Medihub.lk

medihub.lk is a Pharmaceutical service provider in Sri Lanka. We delivery medicine island wide.

Photos from Medihub.lk's post 13/04/2024

ලෝකයේ දෙවැනියටම දරාගත නොහැකි වේදනාවට
මටත් හතරවෙනි පාරටත් , ඊයේ ඒ දරුණුම වේදනාවට මුහුණදෙන්න සිදුවුනා... 😪😪😪IV Morphine වලටවත් ඒ වේදනාව සමනය කරන්නට බැරිඋනා... IV Fentanyl 50Mg වලට යාන්තමින් අඩු වුනේ.... මුත්‍රා ගල් - Urinary calcui..☠️☠️☠️
අනේ හතුරෙක්ටවත්, දන්න කියන කිසිම කෙනෙක්ට ඒ වේදනාව දැනෙන්න එපා...🙏🙏🙏
ඒ නිසාම මුත්‍රා ගල් ඇතිවීම හා වලක්වාගැනීම සම්බන්ධව තොරතුරු ඔයාලා හැමෝගෙම දැනගැනීම පිණිස දාන්න හිතුනා..
මුත්‍රා ගල් ඇතිවීම වලකා ගනිමු... 💯💯💯💯
දවසට ලීටර් 03ක් හෝ 04ක් වතුර බොමු...💦💦💦💦

මූත්‍රා ගල් ඇති වීම සුලභ රෝගී තත්ත්වයකි.....

වතුර අඩුවෙන් බොන විට මුත්‍රා ඉතා සාන්ද්‍ර වේ... එවිට වකුගඩුවේ සිට මුත්‍රා ගමන් මාර්ගයේ කුඩා කැටති ඇතිවේ. මෙම කැටති සාමාන්‍යයෙන් මුත්‍රා සමග ගසාගෙන යන අතර විශාල කැටති වකුගඩුවේ ඉතිරිවේ. මෙම කැටති ක්‍රම ක්‍රමයෙන් එකතුවී විශාල ගල් ඇතිවේ. විශාල ගල් මුත්‍රා මාර්ගය අවහිර කරයි.

මුත්‍රා ගල් වර්ග...

මුත්‍රා ගල් එහි සංයුතිය අනුව වර්ග කිහිපයකට බෙදා දක්වන්න පුලුවන්.

1. කැල්සියම් සහිත ගල්

මේවා කැල්සියම් ඔක්සලේට් කැල්සියම් ෆොස්ෆේට් වැනි රසායනික සංයුතීන්ගෙන් යුතු වේ. මෙම ගල් වර්ගය X-ray පරීක්ෂණයට හසු වනවා. මුත්රා ගල් වලින් 80% ක පමණම සංයුතිය වන්නේ කැල්සියම් ඔක්සලේට්. ඒ නිසා බහුතරයක් ගල් වර්ග මෙම සරල පරීක්ෂණයෙන් හදුනා ගැනීමේ හැකියාව තිබෙනවා.

2. යුරික් අම්ල ගල්

අධික ලෙස ප්‍රෝටීන් ආහාරයට ගැනීම නිසා, තරබාරු කම, ගවුට් රෝගයේදී(මෙයත් පිෂ්ඨය නොමැතිව ප්‍රෝටීන් පමණක් ආහාරයට ගැනීමෙන් සෑදෙන රෝගයකි) මෙම ගල් සැදීමට පුළුවන. අධික ආම්ලික මුත්‍රා ඇතිවිට මෙම ගල් සෑදේ. මේවා සාමාන්‍ය X-ray වලට හසු නොවේ.

3. සිස්ටීන් ගල්

1% ක් පමණ සුළු පිරිසකට මෙම ගල් වර්ගය ඇතිවන අතර වකුගඩුවේ ඇති ඇමයිනෝ අම්ල ගමනා ගමන මාර්ගයේ පරම්පරා ගත රෝගී තත්වයක් නිසා මෙම ගල් වර්ගය සෑදේ. මෙම ගල් තරුණ අවධියේදීම ඇතිවන අතර ජීවිත කාලය පුරාම මෙම ගැටළුව පවතී. දිර්ඝකාලින ප්‍රතිකාර ලෙස වැඩිපුර වතුර බිම, ප්‍රෝටීන් ආහාර පාලනය, රෝගය පිළිබඳව දැනුවත් කිරීම යන දේ කළහැකි අතර ඇතැම්විට ඖෂධ යොදාගනී.

4. අසාදන ගල්

මෙම වර්ගයේ ගල් ඇතිවන්නේ නිතර හැදෙන මුත්‍රා අසාදන වලට නිසියාකාරව ප්‍රතිකාර නොකළ විටයි. මෙහිදී මුත්‍රා මර්ගයේ ඇතිවන පරිසරය ගල් ඇතිවී ඉක්මනින් වර්ධනය වීමට උපකාරීවේ. මෙවැනි ගල් ඉතා විශාල වන අතර වකුගඩුව විනාශ කිරීමට පවා පුළුවන.

මූත්‍රා ගල් ඇති වීමට හේතු මොනවාද?

මූත්‍රා ගල් ඇති වීමට හේතු වන ප්‍රධානම කාරණාව ලෙස ජලය අඩුවෙන් පානය කිරීම දක්වන්න පුලුවන්. ජලය පානය කිරීම මග හැරෙන සහ වැඩි වශයෙන් තාපයටත් ඉර එලියටත් නිරාවරණය වන රැකියාවන් තවත් සුලභ හේතුවක්. බේකරි කර්මාන්තය මේ සදහා හොඳ උදාහරනයක්. තේ වැනි ඔක්සලේට් අධික අහාර වර්ග මූත්‍රා මර්ගයේ ගල් ඇති වීමේ ඉඩ වැඩි කරන්වා. අනෙකුත් හේතු කාරණා ලෙස වකුගඩු වල ව්‍යුහයේ වෙනස්කම්, පවුලේ වෙනත් අයෙකුට මූත්‍රා ගල් තිබීම, බඩවැල් හෝ වකුගඩු ආශ්‍රිතව පවතින වෙනත් රෝගී තත්වයන් හදුනාගන්න පුලුවන්.

රෝගය ඇතිදැයි දැන ගන්නේ කෙසේද?

මුත්‍රා ගල් ඇතිවිට මුලික අවදියේදී කිසිදු රෝග ලක්ෂණයක් ඇති නොවේ. රෝගලක්ෂණ නොමැතිවිට මෙය බොහෝවිට සොයාගන්නේ වෙනත් රෝගයක් හඳුනා ගැනීමට සිදුකරන X-ray පරීක්ෂණ මගිනි.
එහෙත් ප්‍රධාන රෝග ලක්ෂණයක් වන්නේ දරාගත නොහැකි බඩේ කැක්කුමයි. එම කැක්කුම වෘශණ කෝශ වලටද තදින් දැනේ...මෙම වේදනාව යටිබඩ දිහාවට විහිදී යන සහ විටින් විට එන යන තද වේදනාවකි. ඇතැම් විට වමනය පවා ඇතිවිය හැක.

ප්‍රධානම රෝග ලක්ෂණය වේදනාවයි. මුත්‍රා ගමන අඩාල වීම නිසා වකුගඩු තුල ඇතිවන පීඩනයෙන් වකුගඩුවේ ආවරණය ඇදීමකට ලක් වී වේදනාව ඇති කරනවා... තවද මුත්‍රාවල වර්ණය අනුවද හදුනාගත හැක.. කහ පැහැති සාන්ද්‍රණය වැඩි මුත්‍රා පිටවෙනවනම් මුත්‍රා ගල් සම්බන්ධ ව අවධානය යොමුකල යුතුය...

ගල ඇති ස්ථානය අනුව කොන්දේ හෝ යටිබඩේ වේදනාව ඇති විය හැකියි... එය කොන්ද යටිබඩ හරහා මුත්‍රාශය, වෘෂණ කෝශ දක්වා ඉතාමත් තියුණු ලෙස විහිදීයයි...
වෙනත් වේදනාවකින් මෙය වෙන් කර හදුනාගැනීමට පහත ලක්ෂණ උපයෝගී වෙනවා .

- ඉතාම අධික වේදනාව

- පැය කිහිපයක් පැවතීම

- ක්ෂනිකව පටන් ගැනීම

- වෙනත් කාර්යකට සම්බන්ධයකින් තොර වීම

- වේදනාව ශිෂ්ණය හෝ කෝශ වෙත ගමන් කිරීම

- දා ඩිය දැමීම

- වමනය

- මල පහ කිරීමට තදින්ම අවශ්‍ය බව දැනීම...

ප්‍රතිකාරය ආරම්භ කළ පසු වේදනාව තරමකට සමනය වේ. නමුත් මින් ප්‍රතිකාර සම්පූර්න බව අදහස් නොවේ. එබැවින් වෛද්‍යවරයා පවසන තුරු ප්‍රතිකාරයට සහභාගී විය යුතුයි.

උණ සමග ඇති වන ඇග වෙව්ලීම ආසාදනයක ලක්ෂණ විය හැකියි. එබැවින් මෙවැනි අවස්ථාවකදී නොපමාව වෛද්‍ය උපදෙස් පැතිය යුතුය.

සමහර අවස්ථා වලදී (විශාල ගලක් ඇති විට, මුත්‍රා වාහිනී වලට හානි වූ විට, වකුගඩු වල ක්‍රියාකාරීත්වය අඩු වූ විට, ආසාදනයකදී), සැත්කමකින් පසුව මුත්‍රා වාහිනී තුලට සිහින් ලෝහ නාලයක් (stent) ඇතුලු කරයි. එය තාවකාලික බැවින් මාස 6කින් ඉවත් කල යුතුය. එය සිහි තබාගෙන නිසි කලදී වෛද්‍යවරයා ලවා ඉවත් කර ගත යුතුයි.

ප්‍රතිකාර වෙත යොමු වීමේදී ඔබට දැනට ඇති අසනීප, ඔබ ගන්නා බෙහෙත්, දැනට අත් බෙහෙත් හෝ අයුර්වේද ප්‍රතිකාර ගන්නේ නම් ඒවාත්, වෛද්‍යවරයාට නොසඟවා පැවසීම වැදගත් වේ.

මුත්‍රා ගල් වලින් ඇති වන සංකූලතා මොනවාද ?

මුත්‍රා සමග ලේ වහනය වීම, ගල්නිසා මුත්‍රා ආසාදන ඇති වීම, ප්‍රතිකාර වලින් පසුවත් ගල් ඉතිරි වීම, නැවත නැවත ගල් ඇති වීමේ අවදානම මෙම තත්වයේ සංකූලතා කිහිපයක්.

මූත්‍රා ගල් ඇති වීමෙන් වැලකෙන්නේ කෙසේද ?

1. ජලය වැඩි වශයෙන් පානය කිරීම ඉතා වැදගත් . දිනකට පානය කල යුතු ජලය පරිමාව එක් එක් පුද්ගලයා මත, කර්යශීලී බව අනුව, දේශගුනය අනුව වෙනස් වනවා. එබැවින් මූත්‍රාවල පැහැය සුදු පැහැයට හැරෙන ප්‍රමාණයට ජලය පානය කිරීම නිර්දේශ කරන්න පුලුවන්. දෙහි වැනි පානද භාවිතයට සුදුසුය.

2. ඔබගේ බර උසට සරිලන ප්‍රමාණයට අඩු කර ගැනීම.

3. පෙර සදහන් කරන ලද ඔක්සලේට් අධික ආහාර අවම කිරීම.

4. දිනකට අවශ්‍ය කැල්සියම් ප්‍රමාණය ලබා ගැනීම. (කැල්සියම් වැඩි වීමත් අඩු වීමත් යන දෙකම අහිතකරයි)

5. අධික ලෙස මාංශ ගැනීමෙන් වැලකීම.

6. හදුනාගත් රෝග වලට නිසි ලෙස ප්‍රතිකාර ගැනීම.

7. වරක් රෝගය වැලදුනු කෙනෙක් නම් වෛද්‍ය උපදෙස් අනුව නිසි කලට පූර්ව හදුනාගැනීමේ පරීක්ෂණ වලට ලක් වීම.

8. කෙටි අහාර(Fast foods), ලුණු අධික අහාර වලින් වැලකීම.

9. මධ්‍යසාර භාවිතයෙන් වලකින්න, නැතිනම් භාවිතය අවම කරන්න.

10. එලවලු සහ පලතුරු වැඩි වශයෙන් අහාරයට ගන්න...

ඇතැම් කරුණු උපුටාගන්නා ලද අතර, කුරුණෑගල ශික්ෂණ රෝහලේ මා දැනට සේවය කරන ජන්‍ය මෞත්‍ර ලිංගික වාට්ටුවේ ( Urology ward)මෞත්‍ර ලිංගික විශේෂඥ ශල්‍ය වෛද්‍ය Sohan Perera සර්ගෙන් සහමෞත්‍ර ලිංගික විශේෂඥ ශල්‍ය වෛද්‍ය T අරවින්තන් සර්ගෙන් සහ ජේශ්ඨ හෙද සහෝදරයින්ගෙන් ද තොරතුරු ලබාගෙන පළකරමි....
ඒ මොහොතේ මගෙ ඒ දරුණු වේදනාව සමනය කරන්න කැපවූ කුරුණෑගල ශික්ෂණ රෝහලේ හදිසි අනතුරු අංශයේ කාර්‍යමන්ඩලයටත් , මං නේවාසිකව ප්‍රතිකාර ලැබූ ward 27 වෛද්‍ය, හෙද ඇතුලු සියලු කාර්‍යමන්ඩලයටත් , මගේ urology ward එකේ විනෝද් අයියා, සාගර අයියා ඇතුලු උපකාර කල මගේම හෙද සහෝදරත්වයටත් බොහොම පිං...🙏🙏🙏🙏
මේ දරුණුම වේදනාවකින් යුතු මුත්‍රා ගල් ඇතිවීම වලකාගමු.🔥🔥

H.M.D.W රවී බණ්ඩාර
හෙද නිළධාරී
Urology ward 21/22
ශික්ෂණ රෝහල..
කුරුණෑගල
2024/04/11

18/01/2024

මේ දිනවල සිරිපා කරුණා කරන බැතිමතුන්ගේ දැනගැනීම සඳහා කරුණු කීපයක් සටහන් කරන්නම්.

1. මේ දිනවල රාත්‍රියට සීතල වැඩියි, ඊයේ රාත්‍රි 12°C ක් පමණ කඳු පාමුල උෂ්ණත්වය , ඉහළට යන විට තවත් අඩුවිය හැකියි.
ඒක නිසා උණුසුම රැකෙන් ඇඳුම් ඇඳන් එන්න. අත් ආවරණ පළඳින්න.
2. සීත ගඟුලෙන් දිය නාන්නෙ පරිස්සමෙන්, නෑමෙන් පසු දැඩි සීතලක් ඇතිවී සිහිය නැතිවූ රෝගින් කීප දෙනෙකු ප්‍රතිකාර සඳහා අපට යොමු වූවා.
3. ඇදුම ,හතිය, අධික රුධිර පීඩනය,දියවැඩියාව, අපස්මාරය, හෘදයාබාධ ඇති පුද්ගලයන් සැම විටම ඖෂධ රැගෙන එන්න අමතක කරන්න එපා. ඔවුන් දැඩි සීතල තත්ව හමුවේ කරුණා කරන්න එපා.
4. පාචනය, උදරාබාධ තත්වයන් බහුලයි. පිරිසිදු ආහාර හා ජලය භාවිතා කරන්න හැකි සැමවිටම.
5. ක්ලාන්ත තත්වයක් ඇතිවූ විට බිම වාඩි වන්න, නැත්නම් දිගා වන්න, සහය ඉල්ලා සිටින්න.ඉවසගෙන දිගටම කරුණා කරන්න එපා.
6. පඩිපෙළ වලින් වැටී තුවාල සිඳුවීම් බහුල නිසා ඉවසීමෙන් ප්‍රවේසමෙන් අනිත් අයටත් ඉඩදී කරුණාකරන්න .

ඔබට වෛද්‍යාධාර හෝ ප්‍රථමාධාර සහයක් අවශ්‍යනම් අපගේ නල්ලතන්නි පොලීසිය ඉදිරිපිට මධ්‍යස්ථානයේ ස්වේච්ඡා සෞඛ්‍ය කණ්ඩායම් සිටිනවා...එහි පැමිණ ප්‍රතිකාර ලබාගත හැකියි. (සති අන්ත හෝ ප්‍රධාන නිවාඩු දිනවල සෞඛ්‍යදාන ව්‍යාපාරය විසින් නෙමිලේ කඳවුරු පවත්වනවා)
සෑම සිරිපා සමයකම හදිසි අනතුරු නිසා හෝ රෝගාබාධ උත්සන්න වීම නිසා ජීවිත නැතිවෙනවා. මේ දින කීපයට විශාල ජීවිත ප්‍රමාණයක් අප ගලවා ගත්තා..
එම අවස්ථා අඩු කළ හැක්කෙ ඔබ නිසි සෞඛ්‍ය උපදේශ පිළිපදින්නේ පමණි.

නීරෝගීව කිසිදු පීඩාවකින් තොරව සිරිපා කරුණා කිරීමට ඔබටත් ශක්තිය ලැබේවා !

වෛද්‍ය සජිත් මංජුල
වෛද්‍ය කදවුරු ප්‍රධානී
ශ්‍රී ලංකා සෞඛ්‍යදාන ව්‍යාපාරය

21/10/2023
21/09/2023

මොකක්ද මේ "නිපා" වෛරස් කියන්නෙ🤔

🔴 “නීපා” වෛරසය (Nipah virus)

ඉතාම වේගයෙන් මනුෂ්‍යයන් අතරේ ව්‍යාප්ත වන “නීපා” වෛරසය මේ වනවිට ඉන්දියාව, බංගලාදේශය, සිංගප්පූරුව සහ පිලිපීනය යන රටවලටත් ව්‍යාප්ත වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මෙම වෛරසයේ රෝග ලක්ෂණ ලෙස තද උණ, වමනය, ස්වසන ආසාදන යන රෝගී තත්ත්වය උත්සන්න වුවහොත් මොළයේ ඉදිමීමක් තෙක් එය වර්ධනය විය හැකි බවද වෛද්‍යවරු අනතුරු අගවනවා.

මෙම වෛරසය වවුලන්ගෙන් සහ ඌරන්ගෙන් මනුෂ්‍යයන්ට ආසාදනය වී ඉන්පසු මනුෂ්‍යයන් අතරේ ව්‍යාප්ත වන වෛරසයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) අනතුරු අඟවමින් සදහන් කර තිබේ.

“නීපා” වෛරසයේ ආසාදිතයින් ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයෙන් වාර්තා වු අතර මෙම වෛරසය පළමුව හඳුනා ගැණුනේ 1998 වසරේ මැලේසියාවේ ඌරු ගොවිපොලකින්

ප්‍රවේශමෙන්
(Credit goes to respective owner)

28/08/2023

මේ සත්වයා/පණුවා දැක්කොත් පරිස්සම් වෙන්න...
කුඩා දරුවන් ප්‍රවේසම් කරගන්න.

මෘදු පොත්තක් වැනිය. නිවසේ බිත්තියේ එල්ලි තිබෙනවා ඔබ අනිවාර්යෙන්ම දැක ඇති.
සමහරුන්ට මෙම පණුවා කෑවොත් ආසාත්මිකතා, සම ඉදිමීම, කැසීම සහ දින ගණනාවක් වේදනාකාරීව තිබිය හැක.
මෙම කෘමියා බොහෝ ඇඳුම් ඇති තැන් වලට කැමතියි.

26/08/2023

මම අදුරන කරවල මුදලාලි කෙනෙක් ඉන්නව..
මිනිහ කියනව ජීවිතේට කරවල කන්නෑ කියල..
ඒ මොකද?
මෝටීන් ගහනවලු. මැස්සො වහනවට..!
ඒ විතරක් නෙවෙයි.. මිනිහ අසල්වැසියාට ප්‍රේම කරමු සංගමයෙ ලොකුම sponsor...🙈🙈🙈

ගෙවල් පැත්තෙ මී කිරි මුදලාලි කෙනෙක් ඉන්නව.
රබර් ඇසිඩ් දානවලු කිරි මිදෙන්න. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් දානවලු ඇඹුල් නොවෙන්න.ඔය පව්කාර වැඩේ කරන්න බෑ කියල අයින් වුනා එතන වැඩ කල මං දන්න කියන මාම කෙනෙක්...
ගොඩක් තැන් වල මී කිරි කියල විකුණන්නෙ තුන්කිරි.
තුන්කිරි කියන්නෙ මොනවද?
එලකිරි මීකිරි පිටිකිරි කලවම් කරල මිදෙව්වම.

මම දන්න පැණි මුදලාලි කෙනෙක් ඉන්නව.
පැණි බෝතල් කඩ වලට දාල සීනි මිටියක් බයික් එකේ තියාගෙන ගෙදර යනව. ඊළග දවසට කිතුල් පැණි හදන්න.
හකුරු මුදලාලිල කියන හැටියට උක් පැණිවලට කොකෝව පොඩ්ඩක් දැම්ම ගමන් කිතුල් පැණි රහයිලු.

එලවලු මුදලාලි කෙනෙක් මට කියනව ජීවිතේට එලවලු කන්නෙ නැහැලු. මොකද ඒ?
කැඩුවට පස්සෙත් වසබේත් ගහනවලු නරක් නොවෙන්න.හැමදාම උදේට
කෙසෙල් කඩේ මුදලාලි
කෙසෙල් කැන් සේරම වසබේත් වලින් නාවනව.කෙසෙල් කැන ඉදෙන්නෙ නැට්ටත් එක්කම..!

ඉස්පිරිතාල වල පිළිකා වාට්ටු පිරිල ඉතිරිල. ඇදන් යටත් ලෙඩ්ඩු.
ඒකට හේතුව ඔය විදියට වස විස කැවීම..
අන්තිමේදි බැලින්නම්
කිරි මුදලාලිත් රැවටිල. හකුරු මුදලාලිත් රැවටිල. කෙසෙල් මුදලාලිත් රැවටිල..

මුදලාලිලත් පාරිභෝගිකයොත් දෙගොල්ලොම දැන් පිළිකා වාට්ටුවෙදි එකිනෙකාට මුණ ගැහෙනව..
හැමෝගෙම පවුල්වල පිලිකා ලෙඩ්ඩු..!😥😥😥
බලාගෙන ගියාම කවුරු කවුරුත් කරල තියෙන්නේ තමුන් වස නොකා අනුන්ට වස කවපු එක.අන්තිමේදි බැලින්නම් හැමෝම කාල තියෙන්නෙ වස! 😥

ඔන්න මම දවසක් ඉමදුව පැත්තෙ තේ වත්තක් අද්දර ගෙවල් පේලියකට ගියා..
ගෙදර තාත්ත නෑ…පිළිකාවක් නිසා කරාපිටිය පිලිකා වාට්ටුවෙ. අල්ලපු ගෙදර මනුස්සයත් Testing.ඊලග ගෙදර මනුස්සය cancer clinic ගිහින් ගෙදර ආපු ගමන්…!
හැම ගෙදරම පිලිකා ලෙඩ්ඩු..😥

තේ වලට ගහන ග්ලයිපොසෙට් කියන්නෙ පිලිකා කාරකයක්.
අපි තුන්වේලම රසකළ තේ කියල බොන්නෙ පිලිකා කාරක ග්ලිපොසෙට් මිශ්‍ර “වසකළ” තේ..!

ගෙවල් පැත්තෙ වී ගොවිතැන් කරන කෙනෙක් ඉන්නව.මිනිහ තමන්ගෙ ගෙදර කෑමට වෙනම ලියැදි කීපයක බෙහෙත් නොගහ කුඹුරු කරනව. බෙහෙත් ගහපු වී සේරම මෝලට විකුණනව..
බෙහෙත් ගහපු වී කොටල කෑවොත් පිලිකා හැදිල මැරෙයිලු.🤣

හැමෝම බොරු කරන හැමෝම රැවටෙන අමුතු රටක් මේක..!😥😥😥

හැමදාම බාර්වල ලගින
තුන් වේලම පව් කරන
කරපු පව් වහගන්න බැරිව
ධර්මයට ගරහ ගරහ රට වටේ දුවන
මළ පෙරේතයන් ඉන්න රටක් මේක

උපුටා ගැනීමකී.

08/06/2023
12/05/2023

Happy to celebrate "International Nurse's Day" with all who works in Hospitals❤️🇱🇰🇦🇪

08/05/2023

වෛද්‍ය ගුප්තා පවසයි: කිසිවෙකු පිළිකාවෙන් මිය යා යුතු නැත;
(1) පළමු පියවර නම් ශරීරයේ සීනි නොමැති විට සීනි සෛල ස්වභාවිකව මිය යාම නිසා සියළුම සීනි පරිභෝජනය කිරීම නැවැත්වීමයි.
(2) දෙවන පියවර වශයෙන් දෙහි යුෂ වීදුරුවක් උණු වතුර වීදුරුවක් සමඟ මිශ්‍ර කර පිළිකා සෛල මාස 1 කට පමණ පසු අඩු වන අතර උණුසුම් ලෙමන් යුෂ පානය කිරීමෙන් පිළිකාව වළක්වා ගත හැකිය. සීනි එකතු නොකරන්න. සීතල දෙහි යුෂ වලට වඩා උණුසුම් ලෙමන් යුෂ ගුණදායකයි. මේරිලන්ඩ් විශ්ව විද්‍යාලයේ කරන ලද අධ්‍යයනයක ප්‍රතිඵලයක් ලෙස ස්වාභාවික වෛද්‍ය විද්‍යාව රසායනික ද්‍රව්‍ය වලට වඩා 1000 ගුණයක් ගුණිතය.
(3) තුන්වන පියවර නම් කාබනික පොල්තෙල් හැදි 3 ක් උදෑසන සහ රාත්‍රී කාලයේ භාවිතා කරන්නේ නම් පිළිකා අවදානම අවම කර ගැනීමයි.
සීනි වැළැක්වීම සඳහා ඔබට ප්‍රතිකාර දෙකම යෙදිය හැකිය. නොදැනුවත්කම නිදහසට කරුණක් නොවේ; මම වසර 5 කටත් වැඩි කාලයක් මෙම තොරතුරු හුවමාරු කර ගත්තා. ඔබ වටා සිටින මිනිසුන්ට මෙය කියන්න.
කහ සහ දම් පාට අර්තාපල් පිළිකා වැළැක්වීම.
01. ආහාර, බීම නිතර ආමාශ පිළිකා ඇතිවීමේ සම්භාවිතාව වැඩි කරයි.
02. කිසි විටෙකත් සතියකට බිත්තර 4 කට වඩා ආහාරයට ගන්න එපා.
03. චිකන් සවල (අංකුර ආදිය) ආහාර මඟින් ආමාශ පිළිකාවක් ඇති විය හැක.
04. ආහාර ගැනීමෙන් පසු කිසි විටෙකත් පලතුරු අනුභව නොකරන්න. අපි කෑමට පෙර පලතුරු අනුභව කළ යුතුයි.
05. ඔසප් වීමේදී තේ පානය නොකරමු.
06. සෝයා කිරි අඩුවෙන් පරිභෝජනය කරමු ...
07. තක්කාලි පරිභෝජනය කිරීම සඳහා හිස් බඩ (බඩගිනි බඩ).
08. තෙහෙට්ටුවෙන් ආරක්ෂා වීම සඳහා කෑමට පෙර සෑම උදෑසනකම වතුර වීදුරුවක් පානය කරන්න.
09. නින්දට පැය 3 කට පෙර කිසි විටෙකත් කන්න එපා.
10. ජලය වළක්වා ගැනීමෙන් දියවැඩියාව හා අධි රුධිර පීඩනය ඇති විය හැක. පෝෂණයේ ප්‍රධාන කරුණ නම් අධික ලෙස ජලය පරිභෝජනය කිරීම විය යුතුය.
11. උඳුන තුල හෝ ටෝස්ට් වල පිසින ලද ටෝස්ට් ආහාරයට ගැනීම.
12. නින්දේදී දුරකථනය ඔබෙන් ත් කරන්න.
13.?- පිළිකාව වැළැක්වීම සඳහා දිනකට වතුර කෝප්ප 10 ක් පානය කිරීම.
14. රාත්‍රිය හැර දහවල් කාලයේදී වැඩිපුර ජලය පානය කිරීම
දින 15 ක් තුළ කෝපි කෝප්ප 2 කට වඩා පානය කිරීම නින්ද නොයාම සහ බඩේ ගැටලු ඇති කිරීමට හේතු වේ.
16. ඔබ අඩු තෙල් ප්‍රමාණයක් පරිභෝජනය කළ යුතුයි. ආහාර දිරවීමට පැය 5 සිට 7 දක්වා කාලයක් ගත වන අතර එමඟින් ඔබට මහන්සියක් දැනේ.
17. සවස 5 න් පසු අඩුවෙන් ආහාර ගන්න.
18. කෙසෙල්, මිදි, නිවිති, වට්ටක්කා, පීච් ඔබට සතුටක් ගෙන දේ.
19. දිනකට පැය 8 කට අඩු නින්දක් මොළයේ ක් රියාකාරිත්වය බිඳ දමයි. දහවල් කාලයේදී පැය භාගයක විවේකයක් ඔබට තරුණ පෙනුමක් ලබා දේ.
20. බේක් කළ තක්කාලි වල අමු තක්කාලි වලට වඩා හොඳ චිකිත්සක ලක්‍ෂණ ඇත.
21. උණුසුම් ලෙමන් යුෂ පිළිකා සෛල විනාශ කරයි. උණුසුම් දෙහි යුෂ අපගේ ජීවිතයේ ගුණාත්මක භාවය වැඩි කරන අතර වැඩි කාලයක් ජීවත් වීමට අපට ඉඩ සලසයි.
අපගේ දෛනික පානය ලබා ගැනීම සඳහා ලෙමන් පෙති 2-3 ක් උණු වතුරට එකතු කරන්න.
ලෙමන් අධික උණුසුම් ජලයේ කටුක සුවඳක් ඉතිරි කරන අතර එය පිළිකා සෛල විනාශ කිරීමට හොඳම ද්‍රව්‍යයකි.
ලෙමන් යුෂ වල විටමින් සී පමණක් අඩංගු වන අතර පීඩනය වළක්වයි.
උණුසුම් දෙහි යුෂ මඟින් පිළිකා පිළිකා වර්ධනය වීම වළක්වයි.
උණුසුම් දෙහි යුෂ වැඩ කරන බව සායනික පරීක්ෂණ වලින් තහවුරු විය.
ලෙමන් සමඟ ප්‍රතිකාර කිරීමෙන් යක්ෂයාගේ සෛල පමණක් විනාශ වන අතර සෞඛ්‍ය සම්පන්න සෛල වලට එය බලපාන්නේ නැත.
ඊළඟට ... ලෙමන් අච්චාරු සහ ලෙමන්, ලෙමන් යුෂ, අධි රුධිර පීඩනය අඩු කිරීමට අමතරව ගැඹුරු සනාල රුධිර කැටි ගැසීම වළක්වයි. රුධිර සංසරණය නියාමනය කරන අතර රුධිර කැටි ගැසීම අඩු කරයි. - මෙම ලිපිය කියවීමෙන් පසු අනෙක් අය සමඟ බෙදා ගැනීමට අමතක නොකරන්න!
- ඔබේ සෞඛ්‍යය ආරක්‍ෂා කර ගැනීමට සහ ඔබ අවට සිටින පුද්ගලයින් දැනුවත් කිරීමට අපි බෙදා ගනිමු !!!
- මම පුළුවන් තරම් එය හරවන්න හැදුවා. ඔබ එයට කැමති වේ යැයි සිතමි. Doctor Gupta says: No one should die of cancer;
(1). The first step is to stop consumption of all sugar, when there is no sugar in the body, cancer cells die naturally.
(2). Second step, a glass of lemon juice mixed with a glass of hot water and cancer cells will decrease after approximately 1 months, drinking hot lemon juice can prevent cancer. Don't add sugar. Hot lemon juice is more beneficial than cold lemon juice. The result of a study done at the University of Maryland, natural medicine is 1000 times better than chemicals.
(3). The third step is to reduce the risk of cancer if 3 spoons of organic coconut oil is used in the morning and night.
You can apply both treatments to prevent sugar. Ignorance is not an excuse; I've been sharing this information for more than 5 years. Tell this to the people around you.
Yellow and purple potatoes prevent cancer.
01. Food, drinking often can increase the probability of stomach cancer.
02. Never eat more than 4 eggs a week.
03. Chicken shovel (bud etc. ) Food can cause stomach cancer.
04. Never eat fruit after food. We need to eat fruit before we eat.
05. Let's not drink tea during menstruation.
06. Let's consume less soy milk...
07. Empty stomach (hungry stomach) to consume tomatoes.
08. Drink a glass of water every morning before eating to protect from fatigue.
09. Never eat 3 hours before bed.
10. Avoiding water can lead to diabetes and hypertension. The main point of nutrition should be a lot of water consumption.
11. Eating toast cooked in the oven or toast.
12. Keep the phone away from you during sleep.
13.?- drinking 10 cups of water a day to prevent cancer.
14. Drinking more water during the day, except for the night
Drinking more than 2 cups of coffee in 15. days can cause insomnia and stomach problems.
16. You need to consume less oil. Digestion takes 5 to 7 hours, it makes you feel more tired.
17. Eat less after 5 pm.
18. Banana, grapefruit, spinach, pumpkin, peach makes you feel happier.
19. Sleep less than 8 hours per day breaks brain function. Half an hour break in the afternoon allows you to look younger.
20. Baked tomatoes have better therapeutic features than raw tomatoes.
21. Hot lemon juice kills cancer cells. Hot lemon juice improves our quality of life and allows us to live longer.
Add 2-3 slices of lemon to hot water to get our daily drink.
Lemon leaves a bitter fragrance in hot water, the best ingredient to kill cancer cells.
Cold lemon juice contains only vitamin C, prevents pressure.
Hot lemon juice prevents cancer tumors from growing.
Clinical tests proved that hot lemon juice works.
Treatment with such lemon only destroys devil's cells, doesn't affect healthy cells.
Next up... Lemon pickles and lemon, lemon juice, prevent deep vascular thrombosis besides reducing high blood pressure. Regulates blood circulation and reduces blood clot. - Let's not forget to share this article with others after reading it!
- Let's share to protect your own health and inform the people around you!!!
- I tried to turn it around as much as I could. I hope you like it.

28/04/2023

🔴 බබාලාට පුංචි අසනීපෙකටත් පැනඩොල් (PANADOL) එහෙමත් නැත්නම් පැරසිටමෝල් (PARACETAMOL) දෙනවා ද ? එහෙනම් මේ ගැනත් දැනුවත් වෙන්න.. 🔴

🔴 පැරසිටමෝල් යනු මොනවා ද ?

🩺 පැරසිටමෝල් (PARACETAMOL) හෙවත් ඇසිටමිනෝෆන් (ACETAMINOPHEN) කියලා කියන්නේ උණ හැදුනම ලොකු පුංචි කවුරුත් පාවිච්චි කරන බෙහෙතක් - ANTI PYREITC MEDICATION. මේ බෙහෙත විවිධ සන්නාම වලින් අලෙවි කරනවා. අපේ රටේ මේ පැරසිටමෝල් වල ජනප්‍රිය අලෙවි සන්නාමයක් තමා 'පැනඩෝල් - PANADOL' කියලා කියන්නේ.

🩺 උණට අමතරව මෙය බබාලාට විවිධ ප්‍රතිකර්ම වලට මේ පැරසිටමෝල් ඖෂධය පාවිච්චි කරනවා. 'වේදනා නාශකයක් - PAIN MEDICATION' ලෙස හිසේ කැක්කුම් වල සිට ඇඟපත වේදනාව දක්වා විවිධ ශාරීරික වේදනාවන් වල දී පැනඩෝල් හෙවත් පැරසිටමෝල් බබාලාට දෙන්න අපේ දෙමව්පියෝ හුරු වෙලා ඉන්නවා. මෙහි වේදනා නාශක ස්වභාවය ඇස්ප්‍රීන් - ASPIRIN නම් ඖෂධයට සමාන තත්වයක තිබෙනවා.

🩺 බබාලාට දෙන පැරසිටමෝල් විවිධ මාදිලි වලින් වෙලඳපොලේ තිබෙනවා.
👶 මුඛයෙන් දෙන දියර වශයෙන් - ORAL SYRUP / SOLUTION
👶 මුඛයෙන් දෙන බෙහෙත් පෙති - ORAL TABLETS
👶 සෘජුවම රුධිරගත කරවන දියර වශයෙන් - INTRAVENOUS SOLUTION
👶 ගුද මාර්ගයෙන් ඇතුළු කරවන පෙති - SUPPOSITORY
නමුත් මේවා සෑම එකක්ම ඕනෑම අවස්ථාවක භාවිත කිරීමට නුසුදුසුයි. නිසි වෛද්‍ය නිර්දේශ මත සුදුසු අවස්ථාවන් හී දී සුදුසු මාදිලිය භාවිත කල යුතු වෙනවා..


🔴 පැරසිටමෝල් ඖෂධය සිරුර තුල ක්‍රියාකරන්නේ කෙසේ ද ?

🩺 මෙය මුඛ මාර්ගයෙන් ශරීර ගත කල විට ඉතා හොඳින් ආමාශය මගින් හොඳින් දරාගෙන (Well Tolerated) ආහාර ජීර්ණ පද්ධතියේ දී සිරුරට අවශෝෂණය කරගන්නවා.

🩺 මෙම ඖෂධය මගින් සිරුරේ ඇති CYCLO-OXIGENASE නම් එන්සයිමයක් ස්‍රාවය කිරීම අක්‍රිය කිරීම යටතේ දාම ප්‍රතික්‍රියාවක් මගින් සිරුරේ ප්‍රදාහක ප්‍රතිචාරයන් වන සිරුරේ උණුසුම ඉහල යාම (උණ ඇතිවීම) - TEMPERATURE; රතු වීම - REDNESS; වේදනාව ඇති වීම - PAIN; ඉදිමුම ඇති වීම - SWELLING සහ ක්‍රියාකාරීත්වය ඇණහිටීම - LOSS OF FUNCTION යන ක්‍රියාවලි අඩපණ කරවනවා.

🩺 මින් ප්‍රධානවම උණුසුම ඉහල යාම සහ වේදනාව ඇති වීම කියන කාරණා මධ්‍ය ස්නායු පද්ධතියෙන් ම - CENTRALLY ACTING AGENT නවත්වා දමන්නට පැරසිටමෝල් ඖෂධයට පුළුවන්. ලෝක සෞඛ්‍ය සංවිධානයේ වේදනා නාශක වර්ගීකරණයට - WHO PAIN LADDER අනුව පැරසිටමෝල් කියන්නේ පළමු ගණයේ වේදනා නාශකයක් (STAGE I - PAIN MEDICATION).

🩺 මෙම අවශෝෂණය කරන ප්‍රමාණයෙන් 90%ක් පමණ අක්මාවේ දී පරිවෘත්තීය ක්‍රියාවලට ලක් වී අවසන් වෙනවා. ඉතිරි 5% - 10%ක් පමණ වූ ප්‍රමාණය ඔක්සිකරණය වී NABQI නම් 'ඉතා විෂ අතුරුඵලයක්' සාදනවා. මෙය දේහයේ වෙනත් GLUTATHIONE නම් සංයෝගයක් මගින් අක්‍රීය කරනවා.


🔴 ඔබේ දරුවාට පැනඩෝල් හෙවත් පැරසිටමෝල් ලබා දිය යුතු නිවැරදි ම ඖෂධ මාත්‍රාව කුමක් ද ?

🩺 බබෙක්ට සාමාන්‍යයෙන් වෛද්‍ය නිර්දේශිත පැරසිටමෝල් මාත්‍රාව (10 - 15)mg/kg/dose වේ. එනම් එක් ඖෂධ මාත්‍රාවක දී බබාගේ දේහයේ බර එක් කිලෝග්‍රෑමයකට පැරසිටමෝල් ඖෂධයේ මිලිග්‍රෑම් 10ක් - 15ක් අතර ප්‍රමාණයකි.

🩺 ඖෂධ මාත්‍රාවන් සෑම පැය 4කට - 6කට වතාවක් ලබා දිය හැකි අතර දිනකට උපරිමව මාත්‍රා හතරක් ලබා දිය හැකි වනවා. එනම් දිනකට 60mg/kg/day හෙවත් දේහයේ බර කිලෝග්‍රෑමයකට පැරසිටමෝල් ඖෂධය මිලිග්‍රෑම් 60ක ප්‍රමාණයකි.

🩺 මුඛ මාර්ගයෙන් ලබා දෙන පැරසිටමෝල් දියර (PARACETAMOL SYRUP) ලබා දෙන විට තවත් වැදගත් වෙන දෙයක් තමා එහි දියර මිලි ලීටර් එකක අඩංගු වෙන පැරසිටමෝල් ඖෂධ ප්‍රමාණය. මෙය ඉතාම පහසුවෙන් ගණනය කරන්න පුළුවන්. අදාල නිෂ්පාදනයේ ඇසුරුමේ සඳහන් වෙනවා දියර මිලි ලීටර් පහක අඩංගු වන ඖෂධ ප්‍රමාණය. හුඟාක් විට එය 120mg/5mlක ප්‍රමාණයක්. එනම් එක් දියර මිලි ලීටරයක පැරසිටමෝල් මිලිග්‍රෑම් 24ක ප්‍රමාණයක් (24mg/ml).

🩺 මෙම කාරණා දැනගත් විට ඔබගේ බබාට අවශ්‍ය පැරසිටමෝල් මාත්‍රාව ඔබටම ගණනය කරගන්න පුළුවන්.

👶 සරල උදාහරණයක් වශයෙන් ඔබගේ බබාගේ බර 20kg ලෙස සිතමු.

👶👶 එවිට එක් මාත්‍රාවක් සඳහා නිර්දේශිත පැරසිටමෝල් ඖෂධ මාත්‍රාව = (10-15)mg/kg/dose X 20kg = (200 - 300)mg/dose (එක් මාත්‍රාවක දී පැරසිටමෝල් මිලිග්‍රෑම් 200ක් - 300ක් අතර ප්‍රමාණයක් ලබාදිය යුතු වෙනවා.)

👶👶 දැන් අප ලබාදිය යුතු පැරසිටමෝල් දියර ප්‍රමාණය ගණනය කරමු.
එක් මාත්‍රාවක් සඳහා නිර්දේශිත පැරසිටමෝල් දියර මාත්‍රාව = (200 - 300)mg/dose ÷ 24mg/ml = (8.33 - 12.50)ml/dose (එක් මාත්‍රාවක දී පැරසිටමෝල් දියර මිලි ලීටර් 8.33ක් - 12.50ක් අතර ප්‍රමාණයක් ලබාදිය යුතු වෙනවා.)

👶👶 මෙවන් අවස්ථාවක බොහෝවිට වෛද්‍ය නිර්දේශය කරනු ලබන්නේ පැරසිටමෝල් දියර මිලි ලීටර් 10ක් (10ml) එක් මාත්‍රාවක දී වන ලෙසට භාවිත කරන්නයි. මේ මාත්‍රාව පැය හයකට වරක් දිනකට හතර වතාවක් ලබා දිය යුතු වෙනවා..

👶👶 ඔබ මෙලෙස ගණනය කරන ලද පැරසිටමෝල් ඖෂධ ප්‍රමාණය නිවැරදි දැයි පරීක්ෂා කිරීමට (මුඛ මාර්ගයෙන් ගන්නා දියර පැරසිටමෝල් නම්) අදාල ඇසුරුම බලන්න. එහි වයසට සහ බරට අදාලව ලබා දිය යුතු ඖෂධ මාත්‍රාව මිලි ලීටර් වලින් සඳහන් කරලා තියෙනවා. එහිදී බරට අදාල ඖෂධ මාත්‍රාව වෙත වැඩි ප්‍රමුඛතාවයක් ලබා දෙන්න.


🔴 පැරසිටමෝල් ඖෂධය නිතර ලබා දීමේ අතුරුඵල මොනවා ද ?

🩺 සාමාන්‍යයෙන් බබාලාට ලබාදිය යුතු පැරසිටමෝල් ඖෂධ මාත්‍රාව අපි සාකච්ඡා කරා. ඒ මාත්‍රාවට වඩා ශරීර ගත වෙන ඕනම අවස්ථාවක අපි පැරසිටමෝල් අධි මාත්‍රාවක් ලෙස සලකනවා.

🩺 පැරසිටමෝල් අධිමාත්‍රාවක් බබාලාගේ ශරීර ගතවීමට ප්‍රධාන ආකාර දෙකක් තිබෙනවා.
👶 නියමිත ඖෂධ මාත්‍රාවට වැඩි මාත්‍රාවක් නිසි කාල ප්‍රාන්තර වලට ගැනීම..
👶 නියමිත ඖෂධ මාත්‍රාව වැඩි වාර ගණනක් (අඩු කාල ප්‍රාන්තර වල දී) ගැනීම..

🩺 ඉහත ආකාර දෙක යටතේ ප්‍රතිකාර ලබාගත යුතු පැරසිටමෝල් අධිමාත්‍රාවක් ලෙසින් සලකන්නේ;
👶 පැය 24ක් තුලදී දේහ බර කිලෝග්‍රෑමයට පැරසිටමෝල් මිලිග්‍රෑම් 200ට වඩා දේහගත වූ විට - >200mg/kg over 24hours
👶 පැය 48ක් තුලදී දේහ බර කිලෝග්‍රෑමයට පැරසිටමෝල් මිලිග්‍රෑම් 300ට වඩා දේහගත වූ විට - >300mg/kg over 48hours
👶 නිසි ඖෂධ මාත්‍රාව පැය 48කට වඩා ගන්නා කල් හී උදරයේ වේදනාව හෝ වමනය ආදී සංකූලතා පෙන්වන විට - therapeutic doses over 48hours with abdominal pain or nausea / vomiting


🔴 පැරසිටමෝල් අධිමාත්‍රාවක් දේහගත වූ විට සිදුවන්නේ කුමක් ද ?

🩺 මුඛ මාර්ගයෙන් ශරීර ගත වන පැරසිටමෝල් අධිමාත්‍රාව බොහෝ විට ආමාශයේ දී දරා නොගෙන වමනය වීමක් මගින් පිටතට යොමු කෙරෙනවා.

🩺 යම් හෙයකින් ආමාශය මගින් අදාල ඖෂධ මාත්‍රාව දරාගත හොත් ආහාර ජීර්ණ පද්ධතියේ දී සිරුරට එම අධිමාත්‍රාව අවශෝෂණය කරගන්නවා.

🩺 මෙම අවශෝෂණය කරන ප්‍රමාණයෙන් වැඩි ප්‍රමාණයක් අක්මාවේ දී පරිවෘත්තීය ක්‍රියාවලට ලක් වී අවසන් වෙනවා. නමුත් ඉතිරිවන පැරසිටමෝල් ප්‍රමාණය ඔක්සිකරණය වීමෙන් සුපුරුදු පරිදි NABQI නම් 'ඉතා විෂ අතුරුඵලය' සාදනවා.

🩺 මෙහිදී වෙනස වන්නේ දේහයේ ඇති GLUTATHIONE නම් සංයෝගය එකී NABQI නම් විෂ සහගත අතුරුඵලය අක්‍රීය කිරීමට ප්‍රමාණවත් නොවීමයි.

🩺 මේ නිසා දේහය තුල මෙම NABQI නම් සංයෝගය අධි සාන්ද්‍ර වන අතර එය අක්මා සෛල වලට (Hepatocytes) අතිශය විෂ සහගත වෙනවා. එමගින් අක්මා සෛල මරණයට පත් කරන අතර; ඒ හේතුවෙන් කාලීනව අක්මාව අකර්මන්‍ය වනවා (Hepatic failure)..


🔴 පැරසිටමෝල් අධිමාත්‍රාවක් ශරීර ගත වූ විට සිදු කල යුත්තේ කුමක් ද ?

🩺 බබා වමනය කරන්න උත්සහ දරනවා නම් සිටගෙන සිටින ඉරියව්වෙන් ඉදිරියට නැවී හෝ වැතිරී සිටින ඉරියව්වෙන් වම් ඇලයට හැරී හෝ වමනය කිරීමට සලස්වන්න. මෙම ඉරියව් ඉතා වැදගත් අතර එමගින් වමනය ශ්වසන පද්ධතියට ඇතුළු වීම වලක්වයි..

🩺 හැකි ඉක්මනින් බබාව හදිසි ප්‍රතිකාර ඒකකයකට - EMERGENCY TREATMENT UNIT (ETU) රෝහල්ගත කරන්න. එහිදී බබාව පූර්ණ සායනික අධ්‍යනයකින් පසුව නිසි ප්‍රතිකාර ලබා දෙනු ලබයි.


🔴 පැරසිටමෝල් අධිමාත්‍රාවක් ශරීරගත වීම වලක්වා ගන්නේ කෙසේ ද ?

🩺 බබාලාට අසුවෙන තැන් වලින් ඖෂධය තබන්න එපා. මුඛ මාර්ගයෙන් ගන්නා දියර බෝතලයක් නම් හොඳින් මූඩිය වසා තබන්න.

🩺 බබාගේ බරට අනුකූලව ගණනය කරන ලද නිසි ඖෂධ මාත්‍රාව නිසි කාල ප්‍රාන්තර වලින් පමණක් ලබා දෙන්න.

🩺 අත්‍යාවශ්‍යතාවයකදී වෛද්‍ය උපදෙස් මත හැරෙන්නට ඔබගේ ස්වයං මතයට බබාලාට ඖෂධ ලබා දෙන්න එපා. හැකි සෑම විටම වෛද්‍ය නිර්දේශ ලබාගෙන එය අනුගමනය කරන්න.

🩺 බබාට පැරසිටමොල් ඖෂධය සමඟ උදර වේදනාවක්, වමනයක් හෝ ආසාත්මිකතාවයක් ඇති වුවහොත් තවදුරටත් ඖෂධය ලබා දීම නවත්වන්න. වෛද්‍ය උපදෙස් ලබාගන්න.

🩺 බබාලාට මෙම ඖෂධය භාවිත කරන සෑම විටම වැඩිහිටියෙකුගේ අධීක්ෂණය යටතේ හෝ වෛද්‍ය නිරීක්ෂණය යටතේ පමණක් ලබා දෙන

"පුංචි බබෙක් කියන්නෙම පාට පාට ලස්සන සුවඳ පුංචි මලක්.. 🌸 එයාලට හුඟක් ආදරය ඕන.. ❤️ බබාලාගේ ලෝකය ආදරයෙන් පුරවන්න අපි බබාලාගේ ලෝකය ගැන දැනගෙන ඉන්න එක හරිම වැදගත්.. ❤️👼"

තවත් බබාලාගේ ලෝකය ලිපියකින් හමුවෙමු.

- ඉසුරු ඉන්ද්‍රජිත් සුරේන්ද්‍ර -

Copied



Medihub.lk

Photos from Medihub.lk's post 20/04/2023

ශරීරයේ කැක්කුම් අනුව දැනුවත් විය යුතු රෝග..💚💚

18/04/2023

එනසාල්

එකුළුබඩු අතර රජ්ජුරුවෝ "එනසාල්" වල ගුණ ගැනයි මේ කතාව.
(මේ ගැන මීට පෙර නොදත් අය සඳහා පමණි)

එනසාල් සතු ඖෂධීය ගුණ :-

1. ශරීරය සිසිල් කීරීමේ ගුණයෙන් සමන්විතයි.

2. අජීර්ණයට ගුණදායකයි.

3. ආම වාත දුරු කරයි.

4. කෑම රුචිය වර්ධනය කරයි.

5. සමේ රෝග සඳහා ගුණදායකයි.

6. සෙම්ප්‍රතිශ්‍යාව සහ උණ සඳහා සුවය ගෙනදෙයි.

7. ආහාර ජීර්ණ පද්ධතියේ සියලු රෝග දුරු කරයි.

8. ඔක්කාරය දුරලයි.

9. හානිකර බැක්ටීරියා මගින් ඇති කරන දත් කුහර වළක්වයි.

10. පෙනහළු තුළ රුධිර සංසරණය වැඩි දියුණු කරයි.

11. සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස, බ්‍රොන්කයිටීස් ආදී ශ්වසන අපහසුතා සමනය කරයි.

12. සෙම ඉවත් කර පපුවේ සෙම හා තදබදය දුරලයි.

13. ආහාර ජීර්ණය හොඳින් සිදු කර මලබද්ධය වළක්වයි.

14. වකුගඩු හරහා ශරීරයේ අපද්‍රව්‍ය හොඳින් පිට කිරීමට උපකාරී වෙයි.

15. බඩ පුරවා දැමීම නැති කිරීමට ගුණදායකයි.

16. එනසාල් සතු විටමින් C යකඩ සහ නියැසීන් රක්තහීනතාවය දුරු කරන්නට උපකාරී වෙයි.

17. නොසන්සුන්භාවය, කාංසාව වැනි නින්දට බාධා කරන ගැටලු ඉවත් කර සුවදායී නින්දක් ලබා ගන්නට උපකාරී වෙයි.

18. හෘදයාබාධ ඇතිවීම වළකයි.

19. ප්‍රතිශක්තිය වැඩි දියුණු කරයි.

20. සම වියලීම වළක්වා සම ආරක්ෂා කරයි.

21. හිසකෙස් පෝෂණය කරයි.

22. මානසික ආතතිය සඳහා ගුණදායකයි.

23. රුධිරයේ අහිතකර කොලෙස්ටරෝල් පාලනයට උපකාරී වෙයි. එමඟින් මොළයේ රුධිර කැටි ඇතිවීම වළක්වනු ලබයි.

24. ලිංගික බෙලහීනතාවය ඇති අයට ඉතාම ගුණදායකයි.

25. මුඛයේ දුර්ගන්ධය නැති කරයි.

26. මුඛයේ තුවාල සුව කරයි.

27. තරබාරුව මට්ටු කරයි.

28. මුත්‍රා හොඳින්ම පිට කිරීමට උපකාර කරයි.

29. වකුගඩු සහ මුත්‍රා මාර්ගය හොඳින් පිරිසිදු කර ආරක්ෂා කරනු ලබයි.

30. පිළිකා සෛල විනාශ කර පිළිකා ඇතිවීමේ අවදානම දුරු කරයි.

31. දියවැඩියා රෝගයට ඉතා ගුණදායකයි.

32. දිලීර හා බැක්ටිරීයා ආසාදන වලින් ආරක්ෂා කරයි.

33. බඩේ වේදනාව සමනය කරයි.

34. අධි රුධිර පීඩනය දුරු කරයි.

ඖෂධීය භාවිතයන් :-

සෙම්ප්‍රතිශ්‍යා උණ සඳහා එනසාල් ඉඟුරු හා සමාන ගුණයෙන් අන්තර්ගත නිසා මේ උණ සඳහා එනසාල් ස්වල්පයක් තම්බා පානය කිරීම ගුණදායකයි.
මුඛයේ ඇතිවන රෝග සඳහා එනසාල් තම්බා ගත් වතුරෙන් දිනකට දෙවතාවක් කට සේදීමෙන් සුවයක් ලබාගත හැකියි.
බඩේ වේදනාව සඳහා කෝපි වලට අඹරන ලද එනසාල් එකතු කර පානය කිරීම සුදුසුයි.
මිලෙන් වගේම ගුණයෙන් ඉතා ඉහළ එනසාල් දෛනිකව අහාර සඳහා එකතු කර ගැනීමෙන් ලෙඩ රෝග බොහොමයකින් ආරක්ෂා වී සෞඛ්‍යමත් ජීවිතයක් ගත කරන්නට හැකියාව ලැබෙනවා.

වැදගත්***
විශේෂයෙන්ම ඉහළ සංවේදීතාවයක් ඇති අයට පපුවේ තද ගතිය, හුස්ම ගැනීමේ අපහසුතාවය වැනි ආසාත්මිකතාවයන් ඇති කරන්නට හේතු විය හැකි නිසා එවැනි අපහසුවක් ඇතිවුණොත් එනසාල් භාවිතය නතර කරන්න.
(උපුටාගෙන ඉදිරිපත් කිරීමකි)

Medihub.lk

18/04/2023

☣️අජිනොමොටෝ MSG ☣️
(කියෙව්වට පාඩු නැති හැමෝටම වැදගත් වන ලිපියක්..)
----------------------------------------------

# MSG වල ඉතිහාසය

MSG චීන ආහාර සමග සම්බන්ධ වී තිබුනද මුලින්ම 1908 දී ජපන් ජාතික විද්‍යාඥයෙකු වන කිකුනේ ඉකේඩා (Kikunae Ikeda) විසින් මෙම ග්ලුටමේට් ජලජ ශාක මගින් නිස්සාරණය කර MSG නිපදවා තිබෙනවා.

# මිනිස් දිවට තිත්ත රස, පැණි රස, ඇඹුල් රස, ලුණු රස, යන සන්වේදනයන්ට අමතරව තවත් රසක් හදුනා ගන්න පුලුවන් ඒ තමයි උමාමි රසය.
අද සමාජයේ බොහෝ දෙනා කොත්තු, ෆ්‍රයිඩ් රයිස්, නූඩ්ල්ස් වර්ග වැනි ආහාරයන්ට වැඩි ඇල්මක් දක්වයි.මන්ද, ඒවායේ ඇති උමාමි රසය එහෙමත් නැතිනම් සේවරි රසය නිසාවේ.මේවාට මෙම රසය ලබා ගන්න ගොඩක් දෙනා භාවිතා කරන දෙයක් තමයි MSG හෙවත් මොනොසෝඩියම් ග්ලුටමේට් (Monosodium Glutamate) එහෙමත් නැතිනම් කවුරුත් දන්න MSG වල ප්‍රසිද්ධ වෙළඳ නාමය වන අජිනමොටෝ (Ajinomoto).ආහාර වල මෙම උමාමි රසය වැඩි කරන්න උපකාරී වෙලා තියෙන්නෙ මේ රසායනික සංයෝගයේ පවතින ග්ලුටමේටය(Glutamate).

# මොනාද මේ ග්ලුටමේට් (Glutamate)?

MSG හෙවත් Monosodium Glutamate සෑදී ඇත්තේ ග්ලුටමේට් යන ඇමයිනෝ අම්ලයට සෝඩියම් අයනයක් එක් වීමෙනි. මෙහි ඇති ග්ලුටමේට් නිසා උමාමි රසය ඇතිවෙයි.මෙම ග්ලුටමේට් හෙවත් ග්ලුටමික් අම්ලය ස්වාභාවිකවම මිනිස් ශරීරය තුල නිපදවේ. විශේෂයෙන්ම මව්කිරි වල ද මෙම ග්ලුටමේට් රසායනිකය අඩංගු වන අතර එබැවින් ළදරු අවදියේ සිටම මෙම උමාමි රස අපි හදුනාගෙන ඇත.

# ස්වාභාවිකවම ග්ලුටමේට (Glutamate) අඩංගු ආහාර

තක්කාලි
අල වර්ග
හතු වර්ග
මාංශ
කිරි
චීස්
මිදි

නමුත් ඒවා ස්වාභාවිකව ආහාර වල අඩංගු වන්නෙ සුළු ප්‍රමාණ වලිනි.

# MSG හිතකර ද? අහිතකර ද?

MSG රහිත යැයි සදහන් සමහර ආහාර වලට ඒවායේ රසය ලබාගන්න එකතු කරන තක්කාලි සෝස, සෝයා සෝස්, ආදී දේවල් වලින් ඉබේටම MSG ලැබෙන අතර මාමයිට් වර්ග වලද MSG අඩංගු වේ.එහෙමනම් අපිට මේ කිසිම ආහාරයක් නොගෙන ඉන්න වෙයි ද?
සැබැවින්ම MSG අහිතකර ද? සත්‍ය ලෙසටම මෙහි ගැටලුව ඇත්තේ ගුණාත්මකභාවය පිලිබද නොව, අප ගන්නා ප්‍රමාණය පිලිබදවයි.

# MSG සහ ලුණු

MSG හි අඩංගු වන සෝඩියම් ලවණය දෙනිකව 2.3g කට වඩා ආහාරයට ගැනීමෙන් සෞඛ්‍ය ගැටලු ඇතිකරන බව වෙද්‍යවරුන් විසින් පෙන්වාදී ඇත. MSG සහ ලුණුවල අණුක ස්කන්ධය හා රසායනික සූත්‍ර වලට අනුව, ලුණු සහ MSG හි සමාන ස්කන්ධය සලකා බැලීමේදී ලුණුවල MSG මෙන් තුන්ගුණයක සෝඩියම් අන්තර්ගත වේ. එමගින් පැහැදිලි වන්නේ MSG වලට වඩා ලුණු භාවිතයේදී අප සැලකිලිමත් වියයුතු බවයි.

# MSG අධික ලෙස පරිභෝජනය නිසා ඇතිවිය හැකි තත්වයන්

අධික පිපාසය
අධික ලෙස දහඩිය පිටවීම
පපුවේ වේදනාව
මාංශපේෂි වල වේදනාව
උරහිස සහ ගෙල ආශ්‍රිත හිරි ගතිය
නිදිමත ගතිය

# තවද, MSG අධික පරිභෝජනයෙන් ශරීරයේ මේද තැන්පත් වීම ඉහළ යා හැකි අතර දියවැඩියාව, අධිරුධිර පීඩනය, කොලෙස්ටරෝල් වැනි රෝගාබාධ උත්සන්න වීමක්ද සිදුවිය හැක.
"Food and drugs administration" නම් සෞඛ්‍ය නියාමන සංවිධානය විසින් සදහන් කර ඇත්තේ " මෙම රසායනිකයේ බලපෑම ඍජුවම මිනිසා රෝගියකු කිරීමට දායක නොවුනත්, රෝගී මිනිසෙකුගේ රෝග උත්සන්න කිරීමට හේතු වන බවයි. මේ නිසා කලින් කී ලක්ෂණ තියනවා නම් ඒ ආහාර කන එක වහාම නවත්වන්න..

MSG නොව කිසිදු රසකාරකයක් අවශ්‍ය ප්‍රමාණයට වඩා ශරීරගත වීම සැබැවින්ම නුසුදුසුය.කෙසේ නමුත් ක්ෂණික ආශ්වාදයක් සදහා තමන්ගේ දිව පිනවීමට MSG සහිත කොත්තු,ෆ්‍රයිඩ් රයිස්,නූඩ්ල්ස් වැනි අහාර නිතර පරිභෝජනය කිරීමට පෙර දෙවරක් සිතන්න. ලංකාවේ හොදම කුලු බඩු තියෙනකොට ඇයි අපි ආයුෂ අඩු කරන රසකාරක කන්නේ?..

උපුටාගත්තකි.. ( තව කෙනෙක් දැනුවත් කරන්න අමතක කරන්නෙපා..)

Medihub.lk

www.medihub.lk

18/04/2023

නිතරම පොසිටිව් වයිබ්ස් දෙන, අනුන්ගෙ ඕපාදූප ගැන කෙයාර් නොකරන, තමන් වෙනුවෙන් මහන්සි වෙන ගමන් ලෝකයත් ලස්සන කරන්න උත්සාහ කරන මිනිස්සු ඔයාගෙ වටේ ඉන්නවා කියන්නෙ ඔයාගෙ ජීවිතේ හරි ලස්සනයි කියන එක.

නෙගටිව් වයිබ්ස් වලින් පිරුණු හෝ ටොක්සික් ගතිය වැඩි මිනිස්සු නිතර ඇහැට කනට නොගැටෙන එක අපේ මානසික සෞඛ්‍යයට සෑහෙන හොඳයි. ඉන'ර් සර්කල් එකේ තියාගන්න වගේම ෆේස්බුක් ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ තියාගන්න පවා අපේ වයිබ්ස් වලට ගැළපෙන මිනිස්සු තෝරාගැනීම අත්‍යාවශ්‍ය වෙන්නෙ ඒ නිසයි.

වයස් සීමාවක් නැතුව ඉගෙන ගන්න, සිංදුවක්-පොතක්-ෆිල්ම් එකක් ගැන සංවාද කරන, කනට ඇහෙන ඕපදූපයක වුණත් දෙපැත්තක් තියෙනවා කියලා විශ්වාස කරන, නිතරම හොඳ වයිබ්ස් වලින් ඔලුව පුරවන මිනිස්සු ටිකක් ජීවිතේ අහළ පහළින් තියාගන්න.

වැඩියෙ නොහිතුවා වුණාට, වටපිටාවෙ ඉන්න මිනිස්සු අපේ මූඩ් එකට, අපේ සිතිවිලි වලට, කොටින්ම කිව්වොත් අපේ ජීවිතයට, ඉතා විශාල බලපෑමක් කරනවා...!

ඒ නිසා, ලස්සනට ජීවත් වෙන්න නම්, ලස්සන මිනිස්සුන්ව ළඟින් තියාගන්න..!! 💜️

✍️ Purple Vibes by Mekala

Medihub.lk

www.medihub.lk

Want your practice to be the top-listed Clinic in Colombo?
Click here to claim your Sponsored Listing.

Medihub.lk

Making Online Medicine Ordering Simple and Easy

Gone are the days when we had to drag ourselves to a drugstore during our sickness. With the advent of the internet, even the medical world in Sri Lanka has seen tremendous changes. This has enabled patients to do online medicine shopping right from the comfort of their homes.

Medihub.lk understands this and strives harder to make online medicine ordering easier and simpler for you. We make this happen by making a wide variety of medicines available in our online medicine store that can be ordered in a few easy steps.

Once you place an order, you will get your medicine delivered, right on time, at your doorstep by our dedicated delivery person.

Videos (show all)

ලෝකෙ ඉස්තරම්ම පානය ලංකාවේ...මම ඉස්පිරිතාලෙ ඇඩ්මිට් වෙළා ඉන්න කොට ඉන්දියාවෙ දොස්තර කෙනෙක් මගේ ලෙඩ පරීක්ෂණය කරල මගේ රට කොහ...

Category

Telephone

Address


Maharagama
Colombo

Other Pharmaceuticals in Colombo (show all)
Hemas Pharmaceuticals Hemas Pharmaceuticals
Hemas Pharmaceuticals
Colombo, 00300

Making healthful living happen! #GrowwithHemas

Quickmed.lk Quickmed.lk
41, Hampden Lane, Colombo 06
Colombo, 07000

Quickmed.lk is the leading health & wellness online platform, that delivers all your healthcare need

HealthyPharma HealthyPharma
Colombo, 11600

Mask wearing has now become part and parcel of life, We deliver #disposable face #masks to your doorstep. 3 Ply Face Tissue Disposable Surgical Dust Mask KN95 Face mask with filte...

Herbal and Indigenous medicines cov id 19 Herbal and Indigenous medicines cov id 19
511, E, R. A. FERNANDO MAWATHA, KELANIYA
Colombo, 11600

This herbal remedy use to treat or prevent the cold, viral fever, body pain, boost immunity

NetMeds.lk NetMeds.lk
No. 4/3, Sri Mahinda Dharma Mawatha
Colombo, 00900

NetMeds is on a journey to assist you on your quest for wellness and longevity for a healthy lifesty

Dr.Health Dr.Health
Colombo
Colombo

Contain the wisdom of experienced people, who realized that nothing could be achieved without health.

Family guard Pharmacy Family guard Pharmacy
1196/2A, VIDYALA Junction. KOTTAWA
Colombo, 10230

An exceptional pharma, wellness & beauty solutions to the customer and the community.

Dr Reddy's Sri Lanka Dr Reddy's Sri Lanka
No 60, Maligawatta Road, Colombo 10
Colombo, 00800

Good Health Can't Wait

Sun Pharma Sri Lanka Sun Pharma Sri Lanka
60, Maligawatta Road
Colombo, 01000

Sun Pharmaceutical is a global specialty pharmaceutical company having its headquarters in Mumbai, India. Our mission is to provide high-quality and innovative medicines to people ...

Ovulation strip - මව් පදවියට වරම්. Ovulation strip - මව් පදවියට වරම්.
Colombo, 01

ඔබේ නිවැරදිම සරුකාලය (ඩිම්බයක් පිටවන

M I Adamjee & Sons Private Limited M I Adamjee & Sons Private Limited
122-124, Galle Road, Bambalapitiya
Colombo, 00400

M. I. Adamjee & Sons, a Pharmaceutical company was established in 2007. The company is in the wholesa

Sri Lanka Pharmaceutical Manufacturers' Association Sri Lanka Pharmaceutical Manufacturers' Association
No. 50, Navam Mawatha
Colombo, 00200

SLPMA is an organization of private pharmaceutical companies that have manufactured high quality essential medicines locally, for over 60 years. Our membership supplies pharmaceuti...