ තේරෙන්න කියහල්ලකෝ. අපේ රං මැණිකා මක්කා කොරලයි..."

"කොරන්න පුළුවන් අළුකුත්තේරුම වැඩේ කරලා ඇවිත් හෙමිනා වගේ ඉන්න හැටි. නැගිටපිය පරට්ටි.. සනුහරේම ඉවරයි අත්තා මුත්තා ඉන්න කාලේවත් අහපු දැකපු දේවල්ද මේ. මීට වඩා හොඳයි මාව මරලා දැම්මනම්. මේකෙ හැත්ත බුරුත්ත ගෙයි දොරකොඩටම ඇවිත් කියෙව්වා මේකි එක එකා එක්කලා නානමංකඩේ දියබුං ගගහා පෙම් කෙලිනවා කියලා. මං හිතුවෙ උන් අපි එක්ක අරියාදුවට ඕවා කියෙව්වා කියලා.."

"අම්මණ්ඩි ඕකට ඔච්චර සෝලි තියන්න ඕනෑයැ. ඒ මහත්තයා මාව සහේට ගන්නවා කිව්වා."

"මොකද්ද උඹ කිව්වෙ කියහං බලන්න පරට්ටි උඹට මං..."

" ගෑනියේ ගෑනියේ ඕක නවත්තපන්. ඔහොම තඩි බෑවොත් මේකි මැරෙයි ගෑනියේ. වෙච්චි දෙයක් කියහං පරල නොවී..."

"ඔහේගෙ මේ දෝණියැන්දා අර බයිස්කෝප් එකක් කොරන්න කොළඹ රටින් ආව මිනිහා එක්ක හාද වෙලා පැටියෙක් හදන්... අනේ දෙයියනේ මො... මොකද්ද මේකි අපිට කරපු විනාසෙ.."

"රං...රං... මැ...මැණිකා උඹ... එහෙම කළාද මයෙ කෙල්ලෙ... උ...උඹ ඇයි එහෙම කළේ? කියහං අම්මා... මගේ පැටි...යා ම...ගේ කෙල්ල උ..ඹ එහෙම කළේ නෑ නේද? මේකෙ එකාලගෙ බොරු කට කැ..ඩෙන කතා... මං දන්නවා...මගේ...කෙල්ලහ්...,"

"අනේ අප්පුච්චා මට සමාවෙයන් අප්පුච්චාහ්... නැඟිටපන්කෝ ඇයි ඇයි උඹ සද්ද නැත්තේ... අනේ අප්පුච්චාහ්..."

"දෙයියනේ මොන සන්තෑසියක් ද මේ උනේ පලයන් පරට්ටි පලයන් උඹ මගේ මිනිහවත් මරා ගත්තා. උඹ මගේ දරුවෙක් නෙමෙයි පලයන් මකබෑවියන්..."

"අනේ අම්මණ්ඩී..."

එදා අම්මා මගේ කෙහෙවල්ලෙන් අල්ලලා එළියට දැම්මා. කරන්න කියලා කිසිම දෙයක් නැති තැන මං සුරංග හොයාගෙන ගියා. අන්තිමට ඔහු දුන්න ඇඳුමක් ඇඟලාගෙන ඔහු එක්ක කොළඹ රටට ආවා. ඒ අපි ආව තැන හරිම ලස්සනයි. සුරංගනා ලෝකයක් වගේ කවදාවත් දැකලා තිබ්බෙ නෑ මෙහෙම තැනක්. වහලෙ උඩ බුබුළු බුබුළු මල් වගේ ලොකූ පහනක් එල්ලලා. ගමේ වගේ ඒකට තෙල් වක්කරන්නෙ නෑලු. ගමේ කුප්පි ලාම්පු එළිය වගෙත් නෙමෙයි එළිය උතුරලා යනවා. අපි ඒකෙ කාමරේක නතර උනා. ඒක හෝටලයක්ලු. පාට පාට විජ්ජූරණ කෑම පිරිලා. අම්මණ්ඩි මං එක්ක අරියාදුවට සෝලි තිබ්බට මොකෑ මේක මගේ වාසනාව. උන්දෑ දැක්කනම් පුදුම වෙයි.

ගෙවී ගිය දින කිහිපය ඉතාමත් අනුරාගී මොහොතවල් සිප වැළඳගැනීම් වලට නම් නිමාවක් තිබුණෙ නෑ. මම ඔහුගේ තුරුලේ ඉදන්, පපුවේ මවිල් ගහක් කටින් අදිමින් කෝලම් කරද්දි, මගේ මුව දෝතින්ම ගෙන සිපගත්ත ඔහු මාව තවත් අනුරාගී මොහොතකට අරගෙන ගියා. දාඩිය මතින් නැගිට ගත් ඔහු කඩිමුඩියේ පැවසුවේ ගෙදර යන්න ලෑස්ති වෙන ලෙසයි. ඔහු දුන්න ඇඳුම් ආයිත්තම් නුහුරු උවත් මම ඒවා ඇඟලාගෙන දණහිසටත් උඩට තිබ්බ කොට්ට උරයක් වගේ සාය දෑතින්ම යටට ඇද්දා.

"වාව් සෙක්සි කෑල්ලක්නෙ... උඹව මට කන්නම හිතෙනවා..."

කිව්වේ මොකද්දැයි නොතේරුනත් මම සිනාසුණා. මගේ අතින් අල්ලගත් ඔහු ළඟට ඇදලා අරන් මාව රිදෙන්නම සිප ගත්තා. ඊඟාවට බීම එකක් දුන්නා බොන්න. ටිකෙන් ටික අඳුරු වෙලා සියල්ල නොපෙනී යද්දී කවුරුන් හෝ මා අල්ලා ගත්තා.

එකිනෙක ඇලී තිබුණු ඇහිපිය ගලවාගෙන අමාරුවෙන් දෑස් විවර කරත්ම දැනුණු හිසේ ඇම්ම නිසා ඉබේම ඇසි පිය සැලුනා. ටිකෙන් ටික පරිසරයට දෑස් හුරු වෙද්දි උඩින් කුඩා විදුලි බුබුලක් එල්ලෙමින් තිබුණා. මහා සද්දයක් ඇති කරමින් මොකද්දෝ තටු තියෙන එකක් වටේට කැරකුණා. මගේ අවදානය ගියේ දෙපා යටින් දැනෙන තෙතමනය එක්ක යටි බඩින් දැනෙන වේදනාවට. මගේ අත ගියා බඩට අනේ දෙයියනේ මගේ බඩ හෑල්ලු කරලා දාලා. මගේ දෙපා උඩ තිබ්බ චීත්ත රෙද්ද ඇදලා දැම්මා. දෙයියනේ මේ මොන අපරාධයක්ද මගේම පැංචගේ ලේ උඩම මම වැතිරිලා. කඳුළු බිදු වැස්සක් වෙලා රූටලා යද්දිත් මං විලාප තිය තියා කෑ ගැහුවා. වතුර උගුරක් දෙන්න තියා අඩුගානේ මගේ විලාපය වැලපිල්ල අහන්නවත් එකෙක් උන්නෙ නෑ එදා.

මගේ පැටියා මරලා දාලා මාව විකුණලා ගණිකා නිවාසෙකට. ජීවිතේ පළවෙනි වතාවට අම්මණ්ඩි කිව්ව දේවල් නාහපු එක ගැන දෙස් තියාගත්තා මටම. අම්මණ්ඩි හිතේ කැක්කුමට එදා මාව එළියට දැම්මත් අනේ අම්මණ්ඩි උන්නනම් කියලා හිතුණා. මාව මිලට අරන් මං එක්ක ලගින්න එන හැම එකාගෙන්ම උදව් ඉල්ලුවා. පාරක් තොටක් නොදන්න මං කොහොමද පැනලා යන්නෙ? ඒත් ඒකලා මැඩම් කියන ගෑනිට මං ගැන ගතු කිව්වම මට උනේ වද වේදනා විඳින්න. කසයෙන් තලලා කන්න බොන්න නොදී දස වද විදිද්දි ජීවිතේ වෙනුවෙන් ඉවසන්න උනා.

දවසින් දවස මගේ හිතේ වෛරය පිළිකුල වැඩි වෙද්දි මට හැම එකාගෙන්ම පළිගන්න ඕන උනා. උන් ඇවිත් උන්ගෙ අසහනේ, පීඩනේ මගේ ශරීරෙන් පිට කරද්දි හැඟීම් දැනීම් නැති මල ගෑනියෙක් වගේ ඉවසන්න උනා. සිගරට් කොට වලින් පිච්චෙද්දි උන්ගෙ දත් වලට තුවාල වෙලා ඒවායින් සැරව ගලද්දි, මං ඒ දිහා බලාගෙන සැරව ගලන මගේ හදවත ගැන මෙනෙහි කළා. ගැලවීමක් නැත්නම් මට මේ අපායෙන්, ඒකට හොඳම දේ හැඩ ගැහෙන එක. ඔව් මාත් එහෙම කළා. ටිකෙන් ටික ඇඳුම විතරක් නෙමෙයි භාෂාවත් කොළඹ තාලෙට වෙනස් වෙද්දි මෙතන ඉන්න ලස්සනම වගේම සරාගීම ඉල්ලුම්කාරිය වෙන්න මට පුළුවන් උනා. මැඩම්ගෙ විශ්වාසය දිනාගෙන වෙනම ඉන්න ගෙයක් වාහනයක් එක්ක සුඛෝපභෝගී ජීවිතයක් ලැබුණා.

"නෝනා... නෝනා..."

"ඇහුණු කට හඬත් එක්ක මං මෙතරම් වෙලා සක්මන් කරපු සිහින ලෝකෙන් මිදිලා පියවි ලෝකෙට ආවා.

"හා...හාමුදුරුවනේ..."

මම දණගහලා වැන්දා...

"මම බලාගෙන ඔය ඇත්තී උදේ ඉදන් මෙතන නොවෑ. හිතේ කරදරෙන් වෙන්ටෑ... කාරි නෑ නෝනෙ ඇවිත් ගිලන්පස ටිකක් සප්පායම් වෙන්ට..."

"බොහොම ස්තූතියි හාමුදුරුවනේ... ඒත් මං ඒකට සුදුසු නෑ. මං යන්න ඕන හාමුදුරුවනේ... මට සමාවෙන්න."

"ඔය ඇත්තී මොකට මගෙන් සමාව ඉල්ලනවද? බුදු හාමුදුරුවොන්ට ඔය කවුරුත් එකයි. ඔය කාටත් උන් වහන්සේ ළඟ සමාව තියෙනවා. හොඳයි හොඳයි එහෙනම්..."

*****

උදෙන්ම රෝහලට ආවේ මාසෙකට සැරයක් කරන පරීක්ෂණ කරලා, ඒවගේ වාර්තා ගන්න. ඒක අපිට අනිවාර්ය නීතියක්. වෛද්‍ය වාර්තා දුටුව මට අමුතුවෙන් දුක් වෙන්නවත් අමුතුවෙන් නැති වෙන්නවත් දෙයක් තිබ්බෙ නෑ. කුසට ආව දරු පැටියා අහිමි කරගත්ත මට, පතිනියක් වෙන්න තිබ්බ වරම අහිමි කරගත්ත මට, පවුලක සතුට සැනසීම අහිමි කරගෙන වෛශ්‍යාවක් උන මට වෙන මොනවනම් අහිමි වෙන්නද? මුවින් පිටවුණ සරදම් හිනාවත් එක්ක නැගිට ගත්තෙ අරමුණක් නැතුව.

මුහුදු රළ ඇවිත් වෙරළේ හැපිලා ආයෙම මුහුදට යන්නෙ හරියට මේ ජීවිතේ වගේ. මම මුහුදු වෙරළනම් මුහුදු රළ වගේ එක එක ස්වරූපයෙන් මිනිස්සු ඇවිත් මගේ ශරීරය උරා බීලා යනවා. මං එතනම බලන් ඉන්නවා. නිරුවත් දෙපා මතින් කිරි බුබුළු නංවමින් දුව යන වතුර පොදක් දෝතින්ම ගෙන එය ඈතට උඩදාලා විසි කරා. ඔව් මං මේ ජීවිතෙන්ම නික්ම යන්න ඕන. ඒත් ඊට කලින් කරන්න ඕන දෙයක් තියෙනවා. ඒක මං වගේ මැරි මැරි ඉපදෙන ආත්මයක් නැති ගෑනු හැමෝම වෙනුවෙන් කරන්න ඕන දෙයක්. මෙතෙක් කලක් ගණිකා මඩම සහ එතනට යන එන එවුන්, ඒකට කෙල්ලො ගේන තැරැව්කාරයෝ, දේශපාලන රැකවල් සපයන්නෝ, මුං ඔක්කොම ගැන එකතු කරපු විස්තර පොලීසියටත් කාන්තා හා ළමා කටයුතු කාර්‍යාංශයටත් ප්‍රසිද්ධ පුවත්පත් කිහිපයකට සහ මාධ්‍ය ආයතන කිහිපයකට ලැබෙන විදියට තෑපෑලට දැම්මා.

ඊඟාවට මම ආවේ මඩමට. මට ඕන වුණා මගේ වෛද්‍ය වාර්තා පෙන්නලා මේ දේවල් වලින් ඈත් වෙන්න. ඒත් මාව ගන්න බලන් ගැණුම්කාරයෙක් ඉන්නවා කිව්වම මට උගේ මූණ බලන්න හිතුණා. ඒක මහ දුෂ්ට හැඟීමක් වෙන්න ඇති. ඔව් මං පිරිමි සනුහරේටම වෛර කළා. ඒත්... ඒ වෙන කවුරුත් නෙමෙයි මාව නැති කරපු, මගේ පැටියා උඳුර ගත්තු, මගේ තාත්තව මරාගත්ත සුරංග කියලා දැන ගත්තම, ගෑනියෙක් විදියට නැතැත් මට ඕන උනා අම්මෙක් විදියට පළිගන්න. එහෙනම් උඹයි මාව මුලින්ම විකුණුව එකා වගේම මාව අන්තිමට මිලට ගන්න එකත්. මගේ මූණේ ඇඳුණේ කුරිරු හිනාවක්. ඔහු පස්සෙ මට අදාල කාමරයට ගියා. ඔහු පුදුමයෙන් දෑස් විසල් කරගෙන බලා ඉද්දිම, මං ඔහුගේ ඇඟේ එල්ලිලා සිප ගන්න වුණේ ඔහුව රස සාගරයක ගිල්ලවලා. ඔහුගේ නොඉවසිලිමත් දෑත් මගේ ශරීරයේ රසතැන් සොයා යද්දි මං දෑස් පියා ගත්තේ ඒඩ්ස් මාරයා ගැන විශ්වාසයෙන්.

නිමි...
පොසිකා රණසිංහ.

04/08/2021

#හිතගියපොත්

සංවේදනා :- ශ්‍යාමිකා ජයශානි බස්නායක.

(සුසුමක් මත දියකෙරූ අධි මාත්‍රික හැඟුම් සමූදාය...)

කේ ජයතිලක මහතාගේ නිර්වචනය අනුව කෙටිකතාවක් කියන්නේ සමාජ ජීවිතයෙන් අංශු මාත්‍රයක් නිරූපණය කිරීම කෙටිකතාව බවයි. මම මේ නිර්වචනය තෝරා ගත්තේ "සංවේදනා" වෙනුවෙන්ද මේ නිර්වචනය මනාව ගැලපෙනවා යැයි සිතුණ නිසාය.

කෙටිකතා දාහතකින් සමන්විත සංවේදනා කෘතියේ ශානර කිහිපයකටම අදාල ලෙස ලියැවුණු කෙටිකතා දැකිය හැකිය. බොහෝම සියුම් ලෙස හදවතට ආමන්ත්‍රණය කරයි. එම කෙටිකතා විටකදි ජීවිතයේ විවිධ හැලහැප්පීම් එක්ක නොසැලී ඉදිරියට යන්න හයියක් වෙන ගමන්ම තවත් විටෙක යුතුකම් , වගකීම් මතක් කරදෙයි. තවත් විටෙක හොල්මන් එක්ක නොපෙනෙන බලවේග එක්ක ගණුදෙනුවකි.

මං ආසාවෙන්ම කියවපු හිත ගියපු කතාව "කහ ලේන්සුව" මං ආසම පාටත් කහ නිසාම මං ඒකට කැමතියි.😁 ඒක හරි අමුතු කතාවක්. හැඟීම් නිසාම විනාශ වීමක්. තවත් විදියකට කිව්වොත් සම්මතය රවටා අසම්මතයට ඉඩ දීම නිසා සිදුවන කේදවාචකයක්. කොහොම නමුත් අවසානයේ හිත හොල්ලපු කතාවක්...

සංවේදනා රචිකාවිය මනා සංයමයකින් යුතු පාලනයක් මුළු කෘතිය පුරාම තියාගෙන ඇත. සරල බසින් රචනා කර ඇත. ඕන කෙනෙක්ට පහසුවෙන් රසවිදිය හැකි හැඟීම් අස්සේ අතරමං වෙන්න පුළුවන් ලස්සන කෙටිකතා පොතකි. ඉතින් ශ්‍යාමි මගේ පැරණි මිතුරියට තව තවත් ලස්සන නිර්මාණ කරන්නට හදවතින්ම සුබ පතමි.

ස්තූතියි
පොසිකා රණසිංහ

28/07/2021

අවුරුදු හයක් විතර පරණ කවි අස්සේ රවුමක් ගියා...

සඳක් වෙත්නම් හිරුට ගී කියනා
පිච්චි පිච්චි ලඟ දැවටෙන්න
පෙරුම් පුරුනා සඳවතී....

සැදෑ හිරු බැස යද්දි
කඳුලු දිය කැර
සිසිල බෙදනා සදවතී
උදා හිරු වඩිනා සඳ
මිණි කිංකිණි හිනා නදින්
බැස යන කෝලකාරී.....

හිරුත් සමඟින් එකම අහසක පායනා
පැතුම් පතමින් හසකැන් බෙදනා....
පැතුම් පැතුවත් කොහෙද ඉඩ කඩ
සොබාදම පවා එරෙහි වූ කල. ....

දුරස් වූ ප්‍රේමයක්
ලොවම දන්නා ප්‍රේමයක්
සඳ හිරු පෙම් කවක්
සදහටම පෙම් කවක්....

මදූ....

19/07/2021

#හිතගියපොත්

ඩිප්‍රෙෂන් - ධනූ ජයසුන්දර

මේ ලෝකයේ කී දෙනෙක් ලෝකෙට පේන්න හිනාවෙන ගමන් හිත යටින් අඬනවා ඇත්ද? කියා ගන්න කෙනෙක් නැතුව විදවනවා ඇත්ද? ලෝකෙ ඉස්සරහා පිළිගන්න බැරි බැඳීම් අස්සෙ හිර වෙලා අත අරින්නත් බැරිව ලබාගන්නත් බැරිව දුක් විඳිනවා ඇද්ද? කී දෙනෙක් තම බැඳීම් රැක ගන්න බැරිව ඒව වෙන කෙනෙක් අයිති කරගන්න දිහා බලන් විදවනවා ඇද්ද? ඉතින් මේ විදවීම්වල පුපුරායාම දරාගැනීමේ අවසානය කුමක් වේවිද? ඉතින් "ඩිප්‍රෙෂන්" කියවලාම බලන්න මම ඔබට ආරාධනා කරනවා.

පොතක් කියවන්න අතට අරන් කියවන්න ගත්ත පළවෙනි අකුරෙන්ම පාඨකයාට හිතෙනවානම් පොත එක හුස්මට කියවන්න, ඉවරවෙනකම්ම පාඨකයාගේ හිත කුතුහලයෙන් පුරවන්න ලේඛකයාට පුළුවන්නම් මම හිතනවා ඒ ලේඛකයා සැබෑම දක්ෂයෙක්...

"ඩිප්‍රෙෂන්"
ආයෙත් කියනවා හරීම අපූරු නිර්මාණයක්. කියවන්න ආස හිතෙන පොතක්. මං ධනූ සොයුරියට ස්තූති කරනවා "කේතකී" කියන චරිතය නිර්මාණය කරාට... ඒ වගේම තව තවත් නිර්මාණ රැසක් අපි වෙනුවෙන් දායාද කරන්න.

19/07/2021

#හිතගියපොත්

සමහර වෙලාවට මිනිස්සු අසරණ වුණාම කරන්නෙ මොකද්ද කියන්නෙ මොකද්ද සිහියක් නැති තැනට වැටෙනවා. නැත්නම් අයුක්තිය අසාධාරණය නිසා මනුස්සයෙක් යක්ෂයෙක් වෙන්න බැරි බෑ. තමන්ට නීතියේ පිළිසරණක් නොලැබෙන කොට මිනිස්සු නීතිය අතට ගන්නවා. ඒක කොයිතරම් වැරදි වුණත් ඔවුන්ට ඕන කරන්නේ කොහොම හරි සාධාරණයක්...

සියවෙනි මෙහෙයුම
කර්තෘ ධනංජය කොඩිකාරආරච්චි

මාස කිහිපයකට කලින් කේෂි ප්‍රකාශනයක් ලෙස දොරට වැඩිය ධනංජය කොඩිකාරආරච්චිගේ කුළුදුල් කෘතිය වුණ මේ පොතේ නම දකිද්දිම එදත් අදත් හිතෙන්නේ එකම දෙයයි. ඊලඟ පොතේ නම මොකක් වේවිද? කොහොම නමක් දාවිද? මේක සියවෙනි නම් ඒක එකසිය එකද? ඔන්න ඔහොම මං නිතරම කල්පනා කරනවා😁😁😄

රහස් පරීක්ෂක කතාවලට මොන තරම් ආස වුණත් අන්තිමට යද්දි හිතෙනවා අනේ ඒකද ඇත්තටම සාධාරණය කියලා. රහස් පරීක්ෂකයෙක්ගෙ වගකීම මිනීමරුවා අල්ලා නීතියට භාර දීම. ඒත් ඇත්තටම ඔහුව එතෙන්ට පත් කළේ කවුද? ඉතින් දවස් ගාණක් ඇති මිනීමරුවා ගැන දුක්වෙන්න. සමහරවිට සියවෙනි මෙහෙයුමේ මිනීමරුවාගෙන් වෙන්නෙත් සමාජයට හොඳක්.

යාළුවෝ තුන්දෙනා මැරෙද්දී චරිත් බේරුනත් ඔහුට කළ වරදට ස්වාභාවධර්මයාගෙන්ම දඬුවම් ලැබෙනවා. පටන් ගැන්මේ ඉදන්ම අවසානය දක්වාම කුතුහලය උතුරා ගිය ලස්සන කතාවක්... කියවලාම බලන්න වටින කතාවක්. "ශර්ලොක් හෝම්ස්" වගේ "ජනක"ත් මිනිස්සුන්ට මතක හිටින දැවැන්ත චරිතයක් වේවායි ප්‍රාර්ථනා කරනවා.

ශානු...

Photos from පොසිකා රණසිංහ - ශානු's post 12/07/2021
10/07/2021

"චිරි චිරිස්" යන හඬින් විදුලිය ගලාගෙන විත් ඇඳ මත හොවා සිටි පුද්ගලයාගේ සිරුර මතට කිඳා බැස්සේය. මේ අතරතුර පර්යේෂණාගාරයේ තිබූ විශාල පරිඝණකය මත ඔහුගේ හිස ස්කෑන් වෙමින් පැවතුණේය.

Photos from පොසිකා රණසිංහ - ශානු's post 05/07/2021

#රක්තමෘත ගැන ප්‍රවීණ ලේඛිකා ධර්මා එස් සමරනායක මහත්මියගේ අදහස❤️❤️❤️

Want your public figure to be the top-listed Public Figure in Gampaha?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Kirindiwela
Gampaha

Other Writers in Gampaha (show all)
Crish Sri Lanka Crish Sri Lanka
Balummahara
Gampaha, 11000

Online store

සචී - SaChi සචී - SaChi
Gampaha

පන්හිදෙන් පන ගැහෙන සිතුවිලි..

U N I V E R S E U N I V E R S E
Gampaha

සිතැඟි සිත්තම් කරන සිත්RU�

Iresh madusanaka Iresh madusanaka
Gampaha, 0778342999

Acting is my passion and the happiness

Pramu Pramu
Mirigama
Gampaha, 11200

A lyricist and a video script writer. If you want to contact me, please put a messenger massageor a mail.

Shenu Shenu
Gampaha

රිදුනු සිත් බිද දමන්නට නොව �� බිදුණු සිත් සෑදීමට ලියන්නකි ���

Novels with Lash*tha Novels with Lash*tha
Gampaha

All Stories of this page belongs to @la shi

ShortNote ShortNote
Gampaha, 11000

ජීවිතයද කතාවකි හිත හිතා ලියුවද නොහිතන විදිහට අවසන් වෙන !!❤️‍🩹

Nadee's Writings Nadee's Writings
Gampaha

This page will contain my thoughts and feelings expressed through poetry and writing.

Piumi Ranasinghe Piumi Ranasinghe
64/5, Peliyagoda, Kiribathgoda
Gampaha, 120356

We are government organization company.

Life Life
Gampaha

🌸....𝐖𝐨𝐫𝐝𝐬 𝐎𝐟 𝐋𝐢𝐟𝐞....🌸

Susu Susu
Gampaha

නුබ නමින් පිපෙන්නට � susu