Welikalage Janitha Perera

Empower the youth of "Sri Lanka" by actively contributing to the "vision of prosperity" as a deputy

Paths to be a lawyer in Sri Lanka - ලෝයර් කෙනෙක් වෙන්නේ කොහොමද? | LEGAL TALKS by CCR | EP 1 08/09/2023

https://youtu.be/C0QXF2jZkDA?si=BekMaQlWrLi6WzqL

Paths to be a lawyer in Sri Lanka - ලෝයර් කෙනෙක් වෙන්නේ කොහොමද? | LEGAL TALKS by CCR | EP 1 Sri Lanka's First ever Law related Podcast Series!🎙 - EPISODE 001Get ready to dive into the world of legal insights and expertise with Sri Lanka's groundbre...

Photos from Welikalage Janitha Perera's post 11/07/2023

භාෂාව මත පදනම්ව කිසියම් පුද්ගලයකු වෙනස්කම්වලට භාජනය නොකළ යුතුයි .
Delgate of National Language Equality Advancement Project ,
NLEAP Symposium Day - 01

15/05/2022

රටම නිවී සැනසෙන
පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!

23/11/2021
03/11/2021

ඔබත් එක්වන්න !

19/10/2021

Congratulations to Janitha Welikalage and Vinothan Lukshi,
Who has been representing Sri Lanka for Commonwealth Youth Parliament 2021

This year, 64 young citizens from 40 Commonwealth jurisdictions will participate in the program.
The Commonwealth Youth Parliament (CYP) is an opportunity for young people from the commonwealth to experience aspects of parliamentary democracy and provide a platform for them to establish links with like-minded peers.

The event offers young people the chance to experience a ‘real-life ‘ working parliament legislature.

Photos from National Youth Services Council-NYSC's post 13/09/2021
මොකද්ද මේ හැමෝම අහුවෙන පිරමීඩ් BUSINESS | Pyramid Fraud | නීතිවේදී ජනිත වැලිකලගේ සමඟ පැවති වැඩසටහන 11/09/2021

මොකද්ද මේ හැමෝම අහුවෙන පිරමීඩ් BUSINESS | Pyramid Fraud | නීතිවේදී ජනිත වැලිකලගේ සමඟ පැවති වැඩසටහන මොකද්ද මේ හැමෝම අහුවෙන පිරමීඩ් BUSINESS | Pyramid Fraud | නීතිවේදී ජනිත වැලිකලගේ සමඟ පැවති වැඩසටහනසෙනසුරාදා රාත්‍රී 8.00ටYouth TV Youtube චැ...

22/08/2021

🙏

Photos from Keheliya Rambukwella's post 01/08/2021
31/07/2021

රට පුරා සාකච්චාවට ලක්වන ලමා අපචාර සම්බන්ධ නීතීමය රාමුව පිළිබඳව තරුණ ඔබව දැනුවත් කරන විශේෂ වැඩසටහන
මෙවර
ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා මැතිතුමන් සමගින්

අද රාත්‍රී 8.00ට
Young පැදුර Online තුලින්

ඔබ නැරඹිය යුතුම වැඩසටහනක්!

Photos from Dullas Alahapperuma's post 15/07/2021
14/07/2021

Something to be happy about🙂
හොදටම කරලා තමා තියෙන්නෙ!

(worldwide fully vaccinated ~ 12.1%)
Source - https://ourworldindata.org/covid-vaccinations

26/05/2021

මේ වෙසක් සමයේ
සියලු දෙනා වෙත මෙත් සිත් පතුරවමින්
නිරොගීමත් රටක් වෙනුවෙන් කටයුතු කරමු 🙏

23/05/2021

ජාතික තරුණ දිනය අභිමානවත්ව සමරමු! தேசிய இளையோர் தினம் 2021! Lets Celebrate National Youth Day 2021! “Blood 4 HOPE”

අපි හැමෝම වෙනුවෙන් අපි හැමෝම කරන තාරූණ්‍යයේ ව්‍යාපෘතිය
"Blood 4 HOPE"

එක්ව ජයගමු!🇱🇰

18/05/2021

❤️

14/05/2021

🙏🙏🙏

12/05/2021

දින 10 න් ඇඳන් 10,000 ක් සැදීමේ කර්තව්‍ය වර්තමාන සමාජයේ කතා බහට ලක්වී තියනවා. මේ බොහෝ පිරිස් අගය කරන කටයුත්තක් උනත් ඇතැම් සුළු පිරිසක් එය විවේචනය කරනවා දක්නට ලැබිණි.

මේ ඇඳන් සදහා අවශ්‍ය මෙට්ට ලබා ගැනීමට පරිපුරක ඇස්තමේන්තුවක් සම්මත කර ගත් බවට යන ප්‍රචාර පිළිබද විමර්ශනයක් කිරීමට Fact Research කණ්ඩායම තීරණය කරන ලදී.

සමාජ මාධ්‍ය ජාලා සටහන්

අල ගොවියා Facebook පිටුවෙන් හා ප්‍රවීන් රවි නාත් නැමති පුද්ගලයා ඇතුළු පිරිසක් මෙලෙස පුවතක් පල කර තිබිණි.

"අළුතෙන් හැදෙන ඇඳන් 10,000 ට මෙට්ට ගන්න රුපියල් කෝටි 11.5 ක පරිපුරක ඇස්තමේන්තුවක්.". රු.කෝටි 11.5 / 10,000 = රුපියල් 11,500 /=

යනුවෙන් පලකරන ලද පුවත විශාල පිරිසක් විසින් සමාජජාල හා whatsapp මාර්ගයෙන් සංසරණය කර තිබිණි.

Fact Check
( සත්‍ය තොරතුරු විමර්ශනය)

එක මෙට්ටයක් සදහා රුපියල් 11,500 ක මුදලක් වැය වනවාද යන්න සෙවීමට මුලින්ම වෙළෙදපොල සමීක්ෂණයක් Fact Research කණ්ඩායම තීරණය කරන ලදී. මෙහිදී අප එක් මෙට්ටයක මිල විමසීමක් පමණක් ගත් අතර තොග වශයෙන් මිල ගණන් කැදවිමක් සිදු නොකරන ලදී.

දම්රෝ ආයතනයෙන් Single Bed මෙට්ටයක මිල රුපියල් 5800/ = ක් වන අතර සිංගර් ආයතනයේ මිල රුපියල් 6000 ක් පමණ වේ. පියෙස්ට්‍රා මෙට්ටයක මිල රුපියල් 5150 ක් වන අතර කින්ග්ස්ටර් මෙට්ටයක් 4250 ක් පමණ වේ. අප කල සමීක්ෂණයේදී අනාවරණය වුයේ කිසිදු පිළිගත් සමාගමක මිල ගණන් රුපියල් 11,500 ට ආසන්න අගයක් හා නොගන්නා බවයි. තව දුරටත් එම සමාගම් තහවුරු කරේ 10,000 ක පමණ තොගයක් මිලට ගැනීමට යන්නේ නම් 2500 - 3000 ක පමණ මුදලකට මිලදී ගත හැකි බවයි.


අපි මේ පිළිබද ජාතික තරුණ සේවා සභාවේ සභාපති දමිත වික්‍රමසිංහ මහතාගෙන් විමසීමක් කරන ලදී. " ජාතික තරුණ සේවා සභාව හා යෞවන සමාජ සමේලනය එක්ව මේ ඇඳන් 3300 ක් හදන්න භාර ගත්තා. ඒක සෑම ප්‍රාදේශීය මණ්ඩලයකින් ම ඇඳන් සැදීමේ කටයුතු මේ මොහොත වන විටත් සාර්ථකව ඉටු කරනවා. මේ සදහා මෙට්ට, කොට්ට, ඇඳ ඇතිරිලි පමණක් නෙවෙයි මදුරු දැල් පවා ලබා දීමට විවිද ධනපතියන් ඉදිරිපත් වී තිබෙනවා. දැනටමත් සදා නිම කරන ලද ඇඳන් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන සදහා ලබා දෙමින් පවතිනවා" මේ සදහා අප නාමල් රාජපක්ෂ අමාත්‍යතුමා විශාල දායකත්වයක් හා නායකත්වයක් ලබා දෙනවා.

වාරය අධිකාරියේ සභාපති ජෙනරල් දයා රත්නායක මහතාගෙන් ද අප මේ පිළිබද විමසීමක් කරා.

"වාරය අධිකාරිය විදියට අපි ඇඳන් 1000 ක් හදන්න භාර ගත්තා. මේවා අපේ කාර්මික ශිල්පීන්ගේ දායකත්වයෙන් හදන්නේ,
අපි භාර ගත්ත 1000 ට අවශ්‍ය මෙට්ට, මදුරු දැල් කොට්ට, බෙඩ් ශීට් ලබා දෙනවා.. ඒකට අපි රජයේ මුදල් ලබා ගැනීමක් කරන්නේ නෑ."

මීලගට අපි විමසීමක් කරේ විජිත හේරත් මහතාගෙන්. ඔහු ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති මෙන්ම පොදුජන ඉංජිනේරු පෙරමුණේ සභාපති වශයෙන් ද කටයුතු කරනවා.

"අපි මේ කතාව සම්පුර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. මේ ඇඳන් 10,000 හැදීමේ ව්‍යාපෘතිය පටන් ගත් දවසේ ඉදන් විවිධ ධානපතියන් ඉදිරිපත් උනා අපිට සහයෝගය ලබා දෙන්න. මෙට්ට 10 ඉදන් විවිද පුද්ගලයන් ඉදිරිපත් උනා තමන්ට හැකි පමනින් උදව් කරන්න. මේ අතරින් එක් සුවිශේෂී පුද්ගලයෙක් ඉදිරිපත් වෙලා තියනවා මෙට්ට 10,000 ම තමන්ගේ ධන පරිත්‍යාගයෙන් ලබා දෙන්න. කොට්ට, මදුරු දැල් ඇඳ ඇතිරිලි වලටත් සහයෝගය දෙන්න විශාල පිරිසක් ඉදිරිපත් වෙලා තියනවා."

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පරිපාලන ලේකම් රේණුක පෙරේරා මහතාගෙන් මේ පිළිබද කල විමසීමකදී පැවසුවේ පරිපුරක ඇස්තමේන්තුව කතාව අමුලික බොරුවක් බවත්, මේ අපි කරන වැඩපිළිවෙල අප්‍රසාදයට පත් කරන්න කරන වැඩක් යන්නය. පොදුජන පෙරමුණ විදියට අපි අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්‌ථාන සැදීමට භාර ගත්තා. ඒවා සදහා වියදම් කරන්නේ පක්ෂයේ අරමුදල්, අපි රජයේ මුදල් ලබා ගන්නේ නැතිය යන්න එතුමන් අවධාරණය කර සිටියා.

Conclusion (අවසන් නිගමනය )

ඉහත සදහන් නිරීක්ෂණ වලින් පෙනී යන්නේ එක් මෙට්ටයක් මිලට ගැනීමට රුපියල් 11,500 ක් වැය නොවන බවත්, මෙලෙස මෙට්ට මිලට ගැනීමට කිසිදු පරිපුරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් නොකළ බවයි. එම නිසා "අළුතෙන් හැදෙන ඇඳන් 10,000 ට මෙට්ට ගන්න රුපියල් කෝටි 11.5 ක පරිපුරක ඇස්තමේන්තුවක්.". රු.කෝටි 11.5 / 10,000 = රුපියල් 11,500 /= යනුවෙන් පල වූ පුවත කිසිදු විද්‍යාත්මක පදනමකින් තොරව ජනතාව නොමග යවන ආකාරයෙන් සිදු කල ව්‍යාජ පුවතකි.

08/05/2021

දින 10 න් ඇඳන් 10,000 ක්

හුස්ම යදින මිනිසුන් වෙනුවෙන්
තාරුණ්‍යයේ දායකත්වයට එක්වෙමු

06/05/2021

රහස් පුටුව..!

මේ පුටුව කුණ්ඩසාලේ රජමහා විහාරයේ කෞතුකාගාරයේ තියෙන්නේ, තිදෙනෙකුට රහස් සාකච්ඡාවක් එකිනෙකාගේ සවන් වලට ඉතාමත් සමීපව කල හැකිවෙනවා සේම අවටින් කවරකුට හෝ නොපෙනී මේ ආසන්නයට පැමිණීමේ හැකියාවක්‌ නෑ... විශිෂ්ඨ නිර්මාණයක්‌...🙏

- උපුටාගැනීමකි -

04/05/2021

රටවල් නැසුවේද නැංවූයේද දේශපාලඥයන්ම පමණයි..!

මීට දශකයකට පෙර මිනී කන්නන්ගේ දේශය ලෙස හැඳින්වූ රුවන්ඩාව කොට්ට උරයක් සේ කනපිට ගසා සියල්ලම උඩුයටිකුරු කරන ලද්දේ එරට ජනතාව මරන්නට නොව දිනවන්නට පහළවූ ජනපතිවරයෙකු හේතුවෙනි. පෝල් කගාමේ නම් දැවැන්ත පෞරෂය මේ වනවිට අප්‍රිකාවේ ඉහළම ජීවන තත්වයක් හිමි රට බවට රුවන්ඩාව පත් කර හමාරය. තම රටේ පුරවැසියන්ගේ අවශ්‍යතා ඉටු කිරීමට පමණක් තමන් ජනපතිවූ බව ඔහු නිරන්තරයෙන් පවසන්නේ අපේ රටේ අභාග්‍යයට පහළවූ නීලකාස හොරුන්ටද ටොකු අනිමින්ය.

පෝල් කගාමේ එරට සංවර්ධනයට සිදුකළ මෙහෙය මෙවැනි කුඩා සටහනකින් විස්තර කළ නොහැක. මිලියනයක් සමූලඝාතනය වූ වර්ගවාදයෙන් ඔද්දල් වූ බිමක ඔහු අප්‍රතිහත ධෛර්යයෙන් යුතුව වැඩ කටයුතු කරමින් රට නංවාලූයේ අසල්වැසි රටවල නායකයින් විශ්මයට පත් කරමිනි. මේ ඡායාරූපයෙන් ඔබ දකින්නේ එරටේ අහසේ දිස්වන ඩෝන යාත්‍රාවකි. ජනතාවගේ හිස් මතට බෝම්බ හෙලීමට ඩ්‍රෝන තාක්ෂණය යොදාගන්නා වර්තමාන ලෝකයේ පෝල් කගාමේ තම රටේ ජනතාවට හදිසි අවස්ථාවකදී අවශ්‍ය වන ලේ කඩිනමින් එරටේ ඕනෑම ස්ථානයකට ගුවනින් යැවීම පිනිස මෙම තාක්ෂණය යොදා ගනී. මහා මාර්ග තුල පවතින තදබදය හේතුවෙන් දැඩි අසාධ්‍ය තත්ත්වයක සිටින රෝගීන්ට ලේ සැපයීම අඩාල වන හේතුව මත මෙම අතිධාවනකාරි ක්‍රමය භාවිතා කරයි. එමෙන්ම එරටේ ඈත පිටිසර ගොවි ජනතාවට අවශ්‍ය බීජ වර්ග පවා ඩ්‍රෝන තාක්ෂණය භාවිතා කරමින් බෙදාහරිනු ලබයි. රටවල් වනසන්නේද නංවන්නේද දේශපාළුවන් විසින් බව චරිත අතර සංදන්දනය කිරීමෙන් ඔබට පෙනෙනු ඇත.

මෙම ඡායාරෑපයෙන් ඔබ දකින්නේ රුවන්ඩා ජනපති ඩ්‍රෝන අංගනයක නිරික්ෂණය කටයුතු කරන ආකාරයයි

- සටහන උපුටා ගැනීමකි -

01/05/2021

ලෝක කම්කරු දිනයේදී COVID-19 ට එරෙහිව සටන් කිරීම සඳහා 24 * 7 දිගටම වැඩ කරන කොරෝනා රණශූරයන්ට උපහාර දක්වමු. ස්තූතියි

On this labour day let's pay tribute to corona warriors who continue to work 24*7 to fight against COVID-19 . Thank you 🙏

30/04/2021

චේ ගවේරා නම් අග්‍රගන්‍ය විප්ලවවාදියා මරා දැමු මාරියෝ ටෙරාන් ගේ පාපොච්චාරණය....

මගේ ජීවිතය කිසිදු එළියක්‌ නැති අඳුරු අගාධයක්‌ බව මට සිතේ. තරුණ වියේදී කළ සාහසික තුච්ච ක්‍රියාවක් නිසා මේ අඳුරු අගාධය තුළ මැරෙන තුරු හුදෙකලා වීමට මට සිදුවනවා ඇත. චේ මරණ ලද්දේ මගේ අත්වලිනි. එවිට මට වයස අවුරුදු විස්‌සකි. චේ ට වයස අවුරුදු හතළිහකි. අත්අංගුවට පත්වූ චේ ට වෙඩි තබන්නේ කවරෙක්‌ද යන ප්රශ්නය මතුවනවිට මම වහා ඉදිරියට පැන ඒ කටයුත්ත භාර ගතිමි. එයට හේතුවක්‌ තිබේ. චේ බොලිවියානු කඳුකරයේ සිට ගරිල්ලා සටන් කළේ අප සමඟය. මගේ කණ්‌ඩායමේ මාරියෝලා තවත් තිදෙනෙක්‌ වූහ. ඒ තුන් දෙනාම චේ ගේ ගරිල්ලා කණ්‌ඩායම වෙතින් මැරුම් කෑහ. එය ඉතා කෲර වූ සිද්ධියකි. ගරිල්ලා සටන්වලදී දෙපැත්තෙන්ම මිනිස්‌සු මැරෙති. සමහරවිට ඒ සියලු දෙනාම මාරියෝලා වුවත් අප පුදුම විය යුතු නැත. එහෙත් තරුණ මදය සහ මත්පැන් විසින් විකාරයක්‌ව තිබූ මගේ මනස මට බල කළේ මාරියෝලා මැරීමේ පලිය චේ වෙතින් ගත යුත්තේ මාරියෝ කෙනකු වන මා විසින්ම බව ය.

මගේ ඇත්ත නම මාරියෝ ටෙරාන්. එහෙත් දැනටත් මා ජීවත් වන්නේ ෆෙද්රෝ සල්සාර් යන ව්යාජ නමිනි. මා කිසියම් තැනක සිටියදී කිසිවකු "මාරියෝ" යයි වෙනත් කෙනකු ඇමතූ කළ මගේ දෙපා පණ නැති වෙයි. චේ මැරූ පළිය ගැනීමට පැමිණි ගරිල්ලකු මා පිටුපස සිටින්නාක්‌ මෙන් මට දැනෙයි. බොලිවියාවේ ලොකුම නගරය වන සාන්ත කෲස්‌ ඩෙලා සියෙරා නගරයේ මගේ නිවස පිහිටා ඇත. එහෙත් එහි ලිපිනය රහසකි. චේ මැරීමෙන් පසු මා ගත කළ හමුදා ජීවිතයද ඉතා රහස්ය එකක්‌. මම එළියට නොආවෙමි. නිතරම ආවරණය වූ කාමරයක සිටියෙමි. නිතරම මත්පැන් පානය කළෙමි. මට දරුවෝ පස්‌ දෙනෙක්‌ සිටියා. චේ ට ද දරුවන් පස්‌ දෙනෙක්‌ සිටි බව මා අසා ඇත. නිතර මත් පැන් පානය කළ නිසා හෝ කිසියම් සාපයක්‌ නිසා හෝ මීට වසර දහයකට පෙර යුද හමුදාවෙන් විශ්රාම ගන්නා විට මගේ දෑස්‌ මහත්සේ දුර්වලව තිබිණ. ඒ අතර කියුබානු දොස්‌තරවරුන් පවත්වන අක්‌ෂි සායනයක්‌ ගැන මට ආරංචියක්‌ ලැබිණ. කියුබානුවන් තරම් හොඳ දොස්‌තරලා මේ මුළු මහත් ලතින් ඇමරිකාවේම නැත. චේ මැරීමෙන් පසු කියුබානුවන්ගේ නම ඇසූ විටත් මා තුළ කම්පනයක්‌ හටගනී. අක්‌ෂි සායනය ගැන මම මගේ පුතකු සමඟ සාකච්ඡා කළෙමි. අන්තිමේදී කියුබානුවන් පැවැත්වූ අක්‌ෂි සායනයකට ෆෙද්රෝ සල්සාර් යන නමින් මම සහභාගි වුණෙමි. චේ මැරූ මිනීමරුවා මා බව නොදත් කියුබානුවෝ මට සැත්කමක්‌ කර මගේ ඇස්‌ පාදා දුන්හ. දැන් මගේ ඇස්‌ දෙක ඉතා හොඳින් පෙනෙයි. චේ ගේ මූලිකත්වයෙන් ගොඩ නැංවූ නූතන කියුබාව විසින් චේ වැනිම ත්යාගශීලී දොස්‌තරවරුන් දස දහසකට වඩා බිහිකර ඇත. සැත්කම නිමවීමෙන් පසු මට එක්‌ දෙයක්‌ තේරුම් ගියේය. එනම් මා මාරියෝ ටෙරාන් බව දැන ගත්තාද කියුබන් දොස්‌තරවරුන් මා රෝගියකු ලෙස පමණක්‌ සළකා සැත්කම කරන බවය. මගේම හෘද සාක්‌ෂිය සමඟ නඩු කියන මට එයින් ගැලවීමක්‌ නැත. එහෙත් ඒ නඩුවෙන් කියුබානුවන්ට වැඩක්‌ නැත. මා සී, අයි. ඒ. උදව් ලැබූ බොලිවියානු හමුදාවේ කුලී හේවායකු වන නිසා චේ ගේ ආත්මයද එම නඩුවෙන් මා නිදහස්‌ කරනවා ඇත.

via : Chulaka Bandarawatta

14/04/2021

ඔබේ සියලුම යහපත් පැතුම් ඉටුවන සෞභාග්‍යය සපිරි සුබ අලුත් අවුරුද්දක් වේවා !

உங்கள் அனைத்து வாழ்த்துக்களுடன் புத்தாண்டு வாழ்த்துக்கள்!

- ජනිත වැලිකලගේ

07/04/2021

අපි තරුනයන්ගේ අවශ්‍යතා හදුනා නොගෙන ජාතික ප්‍රතිපත්තියක් නොමැතිව රට ඉදිරියට යන්නේ නම් එයට එරෙහිව තාරුණ්‍යය නැගිටිවි.

07/04/2021

වර්තමානයේ තරුනයන්ගේ අවශ්‍යතා හදුනා නොගෙන ජාතික ප්‍රතිපත්තියක් නොමැතිව රට ඉදිරියට යන්නේ නම් එයට එරෙහිව තාරුණ්‍යය නැගිටිවි.

31/03/2021

මේ වසරේ එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ කවුන්සිලයේ (ECOSOC) තරුණ සංසදය සිය 10 වන සංවත්සරය සමරයි. සංසදය ලෝකයේ විශාලතම තරුණ සංසදය බවට පත්ව ඇති අතර රජයේ නියෝජිතයින් සහ අමාත්‍යාවරුන් සමඟ තරුණ නියෝජිතයින් එක් කරන එකම නිල අන්තර් රාජ්‍ය සමළුව වේ.

එම සමළුව නියොජනය කරමින් සමස්ථ ශ්‍රී ලාංකීය තරුණ්‍යයේ හඩ අවදි කිරීමට , ශ්‍රී ලංකා තරුණ පාර්ලිමේන්තුවේ නියොජ්‍ය කතානායක සහ විදේශ කටයුතු සහ රාජ්‍ය තාන්ත්‍රික සබදතා අමාත්‍ය ජනිත වැලිකලගේ තරුණ නායකයාට ,
මහනුවර තාරුණ්‍යයේ උණුසුම් සුබ පැතුම් !

The UN wants to hear from YOUth! 30/03/2021

This year, the UN Economic and Social Council (ECOSOC) Youth Forum is celebrating its 10th Anniversary. The Forum has become the world’s largest youth forum and the only official intergovernmental meeting that brings youth representatives together with government ministers and officials.
The Forum gives today’s generation of young people—the largest ever — an opportunity to raise their concerns, as they grow up in an increasingly unpredictable world.
- Minister of External affairs and Diplomatic Relation Sri Lanka Youth Parliament.

The UN wants to hear from YOUth! Your voice matters.

Photos from Kandy Youth's post 24/03/2021
22/03/2021

අපවත්වී වදාළ ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ අති උත්තරීතර මහානායක අග්ග මහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස මහානාහිමිපාණන් වහන්සේට උතූම් නිවන් සුව අත්වේවා.

18/03/2021

සමාජ මාද්‍ය තුල ඔබ නගන මේ හඩ අද රටක දිශානතියට තීරණය කරන ප්‍රභල සාදකයක් . ඉන් නොනැවතී ඒ හඩ මේ මහ පොළව වෙනුවෙන් සෑබවින්ම නගන්නට .. අපත් සමග එකතු වන්න . ජය 🌱

actions speak louder than words 🌱
Join with us ✅

#ජයගමු #හරිත

17/03/2021

පා.ම මහාචාර්ය රංජිත් බණ්ඩාර මැතිතුමාගේ මගපෙන්වීම යටතේ ඉන්දීය රාජ්‍ය‍යේ අධ්‍යාපනය ලැබීම සඳහා පූර්ව ශිෂ්‍යත්ව 100ක්

මහනුවර දිස්ත්‍රික්කයේ සිසු සිසුවියන් මූලික කරගනිමින් මෙම ශිෂ්‍යත්ව වැඩසටහන ක්‍රියාත්මක කරන අතර, මේ සඳහා උනන්දුවන්නේ නම් අදම අප වෙත ඔබගේ ජීව දත්ත තොරතුරු පත්‍රිකාවක් (cv) email මගින් යොමු කරන්න.

At the request of Prof Ranjith Bandara MP and under his guidance 100 Full scholarships will be awarded by KIIT in India.

This scholarship program is based on students from the Kandy District. If you are interested, please send us your CV today by email.

👉 [email protected]

Want your organization to be the top-listed Government Service in Kandy?
Click here to claim your Sponsored Listing.

Videos (show all)

අපි තරුනයන්ගේ අවශ්‍යතා හදුනා නොගෙන ජාතික ප්‍රතිපත්තියක් නොමැතිව රට ඉදිරියට යන්නේ නම් එයට එරෙහිව තාරුණ්‍යය නැගිටිවි.#Voic...
වර්තමානයේ තරුනයන්ගේ අවශ්‍යතා හදුනා නොගෙන ජාතික ප්‍රතිපත්තියක් නොමැතිව රට ඉදිරියට යන්නේ නම් එයට එරෙහිව තාරුණ්‍යය නැගිටිවි...

Category

Telephone

Website

Address


Kandy
20168

Other Social Services in Kandy (show all)
Kasheruka - කශේරුකා Kasheruka - කශේරුකා
Kandy

For a People with a Strong Backbone සවිමත් කශේරුකාවක් සහිත මිනිසුන් උදෙසා

Alexier Traffic Alexier Traffic
Kandy

If want to promote your website or you tube channel please contact us.

Mirror Of The Soul - ආත්මයේ කැඩපත Mirror Of The Soul - ආත්මයේ කැඩපත
Kandy

�� ~ Mirror Of The Soul ~ �� May all beings be healed by the dhamma.

Rhyme with Nadeera Rhyme with Nadeera
Kandy
Kandy

Social Fans

Lighter Lighter
Kandy

Social Entertainment & Talk to mind

YMMA - Kandy District YMMA - Kandy District
Kandy Road
Kandy

USAMA Ji- SRI LANKA USAMA Ji- SRI LANKA
Colombo
Kandy

Saheed M Rismy Saheed M Rismy
Kandy

*All Ceylon YMMA conference National President. *Social activist *Former Director CEO of SLILG

𝑳𝒂𝒉𝒊𝒓𝒖 𝑵 𝐄𝐃𝐈𝐑𝐈𝒔𝒊𝒏𝒈𝒉𝒆 𝑳𝒂𝒉𝒊𝒓𝒖 𝑵 𝐄𝐃𝐈𝐑𝐈𝒔𝒊𝒏𝒈𝒉𝒆
Kandy

Change is the only thing that changes in an unchanging world

Lions Club of Kandy Penguin Excellence Lions Club of Kandy Penguin Excellence
71, Hewaheta Road , Thalwatta
Kandy, 20000