Mirror Of The Soul - ආත්මයේ කැඩපත
�� ~ Mirror Of The Soul ~ ��
May all beings be healed by the dhamma.
සුමධුර ධර්ම දේශනාව.. | ශ්‍රී දළදා මාළිගාව, නුවර..
👉 දිනය - ඔක්තෝම්බර් මස 27 වැනි සිකුරාදා දින..
🕰 වේලාව - සවස 5.00 ට..
📍 ස්ථානය - ශ්‍රී දළදා මාළිගාවේ නාථ දේවාල භූමියේදී..
ධර්ම ශ්‍රවණාභිලාශී පින්වත් ඔබ සැමට ආරාධනා...
👇ඉදිරියේදී පැවැත්වෙන ධර්ම දේශනා පිළිබඳ විස්තර
https://www.sujathaputhra.lk/events
මේ ජිවිතයේ අපට ලැබුණ කය ඇතුළු සියල්ල වෙනස්විම නිසා අනිවාර්යයෙන් ම පිරිහෙනවා. නමුත් අප අවබෝධ කරගත් ධර්මය සහ වැඩූ ප්‍රඥාව කිසිදා පිරිහෙන්නේ නැහැ.
-RSK-
කවදාවත් අනුන් මවන ලෝකයක් තමන්ගේ කරගන්න එපා.
මොකද, ඒ ලෝකය තමන්ගේ නොවන නිසා..
අද මගේ කියල මං ළඟ තියන් ඉන්න දේවල් හෙට වෙන කෙනෙක්ගේ වෙන්න පුලුවන්.
අද මගේ ළඟ ඉන්න කෙනෙක් හෙට වෙන කෙනෙක් ළඟ නන්නාඳුනන ලෙස ඉන්න පුලුවන්.
ඒ තරම් මේ සිත වෙනස් වෙනවා. හිතාගන්නවත් බැරි විදිහට.
RSK
*වෙනස් වන බව දැක වර්තමානයේ ජීවත් වෙමු.*
වර්තමානයේ ඔබෙත් මගේත් දෑසට පෙනෙන සියළු දේ ඇසිපිය ගසන ක්ෂණයක් පාස වෙනස් වනවා. එයයි යථාර්ථය. අද රාත්‍රියේ නිදාගන්න ඔබ අප නොවෙයි හෙට උදෑසන අවදි වන්නෙ. ගස්,ගල්,ඉර,හද, සතා සිවුපාවා, කාළගුණය, දේශගුණය ආදී මේ සියල්ල වෙනස් වෙනවා.
මිනිස්සු උස යනවා, මහත් වෙනවා, කෙට්ටු වෙනවා, ලෙඩ වෙනවා, වයසට යනවා.. ඉතින් මිනිස් සිත ගැන කවර කතාද. මොහොතින් මොහොත සිතුවිලිත් වෙනස් වෙනවා. මෙයයි ලෝකයේ ස්වභාවය. වෙනස් නොවන හැඟීමක්, බැඳීමක් කිසිදාක ඇති විය නොහැක.
ස්වභාව ධර්මයේ යථා ස්වභාවය අවබෝධ කරගත් ප්‍රඥාවන්තයන් කිසිදා වර්ථමාන මොහොතේ හැඟීම්වලට යටත් නොවේ. වහල් නොවේ. ඔවුන් වර්තමානයට නොඇලෙයි. පවතින වර්තමානයේ කාරණා අනුව බලපොරොත්තු තබන්නන් ද නොවේ..
මේ ලෝකය වේගයෙන් ජරාව, මරණය කරා අපව මෙහෙයවනවා. එයින් නම් මිදිමට කිසිදු ජගතෙකු හැකියාවක් නැත. හම රැලි වැටීම, මහළු වීම ලෝකයෙන් සැඟවූවත් මහළු වීම මරණය වයස යාම යනාදී ලෝක ධර්මතා කිසිවෙකුටත් නවත්වන්න බෑ. කැමැත්තෙන් හෝ අකමැත්තෙන් එයට මුහුණ දියයුතුමයි. උපරිම වසර 60ක් වු අවමය මීළඟ තප්පරය වු මේ ජිවතයේ කුමක් කෙරෙහි බැඳෙන්නද. නමුත් ප්‍රඥාවන්තයා මේ සියල්ල දැක, සංසාරික රැකවරණය උදෙසා වැඩිය යුතු තැනට තම සිත මෙහෙයවයි....
~RSK~
Mirror Of The Soul - ආත්මයේ කැඩපත
සැබැ නිදස ලැබෙන්නේ ඔබව ඔබවිසින් හදුනා ගත් පසුවයි.
න ගාමධම්මො නිගමස්ස ධම්මො, න චාපියං එකකුලස්ස ධම්මො
සබ්බස්ස ලොකස්ස සදෙවකස්ස, එසෙව ධම්මො යදිදං අනිච්චතා
යම් මේ අනිත්‍යතාවයක් වේ නම් (එය) එක ගමකට පමණක් හිමි ධර්මයක් නොවේ. නියම් ගමකට පමණක් හිමි ධර්මයක්ද නොවේ. දෙවියන් සහිතවූ සකල ලෝකයටම (හිමි) මෙම (අනිත්‍ය) ධර්මයමැයි.
- කිසාගෝතමී ථේරී අපදානය -
මෙය නොදන්නා පුද්ගලයින් ලෝකයේ පැටලෙමින් තව තවත් තමා කැමති දෑ රැස් කරන්නට වෙහෙසෙති. දිගින් දිගට ම අනිත්‍ය ධර්මතාවයට මුහුණ දුන් නමුදු එහි ආදීනවය දකිනුයේ බොහෝ පසු වීය. එය ප්‍රකටව දැනෙන කල බොහෝ දෙන ප්‍රමාද වී හමාරය. අවසානයේ ඉතිරි වනුයේ අතහැරුණු සිහින රාශියක් පමණකි.
මේ ටංගෝනි ස්ටෑන්ඩප් කොමඩියක් කරගන්න කොමඩියක් වෙන හැටි දැක්කම තමයි හිනායන්නෙ. දෙයක් කියන්න කලින් ඒ දේගැන තමන් හරියටම දන්නවද කියල මුලින් දැනගන්න ඕනෙ නැත්තං වෙන්නෙ තමන්ගෙ චූටි මොලේ ගැන පිට මිනිස්සු දැනගන්නව. ඒ නිසා ඔක්කොටම කලින් "ආර්‍ය ශ්‍රාවක" කියන්නෙ කවුද කියල මුලින් හොයාගන්න. ආමි සාධුට කන්ෆුයුශන් කියල ටංගෝනි හිතුවට ආමි සාධු පාවිච්චිකරල තියෙන්නෙ හරිම වචනෙ" ආර්‍ය ශ්‍රාවක" කියල. ඔන්න ආමි සාධු කිව්වෙ නෑනෙ චීවරධාරීන්ට වරදින්නෙන්නෑ කියල. ටංගෝනි මෙතන ඊයෑව් ඊයෑව් සවුන්ඩ් එකක් දාල කට්ටිය හිනස්සල එකපාරට කැලණි නාගය මතක් කරල කියනව එතන හිටියෙත් ආර්‍ය ශ්‍රාවක කියල. දැන් ටංගෝනිගෙ විහිලුවලට හිනායන එවුන් කියාගෙන ඒවි අඤේ කොමඩියක් කියන්නෙ හිනාවෙලා අමචක කරන එකක් නේහ්හ් මෙන්න ටිපර් වෙලා කියල. එහෙම අයට කියන්න තියෙන්නෙ එහෙනං මෙහෙම විහිලුවක් කරල හිනාවෙමු ....ඔය ඕඩියන්ස් එකේ කෙනෙක්ගේ හරි ටංගෝනිගෙම අම්මව විහිලුවට ගන්නව කියමු.. එතකොටත් ඒකට හිනාවෙලා නිකන් ඉන්නවද? අනේ මෙහ්හ් පලයල්ල බන්ග් යන්න...උබලගේ ලොජික්....උබලගේ දෙයක් ව්වෙචනයෙදි රෙදි උස්සන් එන්නේ...අම්මට වඩා සුරකින නිරමල බුදු සසුන රකින්න වෙර දරන ස්වමින්වහන්සේ කෙනෙක් දෙයක් කිවම එක උබලට විහිලුවක්...උබලගේ ඔලුවෙ තියෙන්නේ මැටිද කියලා බලපල්ලා... ටංගෝනි ඔය හදන්නෙ ස්ටෑන්ඩප් කමීඩියන් කෙනෙක් වෙලා ලොකු ඕඩියන්ස් එකක් හදාගෙන සල්ලි හම්බකරන්න නේ. කොටින්ම කාල ඇඳල ඉන්න ටංගෝනි තෝරගෙන තියෙන්නෙ දැන් ළඟදි ඉඳල wrong generation එකේ ජනප්‍රියම ටොපික් එක සිංහල බෞද්ධ කමට ගැරහීම. ඕකට ඕඩියන්ස් එකේ විසිල් වදිනව කියල දන්න නිසා ටංගෝනිත් බඩගෝස්තරේට ඒකම තෝරගන්නව. ඊයා, ටංගෝනී ගෝ ඇන්ඩ් ඩූ යො රිසර්ච් බිෆො යු ටෝක්....අනේ මන්ද ඉතින් මේ නිව් ජෙනරෙශන් කියා ගන්න සුකිරි බඩ්ල්ලොන්ට මේ වගේ හිස් කුනු කරත්තනේහ්හ් ව්රයෝ...බොට්ටුවෙන් හරි යමල්ල බන්ග් පිට රටකට..දුක මේ රට ගැන සහ ස්වල්පයක් හරි ඉන්න අහිංසක මිනිස්සුන් ගැන..😢
මහණෙනි, තොපට අන්‍යයෝ කල්හි හෝ නොකල්හි හෝ කියන්නාහුද, මහණෙනි, තොපට අන්‍යයෝ සත්‍යයෙන් හෝ අසත්‍යයෙන් හෝ කියන්නාහුද මහණෙනි, තොපට අන්‍යයෝ මෘදුව හෝ රළුව හෝ කියන්නාහුද මහණෙනි, අන්‍යයෝ තොපට අර්ථ සහිතව හෝ අනර්ථ සහිතව හෝ කියන්නාහුද, මහණෙනි, තොපට අන්‍යයෝ මෛත්‍රී සිත් ඇතිව හෝ කිපි සිත් ඇතිව හෝ කියන්නාහුද, එහි තොප විසින් මෙසේ හික්මිය යුතුයි. ‘අපගේ සිත නොපෙරළේවා, ලාමක වචන නොකියන්නෙමු අනුකම්පාවෙන් යුක්තව මෛත්‍රී සහගත සිත් ඇතිව නොකිපි සිත් ඇතිව වාසය කරන්නෙමු. ඒ පුද්ගලයා කෙරෙහි මෛත්‍රී සිත පතුරුවා වාසය කරන්නෙමු. මුළු ලෝකයම ඒ මෛත්‍රී චිත්තයාගේ අරමුණකොට මහත්වූ මහත් බවට ගියාවූ අප්‍රමාණවූ වෛර නැත්තාවූ ද්වේෂ නැත්තාවූ මෛත්‍රී සහගත සිතින් යුක්තව වාසය කරන්නෙමු’යි මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතුය.
“මහණෙනි, පහත් ක්‍රියා කරන්නාවූ සොරු දෙපස දඬු ඇති කියතකින් ශරීර අවයව කපන්නාහුද යමෙක් ඒ සිය සිරුර කපන සොරුන් කෙරෙහිද හිත දූෂ්‍ය කරගනී නම් එයින් හෙතෙම මාගේ අවවාදයට අනුව පිළිපදින්නෙක් නොවෙයි. මහණෙනි, එහිදු මෙසේ හික්මිය යුතුයි. ‘අපගේ සිත නොපෙරළේවා, ලාමකවූ වචනද නොකියන්නෙමු, හිතානුකම්පා ඇතිව මෛත්‍රී සිත් ඇතිව ඇතුළත තරහ නැතිව වාසය කරන්නෙමු. ඒ පුද්ගලයා කෙරෙහිද මෛත්‍රී සහගත සිත පතුරුවා වාසය කරන්නෙමු. මුළුලෝකයද ඒ මෛත්‍රී සහගත සිතේ අරමුණ කොට විපුලවූ මහද්ගතවූ අප්‍රමාණවූ අවෛරවූ නිදුක්වූ මෛත්‍රී සහගත සිතින් පතුරුවා වාසය කරන්නෙමු’යි (හික්මිය යුතුයි.) මහණෙනි, මෙසේ වනාහි තොප විසින් හික්මිය යුතුයි.
ලෝකය ගත් කල එහි ඇති ස්වභාවයන් විවිධය. ආද්‍යාත්මයත් එසේමය. මෙම වචනයට විවිධ අයුරින් අර්ථකථන ඇත. සමහර එවා ආගමිකව, මතවාදීව, විශයානු බද්ධව සහ දර්ශනවාදී ආදි විවිධ පථ ඔස්සේ ආද්‍යාත්මය යනු කුමක්ද යන වග අර්ථකථනය කර ඇත.
අප කුමන ආකාරයකට අද්‍යාත්මය සොයා ගියද, අපට හමුවන්නේ අප තෝරාගන්නා මාර්ගයේ උච්චතම අවස්ථාවයි. එය හැර අන් කිසිවක් නන් හමු නොවේ...
රාවනාගේ හෙළ තාක්ෂණය, කුණ්ඩලින භාවනා ක්‍රම, චක්‍ර අවධිකිරීම් , තායි චී, ආදි විවිධ මානයන්ගේ පිරුණු විශය පරාස ගෙන එය සත්‍යයි සීතා, ආද්‍යාත්මයක් මිනිසුන් සොයති. එවැනි සංකල්පවල සත්‍ය අසත්‍යය පසක තබා යථාර්ථයට මුහුන දෙමින් පිළිගත හැකි, අත් දැකිය හැකි මාර්ග ඔස්සේ ආද්‍යාත්මය සොයමු.
මෙය කියවන ඔබ බෞද්ධයෙක් හෝ බුදුරජානන්වහන්සේ දෙසු ධර්මයට පැහැදුනු අයෙක් වේනන්. මෙම ලිපිය ඔබටයි.
*සැබැම වු අද්‍යාත්මය සොයායන්න සැරසෙමු*
සැබැම ආද්‍යාත්මය අවශ්‍යනන් පළමුවෙන්ම ඔබෙත් මගෙත් ශාස්තෘන් වහන්සේ වු ගෞතම බුදුරජානන්වහන්සේව විශ්වාස කර යුතුම වෙනවා.. එය නම්, " යම් කෙනෙක් ධර්මය පිළිබදින භාග්‍යවතුන් වහන්සේ පෙන්වු මාර්ගයේ ගමන්කරන සත්පුරුෂයන්ට තම තමන්ගේ ප්‍රතිඵල අත්විදිය හැක." එසේනම් බුද්ධවචනය විශ්වාස කර ඒ ඉගැන්විම ඔස්සේ ගමන් කර යුතුයි . යම් ආද්‍යාත්මික සුවයක් අවශ්‍යනන් අනිවරේන්ම බුද්ධ වචනය විශ්වාස කර ඒ කැපකිරිම කල යුතුයි. එසේ කරන පුද්ගලයාට නිසැකව සෙයු ආද්‍යාත්මයේ ප්‍රතිඵල නියතයි. එය අත් දුටුයි , ප්‍රත්‍යක්ෂයි. බුද්ධ වචන කිසිදා ව්‍යක්ත වන්නේ නැත.
බුදු දහමට අනුව ලෞකික සහ ලෝකොත්තර අද්‍යාත්මයක් ගැන සදහන් කර හැක.
වර්තමානයේ පවතින භාග්‍යවතුන් වහන්සේගේ ඉගැන්වීමට පටහැනි විවිධ ආධ්‍යාත්මික සුව පිළිබඳව විවිධ මතවාද ඇත. මීවනපලාන, රාවණා, මගඵල පිළිබඳව ප්‍රසිද්ධියේ පවසන විවිධ ආයතන ආදී දේවල් නිසා මේ පිළිබඳ කතිකාවක් ඇති ඇතිවී ඇත.
බෞද්ධ අධ්‍යයනයට අනුව,වර්තමානයේ පවතින විවිධ මතවාද වලට සංසන්දනාත්මකව පිළිතුරක් ලබාගත හැකි ලබා ගත හැකි සරල ක්‍රමයක් වේ. එය නම් ලෞකික ගමන් මග ඔස්සේ යා හැකි උපරිම මට්ටම කරා ළඟා වීමයි.
භාග්‍යවතුන් වහන්සේ දේශනා කර විශේෂ ධර්මයෙන් එහෙම නැතිනම් අභිධර්මය යම්තාක් හෝ පරිශීලනය කිරීම ඔස්සේ අපේ සිත හැසිරෙන ආකාරය සහ සිතුවිලි හටගන්නා ආකාරය පිළිබඳව යම් මට්ටමකට සිද්ධාන්ත වශයෙන් අවබෝධයක් ලබාගත හැක එය ආධ්‍යාත්මික ගමනට නිසැකවම පිළිසරණක් වෙනවමයි.
ලෞකික ගමන් මග ඔස්සේ යන අයකුට උත්තරීතර මනුෂ්‍ය ධර්ම එහෙම නැතිනම් ධ්‍යාන ලාභියෙක් වීමෙන් ආධ්‍යාත්මය පිළිබඳව මූලික අඩිතාලම තැබිය හැක.
ඔබ සියලු දෙනාට යෝජනා කරනවා , රාවණා, කුන්ඩලීන, යෝගා ආදී විවිධ මිත්‍යා මිථ්‍යා මතවාද ඔස්සේ යාමට පෙර බුදුන් වහන්සේ දේශනා කරපු ලෞකික ආධ්‍යාත්මික මාර්ගයේ ගමන් කර නිසැක ප්‍රතිඵල ගත හැකි ද යැයි ද යැයි විමසා බලන්න. එම අධ්‍යයනය පසු ඔබටම වැටහේවි සත්‍ය කුමක්ද අසත්‍ය කුමක්ද යන වග. ආධ්‍යාත්මයට නිවැරදිම අර්ථකථනය ඇත්තේ භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරනු ලැබූ මේ ධර්මය තුළ ය.
එනම් ඒ සතර මග ඵලයි. තමා තාමාවම අද්‍යනය කිරිමයි. ඒ සදහා ගන්නා පිවරයන් ඒ ආද්‍යාත්මයේ මාර්ගයයි.🙏
ඊට අමතරව ලෞකික මාර්ගය ඔස්සේ ඔබට යමක් අවශ්‍ය නම් විශුද්ධි මාර්ගය ආදී පොත් පරිශීලනය කිරීමෙන් ලෞකික ආධ්‍යාත්මය කෙතරම් ප්‍රබල ලෙස සහ කෙතරම් දුරකට ඔබ වෙත ලඟාකර ගැනීමට හැකිදැයි ගුරු ඇසුරක් ඔස්සේ ඔබටම තීරණය කරගත හැක.
එවැනි පරිණත අධ්‍යනයකින් අනතුරුව ඔබටම වැටහේවි අනෙක් මිත්‍යා ඉගැන්විම් විහිලුවක් බව.
මෙය කියවන ඔබට අවසාන වශයෙන් යෝජනා කරන්නේ මෙතරම් පැහැදිලි ආධ්‍යාත්මික දියුණුවක් පිළිබඳව ලිඛිත සටහන් තිබියදී, ඒ සඳහා ගුරු ඇසුරක් සොයාගත හැකි කලකදී, ඔබේ ප්‍රතිඵල වෙනුවෙන් දැන්ම උත්සුක වන්න.
ඔබ සැමට සත්‍ය අවබෝධ වේවා.
~RSK ~
සිත විරූප බවට පත් කරණුයේ වෛරය යි. "විරූපෙන අරති ගච්ඡතීති " යන අර්‍ත්‍ථසමර්‍ත්‍ථනයෙන් ඒ පැහැදිලිය. ඇස් කන් නාස් ආදී වූ ස වැදෑරුම් දොරටු අතුරෙහි යම් කිසි දොරටුවකට සිත් නො ගන්නා යම්කිසි රූප ශබ්දාදී වූ අරමුණක් හමු වූ විට සිතෙහි හටගන්නා වෙනස් බව, රළුබව, අරමුණ හා සිතෙහි ගැටීම වෛරය යි. මෙය ඉපැදෙනුයේ අරමුණ, සිත හා එකට ගැටීමෙනි. වෛරය මුල් කොට සිත් දෙකක් උපදී. ඒ දෙක දොළොස් වැදෑරුම් අකුසල්සිත්වලට ඇතුළත් ය.
https://pitaka.lk/dhammapada/ss/katha-3.html
යමෙක් බුදුන් සරණ ගියේ වේ ද,
දහම් සරණ ගියේ වේ ද,
මහා සංඝයා සරණ ගියේ වේද,
එපමණින් හෙතෙම උපාසකයෙක් වන්නේ ය. උපාසක යන වචනයේ තේරුම බුද්ධ, ධර්ම සහ සංඝ යන රත්නත්‍රය කරා එළඹෙන, රත්නත්‍රය ඇසුරු කරන තැනැත්තා යන්නයි.
යම් දිනක මේ ශාසනය රකින්නේ උපාසකයන් විසින්මයි. තිසරණයෙහි යම් කෙනෙක් නිවරදි ව පිහිටියහොත් අන් කිසිම සරණක් නොපතයි.
වර්තමානයේ විවිධ රැලි දක්නට ලැබෙනවා. රාවනා රැල්ල, යකඛ පුත්තු, නාග වංශය ඔය ආදී වශයෙන් නොයෙක් විවිධ මතවාද දරනවා. නමුත් ඒ කිසිවක් මේ ශාසනයේ දෙවල් නොවෙයි.
එකල මේ කල්පයේ බිහි වු පිරිසිදු ම වංශය වු ශාක්‍ය වංශිකයා පවා දෙවරක් නොසිතා තමන්ගෙ වංශය බුද්ධ වංශය යැයි කියු ශාසනයක, වර්තමානය වනවිට හෙළ වංශය, යක්ඛ වංශය ලෙසින් ලෙබල්
ගසන සමාජයක් බිහිව ඇත.
බුද්ධ ශාසනයක සැබෑ ආරක්ෂකයා යනු කවරෙක් ද?
බොහෝ අය දෙවියන් විසින් මෙය රකීවි යැයි බලා සිටි. දෙවියන්ට යක්ෂයන්ට පුද පූජා තබමින් මෙය රැකදෙන්න යැයි අයැදී. දෙවියන්ගේ බ්‍රහ්මයන්ගේ බැල්ම සහ රැකවරණ ඉතාමත් සියුම් කාරනාවන්.
ඔවුන්ගේ රැකවරණය මෙවැනි පුංචි දෙවල් වලට ලැබෙන්නේ නැ.
ඒ සඳහා දිවිහිමියෙන් ශාසනය වෙනුවෙන් කැපවූ සිල්වත් ගුණවත් උත්තරීතර මනුශ්‍ය ධර්ම වැඩුනු පිරිසකට මිස අන් පිරිසකට දෙවියන්ගේ රැකවරණයක් මෙකලනම්
නොලැබේ. එසේ දෙවියන්ගේ රැකවරණයක් ලැබේනම් ආරක්ෂාවක් ලැබේනම් මෙතරම් ශාසන පරිහානියක් වෙන තුරු බලා සිටීවිද.
මේ ශාසනයේ සැබෑ ආරක්ෂකයෙක් වෙන්නේ බුදුරජාණන් වහන්සේ විශ්වාස කරපු සැබෑම වූ බුදු පුතුන් වහන්සේලා සහ ගිහි ශ්‍රාවක පිරිසයි.
භාග්‍යවතුන් වහන්සේ නමක් කල්ප ලක්ෂ ගණනාවක්
පාරමි දම් පුරා අවබෝධ කරගත් ධර්මය රැකගෙන, තවත් අහිංසක අනාගතයේ උපදින්න ඉන්න පිං ඇති පිරිස වෙනුවෙන් සහ මේ ශාසනයෙන් සසර දුක කෙලවර කරගන්න පිං ඇති
අය වෙනුවෙන් කරන කැප කිරීමයි නිවරදි ශාසන ආරක්ෂකයාගේ අරමුණ විය යුත්තේ.
භාග්‍යවතුන් වහන්සේගේ දර්ශනය ඔස්සේ ගමන් කරන කෙනෙක්ට සමථ, විපස්සනා මාර්ග ඔස්සේ මේ ශාසනයේ සැබෑම වූ එමෙන් ම ලෝකයේ යතාර්ථය අවබෝධය කරා ගමන් කිරීමට
හැකියාව ලැබෙනවා. මෙම මාර්ගයේ ගමන් කරපු යතාර්ථ අවබෝධය දැක දැක තමන්ගේ නිවන පසෙකලා, මේ ශාසනයේ ඵල නෙලා ගැනීමට සහ තමන්ගේ සසර ගමන නිවරදි කර ගැනීමට
පිං ඇති අය වෙනුවෙන් තමන්ගේ නිවන කැප කරන ලද අයෙකුට පමණයි මෙම ශාසනය රැකිය හැක්කේ. එලෙස ම යම්තාක් හා ධර්මයෙන් හික්මුනු එයින් ප්‍රතිඵල ලබාගත් මෙහි සත්‍යක් ඇති බව (අන්ත්‍ය ,දුක්ඛ ,අනාත්ම ආදි) තේරුම්ගත් අයද එයට සහයෝගය දෙයි. මෙවන් අය කිසිදු විටක රාවනා, දෙවියො යක්ෂයෝ , හෙළ ජාතිය ආදී වශ්නයෙන් ලේබල් ශාසනික කටයුතු සඳහා යොදා නොගනී.
ලෞකියයෙකු ලෙස සහ ලෝකෝත්තර වශයෙන් උපරිම ඵල නෙලා ගැනීම පැහැදිලි ව දක්වා ඇත්තේ මේ ධර්මය තුළ පමණි. ලෞකික සහ ලෝකොත්තර මාර්ග අධ්‍යාත්මය කරා ගෙන ගිය විට දැනේවි සියලු මිත්‍යා මත යනු මොනවද සහ දෙවියන්ගේ යක්ෂයන්ගේ සැබෑම රැකවරණය කුමක්ද වග. එසෙම රාවනා අදි අරෝපන වීරත්වයත් සසරක අසරන බව හොදින්ම තේරි යාවි.
මේ ශාසනය රැකිය යුත්තේ අපමයි ඒ මතු පරපුරක් උදෙසා මතු පරපුරක සංසාරික රැකවරණය උදෙසා ම පමණයි.
ඒ කාලයෙහි සැවැත්නුවර සත්කෙළක් පමණ මනුෂ්‍යයෝ ආර්‍ය්‍ය ශ්‍රාවකයෝ ය. දෙ කෙළක් පමණ මනුෂ්‍යයෝ පෘත්ග්ජනයෝ ය. ආර්‍ය්‍යශ්‍රාවකයෝ උදෑසන කාලයෙහි දන් දී සවස් කාලයෙහි බණ අසනු පිණිස සුවඳ මල් ගත් අත් ඇති ව ආහාර පාන වස්ත්‍රාභරණාදිය ද ගෙන්වා ගෙණ ජෙතවනමහාවිහාරයට යන්නාහ.
- යමක වර්ගය ඇසුරෙන් -
" එකල සමාජය කෙතරම් ගුණ ගරුක ඇති ද කෙතරම් පිංවන්ත ඇති ද"
එකම එක දවසකට
ඔබගේ එක කැම වේලක් අත හැර
අහිංසකයෙකුගෙ බඩ ගින්නක් නිවන්න.
විශ්වාස කරන්න
ඔබට ඒ ලැබෙන සතුටෙන්
ඔබගෙ සසරක බඩගිනි නිවේවි.
ගොඩක් අය අපට හමුවන්නෙ සසර ගනුදෙනු නිසා.
ඒ හමුවිමකින් සතුටක් හෝ වේදනාවක් ගෙන දෙනවනන් ,
ඒ සියල්ල අප සසරෙ කරගත් දේ නිසාමයි.
හමුවන කිසිදු කෙනෙකු දුකට පත් නොකරන්න,
ඔවුන්ට පුංචි හෝ සතුටක් ගෙනත් දෙන්න
එය සවියක් වෙවි ඔබේ සසර ගමනට.
RSK
නොපමවා ධර්මය නැමති කැඩපත ඉදිරියට යන්න ,
එවිට ඔබට නව අරමුණක් සහ නිවරදි මාවතක් පෙනෙවි.
RSK
සිගරට් බොනවද?බොන අයත් එක්ක ඉන්නවද?එහෙනං මේ ටිකත් අහලම ඉන්න | Gangodawila Soma Thero
"අත්තාහි අත්තනෝ නාථො' යන මේ ධර්මදේශනය ශාස්තෲන් වහන්සේ සැවත දෙව්රම් වෙහෙර වැඩසිටිය දී කුමාර කාශ්‍යප තෙරුන්ගේ මෑණියන් අරමුණු කරගෙන දේශනා කළහ.
ඇය රජගහනුවර සිටුදුවක්ව ඉපිද යමක් තේරුම් ගැනීමට හැකි තත්ත්වයට පැමිණි තැන් සිටම පැවිද්ද ඉල්ලා සිටියාය. මේ අතර ඇගේ දෙමාපියන් ඉදිරියේ නැවත නැවතද ඉල්ලා සිටියත් පැවිදිවීමට අවස්ථාව නොලැබුණි. වැඩිවියට පත්ව පතිකුලයට ගොස් සැමියාගේ නිවසේ පතිනිය වී වාසය කළාය. මේ අතර වැඩිකල් නොගොස්ම ඇගේ කුස තුළ දරුගැබක් පිහිටියේය. ඇය ගැබ පිහිටි බව නොදැන සැමියාගෙන් පැවිද්දට අවසර ඉල්ලීය. පැවිදිවීමට අවස්ථාව ලබාගත්තාය. එම සැමියා මහත් සත්කාරයෙන් භික්ෂුණී සංඝයා වෙත පමුණුවා නොදැනුවත්වම දෙව්දත් තෙරුන්ගේ පක්ෂයේ භික්ෂුණීන් වෙත පැවිදී කරවීය.
පසු අවස්ථාවක දී භික්ෂුණීහු ඇගේ ගර්භණීභාවය දැනගෙන, මේ කුමක් නිසා සිදුවීදැයි විමසා සිටියහ. ඇය ආර්යාවනි මම නොදනිමි මගේ සීලයට හානියක් නොවීයයි පැවසුවාය. අනෙක් භික්ෂුණීන් ඇය දෙව්දත් තෙරුන් වෙත ගෙනගොස් මේ භික්ෂුණිය ශ්‍රද්ධාවෙන් පැවිදි වූ තැනැත්තියකි. මැය ගැබිනියක බව දනිමු. එහෙත් කාලය නොදනිමු. දැන් කුමක් කරන්නදැයි විමසුහ. දෙව්දත් තෙරුන් මගේ අවවාදයේ පිහිටන භික්ෂුණීන්ට අපකීර්තියක් සිදුවේ යයි පවසා ඒ ගැන පමණක් සිතා ඇය උපැවිදි කරන්නැයි පැවසීය. එම තීරණය අසා මේ ගැබිණි භික්ෂුණීය ආර්යවනි මාව නොනසවයි ද මම දේවදත්ත වෙනුවෙන් පැවිදි නොවු නිසා බුදුන් වෙත දෙව්රමට ගෙන යන්නැයි ඉල්ලා සිටියාය. එම භික්‍ෂුණීහු ඇය සමග ගොස් දෙව්රම් වෙහෙරේ දී බුදුරදුන්ට දන්වා සිටියහ. බුදුරජාණන් වහන්සේ ඇය ගිහිව සිටියදී මේ ගර්භය පිහිටිබව දැන අන් අයගේ චෝදනාවෙන් ගලවා ගැනීම සඳහා - පසේ නදී කෝසල, අනාථ පිණ්ඩික සිටුතුමා සුළු අනේපිඬු සිටුතුමා, විසාඛා උපාසිකාව සහ අනෙක් බලවත් කුලවල අය ද කැඳවා උපාලි තෙරුන් ඇණවීය. යව මේ සිව් පිරිස මැඳ ඇය පිළිබඳව විනිශ්චයක් කොට ඇගේ පිරිසිදු බව සනාථ කරන්නැයි නියම කළහ. උපාලි තෙරුන්වහන්සේ කොසොල් රජු ඉදිරියේ විසාඛාව කැඳවා ඇයට ඇය පරීක්ෂා කිරීමට නියම කළහ. එතුමිය වටතිර ඇද ඇයව පරික්ෂා කරමින් අත්පා නැබ. උදරය ආදිය පරික්ෂාකර බලා දින මාස පිළිබඳව තීරණය කර ඇය ගිහිව සිටියදී ගැබ පිහිටිය එකක් බව තිරණය කර තෙරුන්ට ඇගේ නිරවද්‍ය බව පැවසුවාය. මෙහිදී අධිකරණ විනිශ්චය කළ තෙරුන් වහන්සේ විසින් පිරිස මැද ප්‍රකාශ කළහ. ඒ අනුව ඇගේ පවිත්‍රත්වය ප්‍රසිද්ධියට භාජනවුණි. අනතුරුව ඇය දරු ගැබ මුහුකුරා ගිය පසු පදුමුත්තර බුදුන් පාමුල කරන ලද ප්‍රාර්ථනය අනුව මහත් ආනුභාව ඇති පුතණු කෙනෙකුන් බිහි කළාය. ඉක්බිති එක් දිනක් කොසොල් රජු භික්ෂුණි ආරාමය අසලින් යද්දී දරුවකුගේ ශබ්දය අසා මේ ළදරු හඬ කුමක්දැයි විමසා දේවයන් වහන්ස ඒ භික්ෂුණියට දරුවෙක් ලැබුනේ යයි පැවසුවිට එම කුමරු රජු ගෙන ගොස් කිරිමවුවරුන්ට භාරකළේය. නම් තබන දින ඔහුට කස්සප යයි නම් තබා කුමාරයෙක් ලෙසට වැඩුන නිසා කුමාරකස්සප නමින් හැඳින්වුණි. ඔහු සෙල්ලම් කරනවිට අනෙක් ළමයින්ට පහරදුන් විට මව පියා නැති එකා අපට තැලුවේයි ඔවුන් කී කල්හී, ඔහු රජු වෙත එළඹ දේවයනි අනාථයයි කියා පවසති. එබැවින් මගේ මව කවුදැයි කියන්නැයි ඉල්ලා සිටියේය. කොසොල් රජු මේ ඔබේ මවුවරුන් යයි කිරිමවුවරු පෙන්වීය නැත දේවයනි මෙයින් එක් අයෙක් මගේ මව විය යුතුමය. එනිසා ඒ මගේ එකම මව කියන්නැයි පැවසුවිට මොහු රැවටීම අපහසුයයි සිතා දරුව ඔබේ මව භික්ෂුණියකි. මම මෙහෙණවරින් ඔබ රැගෙන ආවෙමියි පැවසුවේය. ඔහු එතෙනින්ම සංවේගයට පත්ව දේවයනි පියාණෙනි ! මා පැවිදි කරවන්නැයි ඉල්ලා සිටිය නිසා රජු දරුව ඉතා යහපතියි මහත් උත්සවයකින් ඒ කුමරු බුදුන් වෙත පැවිදි කරවීය. උපසම්පදාවද ලත් පසුව කුමාර කාශ්‍යප තෙරුන් යයි ප්‍රසිද්ධ විය. හේ බුදුන් වෙතින් කර්මස්ථාන ඉගෙන ආරඤ්ඤාවාසීව උත්සාහ කර අධිගම්‍යයක් ලබා ගැනීමට නොහැකිව නැවත කමටහන් ලබාගන්නෙමියි බුදුන්වෙත ගොස් අන්ධ වනයේ වාසය කළහ. අනතුරුව කාශ්‍යප බුද්ධ කාලයේදී එකට මහණ දම් පිරූ අනාගාමී ඵලයට පත්වු බඹලොව උපත ලද භික්ෂුවක් බඹලොවින් පැමිණ ප්‍රශ්න පහළොවක් විමසා මේ ප්‍රශ්න බුදුන්හැර වෙනත් කෙනෙකුට විසඳිය නොහැකියයි පවසා බුදුන් වෙත ගොස් ඉගෙන ගන්නැයි උනන්දු කළේය. ඔහු එලෙසම බුදුන් වෙත ගොස් ප්‍රශ්න විසදුම් අවසානයේ දී රහත්වුහ.
මේ කුමාර කාශ්‍යප තෙරුන් නික්මෙන දින සිට දොළොස් වසක් මව් භික්ෂුණියගේ නෙතින් කඳුලින් වැගුරුනි. ඇය පුතුගේ වියෝ දුකින් කඳුළු වැගුරුන මුහුණින් යුතුව පිඬුසිඟා වඩින්නී දිනක් පුතුදැක අතුරු පාරක පුත - පුත - යනුවෙන් අමතමින් යන්නී පය පැකිලී වැටුණාය. ඇගේ පියවුරුවලින් කිරි වැගිරෙමින්ම සෙනෙහසින් ගැළවුන සිවුරද අල්ලාගෙන දුවගොස් තෙරුන්ගේ අතින් අල්ලාගත්තේය. තෙරුන් වහන්සේ මෙලෙස සිතූහ. ඉදින් මම ඇය මිහිරි වචන නොදුනොත් ඇගේ සෙනෙහස වැනසේ. තදබවක් පෙන්වාම ඇය සමග කථාකරමියි සිතා මෙසේ පැවසුවේය. මොකද මේ කරන්නේ තවත් ස්නේහය නැතිකරගන්න බැරිවුණාද? යනුවෙන් තදින් විමසුවිට - අහෝ තෙරුන් මෙලෙස කථාකරයි. පුත කුමක් කියන්නේද? දෙවැනි වරද තෙරුන් දැඩිලෙසම කථා කළෙන් මව මේ ලෙස සිතුවාය. මම අවුරුදු දොළහක් මේ පුතු නිසා කඳුළු නොහෙලා සිටීමට නොහැකි වීමි. මොහු තද හදවත් ඇත්තෙකි. මට මොහුගෙන් කවර ප්‍රයෝජනයක්ද පුත්‍ර ප්‍රේමය සිඳදමා එදිනම රහත් වූවාය.
පසුකාලයක දී ධර්මසභාවේ දී කථාවක් ඇතිවුණි මේ දෙව්දත් තෙරුන් මෙපමණ උපනිශ්‍රය සම්පන්නවූ කුමාර කාශ්‍යප තෙරුන් හා මව නසා දමන ලදි. බුදුරජාණන් වහන්සේ ඔවුන්ට පිහිටවූහ. බුදුවරුනම් ලොවට අනුකම්පා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේ දභා මණ්ඩපයට වැඩමකරවා මහණෙනි මා එන්නට පළමු ඔබ කවර කථාවකින් සිටියේදැයි විමසුහ. මේ ප්‍රවෘත්තිය යයි පැවසුහ මහණෙනි දැන් පමණක් නොව මොවුන්ට මම පෙරද පිහිටවීමී.
නිග්‍රෝධ නම් මුවාවම ඇසුරු කරන්න. සේවනය කරන්න. සාබ මුවා වෙත නොයන්න. ඔහු සේවනය නොකරන්න. සාඛ මුවා සමීපයේ ජීවත්වීමට වඩා නිග්‍රෝධ මුවා ළඟ මරණය යහපත්ය.
මෙම නිග්‍රෝධ ජාතකය විස්තර වශයෙන් දේශනාකර එකල ශාඛාමිග දෙව්දත් විය. ඒ පිරිස දෙව්දත්ගේ පිරිසවිය. මරණයට වාරය පැමිණි මුවදෙන තෙරණියයි.
එදා මරණයට මුහුණ දී සිටි, මිග ධෙනුව කුමාර කාශ්‍යප මාතාවයි. ඇයට ජීවිතය ලබා දී මරණයට යොමු වු නිග්‍රෝධ මිග රාජයන් මම වෙමි.
ජාතකය සසඳා දරු සෙනහස සිඳි ථේරීය තමන්ට තමන්ම පිහිට බව ඔප්පු කළාය. මහණෙනි යමෙකුට ලොව් ලොව්තුරා සැප ලබා දීමට වෙනත් කෙනෙකුට පිහිට විය නොහැකි බවත්, තමන්ට පිහිට තමන්ම බවත් අන් අය විසින් කළ යුත්තක් නැති බවත් පෙන්වා මේ ගාථාව දෙසුහ.
තමන් හිසට තම අතමය සෙවනැල්ල
අනුන් බලා සිටියොත් වේ වැනසිල්ල
කළ හොත් මනා කොට සය ඉඳුරන් මෙල්ල
ලැබ ගත හැකිය ලොව්තුරු අම සැනසිල්ල
තත්ථ නාථො මෙහි නාථ - නම් පිහිටයි. තමන් විසින්ම අර්ථවත් කුසල් කර ස්වර්ගයට හෝ පැමිනෙන්නේ. මාර්ගයන් ලබන්නට හෝ ඵලයක් සාක්ෂාත් කරන්නට හෝ හැකිවන්නේය. එහෙයින් තමා මැ තමාට පිහිට වන්නේය. කෙසේ නම් වෙනත් අයකු පිහිට වන්නේද? නොවේමැය.
සුනෙත්න - මැනවින් දැමුන තැනැත්තා අරිහත් ඵලය නම් වූ දුල්ලභං නාථං -
ලභති - අරිහත් භාවය සදහා - නාථං ලභති දුල්ලභං යන්න කියන ලදී.
දෙසුම අවසන බොහෝ දෙන සෝවාන් ඵල ආදියට පත්වුහ.
ඒ ඒ භවයෙහි ස්කන්ධයන් පළමු කොට පහළ වීම නිසා ඇතිවන භයාකාර ද්වේෂය ‘ජාති භය’ නම් වේ. ස්කන්ධයන්ගේ දිරීම හේතු කොට භයාකාරයෙන් ඇති වන ද්වේෂය “ජරාභය” නම් වේ. මරණය හේතු කොට ගෙන භයාකාරයෙන් ඇති වන ද්වේෂය මරණ භය නම් වේ.
ඔත්තප්ප භය ඤාණභය ද්වේෂභය යි භය තුනක් ඇත්තේ ය. පවට බිය වන ස්වභාවය ඔත්තප්ප භය ය. එය ක්ලේශයක් නොව කුශලාව්‍යාකෘත දෙපක්ෂයට අයත් ධර්මයෙකි. විදර්ශනා වඩනා යෝගාවචරයන්ට විදර්ශනා ඥානය දියුණු වන කල්හි ස්වසන්තානයෙහි උපදින උපදින නාමරූප ධර්මයන් ඇසිපිය හෙළන තරම් කාලයකුදු නොපැවතී බිඳී යාම පෙනෙන්නට වන්නේ ය. ඒ අවස්ථාවෙහි පිහිට කර ගත හැකි කිසිවක් නො පෙනීම නිසා යෝගාවචරයාට බියක් ඇති වේ. එය ඥාන විශේෂයකි. එය භයතුපට්ඨාන ඤාණ නම් වූ විදර්ශනා ඥානය ය. ඒ භය ක්ලේශයක් නොව කුශල ධර්මයෙකි. නො කැමති වස්තුවක් හෝ පුද්ගලයකු හෝ මුණ ගැසුණු කල්හි ඒ වස්තුවට හෝ පුද්ගලයාට විරුද්ධ ස්වභාවයක් සිතෙහි ඇති වේ. එයට ද්වේෂයයි කියනු ලැබේ. ඒ ද්වේෂය දියුණු වී අරමුණට විරුඬව ඉදිරිපත් වන අරමුණට පීඩා කරන ආකාරයෙන් ඇති වේ. ඒ තත්ත්වයේ ද්වේෂයට කෝපය යි කියනු ලැබේ. තමා දුබල වී විරුද්ධකාරයා බලවත් වී සිටින කල්හි ඒ ද්වේෂය විරුඬාරම්මණය කෙරෙන් පසු බසින පලා යන සැඟවෙන ස්වභාවයෙන් ඇති වේ. එසේ උපදනා ද්වේෂය ද්වේෂ භය ය. මේ ක්ලේශ කථාවෙහි අදහස් කරන්නේ ඒ ද්වේෂ භය ය.
ජරා යනු ස්කන්ධයන් ගේ දිරීම ය. එය ඇසට නො පෙනේ. රූපස්කන්ධය දිරීමේ ලකුණු පෙනේ. හිසෙකේ රැවුල් සුදු වී තිබීම, ඇඟ රැලි වැටී නහර ඉල්පී දුබල වී වක් වී තිබීම, ඉන්ද්‍රියයන් දුබල වී තිබීම, දත් සැලී තිබීම රූපස්කන්ධය දිරා යාමේ ලකුණු ය. වේදනා සංඥා සංඛාර විඥානස්කන්ධයන් දිරා යාමේ ලකුණු ද නැත්තේ ය.
ක්ෂණික මරණය, සම්මුති මරණය, සමුච්ඡේද මරණය යි මරණ තුනෙකි. උපදින සංස්කාරයන්ගේ ක්ෂණයක් පාසා සිදුවන බිඳීම ක්ෂණික මරණය ය. එක් භවයකට අයත් ස්කන්ධයන් ගේ බිඳීයාම සම්මුති මරණය ය. මතු ඉපදීමක් නොවන සේ සිදුවන රහතුන් ගේ මරණය සමුච්ඡේද මරණය ය. ඒ මරණ තුනෙනි මෙහි අදහස් කරන්නේ සම්මුතිමරණය ය.
අහෝ දෙව්දත් නොදිටි මොක් පුර කිවා වගේ බහුතරයක් වන නුතන පරපුරේ දෙව්දත්ලා හෑම දාකම වගේ බුකිවාසි පොරත්වය සහ මහන්තත්වය පෙන්විම සදහා තමුන්ගේ තිබෙන මුග්ද අඥාන ස්වභාවය නොදැන රැල්ලට හසුව් වර්තමාන සැරියුත් මුගලන් පරපුරේ බොදිසත්ව ගුනොපෙත ගෞරවනිය පින්වත් ස්වමින්වහනසේ නමකට අපහාස කරමින් ඔවුන් පැහැදිලිව ව්වරකරගෙන ඇති අව්ච් යේ දොරවල්වලට අමතරව දිට්ඨධම්මවේදනීය කර්ම සදහාද මග පාදා ගන්න අයුරු දකින අපිටනම් ඔව්න් ගැන දැනෙන්නේම අනුකම්පාවක්මයි😀😀
ලන්කාව පුරා දස දහස් ගනනින් මිනිසුන් සුවපත් කරමින් නිවරදි කමටහන් කියා දෙමින් බුදුරජාණන් වහන්සේගේ දර්මය ප්‍රචාරය කරමින් සිට්න උන්වහන්සේට දානය වැලදිමට උවද කාලයක් ලැබෙන්නේ වහනයක් යන අතර බව උන්වහන්සේ ගැන නිවැරදිව දන්නා අයට නොරහසකි ..මෙවනි බලු කෙදිරිවලට හිමගිර සෙලවිය නොහැක.
උන්වහන්සේ මෙලොවට වැඩි කාර්‍යභරය උන්වහන්සේ ඉටු කරනු ඇත.
මුදලට කබුරන පල්ලියට අවඩන හිවලුනි වහලුනි...කාදිනල්ගේ පිස්සු බලු බලකා සෙබලුනි..නිරගම්ක මඩ ගොහුරුවෙ මඩකරි ගෙම්බනි..රතු තොප්පි පලදා පන්ති හතෙන් ඔලුගෙඩි හොදාගත් රැවුල සියල්ලට පෙරටු කරගත් කාඩ්බොඩ් ව්රුවනි...නුබලා වැනි මොඩයන්ට, අදබාලයන්ට, කල්ලතොනින්ට, මොලයක් බද්ද කලත් වැඩක් නොවන බව අපි දනිමු..
වතුර නටන තුරු කකුලුවා හැලියේ නටනු ඇත..පල්ලියේ පදයට නටපල්ලා කකුලුවනි...🤣🤣🤣
ලෝකය සුන්දර මයාවකි
රූපය පෙනපිඩක් වැන්න, වේදනාව දියබුබුළක් වැන්න,සංඥාව මිරුගුවක් වැන්න, සංස්කාර කෙසෙල් කදක් වැන්න, ව්ඥානය මයාවක් වැන්නයි . මේ සියල්ල බුදුරජානන් වහන්සේ විසින් දක්වන ලදි.
සිත නිවීම . 🙏
Click here to claim your Sponsored Listing.
Videos (show all)
Category
Contact the organization
Website
Address
Kandy
Kandy
*All Ceylon YMMA conference National President. *Social activist *Former Director CEO of SLILG